Friday, October 5, 2012

දෙහදක් අතරමං වී...

 උදේ 6.30ට එන ලං.ග.ම. බස් එකට මම නගිද්දිම එකවරම කවුරුදෝ ''ගුඩ් මෝනිං'' කිව්වේය. ඒ කව්ද කියා හැරි බලන්න උවමනාවක් තිබුනත් මා එය ගනන් නොගෙන මගේ මිතුරියත් මමත් ඇගිල්ලක් ගසන්නට ඉඩක් නොතිබුන බස් රථයේ අල්ල ගන්නට තැනැක් සෙව්වෙමි. නැවතත් අර හඩම මට ඒ ලෙසෙම ඇසිනි. දෙවැනි වරටත් මට ''ගුඩ් මෝනිං'' කියන්නේ කවුද කියලා බලන්නට මම සිතා අනිත් පැත්ත හැරෙනවාත් සමගම දුටු රුවෙන් මට උන් හිටි තැන් අමතක උනි.... කිසිවක් කියා ගත නොහැකිව මම ඔහු දෙසම බලා උන්නෙමි.
''කොහොමද..?'' ඔහු අසද්දි මට කල්පනාව ආවේ.

''හොදයි.. ඔයාට..?''

  ''වරදක නෑ නංගා පුරුදු ලෙසම ඉන්නවා.. වැඩට යනවා ගෙදර එනවා.. ඔයා දැන් මොකද කරන්නේ..?'' 

 '' එක්සෑම් එකත් ඉවරනේ අයියා මම CIMA කරනවා රිසාල්ට් එනකම් මේ ක්ලස් යන ගමන්..'' 

'' අහ් ...! හොදයිනේ කෙල්ල..'' කියා ඔහු සුපුරුදු අහිංසක සින්නවක් පෑවේය. මට අතීතය සිහිවිය..

                        දෙනුවන් ඒ මීට මාස කිහිපයකට උඩදි මගේ සිතේ උපන් කුළුදුල් ආදරයයි.. බෝ පැලයක් වාගේ සිතේ ඉපදුන ආදරය ඔහු අළු කර දැමු අයුරු අමතක  කර අද ඔහුත් සමග කතා කරනවා නොව, කොච්චර රිද්දුවත් හිමි වෙන්නේ නෑ කියලා දැනුනත් අමුතු ලෙංගතුකමක් තාමත් ඔහු වෙනුවෙන් මේ හිතේ ඇත. ඉස්සර උසස් පෙළ දවස් වල උදේට ඉස්කෝලේ යන්නේත් මේ බස් එකේමයි. ඒ දවස් වල නිතර නිතර බස් එකේදි මුන ගැසුන කෙනෙකි දෙනුවන් අයියා. හැමදාම දකින මූණක් නිසා අපි නිතර හමුවීමෙන් ලෙංගතු වුයේ අපිටත් නොදැනිය.හවසට ඔහු වැඩ නිමා වී ගෙදර යන බස් එකේමය මමත් හවස අමතර පංති නිමාවී ගෙදර යන්නේ.. ඉතිං ඒ වෙලාවත් අපිට කතා බහ කරන්නට එකතු විය. මෙසේ උසස් පෙළ අවුරුදු 2ම ඔහුත් සමගම ගත කලේය. මිට මාස කිහිපයකට උඩදි මේ බස් රථයේ හැමදාම යන එන අය සිතා උන්නේ අපි දෙන්නා පෙම්වතුන් ලෙසය. ඔවුන් පමනක් නොව මමද සිතා උන්නේ එසේය. නිතර රටේ තොටේ, ගමේ වෙන හැම දෙයම කතා කලද ආදරය ගැන අපි කවදාවත් කථා කලේ නැත.

''ලෝචනා උඹ දුක් වෙනවා නේද...?''

'' ඒ මොකටද හංසි.. මම දුක් වෙන්නේ..?''

''දෙනුවන් අයියාගේ ආදරේ නැතිව..?'' හංසි එහෙම කියද්දි මම එක වරම තිගැස්සුනි.. 

''උඹට පිස්සුද බං.. අපි දෙන්නා අතර එහෙම දෙයක් නෑ.. අපි නිකං යාළුවෝ විතරයි බං ...''

''උබ මටත් බොරු කරනවාද ලෝචි..? උඹලා දෙන්නා උඹලා දෙන්නට හොරා ලව් කරනවා ඒක එකෙක්ටවත් නොදැනෙන්න.. මොකක්ද බං ඕකේ තෙරුම.. ?'' මාගේ හොදම මිතුරිය මාව වටහාගෙන ඇත.දැන් මට තිබුන බය මේ වගේම දෙනුවන් අයියාත් කාටවත් හොරා මේ හිතේ උපදින ප්‍රේමය දැන ගෙන ඇතිද යන්නයි.මොනවා කියන්නද කරන්නද කියලා හිතා ගන්න බැරිව හිත හොදටම අවුල් උනි.. ඒත් කිසි වෙනසක් නොපෙන්වා දෙනුවන් අයියා හා  මම පුරුදු ලෙස කල් ගත කළේය. 

''ලෝචි මොකද කරන්නේ නංගා..?''SMS එකකින් එසේ ඇසු ඔහුට මමත් SMS එකකින්ම පිළිතුරු යැව්වෙමි

''nothing..අයියා මොකද කරන්නේ කෑවද..?'' 

''තව නෑ නංගා.. හිතට ටිකක් හරි නෑ මම ඔයාට කෝල් එකක් ගන්නද ...?'' SMS එක දකිද්දිම මගේ හිත පත්තු විය. ඇයි දෙනුවන් අයියාගේ හිතට හරි නැත්තේ..? ඔෆිසියේ ප්‍රශ්නයක්ද..? මගෙන් වරදක් උනාද..? දාහක් ප්‍රශ්න මගේ ඔලුවේ විය.. 

''o.k. call me..''තත්පරයක්වත් ගත වෙන්නට පෙර ඔහුගෙන ඇමතුමක් ආවේය.

 '' හෙලෝ... ලොචි''

''හ්ම් කියන්න අයියා.. මොකද උනේ..?''

'' මගේ හිතට හරි නෑ නංගා.. අනේ මංදා..?'' 

''ඇයි අයියේ මොකද උනේ..? ඔෆිස් එකේ ප්‍රශ්නයක්ද..?'' මම පිළිතුරක් දීගන්න  බැරිව ලතැවුනෙමි..

''නෑ බබි සුබා ආයේ මගේ ජීවිතේට ලං වෙන්න හදනවා.. මොකද කරන්නේ කියලා මට හිතා ගන්න බෑ..?'' සුබා යනු දෙනුවන් අයියාගේ කලින් පෙම්වතියයි දෙවසරක ප්‍රේමය නවතා දමා ඇත්තේද ඇය විසින්මය.. වසරකට පසු ඇය නැවත දෙනුවන් අයියාගේ ප්‍රේමය ඉල්ලා සිටින අරමුණ කුමක්ද..?දෙනුවන් අයියා යනු නරක කෙනෙක් නොව. සුබාගේ යම් යම් වැරදි තිබුනත් ඔහු ඇයට බෝහෝසේ ආදරය කලා. ඒ සියල්ලම දෙනුවන් අයියාමය දිනක් මා සමග පැවසූවේ.

'' මම දන්නේ නෑ අයියේ ඉතිං මොනවා කියන්නද කියලා ඔයා හොදට හිතලා තීරනයක් ගන්න .. ආයේ දුක් වෙන්න වෙන තීරනයක් නම් ගන්න ඒපා...?''

'' නංගා ඔයාට හිතෙනවාද සුබා ආයේ මට ලං වෙන්නේ ඇත්තටමයි කියලා..?''දෙවියනේ ඔහුත් අසන්නේ පුදුම ප්‍රශ්නය මම කොහොම පිළිතුරක් දෙන්නද ...

'' අයියේ ඒක මම දන්නේ නෑ ඔය කළබල නොවි ටික දවසක් කල්පනා කරලා තීරනයක් ගන්න. මොන තීරනය ගත්තත් හොදට හිතලා බලන්න දැන් නිදා ගන්න රෑ වෙලා. හෙට උදේට හම්බ වෙමු...''

''හ්ම්ම්.. බබි එහෙනම් මම තියන්නම් ගුඩ් නයිට්..''

''ගුඩ් නයිට් අයියා.. ''ඒදා මුළු රෑම මට නින්දක් නොවිය. 

                                        **************************
''ලෝචි බබි මොනවාද කල්පනා කරන්නේ..'' මා තිගැස්සුනේ දෙනුවන් අයියාගේ හඩටය. තවමත් බස් රථයේ සිටින බව මට වැටහුනේ එවිටය..

''මුකුත් නෑ අයියා..'' කියා මා මුදු සිනහාවක් පෑවාය. හංසි කිසිත් නොකියා ඉවත බලා උන්නේ මා ගැන ඇය දන්න නිසාවෙනි 

                                      (ඊලග පෝස්ට් එකෙන් ඉතිරිය..)

5 comments:

  1. හ්ම්ම්..අනේ මන්ද ආදරේ නම්,,නැතුවත් බෑ..ඇතුවත් බෑ..කියවන්නම්කො ඉතිරියත් ආවම :)

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත... හ්ම්ම්.... තැන්කු මෙයා.. ඔක්කොම කියවන්න... :)

      Delete
  2. මීට සමාන ඒව නම් වෙලා නැහැ ..ඒත් ගොඩක්
    වැරදිලා තියෙනවා ..ඒවා ඇත්තටම වරද්ද ගත්තුවා
    නෙවේ .වැරද්දුව කව්රු හරි , නැත්නම් කවදාවත්
    ඒව එහෙම වෙන්නේ නැහැ .කවද හරි තිත්තයගේ
    වාරෙත් ඒවිනෙ...එදාට මට කියන්න මන් මොකද
    කරන්න ඕනේ ජීවිතේම උදුර ගත්ත අයට ?

    ReplyDelete
    Replies
    1. ඔයා වරද්ද ගත්තේ නැත්තේ නැත් නම් දුක් වෙන්න එපා මොකද ඔයාගේ අතේ වැරදි නැහැනේ අයියා. ඔයාට වරද්දපු මිනිස්සු හැමදම හිනාවෙලා ඉන්න මේ ලෝකෙට ආව මිනිස්සු නෙමේනේ අයියා. එයාලාගේ වැරදි වලට දවසක එයාලා දඬුවම් ලබයි.

      Delete
  3. හ්ම්ම් ඒක නම් ඇත්ත ..එහෙම කෙනෙක් මේ වෙද්දීත්
    ඉන්නවා රෑ 7, 8 වෙද්දී කොහුවල පාරවල් වල ...
    අනිත් කෙනාට නම් පාරත් හිමි නැහැ ..
    මන් බල්ලෙක් වගේ ඉස්සර ඒ පාරවල් වලම අඩ අඩ
    ගියා .ඉස්සර පොඩ්ඩක් හරි ලගින් හිටපු අය කියපුව
    මන් ඇහුවේ නැහැ ..ආදරේ කියන දේ නොසෑහෙන්න
    කළා .ඒත් අද වත් මන් ඒ අය කියපු දේ අහන්න ඕන..
    ආයෙත් නම් යන්නේ නැහැ ඒ ජීවිතේට ..යන්නම වෙන
    තරම් අසරණ උනොත් යනවා වෙන තැනකට ..

    ReplyDelete