Wednesday, September 12, 2012
මේ මගේ තාත්තා.. .. This Is My Father..
මේ ඉතාලියේ ඉන්න ගොඩාක් අයට තමන්ගේ පවුලේ අයත් එක්ක එකට ඉන්න තියෙන අවස්ථාව ගොඩාක් අඩුයිනේ.. ඉතිං මටත් ඒ වගේ තමා.. ඒ ඉතිං වෙන මුකුත් හේතුවක් නිසා නම් නෙමේ..දුර බැහැර පළාතක වැඩ කරන නිසයි... ඔන්න ඉතිං මේ මාසේ සිත්තරාවිට එයාගේ තාත්තාව බලලා එන්න අවස්ථාවක් ලැබුනනේ...:) මට මෙහෙට එද්දි නම් ඒක එච්චර ගානක් උනේ නම් නෑ.. ඒත් තාත්තාව දැක්කහම හිතුනා හැම්දාටම මෙහේ ඉන්න තිබුනා නම් කියලා... අවුරුදු 43ක් උනත් තාම කොල්ලා වගේ ඉන්නවා දකිද්දි නම් තාත්තා ගැන හිතේ තිබුන ආදරේ තවත් වැඩි උනා.. තාත්තා චුටි වෙලාද මම ලොකු වෙලාද කියලා මටම හිතාගන්න බෑ.. කොහොම උනත් කතාවට කියනවානේ දරුවෝ ලොකු වෙද්දි දෙමාපියෝ පොඩි දරුවෝ වගේ වෙනවායි කියලා.. ඒක නම් ඇත්ත වගේ..මම ආව වෙලේ නම් තාත්තගේ මූනේ මල් හතක් නෙමේ හැත්තදාහක් විතර පිපිලා තිබුනා වගේ මතකයි.. මොනවා උනත් තාත්තා පව්.. අවුරුදු 12ක් තිස්සේ මේ පිට දේශයක මැරෙන්න අපි නිසානේ කියලා හිතෙද්දි වාවගන්න බැරි තරම් හිතට දුකයිඒත් ඉතිං මොනවා කියලා කරන්නද..? මේ වගේ රටවල් වලට එන කාටත් උරුම මේ දුකම නොවේද..? මම ආව වෙලේ ඉදන් තාත්තට නම් නිවනක් නෑ.. උයනවා.. කඩේ යනවා.. මේක කන්න බෑ කිව්වාම වෙන එකක් හදනවා, දුකේ බෑ තාත්තා ගැන..දවස් දෙකකට විතර එහේ ගියේ අන්තීමට සතියක් නැවතිලා අවේ.. පැලර්මෝ නගරයේ කන්දක් උඩ තියෙන රොසාලියා මුනිවරියෙගේ පල්ලි යන්න මම එනකම් බලන් ඉදලා.. අපි එහේත් ගිහින් තාත්තාගේ ෆොටෝ ටිකකුත් අරන්ම තමා මම ආයේ ආවේ.. ඉතිං අපි ගෙදර ගිය ගමන් ඔන්න තාත්තා උයනවා කරවල තෙල්දාලා, අල කිරි හොදි උයලා, කංකුං එක්ක බත් .. ම්ම්ම්ම්.. රසේ බෑ ඇයි ඉතිං කාලෙකින්නේ බත් කන්නේ අනික තාත්තගේ අතින් උයපු බත් කටක් කන්නේ...රෑ වෙනකම් තාත්තා ඉතින් මා එක්ක ලොකු කතාවක. එයා ඉතින් දන්න කියන ඔක්කොම කියනවා මමත් ඉතින් ඒකට ලුනු ඇබුල් දානවා.. මේ සතියෙ නම් තාත්තා උන්නේ ගොඩාක් සතුටින් ඒක මම තාත්තාගෙන්ම දැක්කා.. ඔක්කොමත් හරි ඉතිං ආයෙ මම එන දා නම් තාත්තා උන්නේ කියාගන්න බැරි තරම් දුකින්. බලාගත්තු අත බලාගෙන කල්පනාවක.. කරන්න දෙයක් නැහැනේ තත්තා මම යන්නම ඕනනේ.. එයා මට අරං යන්න කෑම වගයකුත් හදලා.. තව බස් එකේ යනකම් කන්න කඩචෝරු වගයකුත් කඩේට දුවලා අරන් ඇවිත් තිබුනා..ඔන්න ඉතිං දැන් මම එන්න ඔක්කොම ලෑස්තියි.. තාත්තටත් උම්මා එකක් දිලා ආයෙ රොමෙට ආවා.. ඒ එන මග දිටම කොල් සියයක් විතර ගන්න ඇති.. කවුරු කොහොම ලග උන්නත් දෙමව්පියන් වගෙ නම් නෑ.. දුවලා වැඩි පුරම ආදරේ තාත්තලාට කියනවානේ ඒ කතාව නම් ඇත්ත වගේ මගේ තාත්තා ලංකාවේ ඉන්න කාලේ මාළු වෙලෙන්දෙක් අද මේ ඉතාලියේ අනුන්ගේ ගෙවල් සුද්ද කරනවා.. ඒ මොන දේ කලත් මගේ තාත්තා ගැන කියන්න මම නම් ලැජ්ජ වෙන්නේ නෑ.. මොකද මගේ තාත්තා කවදවාත් හොරකම් කරලා වැරදි වැඩ කරලා අපිව ජීවත් කලේ නැති නිසා.. මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න මම නම් පිං කරලා ඇති.. කොහොම උනත් මේ මගේ තාත්තා.. උපදින හැම ආත්මෙම ඔයා මගේ තාත්තයි..
Labels:
ආගන්තුක රට
Subscribe to:
Post Comments (Atom)
තාත්තලාගේ ආදරේ ගොඩක් වෙලාවට පිටට පෙන්නේ නෑ, නැත්තෙමත් නෑ . හරි ගැඹුරු ආදරයක් තමයි තාත්තලට තියෙන්නේ.
ReplyDeleteඒක නම් ඇත්ත ඒ ආදරෙ පිටට පෙන්නේ නැති නිසාමද කොහෙද ඒක අපි ගන්න නොගෙන ඉන්නේ.. ඒ උනාට ඒක දනුනාහම හිතට දැනෙන දුක ඊට වඩ වැඩි
Deleteමගෙ සුදු දුවෙ මගෙ රත්තරන් පුතේ කියල නොකිවුවට තාත්තගෙ තියන ආදරේ කියල න්ඉම කරන්න බෑ .. නියමයි අක්කේ
ReplyDeleteඒක නම් සහතික ඇත්ත අම්මා කෙනෙක්ට වඩා තාත්තා කෙනෙක් හිතේ ගොඩාක් දෙවාල් හිතෙ හිර කරන් ඉන්නවා... මහ මෙරකටත් වඩා උසයි දරු පෙම හද පතුලේ ඒක තෙරුම් ගන්න බැරි උන දරුවො කොච්චර නම් ඉන්නවාද..?
Deleteනියමයි අක්කේ
ReplyDeleteadamayi me paththata aawe. dhigatama enawaa.
jaya
thankooooooo...
Deleteඔයාගේ කෙලින් කතාවට කැමතියි dr , ගොඩක් අය දෙන
ReplyDeleteලොරි ටෝක් නැතුව ඉන්න කෙනෙක් .මට නම් පොඩි කාලේ
ඉඳල දැනට මාස 11 වගේ වෙනකම් මුළු ලෝකෙම වෙලා හිටියේමගේ තාත්තා .ඒත් එයත් නැහැ කියල දැන් තේරෙනවා .මට ලොකු වැරදීමක් වෙලා තියෙන්නේ .ඒත් මම දැන් තේරුම් අරන් ඉන්නවා කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න හොද නැහැ ..
බොරුවට මවා පාන කතා වලට මමත් කැමති නෑ.. ඒකනේ ඇත්තම ලියලා දාන්නේ... වැරදුන තැන් තේරුම් අරන් ඒ වැරදි හදා ගන්න අපිට පුළුවන්.. කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවුනට තවත් කෙනෙක්ට අපේ උදව් ඕනා වෙනවා ඒ වෙලාවට අපි පිහිට විය යුතුයි..
Deleteඔව් ඒක ඇත්ත .මාත් අප්‍රමාන එහෙම කරලා
Deleteතියෙනවා ජීවිතේදී . ඒත් මට නම් මුණ ගැහුන
අය ඔක්කොම කන්න දීපු අත හපා කාපු අය ..