tag:blogger.com,1999:blog-66415179322976505932024-03-06T08:01:05.654+01:00සිත්තරාවි..සිත්තමක් වගේ ජිවිතේ වර්ණවත් කරන්න සිත්තරාවියේ..සිත්තරාවි ....http://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-6641517932297650593.post-29267514456498971022015-01-06T21:23:00.002+01:002015-01-06T21:23:49.691+01:00කඳුළ නුඹ නොරැදියන්...ඉතිං කඳුල ඔබ යන්න,
නිමා උන ආදරයත්, ඔහුත් එක්කම
ඔබ යන්න.
ආදරයත් ඔහුත් ගිය කල
මට ඔහු ඉතිරි කල මේ කඳුළු බිඳුවක් කුමටද..?
ආලය අන්ද බව දැන දැනම ආලය කලේ මම
හැර ගියේ ඔහු...
ඉතිං.... ඔහුත් ගිය කල
මගේ තනියටවත්
ඔහු ඉතිරි කල
කඳුළ නුඹ නොරැදියන්...සිත්තරාවි ....http://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.com0tag:blogger.com,1999:blog-6641517932297650593.post-8906661224151378682014-12-28T12:42:00.000+01:002014-12-28T12:42:01.928+01:00ආදරණීය තාත්තාට ලොක්කාගෙන්...

"මේ ගෙවුන අවුරුදු දහතුනටම අපි එකට නත්තල සමරපු අවුරුදු කීයක් තිබ්බද තාත්තා..?"

මම එහෙම ඇහුවේ තාත්තා ඔයාගේ හිත රිද්දන්න නෙමේ.පුංචි මගේ හිතට දැනෙන දේ ඔයාටත් දැනෙන්න ඉඩහරින්න මට ඕනා උනා. 2001 අවුරුද්දේ තාත්තා රට ගියායි පස්සේ ආයේ ආවේ හරියටම අවුරුදු හතරකින්. ඒ කියන්නේ 2005. අපි ඔක්කෝමත් එදා එකට එක පවුලක් වගේ ලස්සනට නත්තල සැමරුවා, ඔව් තාත්ත ඇත්තටම ඒ අවුරුද්දෙ අපි ඔක්කෝටම නත්තල්. ඒ තාත්තත් ගෙදර ආව නිසා.

"ආයේ අපි එකට නත්තල් සැමරුවේ කවදාද කියලා තාත්තට මතකද..?"

ඔව් තාත්තා ඒ අවුරුදු දෙකකට පස්සේ. 2007දි. මම සාමාන්‍ය පෙළ කරද්දි ආයේ තාත්තා ලංකාවට ආවේ, අපි කෑවා බිව්වා, පල්ලි ගියා නෑ ගෙවල් වල ගියා සතුටු උනා, ආයේ මාසෙකින් තාත්තා ආයේ ගියා. රට රස්සාව එපා වෙන්නේ නැද්ද කියලා අහන්න දහස් වරක් හිතුනා තාත්තාගෙන් ඒත්, තාත්තා මේ හැමදේම කරන්නේ අපි වෙනුවෙන් කියලා දන්න නිසා මම එදා නිශ්ශබ්ද උනා.
කාළය ගෙවුනා, ආයේ තාත්තා ආවා, ඒ ආවේත් නත්තලට 2009 උසස් පෙළට මාස අටයි. නත්තල් සැමරුවා, කෑවා බිව්වා විනොද උනා තාත්තා ආයේ ගියා. කෑගහල අඬන්න හිතුනා ආයේ යන්න එපා තාත්තා කියලා. ඒත් ඒ තරම් බොළඳ වෙන්න බැරි උනා. සමාජෙට හැදි වැඩුන ලොකු කෙල්ලෙක් උනාට ගෙදරට තාම පොඩි එකියක් කියලා කියන්න මටත් අමතක උනා.
උසස්පෙළ ලිව්වා, සතියක් යන්න කලියෙන් තාත්තා ළඟට ආවා මමත්. ඒ ලංකාව එපා වෙලා ඉන්න බැරි නිසා නෙමේ තාත්තා, ඔයා එක්ක කාළය ගෙවන්න ඕනා නිසා. ඒත් ඔයා තෙරුම් ගත්තේ නෑ. මම කියන්න උත්සහ කරෙත් නෑ. කාලය ගෙවුනා අපිටත් නොදැනිම තාත්තා. මේ ගෙවුන පස්වෙනි නත්තල අපි පස් දෙනා සී සීකඩ විසිරිව ගෙවපු. අවුරුදු පහකින් මම ලංකාවේ නත්තලක් දැක්කේනෑ, දකින්න උත්සහ කලෙත් නෑ, උවමනාවක් තිබ්බේත් නෑ. ඒ මේ රටේ නත්තල ලංකාවේ නත්තලට වඩා ලස්සන නිසාද..? මේ රටවල් වල තියෙන නිදහස නිසාද..? නැත් නම් ඒ හැමදේටම වඩා අපිට අපිවම අමතක වෙලාද..?
වටින තෑගි, ලොකූ කෑම මේසේ, රෑ එලි වෙනකම් දාන පාටිය නෙමේ මට වැදගත් උනේ. ගෙදර ඔයලා ඔක්කෝමත් එක්ක එකට ඉන්න. සල්ලි නෙමේ ජීවිතේ කියලා කියන්න හිතුනා, ඒත් වෙනදා වගේම අදත් මම නිශ්ශබ්ද උනා. අපේ ගෙදර අපි ඔක්කෝමත් එකට ඉන්න හැමදාම මට නත්තල් කියලා කියන්න ඕනා උන. ඒත් අහං ඉන්න කෙනෙක් නෑ කියලා හිතෙද්දි මම නිශ්ශබ්ද උනා.

ඊළඟ අවුරුද්දේවත් අපි ඔක්කෝමත් එකට නත්තල සමරමු.

සිත්තරාවි ....http://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.com2tag:blogger.com,1999:blog-6641517932297650593.post-46503804527414467562013-12-17T08:20:00.002+01:002013-12-17T08:20:45.629+01:00Dear Santa Claus... Santa past years i got some valuable gifts for the Christmas.. But.. Santa this year i don't want any valuable colorful gifts.. I'm just asking one thing special to me.. Yeah,,!! you know how much it precious to me.. yes Santa this is ma fourth year that i'm going to celebrate Christmas without ma mom and bro.. i want to celebrate this year Christmas with them, with ma whole family members..

Santa and you know this is ma last year Christmas celebrating with ma family as a child.. from the next year i'm belong to another family, at least this year i want to see the happiness, unity, of ma family. i just want to gather all these sweet, loveliest memorize in ma heart. it's enough what you gave to me but finally i beg you please make ma dream true. then it will be the most wonderful gift that i got ever. I hope you'll get ma latter.. please Santa reply me soon..

සිත්තරාවි ....http://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.com3tag:blogger.com,1999:blog-6641517932297650593.post-20078881744225777292013-12-16T16:23:00.000+01:002013-12-16T16:23:04.739+01:00ඕං ආයේ මම ආවෝ..බ්ලොග් එක පැත්තේ නෑවිත් ලබන මාසෙට හරියටම අවුරුද්දයිලු. හත්වලමේ මෙච්චර කල් කොහෙද අනේ හැංගිලා උන්නේ.. ? නෑ නෑ අනේ හැංගිලා උන්නේ නෑ පොඩි පොඩි වැඩ වගයක් තිබුනා එකයි බ්ලොග් එක අමතක වෙලා තිබුනේ. දැන් ඉතිං ඒවා මේවා වැඩක් නැහැනේ ඕං සිත්තරාවි ආයේ ආවා... ආයේ නම් මොන දේ උනත් ලියන එක නම් නවත්වන්නේ නෑමයි .. සමහර අයට නම් දැන් මාව මතකත් නැතිව ඇති නේද..? :( මොනා කොලන්නද ආයේ මතකය අළුත් කරලා ගම්මුකෝ අළුත් සිත්තම් වලින්.. ;)

ලියන්න දේවල් නම් ගොඩාක් තියෙනවා.. හිමිහිට ලියන්නම්කෝ.. හැංගිලා උන්න කාලේ ඔන්න සිත්තරාවි ලංකාවටත් ආවා අවුරුදු 3කට පස්සේ ;) ඒ ඔක්කොම විස්තර අරන් ආයේ අළුත් පෝස්ටුවක් අරන් එනකම් ටටා හොඳේ.. ;) :

සිත්තරාවි ....http://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.com11tag:blogger.com,1999:blog-6641517932297650593.post-27620660078289672592013-01-25T13:30:00.000+01:002013-01-25T13:30:41.556+01:00කලකට පස්සේ..වල් වැදිලා ගිය බ්ලොග් එක පැත්තේ ඔන්න සිත්තරාවි ආයෙමත් සක්මන් කරන්න පටන් ගත්තෝ.... ගොඩ කාලෙකින් කිසිම දෙයක් ලිව්වෙත් නෑ,වැඩේ කියන්නේ ලියන්න කොච්චර දේවල් තිබුනත් ලියන්න හිතෙන්නේත් නැති එකනේ. අසනීප තත්වය නම් තාමත් එහෙමමයි. කොහෙද මේ දවස් වල අපේ කාළගුණ තත්වය එහෙම හොඳ නෑ නොවෑ. ඉතිං කොයි වෙලේ බැළුවත් ලෙඩක්ම තමා. අළුත් අවුරුද්ද පටන් ගද්දිම ලෙඩ තාමත් ඉවරයක් නෑ මුලදි නම් හිතුවේ ලෙඩ හොඳ උනාම ආයෙම ලියන්න පටන් ගන්නවායි කියලා, කොහෙද තාම ලෙඩ හොඳ නෑ නොවෑ ඉතිං ලෙඩ පිටින්ම ආව ලියන්න මොනවා හරි. හැබැයි මම ලියන එක නතර කරලා තිබුනට කියවන එක නම් නතර කරලා තිබුනේ නෑ ඕං. පුළු පුළුවන් වෙලාවට ඇවිත් කට්ටිය ලියන ඒවා කියෙව්වා හොඳේ...

මට බ්ලොග් එක මතක් වෙන්නේ නම් කම්මැලි වෙලාවට තමා. ඒ වෙලාවට හිතට එනවා එක එක විකාර ලියලා දාන්න. ඒත්.... ඒක ලියන්නත් මාරම කම්මැලියි අෆ්ෆා. ඉතිං හිතට ආව ලස්සන සිතිවිල්ල හිතේම තියාගෙන සීතලත් නිසා හොඳට පොරවගෙන නිදා ගන්න එකම තමා කරන්නේ. ඒ වෙලාවට නින්දෙදිම හිතනවා නැගිටපු ගමන් ලියන්න ඕනා කියලා කොහෙද ඒ වෙද්දි අර ලස්සන සිතිවිල්ල මැකිලා ගිහින්. ඉතිං මම මක් කරන්නද..??

මේ දවස් වල හතර වටේටම හිම වැටිලා. ඒත්.... රෝමේට නැහැනේ :(... මම නම් මේ දවස් වල ඒ ගැනත් දුක් වෙවි ඉන්නේ. කොච්චර ආසාවෙන්ද උන්නේ හිමේ සෙල්ලම් කරන්න ෂිට් ....!!!! ඒකත් නැති උනා.

හැබැයි.... ඕන්න සිත්තරාවිට සතුටු වෙන්න නම් කාරණාවක් තියෙනවා ඕං. සිත්තරාවි තව ටික කාලෙකින් ලංකාවට එනවෝ අම්මා බලන්න... හුරේ......!!!! මේ ආව නම් යන්නේ නෑ ගොඩ කාළයක් ඉඳලා තමා ආයේ එන්නේ. ලෙඩ උන වෙලේ තමා හිතුනේ අම්මා ලඟ උන්නා නම් කොච්චර හොඳද කියලා..

ප.ළි. උණ විකාරෙටද කොහෙද පිස්සු ලියලා,කමක් නැහැනේ ඔන්න ඔහේ පබ්ලිශ් කරලා දැම්මා හලෝ..

ඊළඟ ලිපියෙන් හම්බවෙමු..

සිත්තරාවි ....http://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.com10tag:blogger.com,1999:blog-6641517932297650593.post-82321243230552370732013-01-06T14:58:00.000+01:002013-01-06T14:58:26.078+01:00සුභ නව වසරක්.........!!!!!

ලැබුවාවු නත්තල සහ අළුත් අවුරුද්ද සුභම සුභ නව වසරක් වෙන්න කියලා ඕන්න සිත්තරාවිත් බ්ලොග් ලියන කියවන හැමෝටම ප්‍රාර්ථනා කරනවා. හරි හරි.... නත්තල අවුරුදු ලබලා දැන් දවස් ගානක් උනා නම් තමා පරක්කු වෙලා හරි සුභ පැතුවනේ.. ඇත්තම කියනවා නම් පහු ගිය මාසේම බ්ලොග් එකේ සැරි සරන්න බැරි උනේ ඉන්ටනෙට් ප්‍රශ්නයක් නිසානේ.. කොහෙද හදන්න එන්න කිව්වම නත්තල් පහු වෙලා එන්නම් කිව්වානේ. ඒත් කමක් නෑ කියලා කොහොම හරි ඉවසන් උන්නා මොකද උඩ ගෙදර කට්ටියගෙන් ලාවට වගේ වයි ෆයි කනෙක්ශන් එකක් ලැබිලා තිබුනේ. ඒකත් අල්ල ගන්න විඳපු දුකක් අප්ෆා... ඒ දවස් වල නම් කෑමටත් වඩා ඉන්ටනෙට් වල උවමනාව තදින්ම දැනුනා. ඔන්න හා හා පුරා කියලා අළුත් අවුරුද්දත් එක්කම ඉන්ටනෙට් නම් හම්බ උනා. ඒත් වැඩක් නෑ.... කථා කරගන්නවත් බැරි තරමට සිත්තරාවි ලෙඩින් අප්ෆා. බේත් ගත්තත් අඩු නොවන කැස්සකුයි හෙම්බිරිස්සාවකුයි හැදිලා අයියෝ.......... මටමයි අප්ෆා මේවා වෙන්නේ. අළුත් අවුරුද්ද පටන් ගත්තේම කරදර ගොඩකින් මොනවා කරන්නද....

ලියන්න දේවල් වගයකුත් තියෙනවා. අතරමග නවත්වපු ලියවිල්ල ආයේ ලියන්න එන්නම්කෝ ඉක්මනට. ලොකේ විනාස උනේත් නැහැනේ ඒක නිසා නිවි සැනසිල්ලේ ලියන්න පුලුවන් මොකද ආයේ විනාස වෙන්න නියමිත දිනය දැනුම් දීලා නැති පාටයි තව මගේ හිතේ.. හි:) හි:) නොලිය උන්න කාලේ අතුරුදහන් උන සිත්තරාවි ගැන හොයලා බලපු කට්ටියක් උන්නා ඒ අයටත් බොහොම ස්තූතියි...

එහෙනම් ඊළඟ ලිපියෙන් හම්බවෙමු....

සිත්තරාවි ....http://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.com17tag:blogger.com,1999:blog-6641517932297650593.post-58443377990671328282012-12-01T09:58:00.000+01:002012-12-01T12:20:42.428+01:00කුරුළු පිහාටුවක් එවන්න...

හ්ම්...ම්ම් අවුරුදු 3ක්ම උන්නා අම්මේ මම නත්තලක් අවුරුද්දක් සමරන්න ඔයාලා නැතිව. ඇඟ හිරි වට්ටන මේ සීතල ඉවසගෙන ඔයාලා දෙන්නා නැතිව සමරපු ඒ නත්තල් නම් නත්තලක් නොවුන තරම්.. ඒ දවස් හැමෝටම ප්රීතිජනක වෙද්දි මට නම් සමාන්‍ය දවස් උනා.. ඊළග අවුරුද්දෙදිවත් ඔයාලා ඉඳිවිද අම්මේ මා එක්ක නත්තල සමරන්න... මල්ලිට නත්තලට ඕන කිව්ව තෑගි ඔක්කෝම මම ගත්තා.. නංගිටත් ගත්තා ලස්සන එයා වගේම බෝනික්කියෙක්. අම්මටයි තාත්තටයි නම් මම මුකුත් ගත්තේ නෑ.. ඔයාලට තෑගි දෙන්න තියෙන්නේ මාවමයි... මට වගේම අම්මලාටත් මම නැතිව නත්තලක් නෑ කියලා මම දන්නවා. ඒත්...... හැමෝම ඉල්ලන හැමදේම නත්තල් සීයා එයාලට දෙනවා ඒත් මම ඉල්ලන පුංචිම පුංචිම දෙයක් එයාට දෙන්න බැරි ඇයි අම්මේ...? නත්තල් සීයා මා එක්ක තරහා වෙලාද..? එහෙම වෙන්නත් ඉතිං මම නරක ළමයෙක් නෙමේනේ අම්මේ..

අම්මාට මතකද අපි ඉස්සර ගේ ඉස්සරහ හදන ලොකු නත්තල් ගහයි ගවලනයයි.. මුළු ගෙදරටම ලයිට් දාලා, මුළු ගේම සුද්ද පවිත්‍ර කරන් කොච්චර ලස්සනට අපි නත්තල සමරනවාද..? ඒවා කරන්න අම්මාට උදව් වෙන්න තාත්තත් නෑ මමත් නෑ නංගිත් නෑ... අම්මගේ තනියට ඉන්නේ චූටි මල්ලියා විතරයි.. පව් පොඩි කොල්ලා තනියම ඒව කරගන්න් බැරිව අඬනවා ඇති.. නත්තල කියන්නේ මොකක්ද කියලා ඒ දවස් වල නම් මට වැටහුනේ නෑ අම්මේ ඒ උනාට දැන් නම් මට තේරෙනවා හොඳට.

පොඩි මල්ලී අතේ අනේ අම්මේ.. ගෙදර එන්න මට කුරුළු පිහාටුවක් එවන්න.

සිත්තරාවි ....http://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.com37British School Eur, Via Rhodesia, 16, 00144 Rome, Italy41.8213399 12.470329141.8094429 12.450588100000001 41.833236899999996 12.4900701tag:blogger.com,1999:blog-6641517932297650593.post-21496299698286076552012-11-23T13:52:00.002+01:002012-11-23T14:00:06.517+01:00ලෝදියට යට උන පොම්පේ නගරය

ලතින් බසින් හඳුන්වන ආකාරයට පොම්පේ යනු දෙවන පිරිහීමයි. Thoedor Kraus ,අනුව පොම්පේ කියන වචනයේ මූලය ප්‍රකාශයට පැමිනෙන්නේ oscan භාෂාවට අනුව පහ යන ඉලක්කමේ වචනයයි.

පොම්පේ නගරය රෝමයටත් නාපෝලියටත් නුදුරින් පිහිටි කම්පානියා(campania) ප්‍රදේශයේ වැලලී ගිය කොටසකි.වෙසුවියස් ගිනි කන්ද(Mount Vesuvius) වේගයෙන් පිපිරී යාම නිසා පොම්පේ නගරයේ මීටර 4ත් 6ත්(13-20අඩි) අතර ප්‍රමාණයක් ගිනිකඳු අළු වලින් වැළලී ගොස්, විනාශ වී තිබී ඇත.ඒ ක්‍රිස්තුවර්ශ 79 දි අගෝස්තු මසක 24 වන දිනකදීය. පොම්පේ නගරය වසර 1700කට අධික කාලයක් නැතිවී තිබියදි 1748 පටන් ගත් කැනීම් වලින් එය යලි සොයා ගන්නා ලදී. එතැන් පටන් එහි කැනීම් මෙම නගරය පිළිබඳව අති විශේශ තොරතුරු සපයා දී තිබේ.

භූගෝල විද්‍යාවට අනුව ගරා වැටුන පොම්පේ නගරය පිහිටා ඇත්තේ ඛණ්ඩාංක 40° 45°N 14°29'10°E. පොම්පේ නගරය වෙසුවියස් ගිනිකන්දට කිලෝ මීටර 8ක් නුදුරින් පිහිටා ඇත. එය කම්පානියා නම් කලාපයේ අක්කර 163ක විශාල භූමි ප්‍රමාණයක් ආවරණය කරයි.

ක්‍රිස්තුවර්ශ පළවන සියවස වන විට වෙසුවියස් කන්ද අසළ පිහිටි තවත් එක් විශාල නගරයක් විය පොම්පේ නගරය. මෙම කළාපයේ කෘෂිකාර්මික කටයුතු වලින් සැළකිය යුතු ජනගහනයක් ජීවත් විය. අවාසනාවකට මෙන් ක්‍රිස්තුවර්ශ 79දී වු පිපිරීමට මේ හැමෝටම පාහේ මුහුණ දීමාට් සිදු විය. මෙම ලෝදිය ගඟ කිලෝමීටර 10ක් දක්වා පැතිරීම නිසා නිවෙස් වල ආරක්ශාකාරීව උන් මිනිසුන්ට පවා මේ ඉරණමට මුහුණ දීමට සිදුවූ බව සොයා ගෙන ඇත. 2010 වසරේදි කරන ලද පරීක්ෂණ වලින් ඔප්පු වී තිබෙන්නේ අවම 259°C යටතේ පිපිරීමකට ලක් වු හෙයින් ඔවුන් මෙයට මුහුණ දීමට සිදුවූ බවයි.

ඉහතින් දැක්වෙන්නේ ගිනි ජාලාවට යටවුනු මිනිසුන්ය.

පුපුරා යන වෙසුවියස් ගිනි කන්ද.

ලෝදියට ගල් වු සුනඛයෙක්

පොම්පේ නගරය.

මේ අතර පොම්පේ නගරය වසර 250කට අධික කාලයේ පටන් ඉතාලියට පැමිණෙන විදේශිකයන් අතර ජනප්‍රිය වු ප්රදේශයෙකි. වසරකට මිලියන2.6ක විදේශිකයන් මෙය නැරඹීමට පැමිනේ. මෙය ඉතාලියේ දැනට පවතින අති විශාලතම සංචාරක කලාපය ලෙස නම් කෙරේ. මෙහි විශාල කොටසක් වන Vesuvius National Park 1977දි UNESCO සංවිධානය විසින් World Heritage Siteඑකක් ලෙස ප්‍රකාශ කරන ලදි.

තොරතුරු සොයා ගත්තේ විකිපිඩීයා විශ්වකෝශයෙනි

සිත්තරාවි ....http://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.com32tag:blogger.com,1999:blog-6641517932297650593.post-55256624053357153522012-11-22T12:03:00.000+01:002012-11-23T13:54:10.805+01:00වතිකානු රාජ්‍ය හා කොලෝසියම.

බලමුද ඉතාලියේ ඓතිහාසික තැන් කිහිපයක් ගැන... හැමදාම එක එක කතා ලිව්වනේ ඒ උනාට වැදගත් කියලා යමක් ලියන්න හිතුනා. එහෙම කල්පනා කරද්දි තමා මේ අදහස ආවේ. මෙහේ කොච්චර වටින කියන තැන් තියෙනවාද කියලා. ඉතින් ඒ තැන් ගැන මමත් දන්න ටිකක් ඔයාලාත් එක්ක බෙදාගන්න හිතුනා.

මේ තියෙන්නේ වතිකානුව.

වතිකානු රාජ්‍ය ඉතාලියේ රෝම නගරය ඇතුලත පිහිටා ඇත. 1929දී ලැටරන් ගිවිසුමට අනුව වතිකානුව පිහිටුවන ලදී. වතිකානු රාජ්‍ය මුල් ක්‍රිස්තියානු කාලයේ සිට පැවත එන ශුද්ධාසනයෙන් වෙනස් වන අතර ලොව වටා සිටින බිලියන 1.2 පමණ වන කතෝලික බැතිමතුන්ගේ මූලස්ථානය වේ.වතිකානුව රෝමයේ අගරදගුරු වූ පාප්තුමා විසින් පාලනය කරනු ලබන පැවිදිසි හෝ කතෝලික පූජක-ඒකාධිපති රාජ්‍යක් වේ.ශා. පීතර බැසිලිකාව, අපෝස්තලික මන්දීරය, සිස්ටීන් දෙව්මැදුර, කෞතුකාගාර හා තවත් විවිධ ගොඩනැඟිලි මෙම භූමියේම පිහිටා ඇත.පාප් තුමෙකු තෝරා ගැනීම හා ඔවුන්ගේ කටයුතු මේ වතිකන් රාජ්‍ය ඇතුලත සිදුකෙරේ.

මේ තියෙන්නේ කොලෝසියම

කොලෝසියම යනු ඉතාලියේ රෝම නගරයේ පිහිටි අණ්ඩාකාර අර්ධ මණ්ඩල රංගපිටියකි.මෙය රෝම වාස්තු විද්‍යාඥයින්ගේ හා රෝම ඉංජිනේරුවන්ගේ මාහා අනර්ග නිර්මාණයක් ලෙස හඳුන්වනු ලබයි. මෙහි ප්‍රේක්ෂකයන් 50,000 අදික සංඛ්‍යාවකට අසුන් ගත හැක.කොලෝසියම බොහෝ විට ප්‍රොයෝජනයට ගැනුනේ අවිගත් ක්‍රීඩා සඳහාය ඒ අතුරින් සත්ව දඩයම,mock sea battles, ප්‍රධාන යුද ක්‍රීඩා විය. එමෙන්ම පැරණි මිත්‍යා කථා මුල් කරගෙන නාට්‍යද රඟපාන ලදී. මෙම පැරණි වැරුනු ගොඩනැගිල්ල මධ්‍යම කාලපරිච්ජේදයේදි විනෝද උත්සව සඳහා භාවිතා කරන ලදී. පසුව නැවත එය නිවාස කටයුතු බිංකලය,ආගමික නායකයන්ගේ වාසස්තාන,බලකොටුව හා ක්‍රිස්තියානි පූජනීය ස්ථානයක් බවට යොදා ගන්නා ලදී. එවකට සිටි වෙස්පාසියන් නැමැති අධිරාජ්‍යාගේ අනුමැතිය යටතේ මෙහි ඉදිකිරීම් ක්‍රිස්තුවර්ෂ 72දී අරඹන අතර ක්‍රිස්තු වර්ෂ 80 දි එවකට සිටි 10 වන රෝමානු අධිරාජ්‍ය ටයිටස් අධිරාජ්‍යා යටතේ නිම කරන ලදී.පසුව එහේ වැඩි දුර වෙනස් කිරීම් ඩොමිටේන්ස් නැමැති 11වන අධිරාජ්‍ය වරයාගේ යටතේ සුදුවිය. භූමිකම්පා හා වෙනත් විවිධ හේතුන් මත කොලෝසියම කොටස් කිහිපයක් විනාෂ වී ගොස් ඇති බව දැන් අපට දැකගත හැක. විදේශකයිනේ ඇසට ග්‍රහණය වන තවත් එක් සුවිසේශි රෝමානු නිර්මාණයක් ලෙස අපට අද මෙය දකින්නට පුළුවනි.ඒ වගේම කොලෝසියම හා කතෝලික දේවස්ථාන අතර ලඟ සම්බන්ධතාවක් දැක්නට ඇත. ඉතාලියේ දැනට පවතින ශත පහේ කාසියේ කොලෝසියේහි චිත්‍රයක් එහි විග්‍රහා කර දක්වනවා.

අද කොලෝසිය අසල විදේශකයින් ප්‍රමාණය

2012 වර්ෂය වනට විට කොලෝසියම

ශත පහේ කාසිය මුහුණත ඇති කොලෝසියම

තොරතුරු නම් හොයා ගත්තේ විකිපිඩියා විශ්වකෝශයෙන්..

සිත්තරාවි ....http://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.com14tag:blogger.com,1999:blog-6641517932297650593.post-68566840954527830532012-11-20T17:04:00.000+01:002012-11-20T17:04:39.025+01:00වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත..

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද

දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත..

ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්

මනු ලෝ තලයේ වාසනාවන්....

පටන් ගද්දිම ලියලා තියෙන දේ දකිද්දි කට්ටිය හිතුවානේ සිත්තරාවිට අකරතැබ්බියක් වෙලායි කියලා. හ්ම්......ම් එහෙමත් නෑ නැත්තෙමත් නෑ යාළුවනේ. ලංකාවේදි වගේ නම් නෙමේ මේ වගේ හොඳ හැටි අත්දැකීම ගන්න පුළුවන් ආගන්තුක රටකට වෙලා ඉන්නැද්දි... ඒත් ඉතිං මේ වගේ ගරු නම්බු වැඩි පුරම හම්බවෙන්නේ අපේ සිරි ලංකාවේ ඉංගිරිසී හදවත් තියෙන ඈයොන්ගෙන්ම තමා.හරි හරි.... අපිට එයාලාගෙන් ඇති වැඩක් නෑ. ඕන දෙයක් කියපුදෙන්,කරපුදෙන් අපිට මොකෝ අපේ ඇඟේ ගෑවෙනවා කියලායෑ. අපේ අම්මා කියනවා වගේ "එයාලාගේ පව් එයාලා ගෙනියයි.අපේ පව් අපි ගෙනියමුකෝ".

ඔය මට නපුරුකම් කරන වල කපන කට්ටියට නෙමේ අද මම මේ පෝස්ට් එක ලියන්නේ, මේ රෝමේ මට හම්බ උන දෙවිදේවතාවන්, දිව්‍යංගනාවන් වගේ කට්ටියක්ට කළගුණ සැලකීමක් ලෙස හැමදාම මතක සිහිවටනයක් විදියට තියාගන්න තමා අද මම ලියන්නේ. සිත්තරාවි රෝමෙට ඇවිත් තාම වැඩි කාලයක් නම් නෑ.මේ වෙනතුරු කවදාවත් අනුන්ගේ තැන් වල ඉඳලත් නෑ. ඒත් ජීවීතේ පළවෙනි වතාවට කියලා කුළියට ගිය කාමරේ උන්නේ බැටළු හම පොරවාගත්තු වෘකයෝ වගයක්. පණ දෙන්න කථා කලාට හිතින් කියන්නේ නම් නැතිවෙලාම පලයං කියලා තමා. හරි හරි එයාලාගෙන් අපිට වැඩක් නෑ(මතකයිනේ අම්මා කියපු දේ..) ඉතිං මට හම්බ උනා හරි හොඳ කට්ටියක්. මේ කට්ටිය මුස්ලිම් කට්ටියක්.(සිත්තරාවි ජාති ආගම් භේද බලන කෙනෙක් නෙමේනේ)අයියා මලෝ දෙන්නා හා මෙයලා කරකාර අරන් උන්න අක්කලා දෙන්නා ගැන තමා අද මම මේ කියන්නේ. හරිම හොඳ කට්ටියක්. මට නම් මගේ නෑයෙක්වත් වටින්නේ නෑ අද මෙයාලා තරම්. එච්චරටම සිත්තරාවිට උදව් කරලා තියෙනවා,සිත්තරාවි ගැන හොයලා බලලා තියෙනවා. කන්නේ මොනවාදෝ කිය කිය හිත හිත ඉද්දි මෙයාලම කෝල් කරලා කෑවද බිව්වද කියලා අහලා කාලා නැත් නම්, උයන්න දෙයක් නැත් නම් ගෙදරට එනකම් කෝල් කර කර බනිනවා. මුලිනුත් මම කිව්වනේ මම රෝමෙට නම් අලුත් ඉතින් හරියට පාරවල් ගැන දැනීමක් නැති නිසා කොහේවත් යන්න විදියක් නෑ.. ඒත් මේ අක්කලා දෙන්නා ඉන්නකම් ඒ ගැන නම් බය වෙන්න දෙයක් නෑ. ඕන තැනකට මා එක්ක යන්න එනවා. කිව්වොත් අපායට උනත් ඒවි. ප්‍රශ්නයක් උනාමත් හැබැයි ඒ වගේමයි. සාමෙන් නම් සාමෙන් වෛරයෙන් නම් වෛරයෙන් ඕන දේකට මේ සිත්තරාවිගේ හෙවනැල්ල වගේ ඉන්නවා. ඒ වගේම තමා මේ අයියලා දෙන්නත් හරිම හොඳයි. මම මුලින් කිව්වනේ මම මුලින්ම කුලියට ගිය ගෙදර අයිතිකාරයෝ මොන වගේද කියලා. හෆ්ෆෝයි... ඒ ලංකාවේ ඉපදුන ලංකාවේම හැදුන වැඩුන සිංහල ඈයෝ තමා අසරණ අහිංසක මිනිස්සුන්ව පාගලා දන්නේ. එයලා ඉතින් වාහන තියෙන,හොඳ ම(ර්)ක් තියෙන ඇඳුම් පැළඳුම් අඳින කට්ටියවනේ ආශ්‍රය කරන්නේ. ඒ උනාට වැඩක් නෑ කන්නේ කරිටාස් එකෙන් නිකන් දෙන කෑම ගෙදර ඉන්න එකම අම්මාට සලකන්න දන්නේ නෑ. පව් ඒ අසරණ අම්මා වැඩකාරිවගේ ඒ ගෙදර. මම මෙහෙම කිව්වේ සිංහල කට්ටිය ගැන වැරදි කියන්න නම් නෙමේ. ඒත් මම දැකපු දෙයක් අත්දැකීමෙන් මේ කියන්නේ. අර මුස්ලිම් ගෙදර කට්ටිය ජාති ආගම් භේද කිසිම දෙයක් බලන්නේ නැතිව මිනිස්සුන්ට උදව් කරනවා. ඒත් අර මම කියපු කට්ටිය වෙන ආගමක ජාතියක කෙනෙක් දැක්කම සලකන්නේ,බලන්නේ ත්‍රස්තවාදියෙක් ගානට . ඒ උනාට ඉතාලිකාරයන්ව දැක්කම දෙයියන්ව දැක්කා වගේ තුනට හතරට නැමිලා ඉන්නේ. කිව්වොත් උන්ගේ කකුලුත් ලෙවකන ගානට ඉන්නේ.(දැනටමත් කරනවද දන්නේත් නෑ) ඒත් ඇයි ඒ මිනිස්සුන්ට එක තප්පරයකටවත් හිතෙන්නේ නැත්තේ වෙන ජාතියක,ආගමක උනත් අර ඉන්නේත් සිංහල ලේ තියෙන අපේ රටේම මිනිස්සු කියලා. පුදුම මිනිස්සු තමා.

එහෙම බලද්දි නම් මගේ හිතේ අර මුස්ලිම් ගෙදර කට්ටිය ගැන තියෙන්නේ පුදුම භක්තියක්,ගෞරවයක්. හැම ආගමකටම ගරු කරන්න එයාලා දන්නවා. ආගම් ජාති භේද නොබලා මිනිස්සුන්ට උදව් කරන්න තරම් ඒ මිනිස්සුන්ගේ හිත් උනු වෙනවා.

මෙහෙම ලියද්දි කියවන ඔයාලා සමහර විට හිතාවි සිත්තරාවි මේ හදන්නේ ජාති ආගම් භේද ඇති කරන්න කියලා. නෑ කොහෙත්ම නෑ. සිත්තරාවිත් සිංහල කතෝලික පවුලක දැරිවියක්. ඒත් ජාති ආගම් කුළ මළ නැති පිරිසිඳු හදවතක් ඇත්තියක්. හැම ආගමකට ගරු කරන්න අපේ අම්මාලා අපිට කියලා දීලා තියෙනවා. මට නම් අද මේ රෝමේ මේ මිනිස්සු තරම් හොඳ මිනිස්සු ටිකක් තවත් නෑ.

සිත්තරාවි ....http://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.com11tag:blogger.com,1999:blog-6641517932297650593.post-79153062138879597262012-11-16T18:54:00.000+01:002012-11-16T20:22:02.299+01:00ඇතුවත් බෑ නැතුවත් බෑ..ලු

ළඟ නැහැයි කියලා දැන ගත්තම කවුරුත් ලඟ නෑ..

තියෙනවායි කියලා දැන ගත් විට

ඇස් දෙකට මුණ නොගැසුන ඈයෝ පවා නෑයෝ වෙයි..

ඒ ඉතින් ආදරේකට නොව කියලා හැඟෙන්නේ වැරදුන පසුවයි.

මට නැති විට දෙන්න කිසිවෙක් නැත.

උන්ට නැති උන විට මගේ හිත උනු වෙයි.

ඉතින් මම උන්ට දෙයි..

ඒ ඉතිං වෙන මොනවාත් නෙමේ

ඇතුවත් බැරි නැතුවත් බැරි සල්ලි...

සිත්තරාවි ....http://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.com18tag:blogger.com,1999:blog-6641517932297650593.post-42250318673273007992012-11-15T08:14:00.000+01:002012-11-15T08:14:30.681+01:0022nd Anniversary One day they met...

They were smiled..

They started talking..

A new friendship was begun..

With the time they get closed

They met each and every seconds that they got

Shared all tears and laugh..

BUT......

Without knowing to them

Their hearts were in love

One day.. He told his love to Her

She also expecting his love

She felt shy.. she was happy

A drop of tears comes from her eyes

Old friendship...

Turn in to a new relationship

It was end with a marriage

End.... ??? nope it was started

A new life

Yeah..!!

today is your 22nd wedding anniversary

HAPPY WEDDING ANNIVERSARY MUM AND DAD

Live long life together

It's small wish from your

elder daughter..

God Bless Is Always With You...

1990/11/15... To... 2012/11/15

සිත්තරාවි ....http://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.com22tag:blogger.com,1999:blog-6641517932297650593.post-44445914591952238782012-11-05T14:11:00.000+01:002012-11-05T14:11:06.204+01:00පාළුයි ආච්චියේ මට..ඔයාට මතකද ආච්චි ඉස්සර ඉස්කෝලේ ගිහින් එද්දි අපේ ඉස්කෝලේ ලඟ ඉඳලා බස් ස්ටෑන්ඩ් එකට එනකම්ම වටේම තියෙන කඩවල් වල තියෙන අළුත් ඇඳුම් මෝස්තර මම බලන් එනවා. ඒ ඉතින් වෙන මොකටවත් නෙමේ ඒවා ගැන උජාරුවට මම කියද්දි ඊට ටිකක් හරි වෙනස් කරලා ඔයා මට මහලා දෙනවා කියලා මම දන්න නිසායි. ඔයාත් හොඳට කඩේ තියෙන ඒවල ඇද පෙන්නනවා. මොකද ඉතින් ඔයා මැහුම්ශිල්පිණියනේ. එන එන මෝස්තරේට ඇඳුම් මහන්න අම්මා සල්ලි නොදෙද්දි සීයාගේ පැන්ෂන් එකෙන් හම්බවෙන එක ඔයා මගේ අත් මිටි මොලවන්නේ ඔයාගේ අනිත් මිනිබිරියන් හය දෙනා රෙඩිමේඩ් ඇඳුම් අඳිද්දි මම විතරක් ඔයාගේ පරණ මැෂිමෙන් මහන ඔයාගේ සුකුරුත්තම් වලට ආදරේ කරන නිසායි. අවුරුදු දහාතුනක් ඉස්කෝලේ ගියා ඒ මුළු අවුරුදු දහාතුනටම මගේ යුනිෆෝම් එක මැහුවේ ඔයායි. ඔයාට මතකද දවසක් ඔයාගේ දණිස් අමාරුයි කියලා වෙන කෙනෙක්ට කියලා මසා ගත්ත ගවුමේ රෑජාමේ වෙනකම් ඔයායි මමයි වැරදි හෙව්වා. අන්තීමට අම්මාගෙන් බැනුමුත් ඇහුවා. මොනවා කරන්නද මම පුරුදු උනේ ඔයාටනේ. ඒත් අද... මමත් ඔයාගේ අනිත් මිනිබිරියන් වගේ රෙඩිමේඩ් ඇඳුම් අඳින්න පුරුදු වෙලා..

උදේ 8.30ට පටන් ගන්න ඉරිදා පූජාවට ඔයා යන්නේ 6.30ට. වෙලාවකට අම්මත් ඔයාට බනිනවා ඒ ඉතින් තරහකට නෙමේ කියලා ඔයාත් හොඳටම දන්නවා. මොකද ඉතින් පාන්දරයාමේ නැගිටන එක ඔයාට හොඳ නැහැනේ. කොහෙද ඉතින් කිව්වාට අහනවායෑ ඔයා ඉතින් එච්චර උදේම යන්නේ ඔයාගේ ආදරවන්තයාව බලන්නනේ. කොහෙද අම්මාලා දන්නේ නැහැනේ අම්මාලට කලින් ඔයා ගිහින් සීයාව බලනවායි කියලා. ඒක ඉතින් දන්නේ මමයි අර පස් කන්දට යට වෙලා සැපට නිදන් ඉන්න සීයයිනේ.

ඉස්සර පහළ ළිඳෙන් නාන්න හිතුනාම මම නාලා ඉවර වෙනකම් මගේ ළගට වෙලා තනි රකින්නේ ඔයායි. ඉස්කෝලේ ප්‍රොජෙක්ට් හදද්දි පොල් කොළ වලින්, ඔයා මහලා ඉවතලන රෙදි කෑලි වලින් මගේ ප්‍රොජෙක්ට් එකේ මුල් පිටුව හැඩ කරන්න ඔයා හරි සමත්. ඒක දැක්ක ගමන් මට ලකුණු වැටිලා ඉවරයි. ඒක කොපි කරන් මගේ යාළුවෝ ඊලඟ ප්‍රොජෙක්ට් එකට සැරසෙද්දි වෙනදා වගේම අළුත් දෙයක් ඔයා මට හදලා දෙනවා. ඉතින් උන් හැමදාම මගේ කව(ර්) පේජ් එකට පරදිනවා. ඒවා මම කට උල් කරන් ඉස්සර කියද්දි ආඩම්බර වෙන්නේ ඔයා කියලා මම නොදන්නවා නොවේ.

මට මතකයි මම සාමාන්‍ය පෙළ පාස් උන වෙලේ ඔයා පල්ලි ගිහින් ඔයාගේ යාළු ආච්චිලත් එක්ක හරි ආඩම්බරෙන් කිව්වා මගේ කෙල්ල විභාගේ පාස් කියලා. ඒ උනාට මගේ උසස් පෙළ ප්‍රථිපල බලන්න ඔයාට ඉන්න බැරි උනා නේද ආච්චියේ... ඇයි එච්චර ඉක්මනට මාව දාලා ගියෙ..

ඔයා අසනීප වෙලා දවස් තුනයි අපිත් එක්ක උන්නේ. සීයා ඔයාට දුක් විඳින්න ඉඩ දෙන්නේ නැතිව එයා ළඟට ඔයාව එක්ක ගත්තා. ඒකාත් හොඳයි ආච්චි. සියා කලේත් හොඳ වැඩක්. මොකද ඔයාට තිබුනේ පිළිකාවක් ඒක ඔයා දැන ගන්නත් කලින් සීයා ඔයාව එයා ළඟට ගත්තා. ඒත්..... මට ඒ දවස් මතක් වෙද්දි තාමත් දුකයි. මීගමුවේ මූළික රොහලේ ඇඳක් උඩ ඔයා උන්න විදිය මතක් වෙද්දි තාමත් ඇස් දෙකට කඳුළු එනවා. ඒ ඔක්කෝටම වඩා ඔයා මා එක්ක කථාවත් කලේ නෑ මාව දාලා යන්න කලින්. මම දන්නවා ඔයා මා එක්ක තරහින් උන්නේ ඒ මළවුන්ගේ මංගල්‍ය දවසේ සීයව බලන්න මට එන්න බැරි උන නිසා. ඔයා මැරෙනකම්ම ඒක කියෙව්වා කියලා නැන්දා මට කියපු ඒ වචන තාමත් මට ඇහෙනවා වගේ සුදු ආච්චියේ. අනේ ඒ වැරැද්ද මට හදන්න පුළුවන් කමක් තියෙ නම්......

ඔයා තාමත් අපි අතරේ ඉන්නවා නම් ආච්චි.... ඔයා නැතිව මට ගොඩාක් පාළුයි ආච්චි. කෝච්චියක් වගේ කියවපු මේ කට දැන් වැහිලා.හැම ඕපාදූපයක්ම අහන්න මං ලඟට වෙලා උන්න ඔයා දැන් නැහැනේ. මේ මාසෙට ඔයා මාව දාලා ගිහින් අවුරුදු 3ක් වෙනවා. හැමදාම ඔයාව හීනෙන් පේනවා ඒදා මම දැක්ක හීනේදි ඔයා මාව බදාගෙන ඇඬුවා මම ඔයාව බලන්න ආවේ නෑ කියලා.ඉක්මනට් එනවා සුදු ආච්චියේ ආච්චිව බලලා යන්න. එතකන් මගේ සුදු ආච්චියට ජේසු පිහිටයි.. සිත්තරාවි ....http://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.com33tag:blogger.com,1999:blog-6641517932297650593.post-24294778329200118542012-11-03T21:24:00.000+01:002012-11-03T21:24:48.452+01:00在中國商店工作... Working At Chinese Shop..你好你怎麼樣......?පෝස්ට් එක පටන් ගද්දිම තිබුන අකුරු ටික දැකලා බය උනාද..? හි:) හි:) බය වෙන්න කාරි නෑ.. මේ දවස් වල සිත්තරාවි වැඩ කරන්නේ මෙහේ තියෙන චීන කඩයකනේ.. ඈ.. ඉතාලියෙත් චීන කඩ තියෙනවාද..? තියෙනවා නේන්නම්.. මම නම් හිතන්නේ චීනෙවත් නැතිව ඇති මෙහේ තරම් චීන කඩ.

හරී ආසාවෙන් කරන රස්සාවක් මේක නම්. ඇයි ඉතින් මෙළෝ දෙයක් කරන්න නැහැනේ කඩේ වටේ රවුම් ගහන් එක තමා කරන්නේ. හැබැයි.. මේ ඔක්කෝටම වඩා පිස්සු හැදෙන්නේ මේ කට්ටියට ඉතාලි භාෂාව බැහැ. ලස්සන තරුණ චීන කොල්ලෙක් ඉන්නවා මේ කොල්ලට විතරයි භාෂාව පුලුළුවන්.මෙයාගේ අම්මටයි තාත්තටයි දෙයක් කියන්න ඕන නම් රඟපාලා පෙන්නන්න වෙනවා. කඩේට එන කට්ටියත් වෙලාවකට පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා. මේක කඩයක් කිව්වාට පොඩි සුප(ර්) මා(ර්)කට් එකක්. ඉතින් සමහරක් දේවල් පේන්න නැති උනාම මගෙන් අහනවා. මමත් ඉතින් අළුත්නේ තාම ඒ ඒ දේවල් තියෙන තැන් දන්නේ නෑ. එයාලාගෙන් ඇහුවාහම චීන භාෂාවෙන් මට උත්තර දෙනවා. අනේ.... අෆ්ෆෝ.. ඒ වෙලාවට හිතෙනවා ඇයි මමත් මෝඩි වගේ ගිහින් මෙයාලාගෙන්ම ඇහුවේ කියලා.චාං චූං ගගා මොනවාදෝ කියවනවා ඉතින් ඒ වෙලාවට. පැය 8ක් කඩේ වැඩ කරනවා. ඒ උනාට වචනයක් මම නම් කථා කරන්නේ නෑ මේ කට්ටියත් එක්ක.මොකො ඉතින් මට කියලා චීන කථා කරන්න පුළුවන්යෑ. මූන දිහා බල බල හිනා වෙන එක තමා කරන්නේ මුළු පැය අටටම.

ඔන්න ඉතිං ගිය මුල්ම දවසේ මම එන්න ටිකකට කලින් මෙයාලා රොටී වගේ කෑමක් හදන් අරන් ආවා කඩේට. දැන් ඉතින් මටත් එකක් දුන්නා. මට එපාමයි කියලා සියවතාවක් විතර මම කියන්න ඇති. ඒ ඉතින් එහෙම කිව්වේ වෙන හේතුවකට නෙමේ අපේ අයියාලා අක්කලා මට කියලා තිබුනේ මෙයාලා හැම සතෙක්ගේම මස් කනවායි කියලා. අෆ්ෆෝ.... මම ඉතින් හැමදේම හලලා, පෙරලා, තෝරලා, බේරලනේ කන්නේ දැන් මට තිබුන ලොකුම බය මේ රොටිය ඇතුලේ තිබුන මස් එක මොනවද කියන එකයි. කොහෙද ඉතින් ප්‍රශ්නයක් තිබුනයි කියලා අහන්නයෑ.. මම කියන එක තේරෙනවායෑ.. කන්දෝ.. නොකන්දො කියලා මම දැන් ලතවෙනවා. විසික් කරන්නත් බෑ. එයාලාත් මං ලඟ අනික කැමරාත් තියෙනවා. මොනවා කරන්නද කෑවා. හැපුවට හැපෙන්නේත් නෑ.. උගුරෙන් පහලට ගිල ගත්තේ බොහොම අමාරුවෙන්.අම්මේ.... ඒ වෙලේම හිතා ගත්තා ආයේ නම් මොන දේ දුන්නත් කන්නෙ නම් නෑ කියලා.හැබැයි ඉතින් ඒකේ මොන මස් තිබුනද කියන්න මම නම් අදටත් දන්නේ නෑ. මෙතනට එන ආච්චිලාගෙන් තමා ලොකුම වදේ තියෙන්නේ. ඇයි ඉතින් කොයි වෙලෙත් නහයෙන් අඬාගෙනනේ ඉන්නේ. හොඳක් උනත් එහෙමයි නරකක් උනත් එහෙමයි. මමත් ඉතින් චුට්ටක් බට(ර්) පාර දීලා දානවා මේ ආච්චීලාට අපෝ.. ඒ වෙලාවට මගේ මූණ ඉවරයි මේ නාකි ආච්චිලා ඉඹලයි අතගාලායි..ගෑණු ළමයිට වඩා ආච්චිලානේ අප්පා ස්ටයිල් කරන්නේ කඩේට අවහම පාට පාට,මල් තියෙන ඒවා කියයි සමහරුනට සමනල්ලු ඉන්න ඒවා ඕනා කියයි විකාර කෝටියයි.මම මේ කල්පනා කරන්නේ ඉතාලි මිනිස්සුන්ට වඩා චීන මිනිස්සු හම්බකරනවා හොඳට. මේ කඩේට එන අය දිහා බැලුවහම ඒක පේනවා. හැබැයි ඉතින් කිසිම කල් පැවැත්මක් නැති භාණ්ඩ වගයක් තියෙන්නේ. හයියෙන් සුළඟක් හැමුවොත් කැඩෙයි කියලා බයේ බෑ. හ්ම්... ඒක ඉතින් ඒවා ගන්න අය දැන ගන්න ඕනානේ ලෝභ කමට අඩු ගනන් හොයන්නේ නැතිව දිගු කාල් පැවැත්මක් තියෙන දෙයක් ගන්න.

කවදාවත් නොකරපු අළුත් රස්සාවක්. අත්දැකීම නම් ගොඩාක් ගන්න පුළුවන් වෙයි තව ඉස්සරහට.ඒ වගේම තව අළුත් භාෂාවක්. බලමුකෝ..කලින් නරක රස්සාවක් හම්බ උන වෙලේ ගොඩාක් කට්ටිය සුබ පැතුවනේ ඉක්මනට හොඳ රස්සාවක් මට ලැබෙන්න කියලා ඔන්න මට හොඳ රස්සාවක් හම්බ උනා. ඒ ඔක්කෝටම බොහොම ස්තූතියි...සිත්තරාවි දැන් හොඳ රස්සාවක් කරනවෝ..

සිත්තරාවි ....http://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.com33tag:blogger.com,1999:blog-6641517932297650593.post-51012495038160124152012-10-30T10:30:00.000+01:002012-10-30T10:30:35.610+01:00My Wishes.. Sometimes I think if I was a bird

Then I can fly far away

With my little wings....

Sometimes I wish if I was a river

Then I can flow across the valleys

And can join to the sea...

Sometimes I think if I was a star

Then I can shine whole night

And moon will stay with me

Oh...!!!Shit.. !!

Why did I forgot these....

I can't fly far away

'Coz my little wings

Getting tired..

I can't join to the sea

'Coz my journey

Will be end forever..

I do't want to be a star

'Coz it doesn't shine

During day time and moon

Never stay with me whole day

Oh...!!! why is that..

I want to be a person

Who is useful, important

During whole life time..

How can I do it... ???

සිත්තරාවි ....http://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.com16tag:blogger.com,1999:blog-6641517932297650593.post-69947178412999306612012-10-28T20:39:00.001+01:002012-10-28T20:39:48.049+01:00නොනිඳන නෙතු...

තරුද නිදන මහ රෑ

නිදමි මහද නිදි රෑ

මතක පොතේ කඳුලින් කටු ගෑ

කවි ලියවෙයි මහ රෑ

පිනි විසිරෙන විට වටහා ගනු මැන

දෙනෙතින් කඳුලැලි ගලන තරම්

රෑහි හඬන විට හඳුනා ගනු මැන

රෑ තුන් යාමේ හඬන හැඬුම්

රේඩියෝවේ එහා කොනින් ඇසුනු ගීයතය මොහොතකට මගේ සිත සසල කලේය.ඒ අතීතයේ මා නවතන්නට තරම් ඒ වචන සමත්විය. ඇත්තටම ඔහුට දැනෙනවා ඇතිද මේ ඇස් වලින් වැටෙන කඳුලු බිඳු... නෑ..... කොහෙත්ම වෙන්න බෑ.... එහෙම දැනෙනවා නම් ඔහු මෙසේ මේ හිත රිදවා පැත්තකර වෙන්නේ නැත. තේමිය ඔහු මා රැවටූ තරම්..... අනේ..!! මා මේ හූල්ලන ගින්දර කිසිදිනෙක ඔහුට පත්තු නොවේවා. මන්දයත් ...... ඒ තරමට මා ඔහුට පෙම් කලේමි. අද සරසි ඔහු නිසා ජීවත් වෙන මළ කඳකි.

"හැමදේම ලෑස්තියි චූටි නංගියෝ වෙඩිං එකට අපේ බට්ටි ලෑස්තිද..?" අයියා එහෙම කියද්දි මට අමුතුම ලැජ්ජාවක් ඇති උනි. හෙට දිනයේ මනමාලි වන හැම කෙල්ලෙක් වගේ මගේ හිතද කියා ගන්න බැරි තරම් දෙගිඩියාවකින්, සතුටින් පිරි ඉතිරේ. තේමිය ඔහු සරසිගේ අත ගන්නට සැරසුන කුමරා විය. යෝජිත විවහයක් වු හෙයින් අප මාස 8ක් තුරාවට ඇසුරු කිරීමෙන් විවාහයකට එලඹුනි.

"කපු මහත්තයා ගෙනාව මේ යෝජනාව පොඩ්ඩි කැමති උන එක නම් හොඳයි ඒ ළමයත් පවුලෙ කට්ටියත් හොඳා නොවෑ"  අම්මා අප්පච්චි එක්කලා එහෙම කියන්නට ඇත්තේ අවුරුදු 24ක් උවත් කිසිම කොල්ලෙක් ගැන ආල හිතක් මට පහල නොවු නිසාය. එක අතකට එය එහෙම වුන එකට ඔවුන් පුදුම නොවිය යුතුය. සරසිට ආලය නොදැනුනා නොවේ,සරසිට ආලය කරන කොල්ලන් නොසිටියා නොවේ. නමුත් අප්පච්චිගේ මාන්නය,නම්බුව කුළ මල වල තරම් දැන දැනම මේ සරසි ආලය මග ඇරියේ ලොකු අක්කාව සිහිවීය.

ලොකු අක්කාගේ මහත්තයා අතුල අයියා ලිපිකරුවෙකි. අතුල අයියා ඉතාමත් ගුණ යහපත් අයෙකි.මට නම් ඔහු අපේ අයියාටත් වඩා හොඳ අයෙක් විය. මොකද ඉතින් අයියාටත් තිබුනේ අප්පච්චිගේම ගති පැවතුම්ය.ඔහු ඇසුරු කලේත් උසස් පෙලේ මිතුරන්ය. ගමේ අහල පල ඈයෝ ඔවුන්ගේ අතපල්ලේන් වැටුනු අය විය. ලොකු අක්කා හා අතුල අයියාගේ සම්බන්දය දැන ගත් දා පටන් ගෙදර යුද පිටියක් විය. ඒ අපහාස වචන ඉවසගන්න බැරිව අතුල අයියා ලොකු අක්කාව ඔහුගේ නිවසට එක්ක ගියේය. නමුත් එදා පටන් අපේ ගෙදර දොර ලොකු අක්කාට වැසුනි. අයියාට නම් ඔහුට ලොකු නංගියෙක් උන්නද කියලාවත් මතක නැති පාටයි. ඒත් මට නම් ඇයව නිතරම මතක් වෙයි.

ඉතින් මේ හේතු නිසායි සරසි කිසිවෙකු සමඟ පෙමින් නොබැඳුනේ. නමුත් අප්පච්චිලාම කථා කල තේමිය ගැන මුලදි පැහැදීමක් නොතිබුනත් කාලයක් ඇසුරු කිරීමෙන් ඔහු කෙරෙහි ආලයක් හිතේ ඇති විය ඒ ආලය විවහයක් තෙක් දුර යන්න තරම් සමත් විය.

"සරසි ඔයා මොනවද අනාගතේ ගැන හිතන්නේ.. ලබන මාසේ අපේ වෙඩිං එක එතනින් එහාට..."

"හ්ම්ම්...ම්ම් අපි අපේම පුංචි කැදැල්ලක් හදා ගමු තේමිය. මම හරි ආසයි එහෙම ඉන්න... " ඔහු මා කියන සැමදේම අසා උන්නත් උවමනාවෙන් අහන් ඉන්න බවක් මට පෙනුනේ නැත. මොනවා උනත් ඒ ගැන මම වැඩි දුර නොසිතා උන්නේමි.ඔහුව සැක කරන්න තරම් හේතුවක් මට නොවීය.

උදේ පාන්දරම මාගේ දුරකථනය නාද විය. කවුද මේ උදේම මම මටම කියා ගනිමින් දුරකථන මම අතට ගත්තේමි.තේමිය ලෙස එහි සටහන් වී තිබුනි.මේ උදේම මොකද මේ.. පුදුම වෙන්න දේකුත් නෑ මේ හෙට අනිද්දා මගේ මහත්තයා වෙන්න ඉන්න කෙනානේ.මම සිනාසෙමින් එයට පිළිතුරු දුන්නෙමි.

"හෙලෝ... ගුඩ් මෝනිං තේමිය මොකෝ මේ උදේ පාන්දරම.."

"හෙලෝ.. සරසි මට ටිකක් සීරියස් දෙයක් ඔයාට කියන්න තියෙනවා.. "

"හ්ම්.. කියන්න තේමිය මම අහන් ඉන්නේ..." මම ඇඳේ හරි බරි ගැහි ඉඳ ගන්න ගමන් පිළිතුරු දුන්නෙමි.

"සරසි මම වෙන කෙනෙක්ට ආදරේ කරනවා. එයා නැතිව මට ජීවත් වෙන්න බෑ. අම්මලා අප්පච්චිලාගේ බල කිරිමට මම ඔයාට කැමති උනේ.ඒත් මට හිත හදා ගෙන ඔයාට ලං වෙන්න බෑ..." ඔහු එක දිගට කියවගෙන ගියේය.

"ඇ....යි.. ඉතිං ඔයා ඒක මට මීට කළින් කිව්වේ නැත්තේ.. තේමිය අනිද්දාට අපේ වෙඩිං එක මම කොහොමද මේ හැමදේටම මූණ දෙන්නේ" මට කිසිත් සිතා ගත නොහැකි විය. තවත් කිසිවක් මට කියන්නට ඉඩ නොදි ඔහු ඇමතුම විසන්දි කලේය. මම යළිත් කිහිප වරක්ම ඔහුට කථා කරන්නට උත්සහ කලද ඒ උත්සහය නිශ්ඵල විය.

සිදු වු කිසිවක් කිසිවෙකුට සිතා ගත නොහැකි විය. තේමියගේ නිවසින් සිදුවු සියල්ලට කණගාටුව පමනක් අයැද නිහඬ විය. ඒත් මගේ හිතේ ඇතිවු දුක ගැන කිසිවෙකුටත් වගක් නොවීය. හැමෝම කිපුනේ තමන්ගේ නම්බුව ගෞරවය ගැනය. කිසිවෙකුට මා ඉන්නවද මලාද කියාවත් මතක නැත.තවත් ඉවසන් ඉන්න බැරි තැන සරසිගේ හඬ අවදිවිය.

"අප්පච්චි ඔයාලට නම්බුවද දුවද වටින්නේ..?මෙච්චර දෙයක් වෙලත් ඔයාලා මේ කෙහෙල්මල් නම්බුව ගැන හිතන්නේ" හැඬුම් වාවාගත නොහැකිව පිට උනි.. කිසිවෙක් කිසිවක් නොකියා මා දිහා බලා උන්නේ ඔවුන් අතින් ලොකු වැරැද්දක් වු ගානටය.

ඉතින් මඟුලක් අවමඟුල කරන්නට තේමියට හැකිවිය. රටේ ලෝකේ මිනිස්සුන්ට මූණ දීගන්න බැරිව නැති වූ නම්බුව ගැන සිතා අප්පච්චි සිය දිවි හානි කරගත්තේය. එතැන් පටන් අපේ නිවසේ කණකොකා හැඬලීය. තේමිය අද ඔහු ලස්සන පවුල් ජීවිතයක් ගතකරයි. ඒත් සරසිට.... මේ මුළු ආත්මේටම ඔහු ආදරය එපා කර හමාරය. එක අතකට ඔහුත් වැරදි නැත. ඔහු කලේත් මා කල දේමය. ඔහුගේ පියාගේ අණට යටත් වීමය. කෙල්ලෙක් මෙන් නොව කොල්ලෙක් එසේ කරන්නේ නැත. කලත් කලාතුරකිනි. ඉතින් ඔහු ඔහුගේ ආදරය ජය ගත්තේය. නමුත් අද මම.... බිත්ති හතරකට කොටු වී හඬන කුමාරියකි. මේ හැමදේටම මුල තේමියද..? නැති නම් අප්පච්චිගේ නම්බුව,මාන්නයද..? තවම මට කිසිත් සිතා ගත් නොහැක මම අම්මා.. කියා ඈ සොයා යන්නට විය. ඈ පව්ය දැන් ඈට ඉන්නේ මා පමණි. ඈ වෙනුවෙනවත් ජීවත් වෙමි යන මතය මා තුල විය.

සිත්තරාවි ....http://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.com14tag:blogger.com,1999:blog-6641517932297650593.post-67388769973132434262012-10-26T15:36:00.001+02:002012-10-26T15:36:17.854+02:00Answer me please..

Wish to be your's forever

It was just a dream

But ....

Every moment I dreamed..

Coz in real life I know

I never get you back..

You embraced me

Then we were in love

It increased gradually

Still I can remember

How you kissed me

You left me then..

She came to you

I saw you were happy

With her

But....

Still I guess

What's wrong with me

Why did you left me

Answer me please.....

Then I can forget you

If not these memorise

Always kill me....

සිත්තරාවි ....http://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.com14tag:blogger.com,1999:blog-6641517932297650593.post-32708142107209987672012-10-24T23:07:00.000+02:002012-10-24T23:07:30.050+02:00අපි මේ වගේ රටකට ආවාට හිඟන්නෝ නොවේ... ආනේ....... ඔන්න මම අළුත් රෑකියාවට ගියාටත් වඩා ඉක්මනට ගෙදර ආවා.ඔව් යාළුවනේ ඒ රෑකියාව මට නැති උනා.. එහෙම කිව්වාම ඔයාලා බලයි මේ මොන මෝඩියෙක්ද කියලා. නෑ ඒ රෑකියාව මම කියලා නැති කරගත්තා.. දැන් නම් ඔයාටල තවත් අපබ්‍රංශ වගේ නේද.. ? හරි හරි කෙලින්ම කියන්නම්කෝ.. එතන මනුස්සයෙක්ට නම් වැඩ කරන්න පුළුවන් තැනක් නෙමේ.. ඔයාලා කොයි කවුරුත් දන්නවනේ මේ වගේ රටක අපි වගේ පිටරැටියන්ට පුටු වල හොද නෝනා මහත්වරු වගේ ඉදගෙන කරන්න තරම් රැකියාවක් ලැබෙන්නේ නෑ කියලා. කොච්චර උගත් උනත් ඒක මේ වගේ රටකට වලංගු නම් නෑ..

ඉතිං මේ පුංචි සිත්තරාවිට ලැබුනේ Baby Sitting Job එකක්. අවුරුදු 6ක පුංචි සුරංගනාවියන් දෙන්නෙක් වගේ නිවුන්නු පැටව් දෙන්නෙක්. දැක්කම නම් හරී ආදරේ හිතෙනවා.Baby Sitting උනාට ගෙදර වැඩත් ඒ එක්කම මම කරන්න ඕනා. ඒක කරන්නේත් මම ඒ ගෙදර නැවතිලා.ගෙදර යන්න වෙන්නේ සතියට දවස් දෙකයි..:(.. ඉතිං ඔය ඔක්කෝටම මූණ දෙන්න බලාගෙන මම ගියා නොවෑ මේ ජොබ් එකට.. ගියාමයි තේරුනේ නීති මාලාවක් තියෙන ගෙදරකටයි මං ඇවිත් තියෙන්නේ කියලා. උදේ 10ට වැඩ පටන් ගත්ත මම ඉවර කලේ රෑ 10ට. ඒකත් එක දිගට හිටගෙනම වැඩ. මොකද එදා ළමයි නෑ ගෙදර. මම වැඩ කලා නෙමේ මගෙන් මරව මරව වැඩ ගත්තා.රස්සාවක් ඕනම කමට කරන්න ගියා මිසක් නැත් නම් පැත්තකවත් යන්නේ නෑ.(හැමදාම දෙමාපියට බරක් වෙන්නත් බැහැනේ සිත්තරාවිත් දැන් යමක් කමක් තේරෙන ලොකු ළමයෙක්නේ දැන්)

ඔක්කෝමත් හොදයි දවල්ට කැම එක දුන්නා ප්ලාස්ටික් පිඟානක(කැම කාලා ඉවතලන )මට නම් ඒ වෙලේ ගෙදර මතක් උනා. කවදාවත් එහෙම පිඟානක අපේ අම්මා මට කෑම දුන්නේ නෑ නේද කියලා ඒ වෙලාවේ නම් මට හිතුනා.ඒ වගේම මගේ පාවිච්චියට වෙනම හැඳි, ගෑරුප්පු, පිහි දීලා මට කිව්වා නොවෑ ඒවා වෙනමම තැනකින් තියන්න එයාලගේ ඒවා ලඟින් තියන්න එපා කියලා. ඊට පස්සේ වෙනමම තැනකට අරන් ගිහින් කන්න කියලා කෑම පිඟාන දුන්නා ඇත්තමයි මට නම් ඒ වෙලාවේ හිතේ ඇති වුන දුකට අඬා ගන්න බැරිව උන්නේ."ඇයි මගෙන් බෝ වෙන ලෙඩ තියෙනවාද.." කියලා අහන්න හිතුනත් කමක් නෑ කියලා උන්නා.මොනවා කරන්නද මේ රටේ රස්සාවක් නොකර බැරි කමට ඉවසගෙන උන්නා.උදේ ඉඳන් රෙදි කන්දක් හෝදනවා,වෙලානවා,මදිනවා. මට නම් මේක එපා වෙලා උන්නේ.දවසේම හිටන් ඉඳලා කකුල් දෙකක් නෑ වගේ.තවත් හිටන් ඉන්න බැරිම තැන මම කිව්වා."මම ටිකකට විවේක ගන්නද" කියලා. Break එකක් නම් දුන්නා විනාඩි 10කට. මෙහෙම උදේ ඉඳලා වැඩ කරලා කරලා මට නම් දැන් හොඳටම මහන්සි. රෑ කෑම වෙලාවත් ආවා. ඒකත් දවල් කෑම වේල වගේම තමා.ඔක්කෝම ඉවර උනාම මට කියනවා උදේ 6ට වැඩ පටන් ගන්නලු ඉවර වෙන වෙලාවක් කියන්න බැහැලු. මට නම් ඒ වෙලේ අහන්න හිතුනා "මම රොබෝ කෙනෙක්ද කියලාත්".. තවත් මෙහෙම හිතේ සතුටක් නැතිව වැඩ කරන්න බැරි නිසා මම ගෙදරට අයට කථා කරලා කිව්වා මම මොකද කරන්නේ කියලා ගත් කටම කිව්වේ හෙට උදේම ගෙදර එන්න කියලා. ඒකත් මට ලොකු හයියක් උනා.

කොහොම හරි උදේම ඒ මනුස්සයත් එක්ක කටත් පොඩ්ඩක් ගහලා රස්සාව දාලා ආවා නොවෑ. හැබැයි මට ඒ ගෙදර කට්ටියට එක දෙයක් කියලා එන්න බැරි උනා "අපි මේ වගේ රටකට ආවාට හිඟන්නෝ නොවේ පිනට කෑම ටිකක් ඉල්ලන් එන මනුස්සයටවත් අපි මේ වගේ කෑම පිඟානක් දීලා නෑ දෙන එක පිළිවෙලට අපි දෙනවා" අම්මා මතක් කරලා කියන්න කියපු මේ වචන ටික මට කියන්න අමතක උනානේ. සිත්තරාවි ....http://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.com30British School Eur, Via Rhodesia, 16, 00144 Rome, Italy41.8213399 12.470329141.809506899999995 12.450588100000001 41.8331729 12.4900701tag:blogger.com,1999:blog-6641517932297650593.post-8918959664758422252012-10-22T18:25:00.001+02:002012-10-24T23:10:25.216+02:00සුරළොව නුඹට හිමිවු වගයි..

හැරයන්න දුකයි

හැර යා යුතුයි

කාලය කෙටියි

නුඹ මට දුරයි...

එක්කල මතක ගොඩායි

සිහිවී කදුළු සලයි

යලි එන්න බැරි බව දනියි

හිත නුඹවම පතයි..

සිහිනෙට නුඹ වඩියි

ඒ සිහිනේ හරි හැඩයි

මා තනි කර නුඹ ඇදෙයි

මා අතරමං වී හඩයි..

ඈත ලොවකට නුඹ ඇදෙයි

නොපෙනෙන සේ මට අත වනයි

ආයේ එන්න බැරි බව මම දනියි

සුරළොව නුඹට හිමිවු වගයි..

සිත්තරාවි ටික කලකට ඔයාලගෙන් ඈත් වෙනවා. ඒ වෙන හේතුවක් නිසා නම් මේ අළුත් ලැබුන රැකියාව නිසා. සමහර විට මාසයක් දෙකක් යනකම් නම් එන්න බැරි වෙයි. මොන දේ කරන්නත් මේ ආගන්තුක රටේ රැකියාවක් කරන් ඉන්න ඕනනේ. ඉදලා හිටලාවත් එන්න ලැබුනොත් එන්නම් ඔයාලගේ බ්ලොග් එක පැත්තේ. එහෙම නාවයි කියලා තරහා නම් වෙන්න එපා. එහෙනම් යාළුවනේ සමුගන්නම් නැවත හමුවන පැතුමින්. ඔයාලා ඔක්කෝටම ජය වේවා.. !!! sorry my dear loving friend I have to stop writing for a limited time because of my new job. Ah...!!! forgot to tell you Siththaravi got a new job. :).... So hope to see you all as soon as possible. If I got a time I will write some thing for you as before, and I will visit your sites also.. :) So till then good bye my dear friends.. smile ... :D

සිත්තරාවි ....http://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.com8tag:blogger.com,1999:blog-6641517932297650593.post-35627846889268076262012-10-21T13:09:00.000+02:002012-10-26T16:35:13.127+02:00මටත් පුළුවන් නම්....අම්මාගේ රතුපාට මල් වැටුන චීත්තය සාරියකට ඇදන්

වටේ ඉන්න පොඩි බටිත්තියන්ට ටීචර් වෙන්න,

පහළ ඇළට පැනලා තිත්ත පැටව් එක්ක

සෙල්ලම් කරන්න....

සෙල්ලම් ගෙදර අම්මා වෙලා පොඩි එව්න්ට

වැලි සෙල්ලම් බත් උයලා කන්න දෙන්න

හිටි ගමන් වහින අනෝරා වැස්සට තෙමිලා

ලෙඩක් හදන් ඇදට ගුළිවෙන්න...

තාත්තා ගෙනත් දෙන

පාට පාට සීනී බෝල වල රස තව වරක් රස විදින්න...

බෝරිච්චී අත් තියෙන මල් ගවුම ඇදලා

හැඩ පෙන්නන්න තියේ නම් කියලා හිතෙනවා...

අම්මාගේ තුරුලේ නැලවුන හැටි,

තාත්තාගේ කරේ නැගලා හුරතල් උන විදිය මතක් වෙද්දි

ආයේ එහෙම ඉන්න තියෙනවා නම් කියලා හිතෙනවා ..

පුංචි විහිළුවක් කරලා මල්ලිව අඩවන්න..

නංගි එක්ක එකතු වෙලා බට්ටා පනින්න.

සබන් කෑල්ල දියකරලා ගස්ලබු බටෙන්

සබන් බෝල හදන්න හරි ආසයි...

http://cdnimg.visualizeus.com/thumbs/3b/3a/rain,child,fearless,water,wet-3b3accf17a45b34470100da4bc286001_h.jpg

ඒත් අම්මාට එහෙම කිව්වාම අම්මා කියන්නේ ඒව කරන්න පොඩි ළමයෙක් නෙමේලු මම.

සිත්තරාවි ....http://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.com10tag:blogger.com,1999:blog-6641517932297650593.post-14856962526624494172012-10-21T09:12:00.002+02:002012-10-26T16:43:53.165+02:00Must Read This..

අද මම Face Book යද්දි ලොවෙත් නෑ පිටුවේ තිබුන මේ පෝස්ටුව මම අහම්බෙන් වගේ දැක්කේ. ඒක කියවගෙන යද්දි හිතුනා ඔයාලා හැමෝමත් එක්ක මේක බෙදා ගත්තොත් වටිනවායි කියලා. විශේශයෙන් ගැහැණු ළමයින් අතරේ. කියවලාම බලන්නකෝ මේ සහොදරීට වෙලා තියෙන්නේ මොකක්ද කියලා.

අමන්දා... ඇය කැනඩාවේ බ්‍රටිෂ්කොලොම්බියා ප්‍රාන්තයේ පාසලක හතේ පන්තියේ උගනිමින් සිටි දරුවෙක්. මේ වයසේ අනෙක් දරුවන් වගේම ඇයත් මිතුරු මිතුරියන් ඇසුරු කරන්නට, පිරිසක් අතරේ ජනප්‍රිය පුද්ගලයෙක් වන්නට, ආදරය ලබන්නට කැමැත්තෙන් සිටියා. මෙතැනදි ඇයට "පිහිටට එන්නේ " අන්තර්ජාලය සහ සමාජ ජාලා වෙබ් අඩවි. ඇය ඒ ඇසුරින් මිතුරු මිතුරියන් හමුව

ෙනවා, හැඟුමන් හුවමාරු කරගන්නවා. යෞව්වනය... නැවුම් හැඟුමන් උතුරා යන යෞව්වනය... මේ බැඳීම් තව තවත් ලෙංගතුව රඳවන්නට ඇයට බලකළා... ඇය අන්තර්ජාලය ඔස්සේ පැමිණි සෙනෙහසට, මිත්‍රත්වය වැළඳ ගත්තා... ඒත්...

ඒත්... ඩිජිටල් මඟ ඔස්සේ පැමිණි, එක්තරා විකෘති මානසිකත්වයක් ඇති පුද්ගලයෙක් ඇයගේ සේයාරුවක් ගත්තේ වෙබ්කැම් එක ඔස්සේ. මේ දැරිවිගේ "තුණු සපුවේ" සේයාරුවක් ගත් ඔහු ඉන් පසු කළේ ඇයට බලපෑම් කිරීම. ඇගේ සේයාරුව ප්‍රසිද්ධ කරන බවට තර්ජනනය කරමින් කළ බලපෑම අවසානයේ ඇයට දැන ගන්නට ලැබෙනවා ඇගේ ඒ සේයාරුව ප්‍රෙද්ශය පුරා, ඇගේ පාසල් මිතුරන් අතරේ පවා බෙදා හැර ඇති බව. මේ දැනගත් තැන පටන් ඇය කියන පරිදි ඇයට මානසික අවපීඩනයක් ඇතිවී තිබෙනවා.

මේ අවාසනාවන්ත සිදුවීමේ ඊළඟ පියවර ඇය පාසලේ මිතුරන් අතරින් කොන්වීම. ඇයට කවුරුවත් නැහැ. අනෙක් මිතුරු මිතුරියන් සිනාවෙන්, සතුටින්, කෙළි දෙලෙන් ගත කරත්දි අය තනිවෙනවා. තනියම කොනකට වෙලා ඉන්න ඇය පාසලේ සතුටුම වෙලාව විවේකය, ඒත් ඇයට සතුටක් නැහැ. ඇය තනියම තමන්ගේ කෑම වේල කත්දි අනෙක් හැමෝම සතුටින් සිනාවෙන කන බොන හැටි අය දකිනවා. මිතුරන්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා. මේ වෙනස හඳුනාගන්නා දෙමාපියන් ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. ඒත් ඇය සිතින් විඳවනවා."මට කවුරුත් නැහැ. මාව කොන්කරලා..." මේ විඳවීමට ඇය පිළිතුරක් සොයනවා. මත්පැන් සහ මත්කුඩු ඇයට පිළිතුරක් සේ පෙනෙනවා. ඔව්... ඇය ඒ පිහිට පතන්නේ "වෙන කරන්න දෙයක්, කියන්න කෙනෙක් නැති තැන". ඒත් විඳිවීමේ නිමාවක් නැහැ. තව තවත් වැඩිවනවා මිසක. ඇය හඩනවා. හැමෝගෙම උපහාසයට, රිදවීම් වලට කොන්කිරීමට ලක්වෙන ඇය පාසලින් තවත් පාසලකට මාරුවෙමින් මේ විඳවීමෙන් මිදෙන්නට උත්සාහ කරනවා.

ඇයට මේ විදියට මාරුවෙන පාසැලකින් ඇයට වඩා වයසින් වැඩිමහලු තරුණයෙකු හමුවෙනවා. ඔය අතරේ තමන්ට නොලැබෙන ආදරය ලැබුණායැයි දැනුන ඔහුගෙන් ඇය අතවරයට ලක්වෙනවා. අවසානයේ ඔහු තමන්ගේ කාරිය කරගෙන ඇයව ප්‍රතික්ෂේප කරනවා. ඒ පමණක් නොවෙයි ඔහුගේ ආදරවන්තිය ඇතුළු පාසලේ මිතුරන්ගේ උපහාසයට, රිදවීම් පලට ඇය ආයෙත් ලක්වෙනවා. අළුත් පාසලත් ඇයට අපායක් වෙනවා. "මම ලෝකයට විහිළුක් වෙලා.ම ට රිද්දන්නම, මගේ පස්සෙන්ම මේ රිදවුම් එනවා" අයට සිතෙනවා. ඇයට පෙනෙන උත්තරය පිළිගන්නට ඇය සූදානම්. යම් උපක්‍රම ගනිමින් ඇය සිය දිවි නසා ගන්නට තැත් දරනවා. ඒත් ඒ තැත් වරදින ඇයට ඊට පස්සේ සිදුවන්නේ නැවතත් පෙරටත් වඩා රිදවුම්, විඳවුම් විඳින්නට. "ඇයි මේ ලෝකයම මට රිදවන්නේ. මම සිතින් දැන් මැරිලා. මට මැරෙන්න ඕන." ඇගේ තීරණය. දෙවරක් ඒ තැත වරදින ඇයට තුන්වන වාරයේදී ඇය "බලාපොරොත්තු වූ" මිදීම ලැබෙනවා. ඉකුත් 10 වැනිදින ඇය ලොවින් සමුගන්නවා. ඒ තවත් සියදිවි නසා ගැනීමක් ලොවට එක් කරලා. අද ඇය මෙලොව නැහැ.

ඒත් අදට මාසයකට පමණ පෙර ඇය ලොවට ඊට වඩා වැදගත් දෙයක් එක් කළා. ඇය තමන් විඳිවූ විඳවීම්, කඳුළු කතාව, ඇත්ත කතාව වීඩියෝවක් බවට පත්කරලා තිබුණා. ඇය ඒ වීඩියෝවේ එක් තැනක මෙහෙම සඳහනක් කරනවා.

"I can never get that photo back"

ඔව්, ඔබ අන්තර්ජාලයට මුදාහරින ඡායාරූපයක් සදහටම ඉන් ඉවත් කරගැනීම ඔබට කළ නොහැකියි. මෙතැනින් පස්සේ ඔබ දකින්නේ ඒ වීඩියෝව. බලන්න... කළබල නැතිව බලන්න... විනාඩි අටක් පුරා දිවයන මේ වීඩියෝව පුළුවන් නම් දෙවරක් බලන්න. මුල් වර ඇය ලියා පෙන්වන කාරණා ටික කියවන්න. දෙවන වර ඇගේ මුහුණේ, කටේ, දෙතොල්වල වන වේදනාබර හැඟුම් දකින්න. ඔබ සංවේදී අයෙක් නම් නෙතට කඳුලක් නැඟෙනු නොඅනුමානයි. එය පාඩමක් ! අමන්දා ලොවට දුන් පාඩම ඔබ හඳුනගන්න. ලෝකය අපායක් වූ ඒ සුරංගනාවියට ඇහුම්කන් දෙන්න. ඔබ වටා ඇති සමාජය ගැන හිතන්න.

උපුටා ගැනීම - ලොවෙත් නෑ Face Book පිටුව.

සම්පූර්ණ අයිතිය කතෘ සතුවේ..

ස්තූතිය : මහේෂ් නිෂාන්ත සොයුරාට

සිත්තරාවි ....http://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.com10tag:blogger.com,1999:blog-6641517932297650593.post-34395560927082182712012-10-19T14:17:00.000+02:002012-10-26T16:40:24.562+02:00ආදරයේ හිරකාරියකගේ අදුරු මතකය..ඒ අතීතය මතක් වෙද්දිත් නම් හිතත් ගතත් දෙකම බයෙන් වෙව්ලා යනවා. කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරන්නේ මුළු ආත්මයෙන්මය. ඒත් සමහර කොල්ලන්ට ඒක තේරුම්ගන්නට බැරි ඇයිද කියන්නට නම් මට තේරෙන්නේ නෑ. මේ වෙනකම් නම් හිතන් උන්නේ මේ වගේ ඛේදවාචකයකට මුහුන දුන්නේ මං විතරයි කියලා ඒත් එහෙම නෙවේ කියලා හිතුනේ ඔච්චර දරුණු නොවුනා නම් උඹ මට හොඳ තාත්තෙක්..හිරු හිමාවි අක්කාගේ පෝස්ටුව කියෙව්වහමයි. ඒක කියවද්දි නම් හිරු අක්කගේ වේදනාව,දුක,කෝපය මට හොදට තේරුනා. මොකද ඒ අත්දැකීම මමත් ඒ විදියටම විදපු කෙනෙක් නිසා.

ආදරය ආත්මය කරගෙන ආදරයට ආදරය කරපු කෙනෙක් මේ සිත්තරාවිත්. ඒත් ඒ ආදරයම මාව මැරුවේ ආදරය එපා කරවලා. ආදරයක්, මනුස්සකමක් නොදන්න කෙනෙක්ට ආදරය කරන්න ගියාම මෙහෙම වෙනවායි කියලා තමා මගේ යාළුවෝ ඉස්සර මට කිව්වේ. ඒත් කරුමෙකට හිරුහිමාවී අක්කා වගේ හිතෙට දැනෙන දේ කියන්න තරම් ශක්තියක් නැති කමටදෝ කොහෙද හිරකාරියකටත් වඩා මට ඔහුගේ ලෝකේ සිර වෙන්න සිද්ද උනේ.

වියදමට අම්මා දෙන සල්ලි ටික එකතු කරලා නුඹට උවමනා දේවල් ගන්න, බඩගින්න නිවාගන්න අම්ම හදලා දෙන බත් එක නුඹට දීලා මං බඩගින්නේ උන්න වාර ගනන අනන්තයි.ඒත්... ''උඹ කෑවද..?'' කියලා අහන්න තරම්වත් මනුස්ස හිතක් නුඹට නැතිවීම ගැන මට නම් පුදුමයි. ඉස්සර අම්මා, තාත්තා අරන් දෙන ලස්සන මල් ගවුම් ඇදලා යන්නේ ගවුමේ හැඩ පෙන්න විතරක් නෙමේ ඒක ඇන්දහම මමත් කොච්චර හැඩද කියලා පෙන්නන්නයි.ඒක මගේ විතරක් නෙමේ හැම කෙල්ලෙක්ගෙම පුරුද්දක්. ඒත් නුඹට ආලය කර දිනේ පටන් හැඩට,ලස්සනට ඇදුමක් අදින්න මටත් අමතක උනා නුඹේ ඔය නීති පොත නිසා.යන එන මග තොටදී පිරිමි බැලමක් වැටුනත් අපහාස වචන වලින් මා පුරවපු හැටි අමතක වී නොවේ මට. නුඹ ඉන්න මගතොට මා යන්නේ රාක්ශයෙකුට බය සාවියක් මෙනි, නුඹ ඉදිරිපිට හයියෙන් හුස්මක් ගත් දිනයක්වත් මට මතක නැත ඒ තරමට මම නුඹට බිය උනෙමි. එක දවසක් නෙමේ දවස් ගනනාවක් නුඹේ මේ අපහාස කරදර ඉවසගන්න බැරිව මරලතෝනි දිදී හැඩූ වාර ගනන අනන්තයි. නුඹේ මේ කුරිරු දඩුවම් දිහා බලන් ඉන්න බැරිව මට මගේ හොදම යාළුවෝත් ලගම නෑයිනුත් නැති උනා නුඹට අමතකද..?

හිසේ කෙස් ගානට පිරිමි යහළුවන් මට උන්නා. උනුත් මමත් උන්නේ එක බඩ වැල කඩන් ආපු සහෝදරයන් වගේ. ඒත් ඒ යාළුකම් වලට නුඹ දුන් නම් මතකද..? ''ආදරයක් යාළුකමක් නාදුනන අමනුස්සයෙක් නුඹ නම්'' කියා කියන්නට සියවරක් මේ දිව නැමුනා ඒත් මොන හිරිහැරය කලත් නුඹ වෙනුවෙන් උපන්න ආදරයක් මේ හිතේ තිබුනා. ඒ ආදරයට ගරු කරලා මම කටවහන් උන්නා. මගේ ඒ නිහැඩියාවෙන් නුඹ ප්‍රොයෝජන ගන්න හැදුවා. නුඹට මතකද මුල් වරට මගේ කම්මුල රතුවෙන්න දෙතොලින් ලේ පනින්න නුඹ මට අත උස්සපු දවස. සත්තයි එදා නම් මට පිරිමි ජාතියම එපා කලා නුඹ.ඒත් අද මම සතුටු වෙනවා නුඹ එදාම මට නුඹේ ඇත්ත ස්වරූපය පෙන්නු එකට එහෙම නොවුනා නම්.. මම අදටත් නුඹේ කකුල් දෙක ලග වැටිලා හොටු පෙර පෙර හඩන වැලහීන්නියක් වෙලා.

මට පෙර නුඹට ආලය කල උන් මුළදිම නුඹේ හපන්කම් දැනගෙන නුඹෙන් වෙන් උනා. අසරණ මං වෙනුවෙන් උන් හූල්ලනවා මට මතකයි. නුඹේ හිරිහැර ඉවසගන්න බැරිව මමත් උන් වගේම නුඹේ ලෝකයෙන් සදහටම සමු ගත්තා. ඒ වගේම මම අද දුක් වෙනවා ඒ නුඹ ගැන නම් නෙමේ නුඹේ ඔය බෝගම්බර වලව්වේ කුමාරිහමි වෙන හිරකාරි ගැන. නුඹෙන් ආදරයක් නොලැබුනා නොවේ.. ලැබුනා.. ඒත් ඊට වඩා හිරගෙදරක සැලකිලි ලැබුනා. කිසිම කෙල්ලෙක් කැමති නෑ මේ වගේ ආදරයකට ඒක නුඹට නොතේරුනාට තේරුම්ගන්න පුලුවන් තවත් සමහර පිරිමි ටිකක් ඉන්න එකට මම හදවතින්ම සතුටු වෙනවා. හිරකාරියෙක් වගේ තියාගෙන ආදරේ කරන එක නෙමේ වටින්න. ඒ කෙල්ලට, අදහස් වලට ගරු කරන්න. කෙල්ලෙක් බලාපොරොත්තු වෙන ආදරය තියෙන්නේ එතනයි..

(හිතේ තිබුන ආවේගෙට, දුකට ලියපුවා කවදාවත් මේ වගේ පිරිමියෙක් නම් වෙන්න එපා)සිත්තරාවි ....http://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.com10tag:blogger.com,1999:blog-6641517932297650593.post-48064570828890313532012-10-13T17:24:00.000+02:002012-10-26T16:34:51.360+02:00අපේ F එක..ඔන්න අදත් අපේ ඉස්කෝලේ උන සීන් ටිකක් එකට ගෙත්තම් කරන්න හිතුනා නොවෑ. මම අර කලින් ලියපු පෝස්ට් එකේ කිව්වානේ මාත් එක්ක මගේ යාළුවෝ ඔක්කොම හත් දෙනෙක් උන්නායි කියලා. අපි හත්දෙනා සෙට් වුනේ 6 වසරදි. අපේ ඉස්කෝලේ A-E වෙනකම් හැම වසරකම පංති 5ක් තියෙනවා. ඒත් 6 වසරින් ඉහලට තව F එකකුත් එකතු උනා. ඒ අළුතින් පටන් ගත්ත English Medium Class එක.ඕකෙත් පළවෙනි බැජ් එක උනේ අපි. එතනිද තමා මට අනිත් හය දෙනාව සෙට් උනේ. ඒ කාලේ තමයි නියම කාලේ. ඉගෙනත් ගත්තා නටන පිස්සුවත් උපරිමේටම නැටුවා. මුල් කාලේ නම් අපි හරි සාන්ත දාන්ත තීන්ත කුප්පි හතක්. ඒත් ඉතිං පහු පහු වෙනකොට තමා දාංගලේ එන්න එන්න වැඩි උනේ. හැබැයි ඉතිං එහෙමයි කියලා කවදාවත් ගෙවල් වලට අපේ complains ගියේ නෑ.මොනව උනත් අපිටම ගැලපෙන කොල්ලෝ ටිකකුත් අපෙ ක්ලාස් එකේ උන්නා. අපි මොන දේ කලත් ඒ ටික මොන දේ කලත් බොක්කෙන්ම support එක දීගෙන උන්නා අපි.

ඔන්න දවසක් අපි කට්ටිය එකතු වෙලා දැම්මා පාන් පාටියක්.මේකට මුළු ක්ලාස් එකම හවූල් උනා. එක එක්කෙනා එක එක දේවල් හදන් එන්නම් කියලා බාර ගත්තා. කොල්ලෝ ටික පාන් ගේන්න බාරගත්තා. ඔන්න ඉතිං interval එකත් ආවා. කට්ටිය කන්න ගත්තා නෙමේ කෑම එකේ පීනන්න පටන් ගත්තේ හරියට හත් අවුරුද්දකින් කෑමක් දැක්කේ නැති ගානට. එකත් ඉවර උනා ඊළග period එක පටන් ගද්දිම ආවා නොවෑ අපේ විනයභාර සර්. අපි ඉස්සර ආදරේට කිව්වේ ශාරුක් ඛාන් කියලා.රබර් ඇහැ දාල බැලුවා නොවෑ පංතිය දිහා. බැලුව ගමන් දකින්න තිබුනේ හැම තැනම කෑම තියෙන කුණු ගොඩාක් වගේ තියෙන පංතියයි. අම්මේ... ඒ වෙලේ ඉතිං අපි දැන ගත්තා කටියටම කන්න හම්බවෙනවා කියලා. හිතලා තප්පරයක් ගියේ නෑ මුළු පංතියම දන ගස්සලා දුන්නේ නැතෑ දේශනාවක්. ඒක නම් කොහොම හරි අහන් උන්නා.ඒත් ඊළගට උනේ හීනෙන්වත් හිතපු නැති දෙයක් මුළු පංතියම අතින් අතු ගාන්න උනානේ. ඒ තරම් බර්පතල පනිශ්මන්ට් එකක් ජීවීතේට ලැබිලා නෑ.

ඒ වගේ තව ගොඩාක් පිස්සු වැඩ නම් කරලා තියෙනවා. ඔන්න දවසක් අපිට ෆ්‍රී පිරියඩ් එකක් සෙට් උනා. කට්ටියම එකතු වෙලා සිංදු කියන්න පටන් ගත්තා. නිකන් හරියට Musical Show එකක් වගේ. හූ තිය තිය කට්ටිය සිංදු කියනවා.මාර ෆන් එක. ඔන්න ඉතිං ඔය වෙලාවේ අපේ ප්‍රින්සිපලුත් ඇවිත් ගොඩාක් වෙලා ඉදන් රස විදලා අපේ සිංදු ටික අපි දන්නේත් නෑ. මොකද එයත් A/L අයියාලා වගේ සුදු යුනිෆෝම් එකක්නේ අදින්නේ. ඒකට පනිශ්මන්ට් එක උනේ ප්‍රින්සිපල් ඔෆීස් එක ලග ක්ලාස් එකක් අපිට ලැබීමයි.. :(

එහෙමයි කියලා අපි දගලන එක නම් නැවැත්තුවේ නෑ. ගුරුවරුන්ටත් මුකුත් කියන්න් බෑ අපිට ඇයි ඉතින් කොච්චර නැටුවත් ඉස්කෝලේට හොද නම ගේන වැඩ අපි හැමදාම කලේ. ඔන්න ඉතිං O/L පංති වල ඉද්දි අපි වගේ කෙල්ලන්ටනේ A/L අයියාලාත් ලයින් දාගෙන එන්නේ නොවෑ. හැබැයි ඉතිං එකෙක්වත් යාළු නම් වෙන්නේ නෑ. කෙල්ල පැත්තක,වටේ ඉන්න යාළුවෝ ටික ඉතිං අර අයියාව බයිට් කර කර අර ගන්න පුළුවන් ඔක්කෝම කැන්ටීමෙන් අර ගෙන එයාට ටටා බායි කියලා එනවා. වඩේ කියන්නේ එහෙම කරනවයි කියලා දැන දැනම ඒත් පස්සෙන් එන එකනේ.. ;)

ඒ වගේම තමයි ඉස්කෝලේ ඔය මොකක් හරි ලොකු උත්සවයක් තියෙද්දි අනිවාර්යෙන්ම අපිවත් කොහෙන් හරි කොනකට ගෑවෙනවා. අපි නම් ඉතිං පැනගෙන යන්නේ වෙන මොනාටවත් නෙවෙයි කන්න දෙනවානේ ඒ නිසායි. O/L කාළේ A/L කට්ටියගේ Functions වලට රිංගා දඩුවම් ලබපු අවස්ථාත් ඉතිං අනන්තයි..

අවේළාවේ කැන්ටිමෙන් කාලා, අවේළාවේ ටැප් එකෙන් වතුර ගන්න ගිහිනුත් හොද හොද වැඩ වෙලා තියෙනවා. ඒ ඔක්කෝටම වඩා නියම වැඩේ තමා අනිත් එකකාගේ වැරදි ඔක්කෝම Parents Meeting එකේදි එයාගේ අම්මාට හෝ තාත්තාට කියන එක. ඒ ඔක්කෝම අහන් ඉන්න දෙමාපියෝ අන්තීමට තමන්ගේ දරුවා දිහා බලන්නේ ''අද වරෙංකෝ ගෙදර'' කියන ස්වරූපයෙන්. අපිට නම් ඒක මාර ෆන්.

ඔය වගේ තව හොද හොද වැඩ අපි අමතර පංති ගිය තැන් වලත් කරලා තියෙනවා. ඒ තැන් වල ගුරුවරුන්ට උගන්වපු අවස්ථාත් තියෙනවා. වැඩිපුරම ඉන්නේ අපේ පංතියේ ලමයිනේ ඉතිං අනිත් කට්ටියව මුලදිම කපලා දානවා. රජයේ English Medium එකෙන් ඉගෙන ගන්න කට්ටියකට ඉන්නේ අපි විතරනේ ඉතිං අනිත් කට්ටිය අවට තියෙන International School වල කට්ටිය කවදාවත් අපිට ඉස්සරහින් යන්න දෙන්නේ නෑ. වෙලාවකට පව් කියලාත් හිතෙනවා. ඒත් ඉතිං මොනවා කරන්නද අපිට මැටි මෝල් වෙන්නත් බැහැනේ.

ඔන්න දවසක් අපි හත්දෙනා ප්ලෑන් කලා ස්ටෑන්ඩ් එක ලග තියෙන රහීමියා හෝටලෙන් පරාටා කන්න. දැන් ඉතිං කට්ටිය හොදට බඩ කට පැලෙන්න කෑවා. ඔන්න ඉතිං බිලත් වේටර් කෙනෙක් ගෙනත් දුන්නා. තිස්තුන් කෝටියක් දෙවිවරු සිහිවුනේ ඒ වෙලේ තමා මට නම්. කට්ටිය හදාගෙන ගිය බජට් එක පැනලා තිබුනා නොවෑ. හත් ඉලව්වේ දැන් මොකද කරන්නේ. මට නම් මැවි මැවි පෙනුනා පිගන් හෝදනවා අපි සෙට් එක හෝටලේ. ''කරන්න දෙයක් නෑ බං ක්ලාස් ෆීස් හරි දාමු දැන්'' කියලා එකෙක් කිව්වා. ඔව් ඉතිං ඒ වෙලාවේ හැටියට වෙන කරන්න දෙයකුත් නැහැනේ අන්තීමට ක්ලාස් ෆීස් දීලා ගෙදර ආවා. මම නම් ඉතිං හැම කුණුගොඩම අම්මට කියන නිසා මේකත් කියලා දැම්මා. පොඩි බැනුමක් ඇහුවත් ආයේ ගෙවන්න කියලා ක්ලාස් ෆී එක නම් මට හම්බ උනා.;)

A/L කාලේදි මගේ යාළුවෝ සමහරක් යාළු උනා පිට ඉස්කෝලවල් වල අයියාලා, ගමේ අයියාලා එක්ක, එකෙනුත් වාසිය අපිටමයි. යාළු උන ගමනුත් කොල්ලගෙන් පාටි,යාළු වෙලා ටික කාලෙකින් ඇනිවසරි කියයි, කෙල්ලගේ හෝ කොල්ලාගේ උපන්දින පාටි කියායි,අරක කියායි මේක කියායි අපිටාත් මොකෝ අපේ බඩ කට පිරෙනවා නම්. අම්මේ.. ඒ කාලේ නිකන් කාපු තරම්..

අර මම කලින් ලියපු රඹුටන් කථාවත් උනේ මේ කාලේදීම තමා. තව ලියන්න නම් ගොඩායි.. ඒත් කරපු කියපු හැමදේමත් ලියන්න බැහැනේ.අපේ හපන්කම් හෙළි වෙන නිසාමත් නෙමේ ඉතිං.... මෙහෙම දීගටම ලියලා කියවන ඔයාලටත් ඒක අන්තීමට එපා වෙනවානේ.. ;) අදට F එකේ කරපු කෙරුවාව නවත්තන්නම්කෝ... කොයි කාටත් වගේ සිත්තරාවීටත් සුන්දර පාසල කාලයක් තිබුනා හොදේ...සිත්තරාවි ....http://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.com17tag:blogger.com,1999:blog-6641517932297650593.post-16080524411979814872012-10-10T09:30:00.000+02:002012-10-26T16:45:53.396+02:00මෙහෙමයි පරිප්පු ඉව්වේ...

පුංචි කාලේට කොයි කෙල්ලත් උයන්න ට්‍රයි කරන්න හරි කැමතියිනේ. ඔන්න ඉතිං දවසක් මමයි අපේ නංගියි උයන්න කියලා ලෑස්ති උනා. අම්මත් එදා ආච්චිව එක්කන් හොස්පිටල් ගිහින් උන්නේ.අම්මා එද්දි කෑම ගේනවයි කිව්වාත් අපි දෙන්නාගේ තියෙන පණ්ඩිතකමට උයන්න පටන් ගත්තා නොවෑ.අපි දෙන්නට ගැලපෙන මල්ලියෙකුත් හරි අගේටම අපිට උන්නා.ඔන්න ඉතින් උයනවා.හැබැයි අපි තුන්දෙනා විතරක් තනියම නෙමේ.හතර වටේටම කෝල් කර කර තමා උයන්නේ. කොහොම කොහොම හරි බත් එකකුයි,අල තෙල්දාලයි උයා ගත්තා කියමුකෝ දැන් ඉතින් පරිප්පුව උයා ගන්න දන්නේ නෑ නොවෑ.

''චුට්ටක් ඉන්නවා අක්කේ මම නැන්දාට කෝල් එකක් දීලා අහන් එන්නම්'' කියලා නංගි ගියා.

ඔන්න ඉතිං එයා එනකම් මම අනිත් වැඩ මල්ලි පොල් ගානවා. රස කෙසේ වෙතත් මුළු ගේම නම් හරී සුවදයි.ඔන්න චුට්ටකින් නංගි එනවා රෙසිපි එකත් කොලේක ලියන්.හරි දැන් ඒකත් බලාගෙන අපි දෙන්න ඉව්ව නොවෑ පරිප්පු. පොල් බෑවක තරම් පොල් කිරි දාල උයපු පරිප්පුව කොච්චර වෙලා ලිපේ තිබුනාද කියලා නම් මතකත් නෑ. ඒ උනාට ඉව්වා ඉව්වා හොදට ඉව්වා පරිප්පු කැද එකක් තමා අනිතීමට ඉතුරු උනේ.ඒකේ පරිප්පු ඇට හොයන්න කිමිදෙන්න හිතුනා මට නම් ඒ වෙලේ. දැන් ඉතින් මොනවා කරන්නද..? අම්මා එනකම් ඔහොම්ම තිබ්බා. බැනුම් කෝටියයි ඒ උනාට අවුලක් නෑ තුන් දෙනාටමනේ කියලා හිත හදා ගත්තා ඒ වෙලේ නම්. දැන් ඉතිං පටන් ගන්න හදන්නේ අන්තීම යුද්දධය මස් කරිය හදන්න ඒක් නම් ටිකක් සිරියස් වැඩක් ලමයිනේ.

''අම්මා එන්න පරක්කු වෙනවාද..?''

''නෑ අපි තව පැයකින් වගේ එනවා'' හුටා දැන් මොකද කරන්නේ..

''අම්මා කෑම කඩෙන් ගේන්න එපා අපි තුන් දෙනා ඉව්වා..'' අම්මට නම් ඇස් අදහා ගන්නට බැරි වෙන්න ඇති අනේ හැබැයි මුකුත් නම් කිව්වේ නෑ..

http://media.lonelyplanet.com/lpi/2856/2856-1/681x454.jpg

''හා හා මං දැන් එනවානේ.'' විතරක් කියලා උන්නා අම්මා.

අපේ අල්ලපු ගෙදර උන්නා බබෙක් හම්බවෙන්න උන්න අක්කා කෙනෙක්. අපි තුන් දෙනා මේ අක්කාවත් එක්කගෙන දැන් මස් කරියත් උයනවා. එයා කියන විදියට අපි දැන් කරනවා.. හප්පේ... සුවද ඉවසන්න බෑ. මොනවා උනත් ඇත්තම කියන්නම් අපි තුන් දෙනා කලින් ඉව්වට වඩා නම් දැන් සුවදයි. ඔක්කොම උයලාත් ඉවරයි. අම්මා එන්න කලින් ගත්තු භාජන අස් පස් කරලා තියන්න ඕන තැන් වල තියලා හොද ලමයි වගේ දැන් අපි තුන් දෙනා අර අක්කාත් එක්ක අම්මා එනකම් ඉන්නවා. බලන් උන්න සුබ මොහොත ආවා නොවෑ.

''අම්මා ආවා..'' කියලා මල්ලි මහා හයියේන කෑ ගහද්දි අපි තුන් දෙනාට මූන මූන බැලුනේ ලැජ්ජාවටයි බයටයි දෙකටමයි. අපි උයපු කෑම කන්න මෙන්න බොලේ අපෙ ආච්චිත් ඇවිත්. ඔන්න දැන් කට්ටිය හිනා වෙවි කනවා. පරිප්පු කැද එකට නම් පොඩි දෝශාරෝපනයක් එල්ල උනා. ඒත් පළවෙනි සැරේ නිසා සමාවක් තිබුනා.ඔන්න ඔහොමයි මම නම් ඉස්සෙල්ලාම් ඉව්වේ. හැබැයි ඒකේ ප්‍රථිපලයක් විදියට ඊට දවසකට පස්සේ අර අක්කාව හද්දිස්සියේ බබා හම්බවෙන්නත් එක්කන් ගියා නියම කරපු දිනේටත් කලින්ම..සිත්තරාවි ....http://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.com20tag:blogger.com,1999:blog-6641517932297650593.post-5362714817348326262012-10-08T21:09:00.002+02:002012-10-26T16:35:34.829+02:00පිනට කෑව රඹුටන්...කාළෙකට පස්සේ ජපන් ඉන්න මගේ හොදම යාළුවෙක්ව skype එකෙන් සෙට් උනා. ඒ කාලේ ඉස්කෝලෙදි කරපුවා රස කර කර මතක් කරද්දි මීටර් උන එක කතාවක් ලියලා දාන්න හිතුනා.ඔන්න ඒ කාලේදි අපේ සෙට් එකක් උන්නා. ඒ අපි හත් දෙනෙක්. ඉස්කෝලේත් හරි ප්‍රසිද්ධයි ඉතිං අපි හත් දෙනා( නරක වැඩ ටිකකටයි හොද වැඩ ගොඩකටයි.. )

ඉස්කෝලේ ඉවර උනාම අපි හත් දෙනාටත් රෑ දෙගොඩ යාමේ වෙනකම් ලෝකේ වටේම පංති. හැබැයි කොච්චර විසේ තිබුනත් ඉගෙන ගන්න එක නම් අපි හත්දෙනා උපරිමයෙන්ම කලා.ඒකේ ප්‍රථිපලත් තියෙනවා හොදේ.. පංති යන්නේත් හත් දෙනාම එකටනේ පාර බදු අරන් වගේ අපි යන්නේ බසුත් නිකන් අපේ අම්මා අප්පාගේ වගේ.. නටන්න පුළුවන් උපරිම පිස්සුව නම් ඒ කාලේ නැටුවා. ඉතිං ඔහොම දවසක් අපි පංති යන්න ඉස්කෝලේ ඉවර වෙලා මීගමුවේ ස්ටෑන්ඩ් එකට යනවා. ඔහොම යද්දි ඔන්න අපිට ටිකක් ඉස්සරහින් යනවා ලස්සන handsome boysලා දෙන්නෙක්. අපිත් ඉතිං ලස්සන pretty girlsලානේ. ඉතිං අපිත් බැල්ම දාගෙන follow කලා උන් දෙන්නව.ඒ ඉතින් උන් දෙන්නට තියෙන ඇල්මකට නෙවෙයි. ඒ අහිංසකයින්ගේ අතේ තිබුන ලොකු රඹුටන් මළු දෙකට කෙළ හලා ගෙනයි. උන් දෙන්නත් කෙල්ලොම හත් දෙනෙක්නේ හරි පැණිය.

http://upload.wikimedia.org/wikipedia/commons/6/62/Rambutan_Nephelium_lappaceum_Whaldener_Endo.jpg

''අපෝ අයියේ මෙහෙම කෙල්ලෝ කට්ටියක්ම ඉද්දි ඔය රඹුටන් මළු තනියම කන්න අරන් යන එක හොදද..?''

අපේ එකෙක් එහෙම කියද්දි නම් උන් දෙන්නට තේරුනා අපි ටික එන පොට ඒ දෙන්නත් අත අරින්නෙම නෑ රඹුටන් පෙරේතයෝ දෙන්නෙක් වගේ මළු දෙක බදාගෙනම උන්නා. අපි අතරේ උන්න මගේ එක යාළුවෙක් දැන් මේ කොල්ලෝ දෙන්නව ලස්සනටම බයිට් කරලා ඉවරයි.කථාවෙන් කථාව ස්ටෑන්ඩ් එකටම ආව, රඹුටන් වලට තිබුන අපේ පෙරේතකම දැනිලද,එහෙමත් නැති නම් කොල්ලෝ දෙන්නාගේ ලැජ්ජාව වහගන්නද මංදා අන්තීමට අර ලොකු රඹුටන් මළු දෙක අපිට තෑගි කරලා ගියා නොවෑ... අම්මේ අපිට නම් රජ මගුල්. මොනවා උනත් හරි හොදට හැදුන කොල්ලෝ දෙන්නෙක් කියලා හිතලා අම්මා අප්පාලාටත් උන් දෙන්නගේ පිං දීලම අපි ඒක සාමකාමීව බෙදාගෙන කෑවා නොවෑ. ඒක කෑවා වගේ නොවේ එකේ අතුරු ප්‍රථිපලත් වින්දා..

මොන දේ කලත් ගෙදර ගිහිං අම්මත් එක්ක ඔක්කොම කියන පුරුද්ද නම් මට ඒ කාලේ ඉදන්ම තිබුන එකක්. මුළු ස්ටෝරියම අහන් උන්න අම්මගෙන් කාපු රඹුටන් වමාරන්නම බැනුමක් අහුවා.ඒක නම් අහලා අහලා පුරුද්දට ඉබේටම දිරෙව්වා... ඒත් රඹුටන් වල සැර පිට කලේ දොස්තර අංකල්වත් මුන ගැහිලාම තමා.සිත්තරාවි ....http://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.com14