සමනල තටුවක පා වෙලා ගව් ගනනක් දුරින් ඉන්න මට
ඔබ ලගට ඇවිත් ටික මොහොතකට හරි
ඔය හදේ ලැගුම් ගන්න තියෙනවා නම් කියලා හිතෙනවා..
එහෙම ලං උන මොහොතක
මගේ මුලු හදම ඔබේ උනුහුමින් ඔබේ සුසුමින්වත් පුරවාගෙන
යලි වෙන් උවත් කමක් නෑ කියලා හිතෙනවා
ඒත් එහෙම වෙන් වු විටත්
තව එක මොහොතක් ඔය රත්තරං පපුවට ලං වෙලා
මේ අසරන හිත වැලහින්නියක් ලෙස හඩන තරම්
ඔය පපුවට දැනෙන්න ඉඩ අරින්න තියෙනවා නම් කියලා හිතෙනවා..
අනේ ඉතින්
මේ හැම හීනයක්ම කවදා මම ඉටු කරගන්නද කියලා හිතෙද්දි ..
මට මං ගැනම දුක හිතෙන වාර ගනන් අනන්තයි රත්තරනේ...
No comments:
Post a Comment