වටේ ඉන්න පොඩි බටිත්තියන්ට ටීචර් වෙන්න,
පහළ ඇළට පැනලා තිත්ත පැටව් එක්ක
සෙල්ලම් කරන්න....
සෙල්ලම් ගෙදර අම්මා වෙලා පොඩි එව්න්ට
වැලි සෙල්ලම් බත් උයලා කන්න දෙන්න
හිටි ගමන් වහින අනෝරා වැස්සට තෙමිලා
ලෙඩක් හදන් ඇදට ගුළිවෙන්න...
තාත්තා ගෙනත් දෙන
පාට පාට සීනී බෝල වල රස තව වරක් රස විදින්න...
බෝරිච්චී අත් තියෙන මල් ගවුම ඇදලා
හැඩ පෙන්නන්න තියේ නම් කියලා හිතෙනවා...
අම්මාගේ තුරුලේ නැලවුන හැටි,
තාත්තාගේ කරේ නැගලා හුරතල් උන විදිය මතක් වෙද්දි
ආයේ එහෙම ඉන්න තියෙනවා නම් කියලා හිතෙනවා ..
පුංචි විහිළුවක් කරලා මල්ලිව අඩවන්න..
නංගි එක්ක එකතු වෙලා බට්ටා පනින්න.
සබන් කෑල්ල දියකරලා ගස්ලබු බටෙන්
සබන් බෝල හදන්න හරි ආසයි...
http://cdnimg.visualizeus.com/thumbs/3b/3a/rain,child,fearless,water,wet-3b3accf17a45b34470100da4bc286001_h.jpg |
ඒත් අම්මාට එහෙම කිව්වාම අම්මා කියන්නේ ඒව කරන්න පොඩි ළමයෙක් නෙමේලු මම.
ඉතිං අක්කියෝ හදවතින් ඒ කාලෙට යන්න...කාගෙන්වත් තහනමක් නෑ නේ..
ReplyDeleteඒක නම් ඇත්ත.. ඒ වගේම ඇත්තටමත් යන්න තිබුනා නම් :(
Deleteකවදාවත් අමතක කරන්න බැරි ඒ පුංචි කාලෙට ආයෙමත් ගිහින් එන්න පුළුවන් නම්. එකම එක සැරයක්...!
ReplyDeleteහ්ම්...ම්ම්ම්.. තව එකම එක සැරයක්..
Deleteඔය ආසාවන් තියෙන එකම කෙනා ඔයා විතරක් නෙමෙයි... මමත් ආසයි ඉස්සර වගේ ගේ ඉස්සරහින් සෙල්ලම් ගෙයක් හදලා ඒකට වෙලා ඉන්න....
ReplyDeleteඒකනේ.. ඇයි අපිට දැන් එහෙම බැරි...????
Deleteඇත්තටම ආසාවල් නම් කොයි තරම්ද....
ReplyDeleteකියන්න බැරි තරම්... ගොඩා....යි....
Deleteෂෝක් එකට නිර්මාණය කරලා.මරු.
ReplyDeleteතැන්කූ හොඳේ..
Delete