Showing posts with label ආගන්තුක රට. Show all posts
Showing posts with label ආගන්තුක රට. Show all posts
Sunday, December 28, 2014
ආදරණීය තාත්තාට ලොක්කාගෙන්...
ඔව් තාත්තා ඒ අවුරුදු දෙකකට පස්සේ. 2007දි. මම සාමාන්‍ය පෙළ කරද්දි ආයේ තාත්තා ලංකාවට ආවේ, අපි කෑවා බිව්වා, පල්ලි ගියා නෑ ගෙවල් වල ගියා සතුටු උනා, ආයේ මාසෙකින් තාත්තා ආයේ ගියා. රට රස්සාව එපා වෙන්නේ නැද්ද කියලා අහන්න දහස් වරක් හිතුනා තාත්තාගෙන් ඒත්, තාත්තා මේ හැමදේම කරන්නේ අපි වෙනුවෙන් කියලා දන්න නිසා මම එදා නිශ්ශබ්ද උනා.
Labels:
ආගන්තුක රට
Friday, January 25, 2013
කලකට පස්සේ..
වල් වැදිලා ගිය බ්ලොග් එක පැත්තේ ඔන්න සිත්තරාවි ආයෙමත් සක්මන් කරන්න පටන් ගත්තෝ.... ගොඩ කාලෙකින් කිසිම දෙයක් ලිව්වෙත් නෑ,වැඩේ කියන්නේ ලියන්න කොච්චර දේවල් තිබුනත් ලියන්න හිතෙන්නේත් නැති එකනේ. අසනීප තත්වය නම් තාමත් එහෙමමයි. කොහෙද මේ දවස් වල අපේ කාළගුණ තත්වය එහෙම හොඳ නෑ නොවෑ. ඉතිං කොයි වෙලේ බැළුවත් ලෙඩක්ම තමා. අළුත් අවුරුද්ද පටන් ගද්දිම ලෙඩ තාමත් ඉවරයක් නෑ මුලදි නම් හිතුවේ ලෙඩ හොඳ උනාම ආයෙම ලියන්න පටන් ගන්නවායි කියලා, කොහෙද තාම ලෙඩ හොඳ නෑ නොවෑ ඉතිං ලෙඩ පිටින්ම ආව ලියන්න මොනවා හරි. හැබැයි මම ලියන එක නතර කරලා තිබුනට කියවන එක නම් නතර කරලා තිබුනේ නෑ ඕං. පුළු පුළුවන් වෙලාවට ඇවිත් කට්ටිය ලියන ඒවා කියෙව්වා හොඳේ...
මට බ්ලොග් එක මතක් වෙන්නේ නම් කම්මැලි වෙලාවට තමා. ඒ වෙලාවට හිතට එනවා එක එක විකාර ලියලා දාන්න. ඒත්.... ඒක ලියන්නත් මාරම කම්මැලියි අෆ්ෆා. ඉතිං හිතට ආව ලස්සන සිතිවිල්ල හිතේම තියාගෙන සීතලත් නිසා හොඳට පොරවගෙන නිදා ගන්න එකම තමා කරන්නේ. ඒ වෙලාවට නින්දෙදිම හිතනවා නැගිටපු ගමන් ලියන්න ඕනා කියලා කොහෙද ඒ වෙද්දි අර ලස්සන සිතිවිල්ල මැකිලා ගිහින්. ඉතිං මම මක් කරන්නද..??
මේ දවස් වල හතර වටේටම හිම වැටිලා. ඒත්.... රෝමේට නැහැනේ :(... මම නම් මේ දවස් වල ඒ ගැනත් දුක් වෙවි ඉන්නේ. කොච්චර ආසාවෙන්ද උන්නේ හිමේ සෙල්ලම් කරන්න ෂිට් ....!!!! ඒකත් නැති උනා.
හැබැයි.... ඕන්න සිත්තරාවිට සතුටු වෙන්න නම් කාරණාවක් තියෙනවා ඕං. සිත්තරාවි තව ටික කාලෙකින් ලංකාවට එනවෝ අම්මා බලන්න... හුරේ......!!!! මේ ආව නම් යන්නේ නෑ ගොඩ කාළයක් ඉඳලා තමා ආයේ එන්නේ. ලෙඩ උන වෙලේ තමා හිතුනේ අම්මා ලඟ උන්නා නම් කොච්චර හොඳද කියලා..
ප.ළි. උණ විකාරෙටද කොහෙද පිස්සු ලියලා,කමක් නැහැනේ ඔන්න ඔහේ පබ්ලිශ් කරලා දැම්මා හලෝ..
ඊළඟ ලිපියෙන් හම්බවෙමු..

Sunday, January 6, 2013
සුභ නව වසරක්.........!!!!!
ලියන්න දේවල් වගයකුත් තියෙනවා. අතරමග නවත්වපු ලියවිල්ල ආයේ ලියන්න එන්නම්කෝ ඉක්මනට. ලොකේ විනාස උනේත් නැහැනේ ඒක නිසා නිවි සැනසිල්ලේ ලියන්න පුලුවන් මොකද ආයේ විනාස වෙන්න නියමිත දිනය දැනුම් දීලා නැති පාටයි තව මගේ හිතේ.. හි:) හි:) නොලිය උන්න කාලේ අතුරුදහන් උන සිත්තරාවි ගැන හොයලා බලපු කට්ටියක් උන්නා ඒ අයටත් බොහොම ස්තූතියි...
එහෙනම් ඊළඟ ලිපියෙන් හම්බවෙමු....
Labels:
ආගන්තුක රට
Friday, November 23, 2012
ලෝදියට යට උන පොම්පේ නගරය
ලතින් බසින් හඳුන්වන ආකාරයට පොම්පේ යනු දෙවන පිරිහීමයි. Thoedor Kraus ,අනුව පොම්පේ කියන වචනයේ මූලය ප්‍රකාශයට පැමිනෙන්නේ oscan භාෂාවට අනුව පහ යන ඉලක්කමේ වචනයයි.
පොම්පේ නගරය රෝමයටත් නාපෝලියටත් නුදුරින් පිහිටි කම්පානියා(campania) ප්‍රදේශයේ වැලලී ගිය කොටසකි.වෙසුවියස් ගිනි කන්ද(Mount Vesuvius) වේගයෙන් පිපිරී යාම නිසා පොම්පේ නගරයේ මීටර 4ත් 6ත්(13-20අඩි) අතර ප්‍රමාණයක් ගිනිකඳු අළු වලින් වැළලී ගොස්, විනාශ වී තිබී ඇත.ඒ ක්‍රිස්තුවර්ශ 79 දි අගෝස්තු මසක 24 වන දිනකදීය. පොම්පේ නගරය වසර 1700කට අධික කාලයක් නැතිවී තිබියදි 1748 පටන් ගත් කැනීම් වලින් එය යලි සොයා ගන්නා ලදී. එතැන් පටන් එහි කැනීම් මෙම නගරය පිළිබඳව අති විශේශ තොරතුරු සපයා දී තිබේ.
භූගෝල විද්‍යාවට අනුව ගරා වැටුන පොම්පේ නගරය පිහිටා ඇත්තේ ඛණ්ඩාංක 40° 45°N 14°29'10°E. පොම්පේ නගරය වෙසුවියස් ගිනිකන්දට කිලෝ මීටර 8ක් නුදුරින් පිහිටා ඇත. එය කම්පානියා නම් කලාපයේ අක්කර 163ක විශාල භූමි ප්‍රමාණයක් ආවරණය කරයි.
ක්‍රිස්තුවර්ශ පළවන සියවස වන විට වෙසුවියස් කන්ද අසළ පිහිටි තවත් එක් විශාල නගරයක් විය පොම්පේ නගරය. මෙම කළාපයේ කෘෂිකාර්මික කටයුතු වලින් සැළකිය යුතු ජනගහනයක් ජීවත් විය. අවාසනාවකට මෙන් ක්‍රිස්තුවර්ශ 79දී වු පිපිරීමට මේ හැමෝටම පාහේ මුහුණ දීමාට් සිදු විය. මෙම ලෝදිය ගඟ කිලෝමීටර 10ක් දක්වා පැතිරීම නිසා නිවෙස් වල ආරක්ශාකාරීව උන් මිනිසුන්ට පවා මේ ඉරණමට මුහුණ දීමට සිදුවූ බව සොයා ගෙන ඇත. 2010 වසරේදි කරන ලද පරීක්ෂණ වලින් ඔප්පු වී තිබෙන්නේ අවම 259°C යටතේ පිපිරීමකට ලක් වු හෙයින් ඔවුන් මෙයට මුහුණ දීමට සිදුවූ බවයි.
ඉහතින් දැක්වෙන්නේ ගිනි ජාලාවට යටවුනු මිනිසුන්ය.
පුපුරා යන වෙසුවියස් ගිනි කන්ද.
ලෝදියට ගල් වු සුනඛයෙක්
පොම්පේ නගරය.
මේ අතර පොම්පේ නගරය වසර 250කට අධික කාලයේ පටන් ඉතාලියට පැමිණෙන විදේශිකයන් අතර ජනප්‍රිය වු ප්‍රදේශයෙකි. වසරකට මිලියන2.6ක විදේශිකයන් මෙය නැරඹීමට පැමිනේ. මෙය ඉතාලියේ දැනට පවතින අති විශාලතම සංචාරක කලාපය ලෙස නම් කෙරේ. මෙහි විශාල කොටසක් වන Vesuvius National Park 1977දි UNESCO සංවිධානය විසින් World Heritage Siteඑකක් ලෙස ප්‍රකාශ කරන ලදි.
තොරතුරු සොයා ගත්තේ විකිපිඩීයා විශ්වකෝශයෙනි
Labels:
ආගන්තුක රට
Thursday, November 22, 2012
වතිකානු රාජ්‍ය හා කොලෝසියම.
බලමුද ඉතාලියේ ඓතිහාසික තැන් කිහිපයක් ගැන... හැමදාම එක එක කතා ලිව්වනේ ඒ උනාට වැදගත් කියලා යමක් ලියන්න හිතුනා. එහෙම කල්පනා කරද්දි තමා මේ අදහස ආවේ. මෙහේ කොච්චර වටින කියන තැන් තියෙනවාද කියලා. ඉතින් ඒ තැන් ගැන මමත් දන්න ටිකක් ඔයාලාත් එක්ක බෙදාගන්න හිතුනා.
මේ තියෙන්නේ වතිකානුව.
මේ තියෙන්නේ කොලෝසියම
අද කොලෝසිය අසල විදේශකයින් ප්‍රමාණය
2012 වර්ෂය වනට විට කොලෝසියම
ශත පහේ කාසිය මුහුණත ඇති කොලෝසියම
තොරතුරු නම් හොයා ගත්තේ විකිපිඩියා විශ්වකෝශයෙන්..
Labels:
ආගන්තුක රට
Tuesday, November 20, 2012
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත..
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත..
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්....
පටන් ගද්දිම ලියලා තියෙන දේ දකිද්දි කට්ටිය හිතුවානේ සිත්තරාවිට අකරතැබ්බියක් වෙලායි කියලා. හ්ම්......ම් එහෙමත් නෑ නැත්තෙමත් නෑ යාළුවනේ. ලංකාවේදි වගේ නම් නෙමේ මේ වගේ හොඳ හැටි අත්දැකීම ගන්න පුළුවන් ආගන්තුක රටකට වෙලා ඉන්නැද්දි... ඒත් ඉතිං මේ වගේ ගරු නම්බු වැඩි පුරම හම්බවෙන්නේ අපේ සිරි ලංකාවේ ඉංගිරිසී හදවත් තියෙන ඈයොන්ගෙන්ම තමා.හරි හරි.... අපිට එයාලාගෙන් ඇති වැඩක් නෑ. ඕන දෙයක් කියපුදෙන්,කරපුදෙන් අපිට මොකෝ අපේ ඇඟේ ගෑවෙනවා කියලායෑ. අපේ අම්මා කියනවා වගේ "එයාලාගේ පව් එයාලා ගෙනියයි.අපේ පව් අපි ගෙනියමුකෝ".
ඔය මට නපුරුකම් කරන වල කපන කට්ටියට නෙමේ අද මම මේ පෝස්ට් එක ලියන්නේ, මේ රෝමේ මට හම්බ උන දෙවිදේවතාවන්, දිව්‍යංගනාවන් වගේ කට්ටියක්ට කළගුණ සැලකීමක් ලෙස හැමදාම මතක සිහිවටනයක් විදියට තියාගන්න තමා අද මම ලියන්නේ. සිත්තරාවි රෝමෙට ඇවිත් තාම වැඩි කාලයක් නම් නෑ.මේ වෙනතුරු කවදාවත් අනුන්ගේ තැන් වල ඉඳලත් නෑ. ඒත් ජීවීතේ පළවෙනි වතාවට කියලා කුළියට ගිය කාමරේ උන්නේ බැටළු හම පොරවාගත්තු වෘකයෝ වගයක්. පණ දෙන්න කථා කලාට හිතින් කියන්නේ නම් නැතිවෙලාම පලයං කියලා තමා. හරි හරි එයාලාගෙන් අපිට වැඩක් නෑ(මතකයිනේ අම්මා කියපු දේ..) ඉතිං මට හම්බ උනා හරි හොඳ කට්ටියක්. මේ කට්ටිය මුස්ලිම් කට්ටියක්.(සිත්තරාවි ජාති ආගම් භේද බලන කෙනෙක් නෙමේනේ)අයියා මලෝ දෙන්නා හා මෙයලා කරකාර අරන් උන්න අක්කලා දෙන්නා ගැන තමා අද මම මේ කියන්නේ. හරිම හොඳ කට්ටියක්. මට නම් මගේ නෑයෙක්වත් වටින්නේ නෑ අද මෙයාලා තරම්. එච්චරටම සිත්තරාවිට උදව් කරලා තියෙනවා,සිත්තරාවි ගැන හොයලා බලලා තියෙනවා. කන්නේ මොනවාදෝ කිය කිය හිත හිත ඉද්දි මෙයාලම කෝල් කරලා කෑවද බිව්වද කියලා අහලා කාලා නැත් නම්, උයන්න දෙයක් නැත් නම් ගෙදරට එනකම් කෝල් කර කර බනිනවා. මුලිනුත් මම කිව්වනේ මම රෝමෙට නම් අලුත් ඉතින් හරියට පාරවල් ගැන දැනීමක් නැති නිසා කොහේවත් යන්න විදියක් නෑ.. ඒත් මේ අක්කලා දෙන්නා ඉන්නකම් ඒ ගැන නම් බය වෙන්න දෙයක් නෑ. ඕන තැනකට මා එක්ක යන්න එනවා. කිව්වොත් අපායට උනත් ඒවි. ප්‍රශ්නයක් උනාමත් හැබැයි ඒ වගේමයි. සාමෙන් නම් සාමෙන් වෛරයෙන් නම් වෛරයෙන් ඕන දේකට මේ සිත්තරාවිගේ හෙවනැල්ල වගේ ඉන්නවා. ඒ වගේම තමා මේ අයියලා දෙන්නත් හරිම හොඳයි. මම මුලින් කිව්වනේ මම මුලින්ම කුලියට ගිය ගෙදර අයිතිකාරයෝ මොන වගේද කියලා. හෆ්ෆෝයි... ඒ ලංකාවේ ඉපදුන ලංකාවේම හැදුන වැඩුන සිංහල ඈයෝ තමා අසරණ අහිංසක මිනිස්සුන්ව පාගලා දන්නේ. එයලා ඉතින් වාහන තියෙන,හොඳ ම(ර්)ක් තියෙන ඇඳුම් පැළඳුම් අඳින කට්ටියවනේ ආශ්‍රය කරන්නේ. ඒ උනාට වැඩක් නෑ කන්නේ කරිටාස් එකෙන් නිකන් දෙන කෑම ගෙදර ඉන්න එකම අම්මාට සලකන්න දන්නේ නෑ. පව් ඒ අසරණ අම්මා වැඩකාරිවගේ ඒ ගෙදර. මම මෙහෙම කිව්වේ සිංහල කට්ටිය ගැන වැරදි කියන්න නම් නෙමේ. ඒත් මම දැකපු දෙයක් අත්දැකීමෙන් මේ කියන්නේ. අර මුස්ලිම් ගෙදර කට්ටිය ජාති ආගම් භේද කිසිම දෙයක් බලන්නේ නැතිව මිනිස්සුන්ට උදව් කරනවා. ඒත් අර මම කියපු කට්ටිය වෙන ආගමක ජාතියක කෙනෙක් දැක්කම සලකන්නේ,බලන්නේ ත්‍රස්තවාදියෙක් ගානට . ඒ උනාට ඉතාලිකාරයන්ව දැක්කම දෙයියන්ව දැක්කා වගේ තුනට හතරට නැමිලා ඉන්නේ. කිව්වොත් උන්ගේ කකුලුත් ලෙවකන ගානට ඉන්නේ.(දැනටමත් කරනවද දන්නේත් නෑ) ඒත් ඇයි ඒ මිනිස්සුන්ට එක තප්පරයකටවත් හිතෙන්නේ නැත්තේ වෙන ජාතියක,ආගමක උනත් අර ඉන්නේත් සිංහල ලේ තියෙන අපේ රටේම මිනිස්සු කියලා. පුදුම මිනිස්සු තමා.
එහෙම බලද්දි නම් මගේ හිතේ අර මුස්ලිම් ගෙදර කට්ටිය ගැන තියෙන්නේ පුදුම භක්තියක්,ගෞරවයක්. හැම ආගමකටම ගරු කරන්න එයාලා දන්නවා. ආගම් ජාති භේද නොබලා මිනිස්සුන්ට උදව් කරන්න තරම් ඒ මිනිස්සුන්ගේ හිත් උනු වෙනවා.
මෙහෙම ලියද්දි කියවන ඔයාලා සමහර විට හිතාවි සිත්තරාවි මේ හදන්නේ ජාති ආගම් භේද ඇති කරන්න කියලා. නෑ කොහෙත්ම නෑ. සිත්තරාවිත් සිංහල කතෝලික පවුලක දැරිවියක්. ඒත් ජාති ආගම් කුළ මළ නැති පිරිසිඳු හදවතක් ඇත්තියක්. හැම ආගමකට ගරු කරන්න අපේ අම්මාලා අපිට කියලා දීලා තියෙනවා. මට නම් අද මේ රෝමේ මේ මිනිස්සු තරම් හොඳ මිනිස්සු ටිකක් තවත් නෑ.
Labels:
ආගන්තුක රට
Saturday, November 3, 2012
在中國商店工作... Working At Chinese Shop..
你好你怎麼樣......?පෝස්ට් එක පටන් ගද්දිම තිබුන අකුරු ටික දැකලා බය උනාද..? හි:) හි:) බය වෙන්න කාරි නෑ.. මේ දවස් වල සිත්තරාවි වැඩ කරන්නේ මෙහේ තියෙන චීන කඩයකනේ.. ඈ.. ඉතාලියෙත් චීන කඩ තියෙනවාද..? තියෙනවා නේන්නම්.. මම නම් හිතන්නේ චීනෙවත් නැතිව ඇති මෙහේ තරම් චීන කඩ.
හරී ආසාවෙන් කරන රස්සාවක් මේක නම්. ඇයි ඉතින් මෙළෝ දෙයක් කරන්න නැහැනේ කඩේ වටේ රවුම් ගහන් එක තමා කරන්නේ. හැබැයි.. මේ ඔක්කෝටම වඩා පිස්සු හැදෙන්නේ මේ කට්ටියට ඉතාලි භාෂාව බැහැ. ලස්සන තරුණ චීන කොල්ලෙක් ඉන්නවා මේ කොල්ලට විතරයි භාෂාව පුලුළුවන්.මෙයාගේ අම්මටයි තාත්තටයි දෙයක් කියන්න ඕන නම් රඟපාලා පෙන්නන්න වෙනවා. කඩේට එන කට්ටියත් වෙලාවකට පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා. මේක කඩයක් කිව්වාට පොඩි සුප(ර්) මා(ර්)කට් එකක්. ඉතින් සමහරක් දේවල් පේන්න නැති උනාම මගෙන් අහනවා. මමත් ඉතින් අළුත්නේ තාම ඒ ඒ දේවල් තියෙන තැන් දන්නේ නෑ. එයාලාගෙන් ඇහුවාහම චීන භාෂාවෙන් මට උත්තර දෙනවා. අනේ.... අෆ්ෆෝ.. ඒ වෙලාවට හිතෙනවා ඇයි මමත් මෝඩි වගේ ගිහින් මෙයාලාගෙන්ම ඇහුවේ කියලා.චාං චූං ගගා මොනවාදෝ කියවනවා ඉතින් ඒ වෙලාවට. පැය 8ක් කඩේ වැඩ කරනවා. ඒ උනාට වචනයක් මම නම් කථා කරන්නේ නෑ මේ කට්ටියත් එක්ක.මොකො ඉතින් මට කියලා චීන කථා කරන්න පුළුවන්යෑ. මූන දිහා බල බල හිනා වෙන එක තමා කරන්නේ මුළු පැය අටටම.
ඔන්න ඉතිං ගිය මුල්ම දවසේ මම එන්න ටිකකට කලින් මෙයාලා රොටී වගේ කෑමක් හදන් අරන් ආවා කඩේට. දැන් ඉතින් මටත් එකක් දුන්නා. මට එපාමයි කියලා සියවතාවක් විතර මම කියන්න ඇති. ඒ ඉතින් එහෙම කිව්වේ වෙන හේතුවකට නෙමේ අපේ අයියාලා අක්කලා මට කියලා තිබුනේ මෙයාලා හැම සතෙක්ගේම මස් කනවායි කියලා. අෆ්ෆෝ.... මම ඉතින් හැමදේම හලලා, පෙරලා, තෝරලා, බේරලනේ කන්නේ දැන් මට තිබුන ලොකුම බය මේ රොටිය ඇතුලේ තිබුන මස් එක මොනවද කියන එකයි. කොහෙද ඉතින් ප්‍රශ්නයක් තිබුනයි කියලා අහන්නයෑ.. මම කියන එක තේරෙනවායෑ.. කන්දෝ.. නොකන්දො කියලා මම දැන් ලතවෙනවා. විසික් කරන්නත් බෑ. එයාලාත් මං ලඟ අනික කැමරාත් තියෙනවා. මොනවා කරන්නද කෑවා. හැපුවට හැපෙන්නේත් නෑ.. උගුරෙන් පහලට ගිල ගත්තේ බොහොම අමාරුවෙන්.අම්මේ.... ඒ වෙලේම හිතා ගත්තා ආයේ නම් මොන දේ දුන්නත් කන්නෙ නම් නෑ කියලා.හැබැයි ඉතින් ඒකේ මොන මස් තිබුනද කියන්න මම නම් අදටත් දන්නේ නෑ. මෙතනට එන ආච්චිලාගෙන් තමා ලොකුම වදේ තියෙන්නේ. ඇයි ඉතින් කොයි වෙලෙත් නහයෙන් අඬාගෙනනේ ඉන්නේ. හොඳක් උනත් එහෙමයි නරකක් උනත් එහෙමයි. මමත් ඉතින් චුට්ටක් බට(ර්) පාර දීලා දානවා මේ ආච්චීලාට අපෝ.. ඒ වෙලාවට මගේ මූණ ඉවරයි මේ නාකි ආච්චිලා ඉඹලයි අතගාලායි..ගෑණු ළමයිට වඩා ආච්චිලානේ අප්පා ස්ටයිල් කරන්නේ කඩේට අවහම පාට පාට,මල් තියෙන ඒවා කියයි සමහරුනට සමනල්ලු ඉන්න ඒවා ඕනා කියයි විකාර කෝටියයි.මම මේ කල්පනා කරන්නේ ඉතාලි මිනිස්සුන්ට වඩා චීන මිනිස්සු හම්බකරනවා හොඳට. මේ කඩේට එන අය දිහා බැලුවහම ඒක පේනවා. හැබැයි ඉතින් කිසිම කල් පැවැත්මක් නැති භාණ්ඩ වගයක් තියෙන්නේ. හයියෙන් සුළඟක් හැමුවොත් කැඩෙයි කියලා බයේ බෑ. හ්ම්... ඒක ඉතින් ඒවා ගන්න අය දැන ගන්න ඕනානේ ලෝභ කමට අඩු ගනන් හොයන්නේ නැතිව දිගු කාල් පැවැත්මක් තියෙන දෙයක් ගන්න.
කවදාවත් නොකරපු අළුත් රස්සාවක්. අත්දැකීම නම් ගොඩාක් ගන්න පුළුවන් වෙයි තව ඉස්සරහට.ඒ වගේම තව අළුත් භාෂාවක්. බලමුකෝ..කලින් නරක රස්සාවක් හම්බ උන වෙලේ ගොඩාක් කට්ටිය සුබ පැතුවනේ ඉක්මනට හොඳ රස්සාවක් මට ලැබෙන්න කියලා ඔන්න මට හොඳ රස්සාවක් හම්බ උනා. ඒ ඔක්කෝටම බොහොම ස්තූතියි...සිත්තරාවි දැන් හොඳ රස්සාවක් කරනවෝ..

Wednesday, October 24, 2012
අපි මේ වගේ රටකට ආවාට හිඟන්නෝ නොවේ...
ආනේ....... ඔන්න මම අළුත් රෑකියාවට ගියාටත් වඩා ඉක්මනට ගෙදර ආවා.ඔව් යාළුවනේ ඒ රෑකියාව මට නැති උනා.. එහෙම කිව්වාම ඔයාලා බලයි මේ මොන මෝඩියෙක්ද කියලා. නෑ ඒ රෑකියාව මම කියලා නැති කරගත්තා.. දැන් නම් ඔයාටල තවත් අපබ්‍රංශ වගේ නේද.. ? හරි හරි කෙලින්ම කියන්නම්කෝ.. එතන මනුස්සයෙක්ට නම් වැඩ කරන්න පුළුවන් තැනක් නෙමේ.. ඔයාලා කොයි කවුරුත් දන්නවනේ මේ වගේ රටක අපි වගේ පිටරැටියන්ට පුටු වල හොද නෝනා මහත්වරු වගේ ඉදගෙන කරන්න තරම් රැකියාවක් ලැබෙන්නේ නෑ කියලා. කොච්චර උගත් උනත් ඒක මේ වගේ රටකට වලංගු නම් නෑ..
ඉතිං මේ පුංචි සිත්තරාවිට ලැබුනේ Baby Sitting Job එකක්. අවුරුදු 6ක පුංචි සුරංගනාවියන් දෙන්නෙක් වගේ නිවුන්නු පැටව් දෙන්නෙක්. දැක්කම නම් හරී ආදරේ හිතෙනවා.Baby Sitting උනාට ගෙදර වැඩත් ඒ එක්කම මම කරන්න ඕනා. ඒක කරන්නේත් මම ඒ ගෙදර නැවතිලා.ගෙදර යන්න වෙන්නේ සතියට දවස් දෙකයි..:(.. ඉතිං ඔය ඔක්කෝටම මූණ දෙන්න බලාගෙන මම ගියා නොවෑ මේ ජොබ් එකට.. ගියාමයි තේරුනේ නීති මාලාවක් තියෙන ගෙදරකටයි මං ඇවිත් තියෙන්නේ කියලා. උදේ 10ට වැඩ පටන් ගත්ත මම ඉවර කලේ රෑ 10ට. ඒකත් එක දිගට හිටගෙනම වැඩ. මොකද එදා ළමයි නෑ ගෙදර. මම වැඩ කලා නෙමේ මගෙන් මරව මරව වැඩ ගත්තා.රස්සාවක් ඕනම කමට කරන්න ගියා මිසක් නැත් නම් පැත්තකවත් යන්නේ නෑ.(හැමදාම දෙමාපියට බරක් වෙන්නත් බැහැනේ සිත්තරාවිත් දැන් යමක් කමක් තේරෙන ලොකු ළමයෙක්නේ දැන්)
ඔක්කෝමත් හොදයි දවල්ට කැම එක දුන්නා ප්ලාස්ටික් පිඟානක(කැම කාලා ඉවතලන )මට නම් ඒ වෙලේ ගෙදර මතක් උනා. කවදාවත් එහෙම පිඟානක අපේ අම්මා මට කෑම දුන්නේ නෑ නේද කියලා ඒ වෙලාවේ නම් මට හිතුනා.ඒ වගේම මගේ පාවිච්චියට වෙනම හැඳි, ගෑරුප්පු, පිහි දීලා මට කිව්වා නොවෑ ඒවා වෙනමම තැනකින් තියන්න එයාලගේ ඒවා ලඟින් තියන්න එපා කියලා. ඊට පස්සේ වෙනමම තැනකට අරන් ගිහින් කන්න කියලා කෑම පිඟාන දුන්නා ඇත්තමයි මට නම් ඒ වෙලාවේ හිතේ ඇති වුන දුකට අඬා ගන්න බැරිව උන්නේ."ඇයි මගෙන් බෝ වෙන ලෙඩ තියෙනවාද.." කියලා අහන්න හිතුනත් කමක් නෑ කියලා උන්නා.මොනවා කරන්නද මේ රටේ රස්සාවක් නොකර බැරි කමට ඉවසගෙන උන්නා.උදේ ඉඳන් රෙදි කන්දක් හෝදනවා,වෙලානවා,මදිනවා. මට නම් මේක එපා වෙලා උන්නේ.දවසේම හිටන් ඉඳලා කකුල් දෙකක් නෑ වගේ.තවත් හිටන් ඉන්න බැරිම තැන මම කිව්වා."මම ටිකකට විවේක ගන්නද" කියලා. Break එකක් නම් දුන්නා විනාඩි 10කට. මෙහෙම උදේ ඉඳලා වැඩ කරලා කරලා මට නම් දැන් හොඳටම මහන්සි. රෑ කෑම වෙලාවත් ආවා. ඒකත් දවල් කෑම වේල වගේම තමා.ඔක්කෝම ඉවර උනාම මට කියනවා උදේ 6ට වැඩ පටන් ගන්නලු ඉවර වෙන වෙලාවක් කියන්න බැහැලු. මට නම් ඒ වෙලේ අහන්න හිතුනා "මම රොබෝ කෙනෙක්ද කියලාත්".. තවත් මෙහෙම හිතේ සතුටක් නැතිව වැඩ කරන්න බැරි නිසා මම ගෙදරට අයට කථා කරලා කිව්වා මම මොකද කරන්නේ කියලා ගත් කටම කිව්වේ හෙට උදේම ගෙදර එන්න කියලා. ඒකත් මට ලොකු හයියක් උනා.
කොහොම හරි උදේම ඒ මනුස්සයත් එක්ක කටත් පොඩ්ඩක් ගහලා රස්සාව දාලා ආවා නොවෑ. හැබැයි මට ඒ ගෙදර කට්ටියට එක දෙයක් කියලා එන්න බැරි උනා "අපි මේ වගේ රටකට ආවාට හිඟන්නෝ නොවේ පිනට කෑම ටිකක් ඉල්ලන් එන මනුස්සයටවත් අපි මේ වගේ කෑම පිඟානක් දීලා නෑ දෙන එක පිළිවෙලට අපි දෙනවා" අම්මා මතක් කරලා කියන්න කියපු මේ වචන ටික මට කියන්න අමතක උනානේ.

Friday, October 5, 2012
ඉතාලි රගේ... Italy Life...
ලක්ෂ ගනන් පොලියට හොයාගෙන අනේ අපේ අසරන මිනිස්සු ඉතාලියට එනවා. ඒ ආවහම තමා ඒ අයට මෙහේ තියෙන රගේ දැනෙන්නේ. ඉන්න තැනැක් නැතුව පාර්ක් වල බංකු වල නිදා ගෙන සීතට මැරෙන්නද සල්ලි දීලා ගෙවල් උකස් කරලා මේ අපායට එන්නේ. රස්සාවක් නැතුව පාරක් පාරක් ගානේ උදේ ඉන්දන් හවස් වෙනකම් ඇවිදින කී දෙනෙක් ඇතිද...?අන්තීමට අතේ සතේ නැතිව හැම කෙනා අතරම කොන් වෙනවා.. ඒ විතරක් නම් මදෑ.. මහ ලොකුවට ලංකාවේ ඉද්දි නම් මේ ඉතාලියෙ ඉන්න නෑ හිත මිතුරන් කෝල් කර කර කියන්නේ ''අනේ එන්න අපි උදව් කරන්නම්, ජොබ් හොයලා දෙන්නම්, කන්න බොන්න දෙන එක මහ ලොකු දෙයක් නෙමේ ඔයා කොහොම හරි එන්න'' කියාලා.. ඔව් උදව් කරනවා දවසක් දෙකක්..
භාශාව නොදැන, වීසා නැතිව, වැඩ දන්නේ නැතිව මෙහේ එනවයි කියන්නේ මහ පාරට උරම කම් කියනවායි කියන එක තමා.ගෙදර බාත් රුම් එකක් හෝදපු නැති අපිට මෙහේ ඇවිත් ඉතාලිකාරයන්ගේ බාත් රුම් විතරක් නෙමේ උන්ගේ පස්ස පැත්තත් හෝදලයි නවතින්න වෙන්නේ. කොච්චර ඉගෙන ගෙන ආවත් මේ වගේ රටවල් වලට අපි නම් උන්ගේ බාත් රුම් හෝදන වැඩ කාරයෝම තමා. ඒක නම් කවදාවත් වෙනස් වෙන්නේ නෑ. රටේ නීති නම් දවසින් දවස අලුත් වෙනවා. ඒත් ඒ එකක්වත් අපේ හොදට නම් නෙමේ. අලුත් වෙන හැම නීතියක්ම අලුත් වෙන්නේ උන්ගේම හොදටයි.
මේ පෝස්ට් එක ලියන මේ සිත්තරාවිත් අද ඉන්නේ මේ අපායේම තමා. 2010 අ.පො.ස.උ.පෙළ වාණිජ අංශයෙන් කරලා සම්මානත් ඇතිව පාස් උන මමත් අද මේ අපායේ අපා දුක විදිනවා. කාටවත් නොලැබෙන හරි අපූරු රස්සාවාක් ඉදලා ඉදලා මට නම් හම්බ උනා. ඔෆිසියක ලේඛම් වරියක් අම්මේ හිතේ තිබුන සතුට කියා නිම කරන්න බැරි උනා. ඒත් ඉතිං ඒකටත් ආයුශ තිබුනේ ටික දවසයි. ඉගෙන ගත්තු දෙයින් ප්‍රයෝජනයක් ගන්න හදද්දිම ඒකටත් හෙන හුරා බැල්ම හෙලුවා නොවෑ.. (හොව් හොව් ලියන්න හිතන් උන්න විදියට නෙමේ ලියවෙන්නේ... අයේ ට්‍රැක් එකට එන්නම් ඉන්න...)
මම මේ කියන්න හදන්නේ මගේ ආදරණීය යාළුවනේ කවුරු කොහොම කිව්වාත් මේ වගේ රටකට නම් එන්න එපා අතේ තියෙන සතේ වියදම් කරලා. කට්ටියක් නම් ඉන්නවා පැලෙන්න සල්ලි හම්බ කරලා මාලිගා වගේ ගෙවල් හදාගෙන.. ඒත් අද ඒ මිනිස්සුත් 100% සම්පූර්න නෑ.. පවුල් ප්‍රශ්න ගමකට. කොච්චර සල්ලි තිබුනත් නම්බුව ගෞරවය හේදිලා ඉවරයි. සල්ලි පස්සේ දුවලා ලස්සනට තිබුන පවුල් ජීවිත අවුල් කරගන්න ඕන නෑනේ. තමන්ගේ මව් රටට වෙලා තමන්ගේ පවුලත් එක්ක හේනක් කොටාගෙන හරි එක වහලක් යට එකට ඉන්න එක නේද වටින්නේ.. මම වගේ තව කෝටියක් මේ ඇත්ත කතාව මේ විදියටම කිව්වත් නාහන කට්ටිය නම් ඇති තරම්.ඒත් ඉතිං අපිත් කියලා මොනවා කරන්නද...? බොරුවට තවත් මනුස්ස ජීවිතයක් අසරන නොකර බැරි නිසයි මේක ලියන්න හිතුනේ.. අනික ඉතිං මේ වලට වැටුන අයට නම් ගොඩ එන්න වෙන්නේත් මේ වලින්ම තමා. අවුරුදු 12ක් තිස්සේ මගේ තාත්තා මාසේ වියදමට සල්ලි එවද්දි මම නම් කවදාවත් හිතුවේ නෑ මේ වගේ අපා දුකක් විදිනවා ඇති කියලා. අද ඒ දුක මගේ ඇස් දෙකට දකිද්දි අපි මොන තරම් අසරන වෙලාද කියලාත් හිතෙනවා. ඒත් ඉතිං මොකක් කියලා කරන්නද .. ඉතාලියේ රගේ දැනෙන්න මෙහේ ඇවිත් ඒ දුක විදින්නම ඕන.. හ්ම් ඉතාලිය ඉතාලිය..
Labels:
ආගන්තුක රට
Wednesday, September 12, 2012
මේ මගේ තාත්තා.. .. This Is My Father..
මේ ඉතාලියේ ඉන්න ගොඩාක් අයට තමන්ගේ පවුලේ අයත් එක්ක එකට ඉන්න තියෙන අවස්ථාව ගොඩාක් අඩුයිනේ.. ඉතිං මටත් ඒ වගේ තමා.. ඒ ඉතිං වෙන මුකුත් හේතුවක් නිසා නම් නෙමේ..දුර බැහැර පළාතක වැඩ කරන නිසයි... ඔන්න ඉතිං මේ මාසේ සිත්තරාවිට එයාගේ තාත්තාව බලලා එන්න අවස්ථාවක් ලැබුනනේ...:) මට මෙහෙට එද්දි නම් ඒක එච්චර ගානක් උනේ නම් නෑ.. ඒත් තාත්තාව දැක්කහම හිතුනා හැම්දාටම මෙහේ ඉන්න තිබුනා නම් කියලා... අවුරුදු 43ක් උනත් තාම කොල්ලා වගේ ඉන්නවා දකිද්දි නම් තාත්තා ගැන හිතේ තිබුන ආදරේ තවත් වැඩි උනා.. තාත්තා චුටි වෙලාද මම ලොකු වෙලාද කියලා මටම හිතාගන්න බෑ.. කොහොම උනත් කතාවට කියනවානේ දරුවෝ ලොකු වෙද්දි දෙමාපියෝ පොඩි දරුවෝ වගේ වෙනවායි කියලා.. ඒක නම් ඇත්ත වගේ..මම ආව වෙලේ නම් තාත්තගේ මූනේ මල් හතක් නෙමේ හැත්තදාහක් විතර පිපිලා තිබුනා වගේ මතකයි.. මොනවා උනත් තාත්තා පව්.. අවුරුදු 12ක් තිස්සේ මේ පිට දේශයක මැරෙන්න අපි නිසානේ කියලා හිතෙද්දි වාවගන්න බැරි තරම් හිතට දුකයිඒත් ඉතිං මොනවා කියලා කරන්නද..? මේ වගේ රටවල් වලට එන කාටත් උරුම මේ දුකම නොවේද..? මම ආව වෙලේ ඉදන් තාත්තට නම් නිවනක් නෑ.. උයනවා.. කඩේ යනවා.. මේක කන්න බෑ කිව්වාම වෙන එකක් හදනවා, දුකේ බෑ තාත්තා ගැන..දවස් දෙකකට විතර එහේ ගියේ අන්තීමට සතියක් නැවතිලා අවේ.. පැලර්මෝ නගරයේ කන්දක් උඩ තියෙන රොසාලියා මුනිවරියෙගේ පල්ලි යන්න මම එනකම් බලන් ඉදලා.. අපි එහේත් ගිහින් තාත්තාගේ ෆොටෝ ටිකකුත් අරන්ම තමා මම ආයේ ආවේ.. ඉතිං අපි ගෙදර ගිය ගමන් ඔන්න තාත්තා උයනවා කරවල තෙල්දාලා, අල කිරි හොදි උයලා, කංකුං එක්ක බත් .. ම්ම්ම්ම්.. රසේ බෑ ඇයි ඉතිං කාලෙකින්නේ බත් කන්නේ අනික තාත්තගේ අතින් උයපු බත් කටක් කන්නේ...රෑ වෙනකම් තාත්තා ඉතින් මා එක්ක ලොකු කතාවක. එයා ඉතින් දන්න කියන ඔක්කොම කියනවා මමත් ඉතින් ඒකට ලුනු ඇබුල් දානවා.. මේ සතියෙ නම් තාත්තා උන්නේ ගොඩාක් සතුටින් ඒක මම තාත්තාගෙන්ම දැක්කා.. ඔක්කොමත් හරි ඉතිං ආයෙ මම එන දා නම් තාත්තා උන්නේ කියාගන්න බැරි තරම් දුකින්. බලාගත්තු අත බලාගෙන කල්පනාවක.. කරන්න දෙයක් නැහැනේ තත්තා මම යන්නම ඕනනේ.. එයා මට අරං යන්න කෑම වගයකුත් හදලා.. තව බස් එකේ යනකම් කන්න කඩචෝරු වගයකුත් කඩේට දුවලා අරන් ඇවිත් තිබුනා..ඔන්න ඉතිං දැන් මම එන්න ඔක්කොම ලෑස්තියි.. තාත්තටත් උම්මා එකක් දිලා ආයෙ රොමෙට ආවා.. ඒ එන මග දිටම කොල් සියයක් විතර ගන්න ඇති.. කවුරු කොහොම ලග උන්නත් දෙමව්පියන් වගෙ නම් නෑ.. දුවලා වැඩි පුරම ආදරේ තාත්තලාට කියනවානේ ඒ කතාව නම් ඇත්ත වගේ මගේ තාත්තා ලංකාවේ ඉන්න කාලේ මාළු වෙලෙන්දෙක් අද මේ ඉතාලියේ අනුන්ගේ ගෙවල් සුද්ද කරනවා.. ඒ මොන දේ කලත් මගේ තාත්තා ගැන කියන්න මම නම් ලැජ්ජ වෙන්නේ නෑ.. මොකද මගේ තාත්තා කවදවාත් හොරකම් කරලා වැරදි වැඩ කරලා අපිව ජීවත් කලේ නැති නිසා.. මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න මම නම් පිං කරලා ඇති.. කොහොම උනත් මේ මගේ තාත්තා.. උපදින හැම ආත්මෙම ඔයා මගේ තාත්තයි..
Labels:
ආගන්තුක රට
Subscribe to:
Posts (Atom)