කියාගන්න බැරි තරමට හිත අද ගොඩාක් තෝන්තු වෙලා.. මටම තේරෙන්නෙ නෑ ඒ ඇයි කියලා..දින සති මාස ගනන් ඔහේ ගෙවිලා යනවා ඒත්... තාමත් උන් තැනමද මේ ඉන්නේ කියලා හිතෙනවා... වෙලාවකට මහ අරුම පුදුම දේවල් හිතෙනවා..ඒත් ඒ හිතෙන්නෙත් කවදාවත් කරන්න බැරි දේවල්.. ජිවිතේ ආපස්සට යන්න තියෙනවා නම්, ඒ ගිහින් වැරදුන ගොඩාක් තැන් හදාගන්න තියෙනවා නම්.. ඒ පටන් ගන්න ජිවිතේ අඩු පාඩුවක් නැතිව.. නිවැරැදිව ගලපගන්න තියෙනවා නම් කියලා හිතෙනවා.. ඒත් .. මනුස්ස ජිවීතේ ඒක කවදාවත් කරන්න බැහැ.. කොහේ හෝ වරදිනවා.. ඒ වරදිනකම් හැමෝම බලන් ඉන්නේ.. ඒත් ඇයි ඒ...? ජිවිතේ නීරස කරගන්නේ අපිමද..? එහෙමත් නැති නම් සමාජීය බලපෑම්ද අපේ ජිවීත නීරස කරන්නේ..? ආදරය.. පවුල්.. බැදීම්.. මේ හැමදේම ජිවිත වල සමබර වෙන්නම ඕනා.. ඒ දේවල් වලට තමා ජිවිතේට අරුතක් එක් කරන්නත්.. ඒ ජිවීතේ කාලකණ්නි කරන්නත් පුලුවන්... අම්මා කෙනෙක්ගේ තත්තා කෙනෙක්ගේ අතේ එල්ලිලා ඇවිදින්න දරුවෙක් කොච්චර ආස කරනවද..? ඒ වගේම සෙනෙහසක් ඒ දරුවට දෙන්න ඒ දෙමාපියන් කොච්චර හීන මවනවද..?නමුත් එවැනි සෙනෙහසක් ලබන්න බැරි දරුවොද, දෙමාපියොද අවාසනාවන්ත...?(ඒ කියන්නේ මමත් අවාසනාවන්තද..)අනේ මංදා මොනවා ලිව්වද කියලා.. හිත අද නිදහස් නෑ.. හිතට ආව දේ ලිව්වා.. ඒත් ජිවිතේ ගැන මීට වඩා හිතුවා නම් කියාලා දැන් නම් හිතෙනවා....:( කිසිම දෙයක් තේරෙන්නේ නෑ.. ආපසු හැරෙන්නත් බෑ.. දුර යන්න තරම් පණකුත් නැති ජිවිතයක් උනේ ඇයි මේ ජිවීතේ..
මොනවා කියන්නද කියල හිතා ගන්න බෑ මෙයා
ReplyDeleteඒකනේ ඉතිං මමත් කියන්නේ...:(
Deleteමේ ගැන හරි අදහසක් නැහැ මුල දන්නේ නැතුව ...
ReplyDelete:)...
Deleteයාළු අපිට ජීවිතේ පස්සට යන්න බැ..අපි අතීතය ගැන වද වෙනවා කියන එකෙන් වෙන්නේ තව තවත් අපේ වර්තමානය අපි විනාස කරගන්නවා කියන එක.. හිතට ඔහොම තොන්තුගති දැනෙනවා ඉඳලා හිටලා..අවුලක් නැ ඒකට..ඔය නිකමට මගේ බ්ලොග් එකේ බලන්න මන් කොච්චර නම් අවුල් පොස්ට්ස් දාලා තියෙනවද කියලා..එහෙම තමයි ජීවිතේ..අපි වැටෙනවා.. අපි පරදින්නේ වැටුනාම නෙවෙයි.. ආයේ නැගිට්ටේ නැති වුනොත්.. ජය වේවා...
ReplyDeleteඒක නම් ඇත්තම ඇත්ත..."අපි පරදින්නේ වැටුනාම නෙවෙයි.. ආයේ නැගිට්ටේ නැති වුනොත්.."
Delete