Sunday, October 21, 2012

Must Read This..


අද මම Face Book යද්දි ලොවෙත් නෑ පිටුවේ තිබුන මේ පෝස්ටුව මම අහම්බෙන් වගේ දැක්කේ. ඒක කියවගෙන යද්දි හිතුනා ඔයාලා හැමෝමත් එක්ක මේක බෙදා ගත්තොත් වටිනවායි කියලා. විශේශයෙන් ගැහැණු ළමයින් අතරේ. කියවලාම බලන්නකෝ මේ සහොදරීට වෙලා තියෙන්නේ මොකක්ද කියලා.

**************************************************

අමන්දා... ඇය කැනඩාවේ බ්‍රටිෂ්කොලොම්බියා ප්‍රාන්තයේ පාසලක හතේ පන්තියේ උගනිමින් සිටි දරුවෙක්. මේ වයසේ අනෙක් දරුවන් වගේම ඇයත් මිතුරු මිතුරියන් ඇසුරු කරන්නට, පිරිසක් අතරේ ජනප්‍රිය පුද්ගලයෙක් වන්නට, ආදරය ලබන්නට කැමැත්තෙන් සිටියා. මෙතැනදි ඇයට "පිහිටට එන්නේ " අන්තර්ජාලය සහ සමාජ ජාලා වෙබ් අඩවි. ඇය ඒ ඇසුරින් මිතුරු මිතුරියන් හමුව
ෙනවා, හැඟුමන් හුවමාරු කරගන්නවා. යෞව්වනය... නැවුම් හැඟුමන් උතුරා යන යෞව්වනය... මේ බැඳීම් තව තවත් ලෙංගතුව රඳවන්නට ඇයට බලකළා... ඇය අන්තර්ජාලය ඔස්සේ පැමිණි සෙනෙහසට, මිත්‍රත්වය වැළඳ ගත්තා... ඒත්...

ඒත්... ඩිජිටල් මඟ ඔස්සේ පැමිණි, එක්තරා විකෘති මානසිකත්වයක් ඇති පුද්ගලයෙක් ඇයගේ සේයාරුවක් ගත්තේ වෙබ්කැම් එක ඔස්සේ. මේ දැරිවිගේ "තුණු සපුවේ" සේයාරුවක් ගත් ඔහු ඉන් පසු කළේ ඇයට බලපෑම් කිරීම. ඇගේ සේයාරුව ප්‍රසිද්ධ කරන බවට තර්ජනනය කරමින් කළ බලපෑම අවසානයේ ඇයට දැන ගන්නට ලැබෙනවා ඇගේ ඒ සේයාරුව ප්‍රෙද්ශය පුරා, ඇගේ පාසල් මිතුරන් අතරේ පවා බෙදා හැර ඇති බව. මේ දැනගත් තැන පටන් ඇය කියන පරිදි ඇයට මානසික අවපීඩනයක් ඇතිවී තිබෙනවා.

මේ අවාසනාවන්ත සිදුවීමේ ඊළඟ පියවර ඇය පාසලේ මිතුරන් අතරින් කොන්වීම. ඇයට කවුරුවත් නැහැ. අනෙක් මිතුරු මිතුරියන් සිනාවෙන්, සතුටින්, කෙළි දෙලෙන් ගත කරත්දි අය තනිවෙනවා. තනියම කොනකට වෙලා ඉන්න ඇය පාසලේ සතුටුම වෙලාව විවේකය, ඒත් ඇයට සතුටක් නැහැ. ඇය තනියම තමන්ගේ කෑම වේල කත්දි අනෙක් හැමෝම සතුටින් සිනාවෙන කන බොන හැටි අය දකිනවා. මිතුරන්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා. මේ වෙනස හඳුනාගන්නා දෙමාපියන් ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. ඒත් ඇය සිතින් විඳවනවා."මට කවුරුත් නැහැ. මාව කොන්කරලා..." මේ විඳවීමට ඇය පිළිතුරක් සොයනවා. මත්පැන් සහ මත්කුඩු ඇයට පිළිතුරක් සේ පෙනෙනවා. ඔව්... ඇය ඒ පිහිට පතන්නේ "වෙන කරන්න දෙයක්, කියන්න කෙනෙක් නැති තැන". ඒත් විඳිවීමේ නිමාවක් නැහැ. තව තවත් වැඩිවනවා මිසක. ඇය හඩනවා. හැමෝගෙම උපහාසයට, රිදවීම් වලට කොන්කිරීමට ලක්වෙන ඇය පාසලින් තවත් පාසලකට මාරුවෙමින් මේ විඳවීමෙන් මිදෙන්නට උත්සාහ කරනවා.

ඇයට මේ විදියට මාරුවෙන පාසැලකින් ඇයට වඩා වයසින් වැඩිමහලු තරුණයෙකු හමුවෙනවා. ඔය අතරේ තමන්ට නොලැබෙන ආදරය ලැබුණායැයි දැනුන ඔහුගෙන් ඇය අතවරයට ලක්වෙනවා. අවසානයේ ඔහු තමන්ගේ කාරිය කරගෙන ඇයව ප්‍රතික්ෂේප කරනවා. ඒ පමණක් නොවෙයි ඔහුගේ ආදරවන්තිය ඇතුළු පාසලේ මිතුරන්ගේ උපහාසයට, රිදවීම් පලට ඇය ආයෙත් ලක්වෙනවා. අළුත් පාසලත් ඇයට අපායක් වෙනවා. "මම ලෝකයට විහිළුක් වෙලා.ම ට රිද්දන්නම, මගේ පස්සෙන්ම මේ රිදවුම් එනවා" අයට සිතෙනවා. ඇයට පෙනෙන උත්තරය පිළිගන්නට ඇය සූදානම්. යම් උපක්‍රම ගනිමින් ඇය සිය දිවි නසා ගන්නට තැත් දරනවා. ඒත් ඒ තැත් වරදින ඇයට ඊට පස්සේ සිදුවන්නේ නැවතත් පෙරටත් වඩා රිදවුම්, විඳවුම් විඳින්නට. "ඇයි මේ ලෝකයම මට රිදවන්නේ. මම සිතින් දැන් මැරිලා. මට මැරෙන්න ඕන." ඇගේ තීරණය. දෙවරක් ඒ තැත වරදින ඇයට තුන්වන වාරයේදී ඇය "බලාපොරොත්තු වූ" මිදීම ලැබෙනවා. ඉකුත් 10 වැනිදින ඇය ලොවින් සමුගන්නවා. ඒ තවත් සියදිවි නසා ගැනීමක් ලොවට එක් කරලා. අද ඇය මෙලොව නැහැ.

ඒත් අදට මාසයකට පමණ පෙර ඇය ලොවට ඊට වඩා වැදගත් දෙයක් එක් කළා. ඇය තමන් විඳිවූ විඳවීම්, කඳුළු කතාව, ඇත්ත කතාව වීඩියෝවක් බවට පත්කරලා තිබුණා. ඇය ඒ වීඩියෝවේ එක් තැනක මෙහෙම සඳහනක් කරනවා.
"I can never get that photo back"
ඔව්, ඔබ අන්තර්ජාලයට මුදාහරින ඡායාරූපයක් සදහටම ඉන් ඉවත් කරගැනීම ඔබට කළ නොහැකියි. මෙතැනින් පස්සේ ඔබ දකින්නේ ඒ වීඩියෝව. බලන්න... කළබල නැතිව බලන්න... විනාඩි අටක් පුරා දිවයන මේ වීඩියෝව පුළුවන් නම් දෙවරක් බලන්න. මුල් වර ඇය ලියා පෙන්වන කාරණා ටික කියවන්න. දෙවන වර ඇගේ මුහුණේ, කටේ, දෙතොල්වල වන වේදනාබර හැඟුම් දකින්න. ඔබ සංවේදී අයෙක් නම් නෙතට කඳුලක් නැඟෙනු නොඅනුමානයි. එය පාඩමක් ! අමන්දා ලොවට දුන් පාඩම ඔබ හඳුනගන්න. ලෝකය අපායක් වූ ඒ සුරංගනාවියට ඇහුම්කන් දෙන්න. ඔබ වටා ඇති සමාජය ගැන හිතන්න. 







උපුටා ගැනීම - ලොවෙත් නෑ Face Book  පිටුව.

සම්පූර්ණ අයිතිය කතෘ සතුවේ..
ස්තූතිය : මහේෂ් නිෂාන්ත සොයුරාට









10 comments:

  1. දුක හිතෙන කථාවක්... වීඩියෝවත් මම බැලුවා... ෆේස් බුක් නිසා මෙවැනි දෙයක් වූවත් එහි වගකීම ඇය දුර දිග නොබලා කල ක්‍රියාව නිසා ඇති වූවක්... විශේෂයෙන් කාන්තා පරපුර තමන්ට අනවශ්‍ය අය තමන්ගෙ මූණු පොතට ඇතුලත් නොකරගෙන සිටීමෙන් මෙවැනි දේ අවම කල හැකි වේවි...

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ගොඩාක් දුක හිතෙන කථාවක්... කථාව නම් සම්පූර්ණ ඇත්ත.. ගැහැණු ළමයෙක් face book එකට කෙනෙක්ව එකතු කරගද්දි හොදට හිතලා බලන්න ඕනා..

      Delete
  2. අහෝ දුකකි. ඉරකි. තිතකි.

    ReplyDelete
  3. හරිම සංවේදී දුක හිතෙන කතාවක්...
    ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා ජීවිතය ගැන.... :(

    ReplyDelete
  4. ඔය කතාව නම් මාරම අවුල් කළා අප්පා හිත..

    ReplyDelete
  5. හොද වැඩේ පොඩි කමට ප්ලේ බෝයි වැඩ කරනවට ..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට පව්නේ තවත් එක් අහිංසක දෙමාපියන්ගේ දරුවෙක්නේ..

      Delete