Sunday, October 28, 2012

නොනිඳන නෙතු...


තරුද නිදන මහ රෑ
නිදමි මහද නිදි රෑ
මතක පොතේ කඳුලින් කටු ගෑ
කවි ලියවෙයි මහ රෑ

පිනි විසිරෙන විට වටහා ගනු මැන
දෙනෙතින් කඳුලැලි ගලන තරම් 
රෑහි හඬන විට හඳුනා ගනු මැන 
රෑ තුන් යාමේ හඬන හැඬුම්


රේඩියෝවේ එහා කොනින් ඇසුනු ගීයතය මොහොතකට මගේ සිත සසල කලේය.ඒ අතීතයේ මා නවතන්නට තරම් ඒ වචන සමත්විය. ඇත්තටම ඔහුට දැනෙනවා ඇතිද මේ ඇස් වලින් වැටෙන කඳුලු බිඳු... නෑ..... කොහෙත්ම වෙන්න බෑ.... එහෙම දැනෙනවා නම් ඔහු මෙසේ මේ හිත රිදවා පැත්තකර වෙන්නේ නැත. තේමිය ඔහු මා රැවටූ තරම්..... අනේ..!! මා මේ හූල්ලන ගින්දර කිසිදිනෙක ඔහුට පත්තු නොවේවා. මන්දයත් ...... ඒ තරමට මා ඔහුට පෙම් කලේමි. අද සරසි ඔහු නිසා ජීවත් වෙන මළ කඳකි. 

"හැමදේම ලෑස්තියි චූටි නංගියෝ වෙඩිං එකට අපේ බට්ටි ලෑස්තිද..?" අයියා එහෙම කියද්දි මට අමුතුම ලැජ්ජාවක් ඇති උනි. හෙට දිනයේ මනමාලි වන හැම කෙල්ලෙක් වගේ මගේ හිතද කියා ගන්න බැරි තරම් දෙගිඩියාවකින්, සතුටින් පිරි ඉතිරේ. තේමිය ඔහු සරසිගේ අත ගන්නට සැරසුන කුමරා විය. යෝජිත විවහයක් වු හෙයින් අප මාස 8ක් තුරාවට ඇසුරු කිරීමෙන් විවාහයකට එලඹුනි.

"කපු මහත්තයා ගෙනාව මේ යෝජනාව පොඩ්ඩි කැමති උන එක නම් හොඳයි ඒ ළමයත් පවුලෙ කට්ටියත් හොඳා නොවෑ"  අම්මා අප්පච්චි එක්කලා එහෙම කියන්නට ඇත්තේ අවුරුදු 24ක් උවත් කිසිම කොල්ලෙක් ගැන ආල හිතක් මට පහල නොවු නිසාය. එක අතකට එය එහෙම වුන එකට ඔවුන් පුදුම නොවිය යුතුය. සරසිට ආලය නොදැනුනා නොවේ,සරසිට ආලය කරන කොල්ලන් නොසිටියා නොවේ. නමුත් අප්පච්චිගේ මාන්නය,නම්බුව කුළ මල වල තරම් දැන දැනම මේ සරසි ආලය මග ඇරියේ ලොකු අක්කාව සිහිවීය.

ලොකු අක්කාගේ මහත්තයා අතුල අයියා ලිපිකරුවෙකි. අතුල අයියා ඉතාමත් ගුණ යහපත් අයෙකි.මට නම් ඔහු අපේ අයියාටත් වඩා හොඳ අයෙක් විය. මොකද ඉතින් අයියාටත් තිබුනේ අප්පච්චිගේම ගති පැවතුම්ය.ඔහු ඇසුරු කලේත් උසස් පෙලේ මිතුරන්ය. ගමේ අහල පල ඈයෝ ඔවුන්ගේ අතපල්ලේන් වැටුනු අය විය. ලොකු අක්කා හා අතුල අයියාගේ සම්බන්දය දැන ගත් දා පටන් ගෙදර යුද පිටියක් විය. ඒ අපහාස වචන ඉවසගන්න බැරිව අතුල අයියා ලොකු අක්කාව ඔහුගේ නිවසට එක්ක ගියේය. නමුත් එදා පටන් අපේ ගෙදර දොර ලොකු අක්කාට වැසුනි. අයියාට නම් ඔහුට ලොකු නංගියෙක් උන්නද කියලාවත් මතක නැති පාටයි. ඒත් මට නම් ඇයව නිතරම මතක් වෙයි.

ඉතින් මේ හේතු නිසායි සරසි කිසිවෙකු සමඟ පෙමින් නොබැඳුනේ. නමුත් අප්පච්චිලාම කථා කල තේමිය ගැන මුලදි පැහැදීමක් නොතිබුනත් කාලයක් ඇසුරු කිරීමෙන්  ඔහු කෙරෙහි ආලයක් හිතේ ඇති විය ඒ ආලය විවහයක් තෙක් දුර යන්න තරම් සමත් විය.


"සරසි ඔයා මොනවද අනාගතේ ගැන හිතන්නේ.. ලබන මාසේ අපේ වෙඩිං එක එතනින් එහාට..." 

"හ්ම්ම්...ම්ම් අපි අපේම පුංචි කැදැල්ලක් හදා ගමු තේමිය. මම හරි ආසයි එහෙම ඉන්න... " ඔහු මා කියන සැමදේම අසා උන්නත් උවමනාවෙන් අහන් ඉන්න බවක් මට පෙනුනේ නැත. මොනවා උනත් ඒ ගැන මම වැඩි දුර නොසිතා උන්නේමි.ඔහුව සැක කරන්න තරම් හේතුවක් මට නොවීය.



උදේ පාන්දරම මාගේ දුරකථනය නාද විය. කවුද මේ උදේම මම මටම කියා ගනිමින් දුරකථන මම අතට ගත්තේමි.තේමිය ලෙස එහි සටහන් වී තිබුනි.මේ උදේම මොකද මේ.. පුදුම වෙන්න දේකුත් නෑ මේ හෙට අනිද්දා මගේ මහත්තයා වෙන්න ඉන්න කෙනානේ.මම සිනාසෙමින් එයට පිළිතුරු දුන්නෙමි.

"හෙලෝ... ගුඩ් මෝනිං තේමිය මොකෝ මේ උදේ පාන්දරම.."

"හෙලෝ..  සරසි මට ටිකක් සීරියස් දෙයක් ඔයාට කියන්න තියෙනවා.. "

"හ්ම්.. කියන්න තේමිය මම අහන් ඉන්නේ..." මම ඇඳේ හරි බරි ගැහි ඉඳ ගන්න ගමන් පිළිතුරු දුන්නෙමි.

"සරසි මම වෙන කෙනෙක්ට ආදරේ කරනවා. එයා නැතිව මට ජීවත් වෙන්න බෑ. අම්මලා අප්පච්චිලාගේ බල කිරිමට මම ඔයාට කැමති උනේ.ඒත් මට හිත හදා ගෙන ඔයාට ලං වෙන්න බෑ..." ඔහු එක දිගට කියවගෙන ගියේය.


"ඇ....යි.. ඉතිං ඔයා ඒක මට මීට කළින් කිව්වේ නැත්තේ.. තේමිය අනිද්දාට අපේ වෙඩිං එක මම කොහොමද මේ හැමදේටම මූණ දෙන්නේ" මට කිසිත් සිතා ගත නොහැකි විය. තවත් කිසිවක් මට කියන්නට ඉඩ නොදි ඔහු ඇමතුම විසන්දි කලේය. මම යළිත් කිහිප වරක්ම ඔහුට කථා කරන්නට උත්සහ කලද ඒ උත්සහය නිශ්ඵල විය.

සිදු වු කිසිවක් කිසිවෙකුට සිතා ගත නොහැකි විය. තේමියගේ නිවසින් සිදුවු සියල්ලට කණගාටුව පමනක් අයැද නිහඬ විය. ඒත් මගේ හිතේ ඇතිවු දුක ගැන කිසිවෙකුටත් වගක් නොවීය. හැමෝම කිපුනේ තමන්ගේ නම්බුව ගෞරවය ගැනය. කිසිවෙකුට මා ඉන්නවද මලාද කියාවත් මතක නැත.තවත් ඉවසන් ඉන්න බැරි තැන සරසිගේ හඬ අවදිවිය.

"අප්පච්චි ඔයාලට නම්බුවද දුවද වටින්නේ..?මෙච්චර දෙයක් වෙලත් ඔයාලා මේ කෙහෙල්මල් නම්බුව ගැන හිතන්නේ" හැඬුම් වාවාගත නොහැකිව පිට උනි.. කිසිවෙක් කිසිවක් නොකියා මා දිහා බලා උන්නේ ඔවුන් අතින් ලොකු වැරැද්දක් වු ගානටය. 

ඉතින් මඟුලක් අවමඟුල කරන්නට තේමියට හැකිවිය. රටේ ලෝකේ මිනිස්සුන්ට මූණ දීගන්න බැරිව නැති වූ නම්බුව ගැන සිතා අප්පච්චි සිය දිවි හානි කරගත්තේය. එතැන් පටන් අපේ නිවසේ කණකොකා හැඬලීය. තේමිය අද ඔහු ලස්සන පවුල් ජීවිතයක් ගතකරයි. ඒත් සරසිට.... මේ මුළු ආත්මේටම ඔහු ආදරය එපා කර හමාරය. එක අතකට ඔහුත් වැරදි නැත. ඔහු කලේත් මා කල දේමය. ඔහුගේ පියාගේ අණට යටත් වීමය. කෙල්ලෙක් මෙන් නොව කොල්ලෙක් එසේ කරන්නේ  නැත. කලත් කලාතුරකිනි. ඉතින් ඔහු ඔහුගේ ආදරය ජය ගත්තේය. නමුත් අද මම.... බිත්ති හතරකට කොටු වී හඬන කුමාරියකි. මේ හැමදේටම මුල තේමියද..? නැති නම් අප්පච්චිගේ නම්බුව,මාන්නයද..? තවම මට කිසිත් සිතා ගත් නොහැක මම අම්මා.. කියා ඈ සොයා යන්නට විය. ඈ පව්ය දැන් ඈට ඉන්නේ මා පමණි. ඈ වෙනුවෙනවත් ජීවත් වෙමි යන මතය මා තුල විය.

14 comments:

  1. හ්ම්........... එක අතකින් තේමිය වැරදි නෑ....
    පවු සරසි..

    ReplyDelete
    Replies
    1. හ්ම්... එක ඇත්ත..

      පව් සරසි

      Delete
  2. දුක හිතෙන කථාවක්... කිසිවෙකුටත් මෙහෙම වෙන්නට එපා යැයි ප්‍රාර්ථනා කරමි..

    ReplyDelete
    Replies
    1. හ්ම්.. මමත් නම් කියන්නේ ඒ ටිකමයි

      Delete
  3. අපූරුයි ලියවිල්ල..අනේ මන්ද ..සංවේදී කතාවක්..

    ReplyDelete
    Replies
    1. හ්ම්.. අනේ මන්දා..

      තැන්කූ වේවා අක්කා..

      Delete
  4. තේමිය ගේ ලොකු වැරද්දක් නෑ මට පේන විදියට. කියන්න පරක්කු වුනා විතරයි. හැබයි ඕකෙන් නම්බුවට හානි වුනා කියලා සියදිවි නසාගත්ත එක මෝඩ කමක්..

    හොද නිර්මාණයක්.. ජය..!

    ReplyDelete
    Replies
    1. නම්බුව මාන්නය ගැන වද වෙන සමහරක් ඈයෝ ඉන්නවානේ අයියා.. හ්ම්.. තේමිය ටිකක් ඉක්මන් උනා නම් ජීවිත කිහිපයක් අවුල් නොවෙන්න තිබුනා

      තැන්කූ හොඳේ..!!!

      Delete
  5. කිසිවෙකුට මෙවන් දුකක් නොවේවා..... තේමිය හරි එයාගේ පැත්තෙන් බැන්දත් දෙන්නට වැඩි කල් පවුල් කන්න හම්බ වෙන්නේ නැහැ. හිත වෙන පැත්තකනේ. මට හරහට හිටියෙත් ඔය පවුල් බම්බුව තමයි හමයි මම කල දේ ගැන මම සතුටු වෙනවා. සිත්තරාවි ඔයා මගේ බ්ලොගේ සිහින කුමරිය බැලුවද? අන්න එකේ ඇති මගේ ස්ටොරිය. ජයවේවා!!!!

    ReplyDelete
    Replies
    1. කොරළේ මහත්තයෝ ඔයාගේ කථාව නම් නියමයි... සුපිරියි... මම අද තමා කියෙව්වේ ඔක්කොම එක දිගට කියෙව්වා.. මාර... interesting love story එකක්...

      Delete
  6. තේමියගෙ පැත්තෙන් බලපුවාම එයා හරි....
    මොකද එයා සරසිව බැන්දත් කවදාවත් සතුටින් ඉන්නෙ නැති වෙයි...
    ඒත් තේමිය ටිකක් ඉක්මන් වුනානම් හොඳයි කියල හිතෙනවා..
    සංවේදී කතාවක්.....

    ReplyDelete
    Replies
    1. හ්ම්...ම් ඒක නම් ඇත්ත

      තැන්කූ අයියා...

      Delete
  7. මේ සීන් එක තේරුනේ නෑලු ඈ

    ReplyDelete
    Replies
    1. ආයේ සැරයක් කියවලා බලන්නකෝ එතකොට තෙරෙයිලු... හි:) හි:)

      Delete