පුංචි කාලේට කොයි කෙල්ලත් උයන්න ට්‍රයි කරන්න හරි කැමතියිනේ. ඔන්න ඉතිං දවසක් මමයි අපේ නංගියි උයන්න කියලා ලෑස්ති උනා. අම්මත් එදා ආච්චිව එක්කන් හොස්පිටල් ගිහින් උන්නේ.අම්මා එද්දි කෑම ගේනවයි කිව්වාත් අපි දෙන්නාගේ තියෙන පණ්ඩිතකමට උයන්න පටන් ගත්තා නොවෑ.අපි දෙන්නට ගැලපෙන මල්ලියෙකුත් හරි අගේටම අපිට උන්නා.ඔන්න ඉතින් උයනවා.හැබැයි අපි තුන්දෙනා විතරක් තනියම නෙමේ.හතර වටේටම කෝල් කර කර තමා උයන්නේ. කොහොම කොහොම හරි බත් එකකුයි,අල තෙල්දාලයි උයා ගත්තා කියමුකෝ දැන් ඉතින් පරිප්පුව උයා ගන්න දන්නේ නෑ නොවෑ.
''චුට්ටක් ඉන්නවා අක්කේ මම නැන්දාට කෝල් එකක් දීලා අහන් එන්නම්'' කියලා නංගි ගියා.
ඔන්න ඉතිං එයා එනකම් මම අනිත් වැඩ මල්ලි පොල් ගානවා. රස කෙසේ වෙතත් මුළු ගේම නම් හරී සුවදයි.ඔන්න චුට්ටකින් නංගි එනවා රෙසිපි එකත් කොලේක ලියන්.හරි දැන් ඒකත් බලාගෙන අපි දෙන්න ඉව්ව නොවෑ පරිප්පු. පොල් බෑවක තරම් පොල් කිරි දාල උයපු පරිප්පුව කොච්චර වෙලා ලිපේ තිබුනාද කියලා නම් මතකත් නෑ. ඒ උනාට ඉව්වා ඉව්වා හොදට ඉව්වා පරිප්පු කැද එකක් තමා අනිතීමට ඉතුරු උනේ.ඒකේ පරිප්පු ඇට හොයන්න කිමිදෙන්න හිතුනා මට නම් ඒ වෙලේ. දැන් ඉතින් මොනවා කරන්නද..? අම්මා එනකම් ඔහොම්ම තිබ්බා. බැනුම් කෝටියයි ඒ උනාට අවුලක් නෑ තුන් දෙනාටමනේ කියලා හිත හදා ගත්තා ඒ වෙලේ නම්. දැන් ඉතිං පටන් ගන්න හදන්නේ අන්තීම යුද්දධය මස් කරිය හදන්න ඒක් නම් ටිකක් සිරියස් වැඩක් ලමයිනේ.
''අම්මා එන්න පරක්කු වෙනවාද..?''
''නෑ අපි තව පැයකින් වගේ එනවා'' හුටා දැන් මොකද කරන්නේ..
''අම්මා කෑම කඩෙන් ගේන්න එපා අපි තුන් දෙනා ඉව්වා..'' අම්මට නම් ඇස් අදහා ගන්නට බැරි වෙන්න ඇති අනේ හැබැයි මුකුත් නම් කිව්වේ නෑ..
| http://media.lonelyplanet.com/lpi/2856/2856-1/681x454.jpg |
''හා හා මං දැන් එනවානේ.'' විතරක් කියලා උන්නා අම්මා.
අපේ අල්ලපු ගෙදර උන්නා බබෙක් හම්බවෙන්න උන්න අක්කා කෙනෙක්. අපි තුන් දෙනා මේ අක්කාවත් එක්කගෙන දැන් මස් කරියත් උයනවා. එයා කියන විදියට අපි දැන් කරනවා.. හප්පේ... සුවද ඉවසන්න බෑ. මොනවා උනත් ඇත්තම කියන්නම් අපි තුන් දෙනා කලින් ඉව්වට වඩා නම් දැන් සුවදයි. ඔක්කොම උයලාත් ඉවරයි. අම්මා එන්න කලින් ගත්තු භාජන අස් පස් කරලා තියන්න ඕන තැන් වල තියලා හොද ලමයි වගේ දැන් අපි තුන් දෙනා අර අක්කාත් එක්ක අම්මා එනකම් ඉන්නවා. බලන් උන්න සුබ මොහොත ආවා නොවෑ.
''අම්මා ආවා..'' කියලා මල්ලි මහා හයියේන කෑ ගහද්දි අපි තුන් දෙනාට මූන මූන බැලුනේ ලැජ්ජාවටයි බයටයි දෙකටමයි. අපි උයපු කෑම කන්න මෙන්න බොලේ අපෙ ආච්චිත් ඇවිත්. ඔන්න දැන් කට්ටිය හිනා වෙවි කනවා. පරිප්පු කැද එකට නම් පොඩි දෝශාරෝපනයක් එල්ල උනා. ඒත් පළවෙනි සැරේ නිසා සමාවක් තිබුනා.ඔන්න ඔහොමයි මම නම් ඉස්සෙල්ලාම් ඉව්වේ. හැබැයි ඒකේ ප්‍රථිපලයක් විදියට ඊට දවසකට පස්සේ අර අක්කාව හද්දිස්සියේ බබා හම්බවෙන්නත් එක්කන් ගියා නියම කරපු දිනේටත් කලින්ම..