Tuesday, October 30, 2012

My Wishes..

Sometimes I think if I was a bird
Then I can fly far away
With my little wings....

Sometimes I wish if I was a river
Then I can flow across the valleys
And can join to the sea...

Sometimes I think if I was a star
Then I can shine whole night
And moon will stay with me



Oh...!!!Shit.. !!
Why did I forgot these....

I can't fly far away
'Coz my little wings
Getting tired..

I can't join to the sea
'Coz my journey
Will be end forever..

I do't want to be a star
'Coz it doesn't shine
During day time and moon
Never stay with me whole day

Oh...!!! why is that..
I want to be a person
Who is useful, important
During whole life time..


How can I do it... ???






Sunday, October 28, 2012

නොනිඳන නෙතු...


තරුද නිදන මහ රෑ
නිදමි මහද නිදි රෑ
මතක පොතේ කඳුලින් කටු ගෑ
කවි ලියවෙයි මහ රෑ

පිනි විසිරෙන විට වටහා ගනු මැන
දෙනෙතින් කඳුලැලි ගලන තරම් 
රෑහි හඬන විට හඳුනා ගනු මැන 
රෑ තුන් යාමේ හඬන හැඬුම්


රේඩියෝවේ එහා කොනින් ඇසුනු ගීයතය මොහොතකට මගේ සිත සසල කලේය.ඒ අතීතයේ මා නවතන්නට තරම් ඒ වචන සමත්විය. ඇත්තටම ඔහුට දැනෙනවා ඇතිද මේ ඇස් වලින් වැටෙන කඳුලු බිඳු... නෑ..... කොහෙත්ම වෙන්න බෑ.... එහෙම දැනෙනවා නම් ඔහු මෙසේ මේ හිත රිදවා පැත්තකර වෙන්නේ නැත. තේමිය ඔහු මා රැවටූ තරම්..... අනේ..!! මා මේ හූල්ලන ගින්දර කිසිදිනෙක ඔහුට පත්තු නොවේවා. මන්දයත් ...... ඒ තරමට මා ඔහුට පෙම් කලේමි. අද සරසි ඔහු නිසා ජීවත් වෙන මළ කඳකි. 

"හැමදේම ලෑස්තියි චූටි නංගියෝ වෙඩිං එකට අපේ බට්ටි ලෑස්තිද..?" අයියා එහෙම කියද්දි මට අමුතුම ලැජ්ජාවක් ඇති උනි. හෙට දිනයේ මනමාලි වන හැම කෙල්ලෙක් වගේ මගේ හිතද කියා ගන්න බැරි තරම් දෙගිඩියාවකින්, සතුටින් පිරි ඉතිරේ. තේමිය ඔහු සරසිගේ අත ගන්නට සැරසුන කුමරා විය. යෝජිත විවහයක් වු හෙයින් අප මාස 8ක් තුරාවට ඇසුරු කිරීමෙන් විවාහයකට එලඹුනි.

"කපු මහත්තයා ගෙනාව මේ යෝජනාව පොඩ්ඩි කැමති උන එක නම් හොඳයි ඒ ළමයත් පවුලෙ කට්ටියත් හොඳා නොවෑ"  අම්මා අප්පච්චි එක්කලා එහෙම කියන්නට ඇත්තේ අවුරුදු 24ක් උවත් කිසිම කොල්ලෙක් ගැන ආල හිතක් මට පහල නොවු නිසාය. එක අතකට එය එහෙම වුන එකට ඔවුන් පුදුම නොවිය යුතුය. සරසිට ආලය නොදැනුනා නොවේ,සරසිට ආලය කරන කොල්ලන් නොසිටියා නොවේ. නමුත් අප්පච්චිගේ මාන්නය,නම්බුව කුළ මල වල තරම් දැන දැනම මේ සරසි ආලය මග ඇරියේ ලොකු අක්කාව සිහිවීය.

ලොකු අක්කාගේ මහත්තයා අතුල අයියා ලිපිකරුවෙකි. අතුල අයියා ඉතාමත් ගුණ යහපත් අයෙකි.මට නම් ඔහු අපේ අයියාටත් වඩා හොඳ අයෙක් විය. මොකද ඉතින් අයියාටත් තිබුනේ අප්පච්චිගේම ගති පැවතුම්ය.ඔහු ඇසුරු කලේත් උසස් පෙලේ මිතුරන්ය. ගමේ අහල පල ඈයෝ ඔවුන්ගේ අතපල්ලේන් වැටුනු අය විය. ලොකු අක්කා හා අතුල අයියාගේ සම්බන්දය දැන ගත් දා පටන් ගෙදර යුද පිටියක් විය. ඒ අපහාස වචන ඉවසගන්න බැරිව අතුල අයියා ලොකු අක්කාව ඔහුගේ නිවසට එක්ක ගියේය. නමුත් එදා පටන් අපේ ගෙදර දොර ලොකු අක්කාට වැසුනි. අයියාට නම් ඔහුට ලොකු නංගියෙක් උන්නද කියලාවත් මතක නැති පාටයි. ඒත් මට නම් ඇයව නිතරම මතක් වෙයි.

ඉතින් මේ හේතු නිසායි සරසි කිසිවෙකු සමඟ පෙමින් නොබැඳුනේ. නමුත් අප්පච්චිලාම කථා කල තේමිය ගැන මුලදි පැහැදීමක් නොතිබුනත් කාලයක් ඇසුරු කිරීමෙන්  ඔහු කෙරෙහි ආලයක් හිතේ ඇති විය ඒ ආලය විවහයක් තෙක් දුර යන්න තරම් සමත් විය.


"සරසි ඔයා මොනවද අනාගතේ ගැන හිතන්නේ.. ලබන මාසේ අපේ වෙඩිං එක එතනින් එහාට..." 

"හ්ම්ම්...ම්ම් අපි අපේම පුංචි කැදැල්ලක් හදා ගමු තේමිය. මම හරි ආසයි එහෙම ඉන්න... " ඔහු මා කියන සැමදේම අසා උන්නත් උවමනාවෙන් අහන් ඉන්න බවක් මට පෙනුනේ නැත. මොනවා උනත් ඒ ගැන මම වැඩි දුර නොසිතා උන්නේමි.ඔහුව සැක කරන්න තරම් හේතුවක් මට නොවීය.



උදේ පාන්දරම මාගේ දුරකථනය නාද විය. කවුද මේ උදේම මම මටම කියා ගනිමින් දුරකථන මම අතට ගත්තේමි.තේමිය ලෙස එහි සටහන් වී තිබුනි.මේ උදේම මොකද මේ.. පුදුම වෙන්න දේකුත් නෑ මේ හෙට අනිද්දා මගේ මහත්තයා වෙන්න ඉන්න කෙනානේ.මම සිනාසෙමින් එයට පිළිතුරු දුන්නෙමි.

"හෙලෝ... ගුඩ් මෝනිං තේමිය මොකෝ මේ උදේ පාන්දරම.."

"හෙලෝ..  සරසි මට ටිකක් සීරියස් දෙයක් ඔයාට කියන්න තියෙනවා.. "

"හ්ම්.. කියන්න තේමිය මම අහන් ඉන්නේ..." මම ඇඳේ හරි බරි ගැහි ඉඳ ගන්න ගමන් පිළිතුරු දුන්නෙමි.

"සරසි මම වෙන කෙනෙක්ට ආදරේ කරනවා. එයා නැතිව මට ජීවත් වෙන්න බෑ. අම්මලා අප්පච්චිලාගේ බල කිරිමට මම ඔයාට කැමති උනේ.ඒත් මට හිත හදා ගෙන ඔයාට ලං වෙන්න බෑ..." ඔහු එක දිගට කියවගෙන ගියේය.


"ඇ....යි.. ඉතිං ඔයා ඒක මට මීට කළින් කිව්වේ නැත්තේ.. තේමිය අනිද්දාට අපේ වෙඩිං එක මම කොහොමද මේ හැමදේටම මූණ දෙන්නේ" මට කිසිත් සිතා ගත නොහැකි විය. තවත් කිසිවක් මට කියන්නට ඉඩ නොදි ඔහු ඇමතුම විසන්දි කලේය. මම යළිත් කිහිප වරක්ම ඔහුට කථා කරන්නට උත්සහ කලද ඒ උත්සහය නිශ්ඵල විය.

සිදු වු කිසිවක් කිසිවෙකුට සිතා ගත නොහැකි විය. තේමියගේ නිවසින් සිදුවු සියල්ලට කණගාටුව පමනක් අයැද නිහඬ විය. ඒත් මගේ හිතේ ඇතිවු දුක ගැන කිසිවෙකුටත් වගක් නොවීය. හැමෝම කිපුනේ තමන්ගේ නම්බුව ගෞරවය ගැනය. කිසිවෙකුට මා ඉන්නවද මලාද කියාවත් මතක නැත.තවත් ඉවසන් ඉන්න බැරි තැන සරසිගේ හඬ අවදිවිය.

"අප්පච්චි ඔයාලට නම්බුවද දුවද වටින්නේ..?මෙච්චර දෙයක් වෙලත් ඔයාලා මේ කෙහෙල්මල් නම්බුව ගැන හිතන්නේ" හැඬුම් වාවාගත නොහැකිව පිට උනි.. කිසිවෙක් කිසිවක් නොකියා මා දිහා බලා උන්නේ ඔවුන් අතින් ලොකු වැරැද්දක් වු ගානටය. 

ඉතින් මඟුලක් අවමඟුල කරන්නට තේමියට හැකිවිය. රටේ ලෝකේ මිනිස්සුන්ට මූණ දීගන්න බැරිව නැති වූ නම්බුව ගැන සිතා අප්පච්චි සිය දිවි හානි කරගත්තේය. එතැන් පටන් අපේ නිවසේ කණකොකා හැඬලීය. තේමිය අද ඔහු ලස්සන පවුල් ජීවිතයක් ගතකරයි. ඒත් සරසිට.... මේ මුළු ආත්මේටම ඔහු ආදරය එපා කර හමාරය. එක අතකට ඔහුත් වැරදි නැත. ඔහු කලේත් මා කල දේමය. ඔහුගේ පියාගේ අණට යටත් වීමය. කෙල්ලෙක් මෙන් නොව කොල්ලෙක් එසේ කරන්නේ  නැත. කලත් කලාතුරකිනි. ඉතින් ඔහු ඔහුගේ ආදරය ජය ගත්තේය. නමුත් අද මම.... බිත්ති හතරකට කොටු වී හඬන කුමාරියකි. මේ හැමදේටම මුල තේමියද..? නැති නම් අප්පච්චිගේ නම්බුව,මාන්නයද..? තවම මට කිසිත් සිතා ගත් නොහැක මම අම්මා.. කියා ඈ සොයා යන්නට විය. ඈ පව්ය දැන් ඈට ඉන්නේ මා පමණි. ඈ වෙනුවෙනවත් ජීවත් වෙමි යන මතය මා තුල විය.

Friday, October 26, 2012

Answer me please..



Wish to be your's  forever 
 It was just a dream 
But ....
Every moment I dreamed.. 
Coz in real life I know 
I never get you back..

You embraced me 
Then we were in love 
It increased gradually 
Still I can remember 
How you kissed me 

You left me then..
She came to you
I saw you were happy 
With her 
But.... 
Still I guess 
What's wrong with me 
Why did  you left me 
Answer me please..... 
Then I can forget you 

If not these memorise 
Always kill me....

Wednesday, October 24, 2012

අපි මේ වගේ රටකට ආවාට හිඟන්නෝ නොවේ...

ආනේ....... ඔන්න මම අළුත් රෑකියාවට ගියාටත් වඩා ඉක්මනට ගෙදර ආවා.ඔව් යාළුවනේ ඒ රෑකියාව මට නැති උනා.. එහෙම කිව්වාම ඔයාලා බලයි මේ මොන මෝඩියෙක්ද කියලා. නෑ ඒ රෑකියාව මම කියලා නැති කරගත්තා.. දැන් නම් ඔයාටල තවත් අපබ්‍රංශ වගේ නේද.. ? හරි හරි කෙලින්ම කියන්නම්කෝ.. එතන මනුස්සයෙක්ට නම් වැඩ කරන්න පුළුවන් තැනක් නෙමේ.. ඔයාලා කොයි කවුරුත් දන්නවනේ මේ වගේ රටක අපි වගේ පිටරැටියන්ට පුටු වල හොද නෝනා මහත්වරු වගේ ඉදගෙන කරන්න තරම් රැකියාවක් ලැබෙන්නේ නෑ කියලා. කොච්චර උගත් උනත් ඒක මේ වගේ රටකට වලංගු නම් නෑ.. 

ඉතිං මේ පුංචි සිත්තරාවිට ලැබුනේ Baby Sitting Job එකක්. අවුරුදු 6ක පුංචි සුරංගනාවියන් දෙන්නෙක් වගේ නිවුන්නු පැටව් දෙන්නෙක්. දැක්කම නම් හරී ආදරේ හිතෙනවා.Baby Sitting උනාට ගෙදර වැඩත් ඒ එක්කම මම කරන්න ඕනා. ඒක කරන්නේත් මම ඒ ගෙදර නැවතිලා.ගෙදර යන්න වෙන්නේ සතියට දවස් දෙකයි..:(.. ඉතිං ඔය ඔක්කෝටම මූණ දෙන්න බලාගෙන මම ගියා නොවෑ මේ ජොබ් එකට.. ගියාමයි තේරුනේ නීති මාලාවක් තියෙන ගෙදරකටයි මං ඇවිත් තියෙන්නේ කියලා. උදේ 10ට වැඩ පටන් ගත්ත මම ඉවර කලේ රෑ 10ට. ඒකත් එක දිගට හිටගෙනම වැඩ. මොකද එදා ළමයි නෑ ගෙදර. මම වැඩ කලා නෙමේ මගෙන් මරව මරව වැඩ ගත්තා.රස්සාවක් ඕනම කමට කරන්න ගියා මිසක් නැත් නම් පැත්තකවත් යන්නේ නෑ.(හැමදාම දෙමාපියට බරක් වෙන්නත් බැහැනේ සිත්තරාවිත් දැන් යමක් කමක් තේරෙන ලොකු ළමයෙක්නේ දැන්)  

ඔක්කෝමත් හොදයි දවල්ට කැම එක දුන්නා ප්ලාස්ටික් පිඟානක(කැම කාලා ඉවතලන )මට නම් ඒ වෙලේ ගෙදර මතක් උනා. කවදාවත් එහෙම පිඟානක අපේ අම්මා මට කෑම දුන්නේ නෑ නේද කියලා ඒ වෙලාවේ නම් මට හිතුනා.ඒ වගේම මගේ පාවිච්චියට වෙනම හැඳි, ගෑරුප්පු, පිහි දීලා මට කිව්වා නොවෑ ඒවා වෙනමම තැනකින් තියන්න එයාලගේ ඒවා ලඟින් තියන්න එපා කියලා. ඊට පස්සේ වෙනමම තැනකට අරන් ගිහින් කන්න කියලා කෑම පිඟාන දුන්නා ඇත්තමයි මට නම් ඒ වෙලාවේ හිතේ ඇති වුන දුකට අඬා ගන්න බැරිව උන්නේ."ඇයි මගෙන් බෝ වෙන ලෙඩ තියෙනවාද.." කියලා අහන්න හිතුනත් කමක් නෑ කියලා උන්නා.මොනවා කරන්නද මේ රටේ රස්සාවක් නොකර බැරි කමට ඉවසගෙන උන්නා.උදේ ඉඳන් රෙදි කන්දක් හෝදනවා,වෙලානවා,මදිනවා. මට නම් මේක එපා වෙලා උන්නේ.දවසේම හිටන් ඉඳලා කකුල් දෙකක් නෑ වගේ.තවත් හිටන් ඉන්න බැරිම තැන මම කිව්වා."මම ටිකකට විවේක ගන්නද" කියලා. Break එකක් නම් දුන්නා විනාඩි 10කට. මෙහෙම උදේ ඉඳලා වැඩ කරලා කරලා මට නම් දැන් හොඳටම මහන්සි. රෑ කෑම වෙලාවත් ආවා. ඒකත් දවල් කෑම වේල වගේම තමා.ඔක්කෝම ඉවර උනාම මට කියනවා උදේ 6ට වැඩ පටන් ගන්නලු ඉවර වෙන වෙලාවක් කියන්න බැහැලු. මට නම් ඒ වෙලේ අහන්න හිතුනා "මම රොබෝ කෙනෙක්ද කියලාත්".. තවත් මෙහෙම හිතේ සතුටක් නැතිව වැඩ කරන්න බැරි නිසා මම ගෙදරට අයට කථා කරලා කිව්වා මම මොකද කරන්නේ කියලා ගත් කටම කිව්වේ හෙට උදේම ගෙදර එන්න කියලා. ඒකත් මට ලොකු හයියක් උනා.

කොහොම හරි උදේම ඒ මනුස්සයත් එක්ක කටත් පොඩ්ඩක් ගහලා රස්සාව දාලා ආවා නොවෑ. හැබැයි මට ඒ ගෙදර කට්ටියට එක දෙයක් කියලා එන්න බැරි උනා "අපි මේ වගේ රටකට ආවාට හිඟන්නෝ නොවේ පිනට කෑම ටිකක් ඉල්ලන් එන මනුස්සයටවත් අපි මේ වගේ කෑම පිඟානක් දීලා නෑ දෙන එක පිළිවෙලට අපි දෙනවා" අම්මා මතක් කරලා කියන්න කියපු මේ වචන ටික මට කියන්න අමතක උනානේ. 

Monday, October 22, 2012

සුරළොව නුඹට හිමිවු වගයි..


හැරයන්න දුකයි
හැර යා යුතුයි
කාලය කෙටියි
නුඹ මට දුරයි...

එක්කල මතක ගොඩායි
සිහිවී කදුළු සලයි
යලි එන්න බැරි බව දනියි
හිත නුඹවම පතයි..

සිහිනෙට නුඹ වඩියි
ඒ සිහිනේ හරි හැඩයි
මා තනි කර නුඹ ඇදෙයි
මා අතරමං වී හඩයි..


ඈත ලොවකට නුඹ ඇදෙයි
නොපෙනෙන සේ මට අත වනයි
ආයේ එන්න බැරි බව මම දනියි
සුරළොව නුඹට හිමිවු වගයි..








සිත්තරාවි ටික කලකට ඔයාලගෙන් ඈත් වෙනවා. ඒ වෙන හේතුවක් නිසා නම් මේ අළුත් ලැබුන රැකියාව නිසා. සමහර විට මාසයක් දෙකක් යනකම් නම් එන්න බැරි වෙයි. මොන දේ කරන්නත් මේ ආගන්තුක රටේ රැකියාවක් කරන් ඉන්න ඕනනේ. ඉදලා හිටලාවත් එන්න ලැබුනොත් එන්නම් ඔයාලගේ බ්ලොග් එක පැත්තේ. එහෙම නාවයි කියලා තරහා නම් වෙන්න එපා. එහෙනම් යාළුවනේ සමුගන්නම් නැවත හමුවන පැතුමින්. ඔයාලා ඔක්කෝටම ජය වේවා.. !!!  sorry my dear loving friend I have to stop writing for a limited time because of my new job. Ah...!!! forgot to tell you Siththaravi got a new job. :).... So hope to see you all as soon as possible. If I got a time I will write some thing for you as before, and I will visit your sites also.. :) So till then good bye my dear friends.. smile ... :D

Sunday, October 21, 2012

මටත් පුළුවන් නම්....

අම්මාගේ රතුපාට මල් වැටුන චීත්තය සාරියකට ඇදන්
වටේ ඉන්න පොඩි බටිත්තියන්ට ටීචර් වෙන්න, 
පහළ ඇළට පැනලා තිත්ත පැටව් එක්ක 
සෙල්ලම් කරන්න....
සෙල්ලම් ගෙදර අම්මා වෙලා පොඩි එව්න්ට
වැලි සෙල්ලම් බත් උයලා කන්න දෙන්න
හිටි ගමන් වහින අනෝරා වැස්සට තෙමිලා
ලෙඩක් හදන් ඇදට ගුළිවෙන්න...
තාත්තා ගෙනත් දෙන 
පාට පාට සීනී බෝල වල රස තව වරක් රස විදින්න... 
බෝරිච්චී අත් තියෙන මල් ගවුම ඇදලා 
හැඩ පෙන්නන්න තියේ නම් කියලා හිතෙනවා...
අම්මාගේ තුරුලේ නැලවුන හැටි,
තාත්තාගේ කරේ නැගලා හුරතල් උන විදිය මතක් වෙද්දි
ආයේ එහෙම ඉන්න තියෙනවා නම් කියලා හිතෙනවා ..
පුංචි විහිළුවක් කරලා මල්ලිව අඩවන්න..
නංගි එක්ක එකතු වෙලා බට්ටා පනින්න. 
සබන් කෑල්ල දියකරලා ගස්ලබු බටෙන්
සබන් බෝල හදන්න හරි ආසයි...
http://cdnimg.visualizeus.com/thumbs/3b/3a/rain,child,fearless,water,wet-3b3accf17a45b34470100da4bc286001_h.jpg

 ඒත් අම්මාට එහෙම කිව්වාම අම්මා කියන්නේ ඒව කරන්න පොඩි ළමයෙක් නෙමේලු මම. 


Must Read This..


අද මම Face Book යද්දි ලොවෙත් නෑ පිටුවේ තිබුන මේ පෝස්ටුව මම අහම්බෙන් වගේ දැක්කේ. ඒක කියවගෙන යද්දි හිතුනා ඔයාලා හැමෝමත් එක්ක මේක බෙදා ගත්තොත් වටිනවායි කියලා. විශේශයෙන් ගැහැණු ළමයින් අතරේ. කියවලාම බලන්නකෝ මේ සහොදරීට වෙලා තියෙන්නේ මොකක්ද කියලා.

**************************************************

අමන්දා... ඇය කැනඩාවේ බ්‍රටිෂ්කොලොම්බියා ප්‍රාන්තයේ පාසලක හතේ පන්තියේ උගනිමින් සිටි දරුවෙක්. මේ වයසේ අනෙක් දරුවන් වගේම ඇයත් මිතුරු මිතුරියන් ඇසුරු කරන්නට, පිරිසක් අතරේ ජනප්‍රිය පුද්ගලයෙක් වන්නට, ආදරය ලබන්නට කැමැත්තෙන් සිටියා. මෙතැනදි ඇයට "පිහිටට එන්නේ " අන්තර්ජාලය සහ සමාජ ජාලා වෙබ් අඩවි. ඇය ඒ ඇසුරින් මිතුරු මිතුරියන් හමුව
ෙනවා, හැඟුමන් හුවමාරු කරගන්නවා. යෞව්වනය... නැවුම් හැඟුමන් උතුරා යන යෞව්වනය... මේ බැඳීම් තව තවත් ලෙංගතුව රඳවන්නට ඇයට බලකළා... ඇය අන්තර්ජාලය ඔස්සේ පැමිණි සෙනෙහසට, මිත්‍රත්වය වැළඳ ගත්තා... ඒත්...

ඒත්... ඩිජිටල් මඟ ඔස්සේ පැමිණි, එක්තරා විකෘති මානසිකත්වයක් ඇති පුද්ගලයෙක් ඇයගේ සේයාරුවක් ගත්තේ වෙබ්කැම් එක ඔස්සේ. මේ දැරිවිගේ "තුණු සපුවේ" සේයාරුවක් ගත් ඔහු ඉන් පසු කළේ ඇයට බලපෑම් කිරීම. ඇගේ සේයාරුව ප්‍රසිද්ධ කරන බවට තර්ජනනය කරමින් කළ බලපෑම අවසානයේ ඇයට දැන ගන්නට ලැබෙනවා ඇගේ ඒ සේයාරුව ප්‍රෙද්ශය පුරා, ඇගේ පාසල් මිතුරන් අතරේ පවා බෙදා හැර ඇති බව. මේ දැනගත් තැන පටන් ඇය කියන පරිදි ඇයට මානසික අවපීඩනයක් ඇතිවී තිබෙනවා.

මේ අවාසනාවන්ත සිදුවීමේ ඊළඟ පියවර ඇය පාසලේ මිතුරන් අතරින් කොන්වීම. ඇයට කවුරුවත් නැහැ. අනෙක් මිතුරු මිතුරියන් සිනාවෙන්, සතුටින්, කෙළි දෙලෙන් ගත කරත්දි අය තනිවෙනවා. තනියම කොනකට වෙලා ඉන්න ඇය පාසලේ සතුටුම වෙලාව විවේකය, ඒත් ඇයට සතුටක් නැහැ. ඇය තනියම තමන්ගේ කෑම වේල කත්දි අනෙක් හැමෝම සතුටින් සිනාවෙන කන බොන හැටි අය දකිනවා. මිතුරන්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා. මේ වෙනස හඳුනාගන්නා දෙමාපියන් ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. ඒත් ඇය සිතින් විඳවනවා."මට කවුරුත් නැහැ. මාව කොන්කරලා..." මේ විඳවීමට ඇය පිළිතුරක් සොයනවා. මත්පැන් සහ මත්කුඩු ඇයට පිළිතුරක් සේ පෙනෙනවා. ඔව්... ඇය ඒ පිහිට පතන්නේ "වෙන කරන්න දෙයක්, කියන්න කෙනෙක් නැති තැන". ඒත් විඳිවීමේ නිමාවක් නැහැ. තව තවත් වැඩිවනවා මිසක. ඇය හඩනවා. හැමෝගෙම උපහාසයට, රිදවීම් වලට කොන්කිරීමට ලක්වෙන ඇය පාසලින් තවත් පාසලකට මාරුවෙමින් මේ විඳවීමෙන් මිදෙන්නට උත්සාහ කරනවා.

ඇයට මේ විදියට මාරුවෙන පාසැලකින් ඇයට වඩා වයසින් වැඩිමහලු තරුණයෙකු හමුවෙනවා. ඔය අතරේ තමන්ට නොලැබෙන ආදරය ලැබුණායැයි දැනුන ඔහුගෙන් ඇය අතවරයට ලක්වෙනවා. අවසානයේ ඔහු තමන්ගේ කාරිය කරගෙන ඇයව ප්‍රතික්ෂේප කරනවා. ඒ පමණක් නොවෙයි ඔහුගේ ආදරවන්තිය ඇතුළු පාසලේ මිතුරන්ගේ උපහාසයට, රිදවීම් පලට ඇය ආයෙත් ලක්වෙනවා. අළුත් පාසලත් ඇයට අපායක් වෙනවා. "මම ලෝකයට විහිළුක් වෙලා.ම ට රිද්දන්නම, මගේ පස්සෙන්ම මේ රිදවුම් එනවා" අයට සිතෙනවා. ඇයට පෙනෙන උත්තරය පිළිගන්නට ඇය සූදානම්. යම් උපක්‍රම ගනිමින් ඇය සිය දිවි නසා ගන්නට තැත් දරනවා. ඒත් ඒ තැත් වරදින ඇයට ඊට පස්සේ සිදුවන්නේ නැවතත් පෙරටත් වඩා රිදවුම්, විඳවුම් විඳින්නට. "ඇයි මේ ලෝකයම මට රිදවන්නේ. මම සිතින් දැන් මැරිලා. මට මැරෙන්න ඕන." ඇගේ තීරණය. දෙවරක් ඒ තැත වරදින ඇයට තුන්වන වාරයේදී ඇය "බලාපොරොත්තු වූ" මිදීම ලැබෙනවා. ඉකුත් 10 වැනිදින ඇය ලොවින් සමුගන්නවා. ඒ තවත් සියදිවි නසා ගැනීමක් ලොවට එක් කරලා. අද ඇය මෙලොව නැහැ.

ඒත් අදට මාසයකට පමණ පෙර ඇය ලොවට ඊට වඩා වැදගත් දෙයක් එක් කළා. ඇය තමන් විඳිවූ විඳවීම්, කඳුළු කතාව, ඇත්ත කතාව වීඩියෝවක් බවට පත්කරලා තිබුණා. ඇය ඒ වීඩියෝවේ එක් තැනක මෙහෙම සඳහනක් කරනවා.
"I can never get that photo back"
ඔව්, ඔබ අන්තර්ජාලයට මුදාහරින ඡායාරූපයක් සදහටම ඉන් ඉවත් කරගැනීම ඔබට කළ නොහැකියි. මෙතැනින් පස්සේ ඔබ දකින්නේ ඒ වීඩියෝව. බලන්න... කළබල නැතිව බලන්න... විනාඩි අටක් පුරා දිවයන මේ වීඩියෝව පුළුවන් නම් දෙවරක් බලන්න. මුල් වර ඇය ලියා පෙන්වන කාරණා ටික කියවන්න. දෙවන වර ඇගේ මුහුණේ, කටේ, දෙතොල්වල වන වේදනාබර හැඟුම් දකින්න. ඔබ සංවේදී අයෙක් නම් නෙතට කඳුලක් නැඟෙනු නොඅනුමානයි. එය පාඩමක් ! අමන්දා ලොවට දුන් පාඩම ඔබ හඳුනගන්න. ලෝකය අපායක් වූ ඒ සුරංගනාවියට ඇහුම්කන් දෙන්න. ඔබ වටා ඇති සමාජය ගැන හිතන්න. 







උපුටා ගැනීම - ලොවෙත් නෑ Face Book  පිටුව.

සම්පූර්ණ අයිතිය කතෘ සතුවේ..
ස්තූතිය : මහේෂ් නිෂාන්ත සොයුරාට









Friday, October 19, 2012

ආදරයේ හිරකාරියකගේ අදුරු මතකය..

ඒ අතීතය මතක් වෙද්දිත් නම් හිතත් ගතත් දෙකම බයෙන් වෙව්ලා යනවා. කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරන්නේ මුළු ආත්මයෙන්මය. ඒත් සමහර කොල්ලන්ට ඒක තේරුම්ගන්නට බැරි ඇයිද කියන්නට නම් මට තේරෙන්නේ නෑ. මේ වෙනකම් නම් හිතන් උන්නේ මේ වගේ ඛේදවාචකයකට මුහුන දුන්නේ මං විතරයි කියලා ඒත් එහෙම නෙවේ කියලා හිතුනේ ඔච්චර දරුණු නොවුනා නම් උඹ මට හොඳ තාත්තෙක්..හිරු හිමාවි අක්කාගේ පෝස්ටුව කියෙව්වහමයි. ඒක කියවද්දි නම් හිරු අක්කගේ වේදනාව,දුක,කෝපය මට හොදට තේරුනා. මොකද ඒ අත්දැකීම මමත් ඒ විදියටම විදපු කෙනෙක් නිසා.

ආදරය ආත්මය කරගෙන ආදරයට ආදරය කරපු කෙනෙක් මේ සිත්තරාවිත්. ඒත් ඒ ආදරයම මාව මැරුවේ ආදරය එපා කරවලා. ආදරයක්, මනුස්සකමක් නොදන්න කෙනෙක්ට ආදරය කරන්න ගියාම මෙහෙම වෙනවායි කියලා තමා මගේ යාළුවෝ ඉස්සර මට කිව්වේ. ඒත් කරුමෙකට හිරුහිමාවී අක්කා වගේ හිතෙට දැනෙන දේ කියන්න තරම්  ශක්තියක් නැති කමටදෝ කොහෙද හිරකාරියකටත් වඩා මට ඔහුගේ ලෝකේ සිර වෙන්න සිද්ද උනේ.

වියදමට අම්මා දෙන සල්ලි ටික එකතු කරලා නුඹට උවමනා දේවල් ගන්න, බඩගින්න නිවාගන්න අම්ම හදලා දෙන බත් එක නුඹට දීලා මං බඩගින්නේ උන්න වාර ගනන අනන්තයි.ඒත්... ''උඹ කෑවද..?'' කියලා අහන්න තරම්වත් මනුස්ස හිතක් නුඹට නැතිවීම ගැන මට නම් පුදුමයි. ඉස්සර අම්මා, තාත්තා අරන් දෙන ලස්සන මල් ගවුම් ඇදලා යන්නේ ගවුමේ හැඩ පෙන්න විතරක් නෙමේ ඒක ඇන්දහම මමත් කොච්චර හැඩද කියලා පෙන්නන්නයි.ඒක මගේ විතරක් නෙමේ හැම කෙල්ලෙක්ගෙම පුරුද්දක්. ඒත් නුඹට ආලය කර දිනේ පටන් හැඩට,ලස්සනට ඇදුමක් අදින්න මටත් අමතක උනා නුඹේ ඔය නීති පොත නිසා.යන එන මග තොටදී පිරිමි බැලමක් වැටුනත් අපහාස වචන වලින් මා පුරවපු හැටි අමතක වී නොවේ මට. නුඹ ඉන්න මගතොට මා යන්නේ රාක්ශයෙකුට බය සාවියක් මෙනි, නුඹ ඉදිරිපිට හයියෙන් හුස්මක් ගත් දිනයක්වත් මට මතක නැත ඒ තරමට මම නුඹට බිය උනෙමි. එක දවසක් නෙමේ දවස් ගනනාවක් නුඹේ මේ අපහාස කරදර ඉවසගන්න බැරිව මරලතෝනි දිදී හැඩූ වාර ගනන අනන්තයි.  නුඹේ මේ කුරිරු දඩුවම් දිහා බලන් ඉන්න බැරිව මට මගේ හොදම යාළුවෝත් ලගම නෑයිනුත් නැති උනා නුඹට අමතකද..?

 හිසේ කෙස් ගානට පිරිමි යහළුවන් මට උන්නා. උනුත් මමත් උන්නේ එක බඩ වැල කඩන් ආපු සහෝදරයන් වගේ. ඒත් ඒ යාළුකම් වලට නුඹ දුන් නම් මතකද..? ''ආදරයක් යාළුකමක් නාදුනන අමනුස්සයෙක් නුඹ නම්'' කියා කියන්නට සියවරක් මේ දිව නැමුනා ඒත් මොන හිරිහැරය කලත් නුඹ වෙනුවෙන් උපන්න ආදරයක් මේ හිතේ තිබුනා. ඒ ආදරයට ගරු කරලා මම කටවහන් උන්නා. මගේ ඒ නිහැඩියාවෙන් නුඹ ප්‍රොයෝජන ගන්න හැදුවා. නුඹට මතකද මුල් වරට මගේ කම්මුල රතුවෙන්න දෙතොලින් ලේ පනින්න නුඹ මට අත උස්සපු දවස. සත්තයි එදා නම් මට පිරිමි ජාතියම එපා කලා නුඹ.ඒත් අද මම සතුටු වෙනවා නුඹ එදාම මට නුඹේ ඇත්ත ස්වරූපය පෙන්නු එකට එහෙම නොවුනා නම්.. මම අදටත් නුඹේ කකුල් දෙක ලග වැටිලා හොටු පෙර පෙර හඩන වැලහීන්නියක් වෙලා.


මට පෙර නුඹට ආලය කල උන් මුළදිම නුඹේ හපන්කම් දැනගෙන නුඹෙන් වෙන් උනා. අසරණ මං වෙනුවෙන් උන් හූල්ලනවා මට මතකයි. නුඹේ හිරිහැර ඉවසගන්න බැරිව මමත් උන් වගේම නුඹේ ලෝකයෙන් සදහටම සමු ගත්තා. ඒ වගේම  මම අද දුක් වෙනවා ඒ නුඹ ගැන නම් නෙමේ නුඹේ ඔය බෝගම්බර වලව්වේ කුමාරිහමි වෙන හිරකාරි ගැන. නුඹෙන් ආදරයක් නොලැබුනා නොවේ.. ලැබුනා.. ඒත් ඊට වඩා හිරගෙදරක සැලකිලි ලැබුනා. කිසිම කෙල්ලෙක් කැමති නෑ මේ වගේ ආදරයකට ඒක නුඹට නොතේරුනාට තේරුම්ගන්න පුලුවන් තවත් සමහර පිරිමි ටිකක් ඉන්න එකට මම හදවතින්ම සතුටු වෙනවා. හිරකාරියෙක් වගේ තියාගෙන ආදරේ කරන එක නෙමේ වටින්න. ඒ කෙල්ලට, අදහස් වලට ගරු කරන්න.  කෙල්ලෙක් බලාපොරොත්තු වෙන ආදරය තියෙන්නේ එතනයි..


(හිතේ තිබුන ආවේගෙට, දුකට ලියපුවා කවදාවත් මේ වගේ පිරිමියෙක් නම් වෙන්න එපා)

Saturday, October 13, 2012

අපේ F එක..

ඔන්න අදත් අපේ ඉස්කෝලේ උන සීන් ටිකක් එකට ගෙත්තම් කරන්න හිතුනා නොවෑ. මම අර කලින් ලියපු පෝස්ට් එකේ කිව්වානේ මාත් එක්ක මගේ යාළුවෝ ඔක්කොම හත් දෙනෙක් උන්නායි කියලා. අපි හත්දෙනා සෙට් වුනේ 6 වසරදි. අපේ ඉස්කෝලේ A-E වෙනකම් හැම වසරකම පංති 5ක් තියෙනවා. ඒත් 6 වසරින් ඉහලට තව F එකකුත් එකතු උනා. ඒ අළුතින් පටන් ගත්ත English Medium Class එක.ඕකෙත් පළවෙනි බැජ් එක උනේ අපි. එතනිද තමා මට අනිත් හය දෙනාව සෙට් උනේ. ඒ කාලේ තමයි නියම කාලේ. ඉගෙනත් ගත්තා නටන පිස්සුවත් උපරිමේටම නැටුවා. මුල් කාලේ නම් අපි හරි සාන්ත දාන්ත තීන්ත කුප්පි හතක්. ඒත් ඉතිං පහු පහු වෙනකොට තමා දාංගලේ එන්න එන්න වැඩි උනේ. හැබැයි ඉතිං එහෙමයි කියලා කවදාවත් ගෙවල් වලට අපේ complains ගියේ නෑ.මොනව උනත් අපිටම ගැලපෙන කොල්ලෝ ටිකකුත් අපෙ ක්ලාස් එකේ උන්නා. අපි මොන දේ කලත් ඒ ටික මොන දේ කලත් බොක්කෙන්ම support එක දීගෙන උන්නා අපි.

ඔන්න දවසක් අපි කට්ටිය එකතු වෙලා දැම්මා පාන් පාටියක්.මේකට මුළු ක්ලාස් එකම හවූල් උනා. එක එක්කෙනා එක එක දේවල් හදන් එන්නම් කියලා බාර ගත්තා. කොල්ලෝ ටික පාන් ගේන්න බාරගත්තා. ඔන්න ඉතිං interval එකත් ආවා. කට්ටිය කන්න ගත්තා නෙමේ කෑම එකේ පීනන්න පටන් ගත්තේ හරියට හත් අවුරුද්දකින් කෑමක් දැක්කේ නැති ගානට. එකත් ඉවර උනා ඊළග period එක පටන් ගද්දිම ආවා නොවෑ අපේ විනයභාර සර්. අපි ඉස්සර ආදරේට කිව්වේ ශාරුක් ඛාන් කියලා.රබර් ඇහැ දාල බැලුවා නොවෑ පංතිය දිහා. බැලුව ගමන් දකින්න තිබුනේ හැම තැනම කෑම තියෙන කුණු ගොඩාක් වගේ තියෙන පංතියයි. අම්මේ... ඒ වෙලේ ඉතිං අපි දැන ගත්තා කටියටම කන්න හම්බවෙනවා කියලා. හිතලා තප්පරයක් ගියේ නෑ මුළු පංතියම දන ගස්සලා දුන්නේ නැතෑ දේශනාවක්. ඒක නම් කොහොම හරි අහන් උන්නා.ඒත් ඊළගට උනේ හීනෙන්වත් හිතපු නැති දෙයක් මුළු පංතියම අතින් අතු ගාන්න උනානේ. ඒ තරම් බර්පතල පනිශ්මන්ට් එකක් ජීවීතේට ලැබිලා නෑ.

ඒ වගේ තව ගොඩාක් පිස්සු වැඩ නම් කරලා තියෙනවා. ඔන්න දවසක් අපිට ෆ්‍රී පිරියඩ් එකක් සෙට් උනා. කට්ටියම එකතු වෙලා සිංදු කියන්න පටන් ගත්තා. නිකන් හරියට Musical Show එකක් වගේ. හූ තිය තිය කට්ටිය සිංදු කියනවා.මාර ෆන් එක. ඔන්න ඉතිං ඔය වෙලාවේ අපේ ප්‍රින්සිපලුත් ඇවිත් ගොඩාක් වෙලා ඉදන් රස විදලා අපේ සිංදු ටික අපි දන්නේත් නෑ. මොකද එයත් A/L අයියාලා වගේ සුදු යුනිෆෝම් එකක්නේ අදින්නේ. ඒකට පනිශ්මන්ට් එක උනේ ප්‍රින්සිපල් ඔෆීස් එක ලග ක්ලාස් එකක් අපිට ලැබීමයි.. :(

එහෙමයි කියලා අපි දගලන එක නම් නැවැත්තුවේ නෑ. ගුරුවරුන්ටත් මුකුත් කියන්න් බෑ අපිට ඇයි ඉතින් කොච්චර නැටුවත් ඉස්කෝලේට හොද නම ගේන වැඩ අපි හැමදාම කලේ. ඔන්න ඉතිං O/L පංති වල ඉද්දි අපි වගේ කෙල්ලන්ටනේ A/L අයියාලාත් ලයින් දාගෙන එන්නේ නොවෑ. හැබැයි ඉතිං එකෙක්වත් යාළු නම් වෙන්නේ නෑ. කෙල්ල පැත්තක,වටේ ඉන්න යාළුවෝ ටික ඉතිං අර අයියාව බයිට් කර කර අර ගන්න පුළුවන් ඔක්කෝම කැන්ටීමෙන් අර ගෙන එයාට ටටා බායි කියලා එනවා. වඩේ කියන්නේ එහෙම කරනවයි කියලා දැන දැනම ඒත් පස්සෙන් එන එකනේ.. ;)

ඒ වගේම තමයි ඉස්කෝලේ ඔය මොකක් හරි ලොකු උත්සවයක් තියෙද්දි අනිවාර්යෙන්ම අපිවත් කොහෙන් හරි කොනකට ගෑවෙනවා. අපි නම් ඉතිං පැනගෙන යන්නේ වෙන මොනාටවත් නෙවෙයි කන්න දෙනවානේ ඒ නිසායි. O/L කාළේ A/L කට්ටියගේ Functions වලට රිංගා දඩුවම් ලබපු අවස්ථාත් ඉතිං අනන්තයි.. 

අවේළාවේ කැන්ටිමෙන් කාලා, අවේළාවේ ටැප් එකෙන් වතුර ගන්න ගිහිනුත් හොද හොද වැඩ වෙලා තියෙනවා. ඒ ඔක්කෝටම වඩා නියම වැඩේ තමා අනිත් එකකාගේ වැරදි ඔක්කෝම Parents Meeting එකේදි එයාගේ අම්මාට හෝ තාත්තාට කියන එක. ඒ ඔක්කෝම අහන් ඉන්න දෙමාපියෝ අන්තීමට තමන්ගේ දරුවා දිහා බලන්නේ ''අද වරෙංකෝ ගෙදර'' කියන ස්වරූපයෙන්. අපිට නම් ඒක මාර ෆන්. 

ඔය වගේ තව හොද හොද වැඩ අපි අමතර පංති ගිය තැන් වලත් කරලා තියෙනවා. ඒ තැන් වල ගුරුවරුන්ට උගන්වපු අවස්ථාත් තියෙනවා. වැඩිපුරම ඉන්නේ අපේ පංතියේ ලමයිනේ ඉතිං අනිත් කට්ටියව මුලදිම කපලා දානවා. රජයේ English Medium එකෙන් ඉගෙන ගන්න කට්ටියකට ඉන්නේ අපි විතරනේ ඉතිං අනිත් කට්ටිය අවට තියෙන International School  වල කට්ටිය කවදාවත් අපිට ඉස්සරහින් යන්න දෙන්නේ නෑ. වෙලාවකට පව් කියලාත් හිතෙනවා. ඒත් ඉතිං මොනවා කරන්නද අපිට මැටි මෝල් වෙන්නත් බැහැනේ.

ඔන්න දවසක් අපි හත්දෙනා ප්ලෑන් කලා ස්ටෑන්ඩ් එක ලග තියෙන රහීමියා හෝටලෙන් පරාටා කන්න. දැන් ඉතිං කට්ටිය හොදට බඩ කට පැලෙන්න කෑවා. ඔන්න ඉතිං බිලත් වේටර් කෙනෙක් ගෙනත් දුන්නා. තිස්තුන් කෝටියක් දෙවිවරු සිහිවුනේ ඒ වෙලේ තමා මට නම්. කට්ටිය හදාගෙන ගිය බජට් එක පැනලා තිබුනා නොවෑ. හත් ඉලව්වේ දැන් මොකද කරන්නේ. මට නම් මැවි මැවි පෙනුනා පිගන් හෝදනවා අපි සෙට් එක හෝටලේ. ''කරන්න දෙයක් නෑ බං ක්ලාස් ෆීස් හරි දාමු දැන්'' කියලා එකෙක් කිව්වා. ඔව් ඉතිං ඒ වෙලාවේ හැටියට වෙන කරන්න දෙයකුත් නැහැනේ අන්තීමට ක්ලාස් ෆීස් දීලා ගෙදර ආවා. මම නම් ඉතිං හැම කුණුගොඩම අම්මට කියන නිසා මේකත් කියලා දැම්මා. පොඩි බැනුමක් ඇහුවත් ආයේ ගෙවන්න කියලා ක්ලාස් ෆී එක නම් මට හම්බ උනා.;)

A/L කාලේදි මගේ යාළුවෝ සමහරක් යාළු උනා පිට ඉස්කෝලවල් වල අයියාලා, ගමේ අයියාලා එක්ක, එකෙනුත් වාසිය අපිටමයි. යාළු උන ගමනුත් කොල්ලගෙන් පාටි,යාළු වෙලා ටික කාලෙකින් ඇනිවසරි කියයි, කෙල්ලගේ හෝ කොල්ලාගේ උපන්දින පාටි කියායි,අරක කියායි මේක කියායි අපිටාත් මොකෝ අපේ බඩ කට පිරෙනවා නම්. අම්මේ.. ඒ කාලේ නිකන් කාපු තරම්..

අර මම කලින් ලියපු රඹුටන් කථාවත් උනේ මේ කාලේදීම තමා. තව ලියන්න නම් ගොඩායි.. ඒත් කරපු කියපු හැමදේමත් ලියන්න බැහැනේ.අපේ හපන්කම් හෙළි වෙන නිසාමත් නෙමේ ඉතිං.... මෙහෙම දීගටම ලියලා කියවන ඔයාලටත් ඒක අන්තීමට එපා වෙනවානේ.. ;) අදට F එකේ කරපු කෙරුවාව නවත්තන්නම්කෝ... කොයි කාටත් වගේ සිත්තරාවීටත් සුන්දර පාසල කාලයක් තිබුනා හොදේ...

Wednesday, October 10, 2012

මෙහෙමයි පරිප්පු ඉව්වේ...


පුංචි කාලේට කොයි කෙල්ලත් උයන්න ට්‍රයි කරන්න හරි කැමතියිනේ. ඔන්න ඉතිං දවසක් මමයි අපේ නංගියි උයන්න කියලා ලෑස්ති උනා. අම්මත් එදා ආච්චිව එක්කන් හොස්පිටල් ගිහින් උන්නේ.අම්මා එද්දි කෑම ගේනවයි කිව්වාත් අපි දෙන්නාගේ තියෙන පණ්ඩිතකමට උයන්න පටන් ගත්තා නොවෑ.අපි දෙන්නට ගැලපෙන මල්ලියෙකුත් හරි අගේටම අපිට උන්නා.ඔන්න ඉතින් උයනවා.හැබැයි අපි තුන්දෙනා විතරක් තනියම නෙමේ.හතර වටේටම කෝල් කර කර තමා උයන්නේ. කොහොම කොහොම හරි බත් එකකුයි,අල තෙල්දාලයි උයා ගත්තා කියමුකෝ දැන් ඉතින් පරිප්පුව උයා ගන්න දන්නේ නෑ නොවෑ. 

''චුට්ටක් ඉන්නවා අක්කේ මම නැන්දාට කෝල් එකක් දීලා අහන් එන්නම්'' කියලා නංගි ගියා.

                            ඔන්න ඉතිං එයා එනකම් මම අනිත් වැඩ මල්ලි පොල් ගානවා. රස කෙසේ වෙතත් මුළු ගේම නම් හරී සුවදයි.ඔන්න චුට්ටකින් නංගි එනවා රෙසිපි එකත් කොලේක ලියන්.හරි දැන් ඒකත් බලාගෙන අපි දෙන්න ඉව්ව නොවෑ පරිප්පු. පොල් බෑවක තරම් පොල් කිරි දාල උයපු පරිප්පුව කොච්චර වෙලා ලිපේ තිබුනාද කියලා නම් මතකත් නෑ. ඒ උනාට ඉව්වා ඉව්වා හොදට ඉව්වා පරිප්පු කැද එකක් තමා අනිතීමට ඉතුරු උනේ.ඒකේ පරිප්පු ඇට හොයන්න කිමිදෙන්න හිතුනා මට නම් ඒ වෙලේ. දැන් ඉතින් මොනවා කරන්නද..? අම්මා එනකම් ඔහොම්ම තිබ්බා. බැනුම් කෝටියයි ඒ උනාට අවුලක් නෑ තුන් දෙනාටමනේ කියලා හිත හදා ගත්තා ඒ වෙලේ නම්. දැන් ඉතිං පටන් ගන්න හදන්නේ අන්තීම යුද්දධය මස් කරිය හදන්න ඒක් නම් ටිකක් සිරියස් වැඩක් ලමයිනේ.

''අම්මා එන්න පරක්කු වෙනවාද..?''

''නෑ අපි තව පැයකින් වගේ එනවා'' හුටා දැන් මොකද කරන්නේ..

''අම්මා කෑම කඩෙන් ගේන්න එපා අපි තුන් දෙනා ඉව්වා..'' අම්මට නම් ඇස් අදහා ගන්නට බැරි වෙන්න ඇති අනේ හැබැයි මුකුත් නම් කිව්වේ නෑ..


http://media.lonelyplanet.com/lpi/2856/2856-1/681x454.jpg


''හා හා මං දැන් එනවානේ.'' විතරක් කියලා උන්නා අම්මා.

අපේ අල්ලපු ගෙදර උන්නා බබෙක් හම්බවෙන්න උන්න අක්කා කෙනෙක්. අපි තුන් දෙනා මේ අක්කාවත් එක්කගෙන දැන් මස් කරියත් උයනවා. එයා කියන විදියට අපි දැන් කරනවා.. හප්පේ... සුවද ඉවසන්න බෑ. මොනවා උනත් ඇත්තම කියන්නම් අපි තුන් දෙනා කලින් ඉව්වට වඩා නම් දැන් සුවදයි. ඔක්කොම උයලාත් ඉවරයි. අම්මා එන්න කලින් ගත්තු භාජන අස් පස් කරලා තියන්න ඕන තැන් වල තියලා හොද ලමයි වගේ දැන් අපි තුන් දෙනා අර අක්කාත් එක්ක අම්මා එනකම් ඉන්නවා. බලන් උන්න සුබ මොහොත ආවා නොවෑ. 

''අම්මා ආවා..'' කියලා මල්ලි මහා හයියේන කෑ ගහද්දි අපි තුන් දෙනාට මූන මූන බැලුනේ ලැජ්ජාවටයි බයටයි දෙකටමයි. අපි උයපු කෑම කන්න මෙන්න බොලේ අපෙ ආච්චිත් ඇවිත්. ඔන්න දැන් කට්ටිය හිනා වෙවි කනවා. පරිප්පු කැද එකට නම් පොඩි දෝශාරෝපනයක් එල්ල උනා. ඒත් පළවෙනි සැරේ නිසා සමාවක් තිබුනා.ඔන්න ඔහොමයි මම නම් ඉස්සෙල්ලාම් ඉව්වේ. හැබැයි ඒකේ ප්‍රථිපලයක් විදියට ඊට දවසකට පස්සේ අර අක්කාව හද්දිස්සියේ බබා හම්බවෙන්නත් එක්කන් ගියා නියම කරපු දිනේටත් කලින්ම..

Monday, October 8, 2012

පිනට කෑව රඹුටන්...

කාළෙකට පස්සේ ජපන් ඉන්න මගේ හොදම යාළුවෙක්ව skype එකෙන් සෙට් උනා. ඒ කාලේ ඉස්කෝලෙදි කරපුවා රස කර කර මතක් කරද්දි මීටර් උන එක කතාවක් ලියලා දාන්න හිතුනා.ඔන්න ඒ කාලේදි අපේ සෙට් එකක් උන්නා. ඒ අපි හත් දෙනෙක්. ඉස්කෝලේත් හරි ප්‍රසිද්ධයි ඉතිං අපි හත් දෙනා( නරක වැඩ ටිකකටයි හොද වැඩ ගොඩකටයි.. )


ඉස්කෝලේ ඉවර උනාම අපි හත් දෙනාටත් රෑ දෙගොඩ යාමේ වෙනකම් ලෝකේ වටේම පංති. හැබැයි කොච්චර විසේ තිබුනත් ඉගෙන ගන්න එක නම් අපි හත්දෙනා උපරිමයෙන්ම කලා.ඒකේ ප්‍රථිපලත් තියෙනවා හොදේ.. පංති යන්නේත් හත් දෙනාම එකටනේ පාර බදු අරන් වගේ අපි යන්නේ බසුත් නිකන් අපේ අම්මා අප්පාගේ වගේ.. නටන්න පුළුවන් උපරිම පිස්සුව නම් ඒ කාලේ නැටුවා. ඉතිං ඔහොම දවසක් අපි පංති යන්න ඉස්කෝලේ ඉවර වෙලා මීගමුවේ ස්ටෑන්ඩ් එකට යනවා. ඔහොම යද්දි ඔන්න අපිට ටිකක් ඉස්සරහින් යනවා ලස්සන handsome boysලා දෙන්නෙක්. අපිත් ඉතිං ලස්සන pretty girlsලානේ. ඉතිං අපිත් බැල්ම දාගෙන follow කලා උන් දෙන්නව.ඒ ඉතින් උන් දෙන්නට තියෙන ඇල්මකට නෙවෙයි. ඒ අහිංසකයින්ගේ අතේ තිබුන ලොකු රඹුටන් මළු දෙකට කෙළ හලා ගෙනයි. උන් දෙන්නත් කෙල්ලොම හත් දෙනෙක්නේ හරි පැණිය. 
http://upload.wikimedia.org/wikipedia/commons/6/62/Rambutan_Nephelium_lappaceum_Whaldener_Endo.jpg

''අපෝ අයියේ මෙහෙම කෙල්ලෝ කට්ටියක්ම ඉද්දි ඔය රඹුටන් මළු තනියම කන්න අරන් යන එක හොදද..?'' 

අපේ එකෙක් එහෙම කියද්දි නම් උන් දෙන්නට තේරුනා අපි ටික එන පොට ඒ දෙන්නත් අත අරින්නෙම නෑ රඹුටන් පෙරේතයෝ දෙන්නෙක් වගේ මළු දෙක බදාගෙනම උන්නා. අපි අතරේ උන්න මගේ එක යාළුවෙක් දැන් මේ කොල්ලෝ දෙන්නව ලස්සනටම බයිට් කරලා ඉවරයි.කථාවෙන් කථාව ස්ටෑන්ඩ් එකටම ආව, රඹුටන් වලට තිබුන අපේ පෙරේතකම දැනිලද,එහෙමත් නැති නම් කොල්ලෝ දෙන්නාගේ ලැජ්ජාව වහගන්නද මංදා අන්තීමට අර ලොකු රඹුටන් මළු දෙක අපිට තෑගි කරලා ගියා නොවෑ... අම්මේ අපිට නම් රජ මගුල්. මොනවා උනත් හරි හොදට හැදුන කොල්ලෝ දෙන්නෙක් කියලා හිතලා අම්මා අප්පාලාටත් උන් දෙන්නගේ පිං දීලම අපි ඒක සාමකාමීව බෙදාගෙන කෑවා නොවෑ. ඒක කෑවා වගේ නොවේ එකේ අතුරු ප්‍රථිපලත් වින්දා..

                          මොන දේ කලත් ගෙදර ගිහිං අම්මත් එක්ක ඔක්කොම කියන පුරුද්ද නම් මට ඒ කාලේ ඉදන්ම තිබුන එකක්. මුළු ස්ටෝරියම අහන් උන්න අම්මගෙන් කාපු රඹුටන් වමාරන්නම බැනුමක් අහුවා.ඒක නම් අහලා අහලා පුරුද්දට ඉබේටම දිරෙව්වා... ඒත් රඹුටන් වල සැර පිට කලේ දොස්තර අංකල්වත් මුන ගැහිලාම තමා.

දෙහදක් අතරමං වී..(අවසානය.. )..


වේලාව හවස 5 විය. මම ස්ටන්ඩ් එකේ පුරුදු ලෙස ඔහු එනතුරු බලා උන්නෙමි.මට අතීතය සිහිවිය. 
''බස් කීයක් මිස් උනාද..? අද චුට්ටක් පරක්කු උනා.. සොරි..''ඔහු කියන්නේ පොඩි එකේකු මෙනි.. ඉතිං මේ ආදරය ලෙස සිතීමටම කරුනු නොවේද..? මා එනතුරු ඔහු මග බලන් හිදීම,ඔහු එනතුරු මම මග බලන් හිදීම මිතුරු කමක්ම පමනිද..?

''ඇවිත් ගොඩාක් වෙලාද.. චුට්ටක් පරක්කු උනා සොරි නංගා..?'' ඒ හැසීරිමය, ඒ කථාමය කිසිම වෙනසක් සිදුවී නෑත. මම නැතැයි කියන්නට මෙන් හිස සෙළවුයෙමි. 

''අයියාට මොනවාද කියන්න තියෙනවායි කිව්වේ..?'' මා එසේ කීවේ නොලැබෙන ආදරයක් ලග තොදොල් වෙන්නට බැරි නිසාය. 

''යං බස් එකත් ආවා නැගලා කතා කරමු..''මට සිනහත් නැගේ.. දුකත් හිතේ.. කුමක් කියන්නද කරන්නද කියා හිතා ගන්න බෑ.. මේ ආදරය ඇයි මේ තරම් මාව රිද්දන්නේ.. ? 


'' මොනවාද අයියේ කියන්න තියෙනවායි කිව්වේ.. ?'' එය දැන ගන්න තුරු මට ඉවසිල්ලක් නැත. ඔහු මේ කුමක් කියන්නටද සැරසෙන්නේ... 

''සුබා ආයේ මාව රැවැට්ටුවා බබි. එයා කවදාවත් වෙනස් වෙන්නේ නෑ..'' දෙයියනේ ඔහු මේ කියන්නට සැරසෙන්නේ කුමක්ද?

''ඒ කියන්නේ අයියා... මට මුකුත් තේරේන්නේ නෑ''

''ඔව් බබි එයා මට කලින් කරපු දේමයි ආයේ කලේ.. එයාට ආයේ මාව විහිළුවක් උනා. මම හිත හදා ගත්තා විතරයි එයා  ආයේ මගේ ජීවීතේට ලං උනා, මම ආයේ රැවටුනා..'' සියල්ල එක හුස්මට කියවු ඔහු ඉදිරි පෙළ අසුනේ හිස ගසා ගත්තේ දරා ගත නොහැකි දුකක් මගේ හිතටද දීය. 

''හරි අමාරුවෙන් නංගා මේ හිත මම හදා ගත්තේ, ඒක එහෙම උනෙත් ඔයා නිසයි ඔව් ඔයා තමයි මගේ හිත හදා ගන්න උදව් කලේ, ඒත් එයා ඒ හදා ගත්ත හිත ආයේ පෑරුවා නංගා.මට ජීවිතේ වැරදුනා..'' 

''නෑ එහෙම කියන්න එපා අයියා ඒ ඔයාට නැති උනේ ඔයාට ආදරේ නැති කෙනෙක් ඉතිං මොකටද ඔයා දුක් වෙන්නේ, ඔයාට ඇත්තටම ආදරේ කෙනෙක් ඉක්මනට ලැබෙයි'' කියා එසේ කීවත් මගේ සිතටද බියක් දැනුනි. දෙවැනි වතාවටත් මගේ ආදරේ මට නැති වෙන්නට හදන්නේ අනේ මම මොන තරම් නම් පව් කරලා ඇතිද.. දෙනුවන් අයියා පසුගිය කාලය තුල සිදුවු සියල්ල මට විස්තර කලේය. මට ඔහු ගැන බොහෝ සේ කලකිරුනි. සුබා ඇය නම් කෙල්ලෙක්ද කියා විටෙක මට සිතුනි.ඇදුම් මාරු කරනවා මෙන් කෙල්ලෙක්ට කොල්ලන්ව මාරු කල හැකිද..? ඇය පිළිබදව නම් මට ඇත්තේ පිළිකුලකි.ඇරත් දෙනුවන් අයියා වගේ අහිංසක කොල්ලෙක්ගේ ආදරයක් එක්ක සෙල්ලම් කල එක නම් පාපයකි.

''අයියේ මම ඊළග හෝල්ට් එකේ බහිනවා''

'' හ්ම්ම්ම්.. ලෝචි බබි මම දෙයක් ඉල්ලන්න ඔයා මට දෙනවාද...?'' 

'' කියන්න අයියා.. මොනවාද..?'' 

''අපි ඉස්සර වගේ ඉමු නංගා.. ඒ ජීවිතේට මං ආදරෙයි,මාව මෙච්චර දවසක් ජීවත් කලේ ඒ මතකය බබී.. ප්ලීස්..'' දෙවියනේ ඔහු මේ කියන්නේ මොනවාද... ඉස්සර වගේ ඉමු කියනේ එකේ තේරුම  මොකක්ද.. එකෙන් වෙන්නේ ආයෙත් මගේ හිත පෑරෙන එකම නොවේද .. ඒත් ඔහුගේ සතුට ඉදිරියේ මට කල නොහැකිදෙයක් නොවීය.. මම සිනහවක් පා නිවෙස් කරා ආවෙමි..

                                     කාලය ගෙව්නේ අපටත් නොදැනීය. මමත් දෙනුවන් අයියාත් ඉස්සර මෙන් උන්නේය. විටෙක අපි විහිළු කළෙමු, තවත් විටෙක හිත් රිදෙන්නම රණ්ඩු කලෙමු, තවත් විටෙක බඩ පැලෙන්න සිනා වුයෙමු. විටෙක පෙම්වතුන් ලෙසය, තවත් විටෙක මිතුරන් ලෙසය,තවත් විටෙක සහොදරයන් ලෙසය මේ බැදීම මට නම් විටෙක ප්‍රේහේළිකාවකි. ඒත් මේ හැම තත්පරයකටම මම බොහෝසේ ආදරය කළෙමි. උසස් පෙළ ප්‍රථිපල ආවෙත් මේ කාලයේදීය. ඉහළ සාමාර්ථත් සමග සරසවි වරම් ලැබු පුවත දැනගත් ඔහුගේ මා පිළිබදව ඉමහත් ප්‍රීතියෙන් පසු විය.
''මට නම් අද ගොඩාක් සතුටුයි නංගා.. කියලා නිම කරන්න බෑ මේ සතුට නම්... අපි දාමු ග්‍රෑන්ඩ් පාර්ටි එකක්..'' 

''අනිවාර්යෙන්ම...'' මමද ඊට එකග විය.

                                      ***************

''අහ්...!! අද මට කලින් මෙයා ඇවිත්නේ... '' 

''දෙයක් දෙන්න තියෙනවා ඔයා කැම්පස් යන්න කලින් නංගා.. චුට්ටක් අර පැත්තට යමු මට අද මේ හැම දේම කියන්න ඕනා..'' දෙවියනේ ඔහු මේ කියන්නට සැරසෙන්නේ කුමක්ද.. ? මමත් ඔහු පසු පස ගියෙමි.පුංචි තිළිනයක් ඔහු මට පෑවේය.

''මේ මොකක්ද අයියා...'' මට කිසිවක් හිතා ගන්නට නොහැකි විය.

''බලන්නකෝ කැමති නම් බාර ගන්න නැති නම් බබීට කැමති දෙයක් ...'' මා අතවු ඒ පුංචි තිළිනය මම හෙමින් සැරේ දිග අරින්නට විය. ඇස් අදහා ගත නොහැකිවිය. එහි වුයේ පුංචි යුවලකි.. I LOVE YOU ලෙස එහි ලියා තිබුනි.. මොකද වෙන්නේ කියා සිතා ගන්නට මට නොහැකි විය.මම විශ්මිත වු දෙනෙතින් කිසිත් කියා ගත නොහැකිව ඔහු දෙස බලා වුන්නෙමි. 


''මම මහ මෝඩයෙක් බබි,මෙච්චර මට ආදරේ රත්තරං කෙල්ලෙක් මගේ ලග ඉදලත් ඒ ආදරේ මට තේරුම් ගන්න බැරි වුනා, මම ආදරෙයි බබී ගොඩාක්.. ඔයාට පුළුවන්ද හැමදාම මගේ වෙන්න. මගේ විතරක්ම..'' දෙවියනේ මම මේ දකින්නේ සිහිනයක්ද..? මට නම් කිසිත් නොහැගේ.ඇස් දෙකෙන් හෝ ගා කදුළු ගලයි මේ සතුටු කදුළුය. වසර එකහමාරක් මම සිතින් පතු පෙමය මේ. අද මගේ දෑස් ඉදිරිපිට සැබෑවී හමාරය. මම කිසිත් කියා ගත් නොහැකිව ඔහුගේ  තුරුලට වුයෙමි. මුළු ලෝකයම මා ළග සේ මට දැනුනි.

 ''මම් මේ දේවල් ඔයාට කියන්න හැමදාම මග බැලුවා නංගා.. ඒත් මම බය වුනා ඔයා මට ආදරේ නැති වුනොත්.... මෙහෙමවත් ඔයා ලගට වෙලා ඉන්න බැරි වෙයි කියලා මම බය වුනා. ඉතිං හැමදාම මේ ආදරේ හිතේ තියා ඉන්න තීරනය කලා. ඒත් දවසක් මට හංසි කතා කරලා හැමදේම කිව්වයින් පස්සේ මම මොන තරම් මෝඩයෙක්ද කියලා හිතුනා. මගේ ආදරේ මං ලගම තිබිලත් මට තේරුම් ගන්න බැරි වුනා. තවත් ඔයාව නැති කරගන්න බෑ බබි මට..'' සියල්ල කියා නිම වෙද්දි මට හංසි ගැනද ආඩම්බර සිතුනි ඇය නම්  මට හමුවු මිතුරියන් අතරින් සැබෑ මිතුරියකි. 


''ඉතිං මට ආදරෙයි කියන්නේ නැද්ද..'' තවමත් ඔහුගේ තුරුලේ ඉන්න මගෙන් එසේ අසද්දි මට ලැජ්ජා සිතුනි..  

''ආදරෙයි ගොඩාක්.. පනටත් වඩා. කවදා හරි මටම ලැබෙනකම් ඒකනේ බලන් උන්නේ..'' තවත් කිසිවක් කියන්නට නොදි ඔහු මා තදින් පපුවට තුරුල් කර ගත්තේය.  

ප.ළි:- අද මට මගේ ආදරය ලැබුනේ හංසි නිසාවෙනි, සැමවිටම මම ඇයට ණය ගැතිය. ඇය නම් සැබෑ මිතුරියෙකි. දෙනුවන් අයියා මගේ මුළු ලෝකයම විය, ඔහුටද එසේම විය.ඉතින් දැන් මා සතුටින් නොවේද..? මා පැතු ලෝකය මට ලැබුනි.. ලෝචි දැන් සතුටින් කියා ලෝකෙටම කෑ ගසා කියන්නට මට සිතේ...

Saturday, October 6, 2012

දෙහදක් අතරමං වී...(දෙවන කොටස..)


''කීයටද ක්ලාස් ඉවර වෙන්නේ..'' බලාපොරොත්තු නොවු ප්‍රශ්ණයක් ඇසු නිසා දෝ මා තැති ගත්තෙමි.

''මම වැරදි දෙයක්ද බබි ඇහුවේ..?'' 

''නෑ අයියා එහෙම නෑ හවස 5 වෙනවා ඒත් ...'' කියා මා කියන්නට දේ ගිල ගත්තේමි.

''මට ටිකක් කතා කරන්න ඕනා ලෝචි ඔයත් එක්ක .. පුලුවන්ද..?'' දෙවියනේ ඔහු මේ මොකටද එන්නේ.. කිසිවක් මට නම් සිතා ගන්නට බැරි විය. ආයෙත් සිත පාරවා ගන්නට නම් බෑ. ඒත් ඔහු දෙයක් කිවොත් බෑ කියන්නටද බැරිය.

''ලෝචි මම හවස ස්ටෑන්ඩ් එකේ ඉන්නවා පුලුවන්නම් ටිකකට ඇවිත් යන්න ප්ලීස් නංගා.. කියන්න දෙවල් ගොඩායි.. ඔයාව මිට් වෙනකම් මම උන්නේ මාස 8ක් උන්නා මේ හැමදේම කියන්න ..'' කිසිත් නොකියා මම මගේ නැවතුමෙන් බැස ගියෙමි

''උඹ දැන් මොකද කරන්න හිතන් ඉන්නේ ... දෙනුවන් අයියාව මිට් වෙනවද..? 

''දන්නේ නෑ හංසි මට මුකුත් හිතා ගන්න බෑ.. එයාට මොනාද තව මට කියන්න තියෙන්නේ.. මාස 8ක් තිස්සේ එයා මොනවා කියන්නද බලන් උන්නේ..?''

''වෙන මොනවා කියන්නද බං වෙනදා වගේ දුක අහන්න වෙන්නඇති එන්න කියන්නේ යමං යමං උඹ ඉතිං දුක්ගන්නාරාළනේ..''  හංසි මට මේ දොස් කියන්නේ තරහකට නොව මා හැඩු තරම් ඈ ඇරෙන්න වෙන කිසිවෙක් නොදනි..
    
                                             ********************

''ලෝචි බබි ඔයාට කියන්න දෙයක් තියෙනවා.. මට නම් අද හරිම සතුටු දවසක් මගේ හිතේ තියෙන සතුට කියලා නිම කරන්න බෑ නංගා.. ඒ හැමදේම ඔයා නිසයි බබි ගොඩාක් ස්තුතියි ඔයාට..'' ඔහු මේ කියවන්නේ මොනවාද මට කිසිවක් වැටහෙන්නෙ නැත.. 

''මොකද උනේ අයියා.. ඔච්චරටම සතුටු වෙන්න මොකක්ද හේතුව කියලා ඉන්නකෝ..'' මටද ඉවසුමක් නැත කුමක් උවත් ඔහු කොච්චර සතුටින් ඉන්නවාද කියලා මට ඔහුගේ ඇස් දෙකෙන්ම පෙනුනි

''සුබා ... සුබා ආයෙ මගේ ලෝකෙට ආවා.. මගේ ආදරේ මට ආයෙත් ලැබුනා නංගා.........'' තවත් බොහෝ දේ ඔහු කියන්නට ඇත මට කිසිවක් නෑසුනි. හෙණ ගෙඩියක් ඔළුවට කඩා වැටුනා සේ දැනුනි කුමක් කියන්නද මට නොසිතේ..

''ඇයි ලෝචි ඔහොම ඉන්නේ සතුටු නැද්ද ඔයාට..?''සතුට.. මගේ ආදරේ මං ඉස්සරහම තව කෙනෙක්ගේ වෙද්දි මට කොහෙන්ද සතුටක්.. ඒත් මම කොහොමද හිතට එන දේ කියන්නේ දෙනුවන් අයියගේ සතුටින් මම මගේ දුක නැති කර ගත්තේමි.

                               කාලය ගෙවි ගියේ අපටත් නොදැනීය.දෙනුවන් අයියා ඉතා සතුටින් උන්නේය. මට නම් සතුටු කොහෙද කියාවත් හිතා ගන්නට බැරි විය. සුබා හා දෙනුවන් අයියාගේ ජීවිත වලට මම ඒ වෙද්දි වදයක් වී තිබුනි. සුබා නිතරම රණ්ඩු කරන්නට විය. ඒ වෙන කිසිත් නිස නොව දෙනුවන් අයිය හා මා අතර තිබු මිත්‍රත්වයටය. ඔහුට මා ඉදිරියේ කිසිත් කියා ගත නොහැකි විය. ඉතිං මමම ඒ ජීවිත වලින් ඈත් වෙන්නට ඉටා ගතිමි. ඒ කාළය තුල ඔවුන්ගේ ජීවිත තුල කුමක් වුවාද කියා මම නම් නොදනි. අද මේ ඔහු හමු වුයේ මාස 8කට පසුය. ඔහුගෙන් ඈත්ව උන්නේ තරහකට නොව නොලැබෙන බව දැන දැන හිත රවට්ට ගන්න බැරි නිසාය. 

''ලෝචි මොනවද බං ඔච්චර කල්පනා කරන්නේ...''

'' හ්ම්ම්... මුකුත් නෑ හංසි...'' මම මුදු සිනහාවක් නංවා කීවේය.  දවස පුරාම ක්ලාස් එකේ උන්නද අද නම් ඉගෙන ගත්ත දෙයක් නොවීය. මුළු ඔළුවම හිතම පිරි තිබුනේ ඔහුගේ මතකයෙන්ය. මම හවස 5 වෙන තෙක් ඇගිලි ගැන්නෙමි. 

''හංසි මම මෙහෙම්ම යනවා කොටුවේ ස්ටෑන්ඩ් එකට... ''

''දෙනුවන් අයියාව මීට් වෙන්නද ...'' ඇය විස්මයෙන් ඇසුවාය. මම ''ඔව්'' කියන්නට මෙන් හිස සැලුවාය.

''උඹට නම් පිස්සු බං...  අමාරුවෙන් හදා ගත්ත හිත ආයේ පාරවා ගන්න නම් එපා ලොචි, අනික උන්ගේ ප්‍රශ්න වලට ආයෙ නම් මැදිහත් නම් වෙන්න එපා එච්චරයි මං කියන්නේ...'' ඇය තරහින් කීවත් ඒ කීවේ මගේ හොදට බව මා දනි..

Friday, October 5, 2012

දෙහදක් අතරමං වී...

 උදේ 6.30ට එන ලං.ග.ම. බස් එකට මම නගිද්දිම එකවරම කවුරුදෝ ''ගුඩ් මෝනිං'' කිව්වේය. ඒ කව්ද කියා හැරි බලන්න උවමනාවක් තිබුනත් මා එය ගනන් නොගෙන මගේ මිතුරියත් මමත් ඇගිල්ලක් ගසන්නට ඉඩක් නොතිබුන බස් රථයේ අල්ල ගන්නට තැනැක් සෙව්වෙමි. නැවතත් අර හඩම මට ඒ ලෙසෙම ඇසිනි. දෙවැනි වරටත් මට ''ගුඩ් මෝනිං'' කියන්නේ කවුද කියලා බලන්නට මම සිතා අනිත් පැත්ත හැරෙනවාත් සමගම දුටු රුවෙන් මට උන් හිටි තැන් අමතක උනි.... කිසිවක් කියා ගත නොහැකිව මම ඔහු දෙසම බලා උන්නෙමි.
''කොහොමද..?'' ඔහු අසද්දි මට කල්පනාව ආවේ.

''හොදයි.. ඔයාට..?''

  ''වරදක නෑ නංගා පුරුදු ලෙසම ඉන්නවා.. වැඩට යනවා ගෙදර එනවා.. ඔයා දැන් මොකද කරන්නේ..?'' 

 '' එක්සෑම් එකත් ඉවරනේ අයියා මම CIMA කරනවා රිසාල්ට් එනකම් මේ ක්ලස් යන ගමන්..'' 

'' අහ් ...! හොදයිනේ කෙල්ල..'' කියා ඔහු සුපුරුදු අහිංසක සින්නවක් පෑවේය. මට අතීතය සිහිවිය..

                        දෙනුවන් ඒ මීට මාස කිහිපයකට උඩදි මගේ සිතේ උපන් කුළුදුල් ආදරයයි.. බෝ පැලයක් වාගේ සිතේ ඉපදුන ආදරය ඔහු අළු කර දැමු අයුරු අමතක  කර අද ඔහුත් සමග කතා කරනවා නොව, කොච්චර රිද්දුවත් හිමි වෙන්නේ නෑ කියලා දැනුනත් අමුතු ලෙංගතුකමක් තාමත් ඔහු වෙනුවෙන් මේ හිතේ ඇත. ඉස්සර උසස් පෙළ දවස් වල උදේට ඉස්කෝලේ යන්නේත් මේ බස් එකේමයි. ඒ දවස් වල නිතර නිතර බස් එකේදි මුන ගැසුන කෙනෙකි දෙනුවන් අයියා. හැමදාම දකින මූණක් නිසා අපි නිතර හමුවීමෙන් ලෙංගතු වුයේ අපිටත් නොදැනිය.හවසට ඔහු වැඩ නිමා වී ගෙදර යන බස් එකේමය මමත් හවස අමතර පංති නිමාවී ගෙදර යන්නේ.. ඉතිං ඒ වෙලාවත් අපිට කතා බහ කරන්නට එකතු විය. මෙසේ උසස් පෙළ අවුරුදු 2ම ඔහුත් සමගම ගත කලේය. මිට මාස කිහිපයකට උඩදි මේ බස් රථයේ හැමදාම යන එන අය සිතා උන්නේ අපි දෙන්නා පෙම්වතුන් ලෙසය. ඔවුන් පමනක් නොව මමද සිතා උන්නේ එසේය. නිතර රටේ තොටේ, ගමේ වෙන හැම දෙයම කතා කලද ආදරය ගැන අපි කවදාවත් කථා කලේ නැත.

''ලෝචනා උඹ දුක් වෙනවා නේද...?''

'' ඒ මොකටද හංසි.. මම දුක් වෙන්නේ..?''

''දෙනුවන් අයියාගේ ආදරේ නැතිව..?'' හංසි එහෙම කියද්දි මම එක වරම තිගැස්සුනි.. 

''උඹට පිස්සුද බං.. අපි දෙන්නා අතර එහෙම දෙයක් නෑ.. අපි නිකං යාළුවෝ විතරයි බං ...''

''උබ මටත් බොරු කරනවාද ලෝචි..? උඹලා දෙන්නා උඹලා දෙන්නට හොරා ලව් කරනවා ඒක එකෙක්ටවත් නොදැනෙන්න.. මොකක්ද බං ඕකේ තෙරුම.. ?'' මාගේ හොදම මිතුරිය මාව වටහාගෙන ඇත.දැන් මට තිබුන බය මේ වගේම දෙනුවන් අයියාත් කාටවත් හොරා මේ හිතේ උපදින ප්‍රේමය දැන ගෙන ඇතිද යන්නයි.මොනවා කියන්නද කරන්නද කියලා හිතා ගන්න බැරිව හිත හොදටම අවුල් උනි.. ඒත් කිසි වෙනසක් නොපෙන්වා දෙනුවන් අයියා හා  මම පුරුදු ලෙස කල් ගත කළේය. 

''ලෝචි මොකද කරන්නේ නංගා..?''SMS එකකින් එසේ ඇසු ඔහුට මමත් SMS එකකින්ම පිළිතුරු යැව්වෙමි

''nothing..අයියා මොකද කරන්නේ කෑවද..?'' 

''තව නෑ නංගා.. හිතට ටිකක් හරි නෑ මම ඔයාට කෝල් එකක් ගන්නද ...?'' SMS එක දකිද්දිම මගේ හිත පත්තු විය. ඇයි දෙනුවන් අයියාගේ හිතට හරි නැත්තේ..? ඔෆිසියේ ප්‍රශ්නයක්ද..? මගෙන් වරදක් උනාද..? දාහක් ප්‍රශ්න මගේ ඔලුවේ විය.. 

''o.k. call me..''තත්පරයක්වත් ගත වෙන්නට පෙර ඔහුගෙන ඇමතුමක් ආවේය.

 '' හෙලෝ... ලොචි''

''හ්ම් කියන්න අයියා.. මොකද උනේ..?''

'' මගේ හිතට හරි නෑ නංගා.. අනේ මංදා..?'' 

''ඇයි අයියේ මොකද උනේ..? ඔෆිස් එකේ ප්‍රශ්නයක්ද..?'' මම පිළිතුරක් දීගන්න  බැරිව ලතැවුනෙමි..

''නෑ බබි සුබා ආයේ මගේ ජීවිතේට ලං වෙන්න හදනවා.. මොකද කරන්නේ කියලා මට හිතා ගන්න බෑ..?'' සුබා යනු දෙනුවන් අයියාගේ කලින් පෙම්වතියයි දෙවසරක ප්‍රේමය නවතා දමා ඇත්තේද ඇය විසින්මය.. වසරකට පසු ඇය නැවත දෙනුවන් අයියාගේ ප්‍රේමය ඉල්ලා සිටින අරමුණ කුමක්ද..?දෙනුවන් අයියා යනු නරක කෙනෙක් නොව. සුබාගේ යම් යම් වැරදි තිබුනත් ඔහු ඇයට බෝහෝසේ ආදරය කලා. ඒ සියල්ලම දෙනුවන් අයියාමය දිනක් මා සමග පැවසූවේ.

'' මම දන්නේ නෑ අයියේ ඉතිං මොනවා කියන්නද කියලා ඔයා හොදට හිතලා තීරනයක් ගන්න .. ආයේ දුක් වෙන්න වෙන තීරනයක් නම් ගන්න ඒපා...?''

'' නංගා ඔයාට හිතෙනවාද සුබා ආයේ මට ලං වෙන්නේ ඇත්තටමයි කියලා..?''දෙවියනේ ඔහුත් අසන්නේ පුදුම ප්‍රශ්නය මම කොහොම පිළිතුරක් දෙන්නද ...

'' අයියේ ඒක මම දන්නේ නෑ ඔය කළබල නොවි ටික දවසක් කල්පනා කරලා තීරනයක් ගන්න. මොන තීරනය ගත්තත් හොදට හිතලා බලන්න දැන් නිදා ගන්න රෑ වෙලා. හෙට උදේට හම්බ වෙමු...''

''හ්ම්ම්.. බබි එහෙනම් මම තියන්නම් ගුඩ් නයිට්..''

''ගුඩ් නයිට් අයියා.. ''ඒදා මුළු රෑම මට නින්දක් නොවිය. 

                                        **************************
''ලෝචි බබි මොනවාද කල්පනා කරන්නේ..'' මා තිගැස්සුනේ දෙනුවන් අයියාගේ හඩටය. තවමත් බස් රථයේ සිටින බව මට වැටහුනේ එවිටය..

''මුකුත් නෑ අයියා..'' කියා මා මුදු සිනහාවක් පෑවාය. හංසි කිසිත් නොකියා ඉවත බලා උන්නේ මා ගැන ඇය දන්න නිසාවෙනි 

                                      (ඊලග පෝස්ට් එකෙන් ඉතිරිය..)

ඉතාලි රගේ... Italy Life...


ඔය කොයි කවුරුත් අද කාලේ පිට රටකට යන්න පෙරුම් පුරනවානේ.ඒ අතරින් අද බොහෝමයක් උඩ පනින්නේ ඉතාලි යන්නනේ. අන්න ඒ උඩ පනින කට්ටියට තම අද මේ පෝස්ට් එක ලියන්න හිතුනේ.. එහෙම කිව්වයි කියලා හිතන්න එපා තරහටකට අහිතකට මේක ලිව්වයි කියලා. ඔයාලට තියෙන ආදරේටයි අකමැත්තෙන් උනත් ඇත්ත කතාව කියන්නේ..

                                                ලක්ෂ ගනන් පොලියට හොයාගෙන අනේ අපේ අසරන මිනිස්සු ඉතාලියට එනවා. ඒ ආවහම තමා ඒ අයට මෙහේ තියෙන රගේ දැනෙන්නේ. ඉන්න තැනැක් නැතුව පාර්ක් වල බංකු වල නිදා ගෙන සීතට මැරෙන්නද සල්ලි දීලා ගෙවල් උකස් කරලා මේ අපායට එන්නේ. රස්සාවක් නැතුව පාරක් පාරක් ගානේ උදේ ඉන්දන් හවස් වෙනකම් ඇවිදින කී දෙනෙක් ඇතිද...?අන්තීමට අතේ සතේ නැතිව හැම කෙනා අතරම කොන් වෙනවා.. ඒ විතරක් නම් මදෑ.. මහ ලොකුවට ලංකාවේ ඉද්දි නම් මේ ඉතාලියෙ ඉන්න නෑ හිත මිතුරන් කෝල් කර කර කියන්නේ ''අනේ එන්න අපි උදව් කරන්නම්, ජොබ් හොයලා දෙන්නම්, කන්න බොන්න දෙන එක මහ ලොකු දෙයක් නෙමේ ඔයා කොහොම හරි එන්න'' කියාලා.. ඔව් උදව් කරනවා දවසක් දෙකක්.. 


                  භාශාව නොදැන, වීසා නැතිව, වැඩ දන්නේ නැතිව මෙහේ එනවයි කියන්නේ මහ පාරට උරම කම් කියනවායි කියන එක තමා.ගෙදර බාත් රුම් එකක් හෝදපු නැති අපිට මෙහේ ඇවිත් ඉතාලිකාරයන්ගේ බාත් රුම් විතරක් නෙමේ උන්ගේ පස්ස පැත්තත් හෝදලයි නවතින්න වෙන්නේ. කොච්චර ඉගෙන ගෙන ආවත් මේ වගේ රටවල් වලට අපි නම් උන්ගේ බාත් රුම් හෝදන වැඩ කාරයෝම තමා. ඒක නම් කවදාවත් වෙනස් වෙන්නේ නෑ. රටේ නීති නම් දවසින් දවස අලුත් වෙනවා. ඒත් ඒ එකක්වත් අපේ හොදට නම් නෙමේ. අලුත් වෙන හැම නීතියක්ම අලුත් වෙන්නේ උන්ගේම හොදටයි.

                                             මේ පෝස්ට් එක ලියන මේ සිත්තරාවිත් අද ඉන්නේ මේ අපායේම තමා. 2010 අ.පො.ස.උ.පෙළ වාණිජ අංශයෙන් කරලා සම්මානත් ඇතිව පාස් උන මමත් අද මේ අපායේ අපා දුක විදිනවා. කාටවත් නොලැබෙන හරි අපූරු රස්සාවාක් ඉදලා ඉදලා මට නම් හම්බ උනා. ඔෆිසියක ලේඛම් වරියක් අම්මේ හිතේ තිබුන සතුට කියා නිම කරන්න බැරි උනා. ඒත් ඉතිං ඒකටත් ආයුශ තිබුනේ ටික දවසයි. ඉගෙන ගත්තු දෙයින් ප්‍රයෝජනයක් ගන්න හදද්දිම ඒකටත් හෙන හුරා බැල්ම හෙලුවා නොවෑ.. (හොව් හොව් ලියන්න හිතන් උන්න විදියට නෙමේ ලියවෙන්නේ... අයේ ට්‍රැක් එකට එන්නම් ඉන්න...)

                මම මේ කියන්න හදන්නේ මගේ ආදරණීය යාළුවනේ කවුරු කොහොම කිව්වාත් මේ වගේ රටකට නම් එන්න එපා අතේ තියෙන සතේ වියදම් කරලා. කට්ටියක් නම් ඉන්නවා පැලෙන්න සල්ලි හම්බ කරලා මාලිගා වගේ ගෙවල් හදාගෙන.. ඒත් අද ඒ මිනිස්සුත් 100% සම්පූර්න නෑ.. පවුල් ප්‍රශ්න ගමකට. කොච්චර සල්ලි තිබුනත් නම්බුව ගෞරවය හේදිලා ඉවරයි. සල්ලි පස්සේ දුවලා ලස්සනට තිබුන පවුල් ජීවිත අවුල් කරගන්න ඕන නෑනේ. තමන්ගේ මව් රටට වෙලා තමන්ගේ පවුලත් එක්ක හේනක් කොටාගෙන හරි එක වහලක් යට එකට ඉන්න එක නේද වටින්නේ.. මම වගේ තව කෝටියක් මේ ඇත්ත කතාව මේ විදියටම කිව්වත් නාහන කට්ටිය නම් ඇති තරම්.ඒත් ඉතිං අපිත් කියලා මොනවා කරන්නද...? බොරුවට තවත් මනුස්ස ජීවිතයක් අසරන නොකර බැරි නිසයි මේක ලියන්න හිතුනේ.. අනික ඉතිං මේ වලට වැටුන අයට නම් ගොඩ එන්න වෙන්නේත් මේ වලින්ම තමා. අවුරුදු 12ක් තිස්සේ මගේ තාත්තා මාසේ වියදමට සල්ලි එවද්දි මම නම් කවදාවත් හිතුවේ නෑ මේ වගේ අපා දුකක් විදිනවා ඇති කියලා. අද ඒ දුක මගේ ඇස් දෙකට දකිද්දි අපි මොන තරම් අසරන වෙලාද කියලාත් හිතෙනවා. ඒත් ඉතිං මොකක් කියලා කරන්නද .. ඉතාලියේ රගේ දැනෙන්න මෙහේ ඇවිත් ඒ දුක විදින්නම ඕන.. හ්ම් ඉතාලිය ඉතාලිය..