Saturday, October 6, 2012

දෙහදක් අතරමං වී...(දෙවන කොටස..)


''කීයටද ක්ලාස් ඉවර වෙන්නේ..'' බලාපොරොත්තු නොවු ප්‍රශ්ණයක් ඇසු නිසා දෝ මා තැති ගත්තෙමි.

''මම වැරදි දෙයක්ද බබි ඇහුවේ..?'' 

''නෑ අයියා එහෙම නෑ හවස 5 වෙනවා ඒත් ...'' කියා මා කියන්නට දේ ගිල ගත්තේමි.

''මට ටිකක් කතා කරන්න ඕනා ලෝචි ඔයත් එක්ක .. පුලුවන්ද..?'' දෙවියනේ ඔහු මේ මොකටද එන්නේ.. කිසිවක් මට නම් සිතා ගන්නට බැරි විය. ආයෙත් සිත පාරවා ගන්නට නම් බෑ. ඒත් ඔහු දෙයක් කිවොත් බෑ කියන්නටද බැරිය.

''ලෝචි මම හවස ස්ටෑන්ඩ් එකේ ඉන්නවා පුලුවන්නම් ටිකකට ඇවිත් යන්න ප්ලීස් නංගා.. කියන්න දෙවල් ගොඩායි.. ඔයාව මිට් වෙනකම් මම උන්නේ මාස 8ක් උන්නා මේ හැමදේම කියන්න ..'' කිසිත් නොකියා මම මගේ නැවතුමෙන් බැස ගියෙමි

''උඹ දැන් මොකද කරන්න හිතන් ඉන්නේ ... දෙනුවන් අයියාව මිට් වෙනවද..? 

''දන්නේ නෑ හංසි මට මුකුත් හිතා ගන්න බෑ.. එයාට මොනාද තව මට කියන්න තියෙන්නේ.. මාස 8ක් තිස්සේ එයා මොනවා කියන්නද බලන් උන්නේ..?''

''වෙන මොනවා කියන්නද බං වෙනදා වගේ දුක අහන්න වෙන්නඇති එන්න කියන්නේ යමං යමං උඹ ඉතිං දුක්ගන්නාරාළනේ..''  හංසි මට මේ දොස් කියන්නේ තරහකට නොව මා හැඩු තරම් ඈ ඇරෙන්න වෙන කිසිවෙක් නොදනි..
    
                                             ********************

''ලෝචි බබි ඔයාට කියන්න දෙයක් තියෙනවා.. මට නම් අද හරිම සතුටු දවසක් මගේ හිතේ තියෙන සතුට කියලා නිම කරන්න බෑ නංගා.. ඒ හැමදේම ඔයා නිසයි බබි ගොඩාක් ස්තුතියි ඔයාට..'' ඔහු මේ කියවන්නේ මොනවාද මට කිසිවක් වැටහෙන්නෙ නැත.. 

''මොකද උනේ අයියා.. ඔච්චරටම සතුටු වෙන්න මොකක්ද හේතුව කියලා ඉන්නකෝ..'' මටද ඉවසුමක් නැත කුමක් උවත් ඔහු කොච්චර සතුටින් ඉන්නවාද කියලා මට ඔහුගේ ඇස් දෙකෙන්ම පෙනුනි

''සුබා ... සුබා ආයෙ මගේ ලෝකෙට ආවා.. මගේ ආදරේ මට ආයෙත් ලැබුනා නංගා.........'' තවත් බොහෝ දේ ඔහු කියන්නට ඇත මට කිසිවක් නෑසුනි. හෙණ ගෙඩියක් ඔළුවට කඩා වැටුනා සේ දැනුනි කුමක් කියන්නද මට නොසිතේ..

''ඇයි ලෝචි ඔහොම ඉන්නේ සතුටු නැද්ද ඔයාට..?''සතුට.. මගේ ආදරේ මං ඉස්සරහම තව කෙනෙක්ගේ වෙද්දි මට කොහෙන්ද සතුටක්.. ඒත් මම කොහොමද හිතට එන දේ කියන්නේ දෙනුවන් අයියගේ සතුටින් මම මගේ දුක නැති කර ගත්තේමි.

                               කාලය ගෙවි ගියේ අපටත් නොදැනීය.දෙනුවන් අයියා ඉතා සතුටින් උන්නේය. මට නම් සතුටු කොහෙද කියාවත් හිතා ගන්නට බැරි විය. සුබා හා දෙනුවන් අයියාගේ ජීවිත වලට මම ඒ වෙද්දි වදයක් වී තිබුනි. සුබා නිතරම රණ්ඩු කරන්නට විය. ඒ වෙන කිසිත් නිස නොව දෙනුවන් අයිය හා මා අතර තිබු මිත්‍රත්වයටය. ඔහුට මා ඉදිරියේ කිසිත් කියා ගත නොහැකි විය. ඉතිං මමම ඒ ජීවිත වලින් ඈත් වෙන්නට ඉටා ගතිමි. ඒ කාළය තුල ඔවුන්ගේ ජීවිත තුල කුමක් වුවාද කියා මම නම් නොදනි. අද මේ ඔහු හමු වුයේ මාස 8කට පසුය. ඔහුගෙන් ඈත්ව උන්නේ තරහකට නොව නොලැබෙන බව දැන දැන හිත රවට්ට ගන්න බැරි නිසාය. 

''ලෝචි මොනවද බං ඔච්චර කල්පනා කරන්නේ...''

'' හ්ම්ම්... මුකුත් නෑ හංසි...'' මම මුදු සිනහාවක් නංවා කීවේය.  දවස පුරාම ක්ලාස් එකේ උන්නද අද නම් ඉගෙන ගත්ත දෙයක් නොවීය. මුළු ඔළුවම හිතම පිරි තිබුනේ ඔහුගේ මතකයෙන්ය. මම හවස 5 වෙන තෙක් ඇගිලි ගැන්නෙමි. 

''හංසි මම මෙහෙම්ම යනවා කොටුවේ ස්ටෑන්ඩ් එකට... ''

''දෙනුවන් අයියාව මීට් වෙන්නද ...'' ඇය විස්මයෙන් ඇසුවාය. මම ''ඔව්'' කියන්නට මෙන් හිස සැලුවාය.

''උඹට නම් පිස්සු බං...  අමාරුවෙන් හදා ගත්ත හිත ආයේ පාරවා ගන්න නම් එපා ලොචි, අනික උන්ගේ ප්‍රශ්න වලට ආයෙ නම් මැදිහත් නම් වෙන්න එපා එච්චරයි මං කියන්නේ...'' ඇය තරහින් කීවත් ඒ කීවේ මගේ හොදට බව මා දනි..

4 comments:

  1. හ්ම්ම්...ඔව්..අවසානයේ ඔයාගේ ආදරයට නරක නමක් ගෑවෙයි යාලු..එපා..කාලයට ඉඩ දෙන්න..හොඳ දෙයක් වෙයි..
    ඔයාට ජය!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... තැන්කු හොදේ.. :)

      Delete
  2. සරාගේ ලෝකේ පැත්තේ ආව අළුත් යාළුවා කවුද කියලා බලන්න ආවේ. මේ දැරිවිනේ...! නවකතාවක් වගේ නේද යාළුවේ..? හොඳයි හොඳයි ලියමු. අද ඉඳන් මමත් එන්නම්කෝ මේ පැත්තේ...!

    ජය වේවා කිවුවා එහෙනම් ගෙහුං එඤ්ඤං....!!!

    ReplyDelete
    Replies
    1. චූටි නව කථාවක්.. තැන්කු වේවා කිවවා ආයෙත් එන්න හොදේ..:)

      Delete