වේලාව හවස 5 විය. මම ස්ටන්ඩ් එකේ පුරුදු ලෙස ඔහු එනතුරු බලා උන්නෙමි.මට අතීතය සිහිවිය.
''බස් කීයක් මිස් උනාද..? අද චුට්ටක් පරක්කු උනා.. සොරි..''ඔහු කියන්නේ පොඩි එකේකු මෙනි.. ඉතිං මේ ආදරය ලෙස සිතීමටම කරුනු නොවේද..? මා එනතුරු ඔහු මග බලන් හිදීම,ඔහු එනතුරු මම මග බලන් හිදීම මිතුරු කමක්ම පමනිද..?
''ඇවිත් ගොඩාක් වෙලාද.. චුට්ටක් පරක්කු උනා සොරි නංගා..?'' ඒ හැසීරිමය, ඒ කථාමය කිසිම වෙනසක් සිදුවී නෑත. මම නැතැයි කියන්නට මෙන් හිස සෙළවුයෙමි.
''අයියාට මොනවාද කියන්න තියෙනවායි කිව්වේ..?'' මා එසේ කීවේ නොලැබෙන ආදරයක් ලග තොදොල් වෙන්නට බැරි නිසාය.
''යං බස් එකත් ආවා නැගලා කතා කරමු..''මට සිනහත් නැගේ.. දුකත් හිතේ.. කුමක් කියන්නද කරන්නද කියා හිතා ගන්න බෑ.. මේ ආදරය ඇයි මේ තරම් මාව රිද්දන්නේ.. ?
'' මොනවාද අයියේ කියන්න තියෙනවායි කිව්වේ.. ?'' එය දැන ගන්න තුරු මට ඉවසිල්ලක් නැත. ඔහු මේ කුමක් කියන්නටද සැරසෙන්නේ...
''සුබා ආයේ මාව රැවැට්ටුවා බබි. එයා කවදාවත් වෙනස් වෙන්නේ නෑ..'' දෙයියනේ ඔහු මේ කියන්නට සැරසෙන්නේ කුමක්ද?
''ඒ කියන්නේ අයියා... මට මුකුත් තේරේන්නේ නෑ''
''ඔව් බබි එයා මට කලින් කරපු දේමයි ආයේ කලේ.. එයාට ආයේ මාව විහිළුවක් උනා. මම හිත හදා ගත්තා විතරයි එයා ආයේ මගේ ජීවීතේට ලං උනා, මම ආයේ රැවටුනා..'' සියල්ල එක හුස්මට කියවු ඔහු ඉදිරි පෙළ අසුනේ හිස ගසා ගත්තේ දරා ගත නොහැකි දුකක් මගේ හිතටද දීය.
''හරි අමාරුවෙන් නංගා මේ හිත මම හදා ගත්තේ, ඒක එහෙම උනෙත් ඔයා නිසයි ඔව් ඔයා තමයි මගේ හිත හදා ගන්න උදව් කලේ, ඒත් එයා ඒ හදා ගත්ත හිත ආයේ පෑරුවා නංගා.මට ජීවිතේ වැරදුනා..''
''නෑ එහෙම කියන්න එපා අයියා ඒ ඔයාට නැති උනේ ඔයාට ආදරේ නැති කෙනෙක් ඉතිං මොකටද ඔයා දුක් වෙන්නේ, ඔයාට ඇත්තටම ආදරේ කෙනෙක් ඉක්මනට ලැබෙයි'' කියා එසේ කීවත් මගේ සිතටද බියක් දැනුනි. දෙවැනි වතාවටත් මගේ ආදරේ මට නැති වෙන්නට හදන්නේ අනේ මම මොන තරම් නම් පව් කරලා ඇතිද.. දෙනුවන් අයියා පසුගිය කාලය තුල සිදුවු සියල්ල මට විස්තර කලේය. මට ඔහු ගැන බොහෝ සේ කලකිරුනි. සුබා ඇය නම් කෙල්ලෙක්ද කියා විටෙක මට සිතුනි.ඇදුම් මාරු කරනවා මෙන් කෙල්ලෙක්ට කොල්ලන්ව මාරු කල හැකිද..? ඇය පිළිබදව නම් මට ඇත්තේ පිළිකුලකි.ඇරත් දෙනුවන් අයියා වගේ අහිංසක කොල්ලෙක්ගේ ආදරයක් එක්ක සෙල්ලම් කල එක නම් පාපයකි.
''අයියේ මම ඊළග හෝල්ට් එකේ බහිනවා''
'' හ්ම්ම්ම්.. ලෝචි බබි මම දෙයක් ඉල්ලන්න ඔයා මට දෙනවාද...?''
'' කියන්න අයියා.. මොනවාද..?''
''අපි ඉස්සර වගේ ඉමු නංගා.. ඒ ජීවිතේට මං ආදරෙයි,මාව මෙච්චර දවසක් ජීවත් කලේ ඒ මතකය බබී.. ප්ලීස්..'' දෙවියනේ ඔහු මේ කියන්නේ මොනවාද... ඉස්සර වගේ ඉමු කියනේ එකේ තේරුම මොකක්ද.. එකෙන් වෙන්නේ ආයෙත් මගේ හිත පෑරෙන එකම නොවේද .. ඒත් ඔහුගේ සතුට ඉදිරියේ මට කල නොහැකිදෙයක් නොවීය.. මම සිනහවක් පා නිවෙස් කරා ආවෙමි..
කාලය ගෙව්නේ අපටත් නොදැනීය. මමත් දෙනුවන් අයියාත් ඉස්සර මෙන් උන්නේය. විටෙක අපි විහිළු කළෙමු, තවත් විටෙක හිත් රිදෙන්නම රණ්ඩු කලෙමු, තවත් විටෙක බඩ පැලෙන්න සිනා වුයෙමු. විටෙක පෙම්වතුන් ලෙසය, තවත් විටෙක මිතුරන් ලෙසය,තවත් විටෙක සහොදරයන් ලෙසය මේ බැදීම මට නම් විටෙක ප්‍රේහේළිකාවකි. ඒත් මේ හැම තත්පරයකටම මම බොහෝසේ ආදරය කළෙමි. උසස් පෙළ ප්‍රථිපල ආවෙත් මේ කාලයේදීය. ඉහළ සාමාර්ථත් සමග සරසවි වරම් ලැබු පුවත දැනගත් ඔහුගේ මා පිළිබදව ඉමහත් ප්‍රීතියෙන් පසු විය.
''මට නම් අද ගොඩාක් සතුටුයි නංගා.. කියලා නිම කරන්න බෑ මේ සතුට නම්... අපි දාමු ග්‍රෑන්ඩ් පාර්ටි එකක්..''
''අනිවාර්යෙන්ම...'' මමද ඊට එකග විය.
***************
''අහ්...!! අද මට කලින් මෙයා ඇවිත්නේ... ''
''දෙයක් දෙන්න තියෙනවා ඔයා කැම්පස් යන්න කලින් නංගා.. චුට්ටක් අර පැත්තට යමු මට අද මේ හැම දේම කියන්න ඕනා..'' දෙවියනේ ඔහු මේ කියන්නට සැරසෙන්නේ කුමක්ද.. ? මමත් ඔහු පසු පස ගියෙමි.පුංචි තිළිනයක් ඔහු මට පෑවේය.
''මේ මොකක්ද අයියා...'' මට කිසිවක් හිතා ගන්නට නොහැකි විය.
''බලන්නකෝ කැමති නම් බාර ගන්න නැති නම් බබීට කැමති දෙයක් ...'' මා අතවු ඒ පුංචි තිළිනය මම හෙමින් සැරේ දිග අරින්නට විය. ඇස් අදහා ගත නොහැකිවිය. එහි වුයේ පුංචි යුවලකි.. I LOVE YOU ලෙස එහි ලියා තිබුනි.. මොකද වෙන්නේ කියා සිතා ගන්නට මට නොහැකි විය.මම විශ්මිත වු දෙනෙතින් කිසිත් කියා ගත නොහැකිව ඔහු දෙස බලා වුන්නෙමි.
''මම මහ මෝඩයෙක් බබි,මෙච්චර මට ආදරේ රත්තරං කෙල්ලෙක් මගේ ලග ඉදලත් ඒ ආදරේ මට තේරුම් ගන්න බැරි වුනා, මම ආදරෙයි බබී ගොඩාක්.. ඔයාට පුළුවන්ද හැමදාම මගේ වෙන්න. මගේ විතරක්ම..'' දෙවියනේ මම මේ දකින්නේ සිහිනයක්ද..? මට නම් කිසිත් නොහැගේ.ඇස් දෙකෙන් හෝ ගා කදුළු ගලයි මේ සතුටු කදුළුය. වසර එකහමාරක් මම සිතින් පතු පෙමය මේ. අද මගේ දෑස් ඉදිරිපිට සැබෑවී හමාරය. මම කිසිත් කියා ගත් නොහැකිව ඔහුගේ තුරුලට වුයෙමි. මුළු ලෝකයම මා ළග සේ මට දැනුනි.
''මම් මේ දේවල් ඔයාට කියන්න හැමදාම මග බැලුවා නංගා.. ඒත් මම බය වුනා ඔයා මට ආදරේ නැති වුනොත්.... මෙහෙමවත් ඔයා ලගට වෙලා ඉන්න බැරි වෙයි කියලා මම බය වුනා. ඉතිං හැමදාම මේ ආදරේ හිතේ තියා ඉන්න තීරනය කලා. ඒත් දවසක් මට හංසි කතා කරලා හැමදේම කිව්වයින් පස්සේ මම මොන තරම් මෝඩයෙක්ද කියලා හිතුනා. මගේ ආදරේ මං ලගම තිබිලත් මට තේරුම් ගන්න බැරි වුනා. තවත් ඔයාව නැති කරගන්න බෑ බබි මට..'' සියල්ල කියා නිම වෙද්දි මට හංසි ගැනද ආඩම්බර සිතුනි ඇය නම් මට හමුවු මිතුරියන් අතරින් සැබෑ මිතුරියකි.
''ඉතිං මට ආදරෙයි කියන්නේ නැද්ද..'' තවමත් ඔහුගේ තුරුලේ ඉන්න මගෙන් එසේ අසද්දි මට ලැජ්ජා සිතුනි..
''ආදරෙයි ගොඩාක්.. පනටත් වඩා. කවදා හරි මටම ලැබෙනකම් ඒකනේ බලන් උන්නේ..'' තවත් කිසිවක් කියන්නට නොදි ඔහු මා තදින් පපුවට තුරුල් කර ගත්තේය.
ප.ළි:- අද මට මගේ ආදරය ලැබුනේ හංසි නිසාවෙනි, සැමවිටම මම ඇයට ණය ගැතිය. ඇය නම් සැබෑ මිතුරියෙකි. දෙනුවන් අයියා මගේ මුළු ලෝකයම විය, ඔහුටද එසේම විය.ඉතින් දැන් මා සතුටින් නොවේද..? මා පැතු ලෝකය මට ලැබුනි.. ලෝචි දැන් සතුටින් කියා ලෝකෙටම කෑ ගසා කියන්නට මට සිතේ...

ඔයා සතුටින් නම් ඇත්තටම සතුටුයි යාලූ..කවදාවත් ජීවිතේට කඳුලක් එන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා. හොඳින් ඉන්න.ජයම වේවා!
ReplyDeleteතැන්කූ යාළු... ඔයාටත් ජයෙන් ජය..:D
Deleteවාව්.... දාන්න පහක්..! දෙයක් වේනම් යම් සුදුස්සාටම අයිති වියයුතු කියලද කොහේද කතාවක් තියනවානේ. මේ ඒක වෙන්නැති. එඤ්ඤං....!!
ReplyDeleteඔන්න දැම්මා පහක්....!!අනිවාර්යෙන්ම එහෙම වෙන එපායැ.. හ්ම් හ්ම් ..!! ගොහින් එඤ්ඤකෝ...
Deleteමේකේ අග මුල පටලන්නෙ මන් කියවල තියෙන්නේ ..
ReplyDeleteහරියට බලල කමෙන්ට් කරන්නම් ...
හාකෝ... එහෙනම් මුල ඉඳන්ම කියවන් එන්නකෝ..
Delete