Monday, August 6, 2012

අරලිගේ ලොකේ පාලුයි දැන් ....

                             *****************************************************                      
                     කවදාවත් නැති තරම් හිතට දුකයි... ඇයි මටම මෙහෙම වෙන්නෙ කියලා හැමදාම හිත මගෙන් අහනවා... උත්තරයක් දිගන්න බැරිව මගේ හිත ලග මමම අසරන වෙනවා... ඉරත් බැහැගෙන ගිහින් සැන්දැ කලුවර කපාගෙනම.. ගෙදර නොයා බැරි කමටයි මේ ගෙදර යන්නේ.. පව් නැත් නම් අසරන මගේ දුප්පත් අම්මාගේ පපුවේ ගිනි ඇවිලෙනවා.. මලක් වගේ පරිස්සමට හදපු එයාගේ දුව ගෙදරට එන වෙලාව පරක්කු උනාම.. ඒ දුප්පත් අසරනි නැත් නම් අද මේ ජිවත් වෙන "අරලියා ඉද්දමල්ගොඩ" පස් ගොඩකට යට වි හමාරය... 

                                                   මුලු ජිවිතේම කැප කොට මුලු හදින්ම ආදරය කරපු ඔහු "අනුහස් සුරියාආරච්චි" හෙට 11.45ට එලඹෙන සුබ නැකතින් "කේතකි නැදුන්ගම" විවහා කරගන්නවා කියලා හිතෙද්දි පපුව පලා ගෙන යන්න තරම් දුකක් දැනේ...
                
 "අපි ගැලපෙන්නේ නැ අරලි.... අපේ අප්පච්චිලා කොහොමටවත් අපි දෙන්නට අපේ අදහස් වලට ඉඩ දෙන්නෙ නැ.... මට සමාවෙන්න අරලි..."

                                      කිසිම හිතක් පපුවක් නැති ගානට අවුරුදු 3ක් මැරිගෙන ආදරේ කරපු හිතට මෙහෙම කතා කරන්න පුලුවන් උනේ කොහොමද කියන එකයි මට තිබුන ලොකුම ගැටලුව... අවුරුදු 3ක් තිස්සේ ආදරේ කරද්දි පොඩ්ඩක්වත් හිතුනෙ නැතිවද මගේ දුප්පත් කම...
                                          
  "ඇයි අනු ඔයා මට ආදරෙයි කිය කියා මගේ පස්සෙන් එද්දි ඔයාට අමතක උනාද මම දුප්පත් කෙල්ලෙක් කියලා... එදා උන්න දුප්පත් කෙල්ලම තමා අනු මේ තාමත් ඉන්නේ" කියා කියන්න හිතුනත් ආදරේ කරපු  හිතක් එක්ක තරහක්  ඇති කරගන්න තරම් මේ අරලිගේ හිත නපුරු නැති බව ඔහු දන්න නිසාමදෝ හිතක් පපුවක් නැති ගානට හිතට ආව දේ ඔහේ කියවා ඔහු මේ හිතේ උපන් කුලුදුල් ආදරේ මරා දැමුවේය.....

                                 *************************************************

                               අතිතය සිහිවි ඇස් දෙකට නැගුන කදුලු බිදු පිසින ගමන් ඇගේ ගෑවි තිබු මුහුදු වැලි කැට ඉවත් කර නැගිට ගත්තේ මාතර බලා යන බස් රථයකට නැග නිවෙස් කරා යන්නටය... වැඩි දුරක් යන්නට කලින් බස් එකත් අවේ මගේම වෙලාවටය.... පසු පස පෙලේ තිබු හිස් අසුනකින් වාඩි වු මම යලිත් කල්පනා ලොවට පා නැගුවෙමි.
                           "අරලි වස්තු .."

                     "හ්ම්" මම හෙමින් සැරේ මිමුනුවෙමි...

 "මගේ රත්තරං මට කොච්චරක් ආදරේද..?"
           
                      පොඩි එකෙකු වගේ අනු මෙහෙම අහද්දි හුරතල්ය.. ඊටත්  වඩා අහිංසකය...

            "මෙච්චරක්"
     
                   කියා මමත් පොඩි එකියෙකු මෙන් දෑතම විහිදා හුරතල් වෙමින් කියද්දි අනු හිනා වෙන්නේ අහිංසකවය... ඊටත් පසු මගේ රෝස පාට කම්මුල් රතු වෙන්න මට හාදුවක් දෙන්නේ පපුව පැලි යන තරම් ආදරෙන් පුරවමින්ය.. ඒ අතිතය දැන් මට වදයක් අනු.. මගේ හිතේ ඔයා ඉන්නකම් මම මැරි මැරි උපදිනවා අනු කියා ලොකෙටම කෑ ගහලා කියන්න උවමනාවක් ඇත.. ඒත් ඇයි මම එහෙම කියන්නේ..? කාට ඇහෙන්නද..? ඒදා ඔයා මාව ගැලපෙන්නේ නෑ කියලා යද්දි මේ හිත වැලහින්නියක් වගේ ඇඩුවා අනු.. ඒ හැඩුම ඔයාට ඇහුනේ නැත්නම් අද මම ලොකෙටම ඇහෙන්න ඇඩුවත් ඔයාට ඇහෙන්නේ නෑ කියලා මම දන්නවා අනු..

                    පන වගේ ආදරේ කරපු කෙනෙක්ව මෙහෙම නැති වෙද්දි දරාගෙන ඉන්න පුලුවන් කෙනෙක් මේ ලොකේ ඉන්නවද...? අනුහස්ට මදි උනේ මගේ ආදරේ නොව, අපේ දුප්පත් කමයි... ඔහුට නොගැලපුනේ අපේ අදහස් නොව.. අපේ දුප්පත් සමාජ පංතියයි.. ඇත්ත ඔහුත් ඔහුගේ පවුලේ උදවියත් තරම් අපි පෝසතුන් නොවේ... ඒත් ඔවුන්ට වගේම අපිටද ආත්මගවුරවයක්, සමාජ තත්වයක් තිබේ.. අපි අතර තිබුන එකම බාධකය වුයේ මගේ දුප්පත් කමයි.. අහස උසට මිල මුදල් යාන වාහන නොතිබුනාට සාගරයක් තරම් ආදරයක් ඔහු වෙනුවෙන් මේ හිතේ තිබුන බව ඔහුට වැටහුනේ නැතිවද...?

          "මිරිස්ස හංදියෙන් බහින අය බහින්න"
    
       කොන්දොස්තර මහතා මහා හඩින් බෙරිහන් දෙද්දිය මගේ කල්පනා ලොව මිදුනේ.. ඉක්මනට මමත් ඒ අස්සේම නැගිට ගත්තේය.. බසයෙන් බැස ගත් මම නිවෙස කරා පා නැගුවේ පොළවටත් නොදැනෙන්නය ... 
               
                                   පව් අසරණ මගේ දුප්පත් අම්මා දෙවට අද්දරට වි මම එන මග උන්නාය..
        
                                   "කොහෙද දරුවෝ කලුවර වැටෙනකම් උන්නේ...? ඇයි පරක්කු උනේ..? යැයි අම්මා මගෙන් ඇහුවාය..

                                    ඇයට පිලිතුරක් දිගන්න මම අපොහොසත් උනෙමි.. බොරුවක් ගොතන්නටද දිව නොනැමේ... මම මුදු සිනහවක් නංවා නිවස තුලට ඇතුල් උනෙමි.. අම්මද මා පසු පස ආවාය...

                  "හ්ම්..මුණ සෝදගෙන එන්න කෑම කන්න යන්න.."


                                                                       කියා අම්මා කුස්සිය තුලට ගියේ කෑම ලෑස්ති කරන්නටය.. මට අම්මා ගැන දුක හිතුනි.. පුංචි කාලයේ පටන් මට උන්නේ අම්මා පමනි.. තාත්තා ගැන ඇත්තේ අපැහැදිලි ජායාවකි.. තාත්තා හදවත් රෝගියෙකි. මම පුංචි කාලයේම තාත්තා නැතිවිය.. එදා පටන් අම්මගේ ලෝකය උනේ මමය මටද එහෙමය.. අපි දෙන්නගේ ජිවිත වල රහස් නොවිය..

                        "අපිට පෑහෙන්න බෑ පුතේ ඒ දරුවෝ එක්ක.. මගේ දුවට අඩන්න වෙන දවසක් නෑවිත් තිබුනොත් මට ඒ ඇති..."

                                          ඒ අනුහස් හා බැදුන මගේ පෙම අම්මා දැනගත් දින පැවසු වදන්ය.. ඒත් අද ඒ ප්‍රාර්තනාව නිශ්පලය.. අම්මගේ දු හැඩු තරමට හඩන්නට ඇස් වල කදුලුත් නැති වි හමාරය..

                    ************************************************
(ඊලග කොටස ඊලග පොස්ට් එකෙන්....)

2 comments:

  1. අදමයි ආවේ.. කතාවේ ඉතුරු කොටසත් කියවලාම ඉන්නම්..

    ReplyDelete
    Replies
    1. දිගටම එන්න ගොඩාක් ස්තූතියි....:)

      Delete