Friday, November 23, 2012

ලෝදියට යට උන පොම්පේ නගරය


ලතින් බසින් හඳුන්වන ආකාරයට පොම්පේ යනු දෙවන පිරිහීමයි. Thoedor Kraus ,අනුව පොම්පේ කියන වචනයේ මූලය ප්‍රකාශයට පැමිනෙන්නේ oscan භාෂාවට අනුව පහ යන ඉලක්කමේ වචනයයි. 

පොම්පේ නගරය රෝමයටත් නාපෝලියටත් නුදුරින් පිහිටි කම්පානියා(campania) ප්‍රදේශයේ වැලලී ගිය කොටසකි.වෙසුවියස් ගිනි කන්ද(Mount Vesuvius) වේගයෙන් පිපිරී යාම නිසා පොම්පේ නගරයේ මීටර 4ත් 6ත්(13-20අඩි) අතර ප්‍රමාණයක් ගිනිකඳු අළු වලින් වැළලී ගොස්, විනාශ වී තිබී ඇත.ඒ ක්‍රිස්තුවර්ශ 79 දි අගෝස්තු මසක 24 වන දිනකදීය. පොම්පේ නගරය වසර 1700කට අධික කාලයක් නැතිවී තිබියදි 1748 පටන් ගත් කැනීම් වලින් එය යලි සොයා ගන්නා ලදී. එතැන් පටන් එහි කැනීම් මෙම නගරය පිළිබඳව අති විශේශ තොරතුරු සපයා දී තිබේ.


භූගෝල විද්‍යාවට අනුව ගරා වැටුන පොම්පේ නගරය පිහිටා ඇත්තේ ඛණ්ඩාංක 40° 45°N 14°29'10°E. පොම්පේ නගරය වෙසුවියස් ගිනිකන්දට කිලෝ මීටර 8ක් නුදුරින් පිහිටා ඇත. එය කම්පානියා නම් කලාපයේ අක්කර 163ක විශාල භූමි ප්‍රමාණයක් ආවරණය කරයි. 

ක්‍රිස්තුවර්ශ පළවන සියවස වන විට  වෙසුවියස් කන්ද අසළ පිහිටි තවත් එක් විශාල නගරයක් විය පොම්පේ නගරය. මෙම කළාපයේ කෘෂිකාර්මික කටයුතු වලින් සැළකිය යුතු ජනගහනයක් ජීවත් විය. අවාසනාවකට මෙන් ක්‍රිස්තුවර්ශ 79දී වු පිපිරීමට මේ හැමෝටම පාහේ මුහුණ දීමාට් සිදු විය. මෙම ලෝදිය ගඟ කිලෝමීටර 10ක් දක්වා පැතිරීම නිසා නිවෙස් වල ආරක්ශාකාරීව උන් මිනිසුන්ට පවා මේ ඉරණමට මුහුණ දීමට සිදුවූ බව සොයා ගෙන ඇත. 2010 වසරේදි කරන ලද පරීක්ෂණ වලින් ඔප්පු වී තිබෙන්නේ අවම 259°C යටතේ පිපිරීමකට ලක් වු හෙයින් ඔවුන් මෙයට මුහුණ දීමට සිදුවූ බවයි.





ඉහතින් දැක්වෙන්නේ ගිනි ජාලාවට යටවුනු මිනිසුන්ය.




පුපුරා යන වෙසුවියස් ගිනි කන්ද.


ලෝදියට ගල් වු සුනඛයෙක්




පොම්පේ නගරය.

මේ අතර පොම්පේ නගරය වසර 250කට අධික කාලයේ පටන් ඉතාලියට පැමිණෙන විදේශිකයන් අතර ජනප්‍රිය වු ප්‍රදේශයෙකි. වසරකට මිලියන2.6ක විදේශිකයන් මෙය නැරඹීමට පැමිනේ. මෙය ඉතාලියේ දැනට පවතින අති විශාලතම සංචාරක කලාපය ලෙස නම් කෙරේ. මෙහි විශාල කොටසක් වන Vesuvius National Park 1977දි UNESCO සංවිධානය විසින් World Heritage Siteඑකක් ලෙස ප්‍රකාශ කරන ලදි.

තොරතුරු සොයා ගත්තේ විකිපිඩීයා විශ්වකෝශයෙනි

Thursday, November 22, 2012

වතිකානු රාජ්‍ය හා කොලෝසියම.

බලමුද ඉතාලියේ ඓතිහාසික තැන් කිහිපයක් ගැන... හැමදාම එක එක කතා ලිව්වනේ ඒ උනාට වැදගත් කියලා යමක් ලියන්න හිතුනා. එහෙම කල්පනා කරද්දි තමා මේ අදහස ආවේ. මෙහේ කොච්චර වටින කියන තැන් තියෙනවාද කියලා. ඉතින් ඒ තැන් ගැන මමත් දන්න ටිකක් ඔයාලාත් එක්ක බෙදාගන්න හිතුනා. 

මේ තියෙන්නේ වතිකානුව. 






වතිකානු රාජ්‍ය ඉතාලියේ රෝම නගරය ඇතුලත පිහිටා ඇත. 1929දී ලැටරන් ගිවිසුමට අනුව වතිකානුව පිහිටුවන ලදී. වතිකානු රාජ්‍ය මුල් ක්‍රිස්තියානු කාලයේ සිට පැවත එන ශුද්ධාසනයෙන් වෙනස් වන අතර ලොව වටා සිටින බිලියන 1.2 පමණ වන  කතෝලික බැතිමතුන්ගේ මූලස්ථානය වේ.වතිකානුව රෝමයේ අගරදගුරු වූ පාප්තුමා විසින් පාලනය කරනු ලබන පැවිදිසි හෝ කතෝලික පූජක-ඒකාධිපති රාජ්‍යක් වේ.ශා. පීතර බැසිලිකාව, අපෝස්තලික මන්දීරය, සිස්ටීන් දෙව්මැදුර, කෞතුකාගාර හා තවත් විවිධ ගොඩනැඟිලි මෙම භූමියේම පිහිටා ඇත.පාප් තුමෙකු තෝරා ගැනීම හා ඔවුන්ගේ කටයුතු මේ වතිකන් රාජ්‍ය ඇතුලත සිදුකෙරේ.


මේ තියෙන්නේ කොලෝසියම




කොලෝසියම යනු ඉතාලියේ රෝම නගරයේ පිහිටි අණ්ඩාකාර අර්ධ මණ්ඩල රංගපිටියකි.මෙය රෝම වාස්තු විද්‍යාඥයින්ගේ හා රෝම ඉංජිනේරුවන්ගේ මාහා අනර්ග නිර්මාණයක් ලෙස හඳුන්වනු ලබයි. මෙහි ප්‍රේක්ෂකයන් 50,000 අදික සංඛ්‍යාවකට අසුන් ගත හැක.කොලෝසියම බොහෝ විට ප්‍රොයෝජනයට ගැනුනේ අවිගත් ක්‍රීඩා සඳහාය ඒ අතුරින් සත්ව දඩයම,mock sea battles, ප්‍රධාන යුද ක්‍රීඩා විය. එමෙන්ම පැරණි මිත්‍යා කථා මුල් කරගෙන නාට්‍යද රඟපාන ලදී. මෙම පැරණි වැරුනු ගොඩනැගිල්ල මධ්‍යම කාලපරිච්ජේදයේදි විනෝද උත්සව සඳහා භාවිතා කරන ලදී. පසුව නැවත එය නිවාස කටයුතු බිංකලය,ආගමික නායකයන්ගේ වාසස්තාන,බලකොටුව හා ක්‍රිස්තියානි පූජනීය ස්ථානයක් බවට යොදා ගන්නා ලදී. එවකට සිටි වෙස්පාසියන් නැමැති අධිරාජ්‍යාගේ අනුමැතිය යටතේ මෙහි ඉදිකිරීම් ක්‍රිස්තුවර්ෂ 72දී අරඹන අතර ක්‍රිස්තු වර්ෂ 80 දි එවකට සිටි 10 වන රෝමානු අධිරාජ්‍ය ටයිටස් අධිරාජ්‍යා යටතේ නිම කරන ලදී.පසුව එහේ වැඩි දුර වෙනස් කිරීම් ඩොමිටේන්ස් නැමැති 11වන අධිරාජ්‍ය වරයාගේ යටතේ සුදුවිය. භූමිකම්පා හා වෙනත් විවිධ හේතුන් මත කොලෝසියම කොටස් කිහිපයක් විනාෂ වී ගොස් ඇති බව දැන් අපට දැකගත හැක. විදේශකයිනේ ඇසට ග්‍රහණය වන තවත් එක් සුවිසේශි රෝමානු නිර්මාණයක් ලෙස අපට අද මෙය දකින්නට පුළුවනි.ඒ වගේම කොලෝසියම හා කතෝලික දේවස්ථාන අතර ලඟ සම්බන්ධතාවක් දැක්නට ඇත. ඉතාලියේ දැනට පවතින ශත පහේ කාසියේ කොලෝසියේහි චිත්‍රයක් එහි විග්‍රහා කර දක්වනවා. 



අද කොලෝසිය අසල විදේශකයින් ප්‍රමාණය


2012 වර්ෂය වනට විට කොලෝසියම


ශත පහේ කාසිය මුහුණත ඇති කොලෝසියම



තොරතුරු නම් හොයා ගත්තේ විකිපිඩියා විශ්වකෝශයෙන්..

Tuesday, November 20, 2012

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත..


වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත..
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් 
මනු ලෝ තලයේ වාසනාවන්.... 

පටන් ගද්දිම ලියලා තියෙන දේ දකිද්දි කට්ටිය හිතුවානේ සිත්තරාවිට අකරතැබ්බියක් වෙලායි කියලා. හ්ම්......ම් එහෙමත් නෑ නැත්තෙමත් නෑ යාළුවනේ. ලංකාවේදි වගේ නම් නෙමේ මේ වගේ හොඳ හැටි අත්දැකීම ගන්න පුළුවන් ආගන්තුක රටකට වෙලා ඉන්නැද්දි... ඒත් ඉතිං මේ වගේ ගරු නම්බු වැඩි පුරම හම්බවෙන්නේ අපේ සිරි ලංකාවේ ඉංගිරිසී හදවත් තියෙන ඈයොන්ගෙන්ම තමා.හරි හරි.... අපිට එයාලාගෙන් ඇති වැඩක් නෑ. ඕන දෙයක් කියපුදෙන්,කරපුදෙන් අපිට මොකෝ අපේ ඇඟේ ගෑවෙනවා කියලායෑ. අපේ අම්මා කියනවා වගේ "එයාලාගේ පව් එයාලා ගෙනියයි.අපේ පව් අපි ගෙනියමුකෝ".

ඔය මට නපුරුකම් කරන වල කපන කට්ටියට නෙමේ අද මම මේ පෝස්ට් එක ලියන්නේ, මේ රෝමේ මට හම්බ උන දෙවිදේවතාවන්, දිව්‍යංගනාවන් වගේ කට්ටියක්ට කළගුණ සැලකීමක් ලෙස හැමදාම මතක සිහිවටනයක් විදියට තියාගන්න තමා අද මම ලියන්නේ. සිත්තරාවි රෝමෙට ඇවිත් තාම වැඩි කාලයක් නම් නෑ.මේ වෙනතුරු කවදාවත් අනුන්ගේ තැන් වල ඉඳලත් නෑ. ඒත් ජීවීතේ පළවෙනි වතාවට කියලා කුළියට ගිය කාමරේ උන්නේ බැටළු හම පොරවාගත්තු වෘකයෝ වගයක්. පණ දෙන්න කථා කලාට හිතින් කියන්නේ නම් නැතිවෙලාම පලයං කියලා තමා. හරි හරි එයාලාගෙන් අපිට වැඩක් නෑ(මතකයිනේ අම්මා කියපු දේ..) ඉතිං මට හම්බ උනා හරි හොඳ කට්ටියක්. මේ කට්ටිය මුස්ලිම් කට්ටියක්.(සිත්තරාවි ජාති ආගම් භේද බලන කෙනෙක් නෙමේනේ)අයියා මලෝ දෙන්නා හා මෙයලා කරකාර අරන් උන්න අක්කලා දෙන්නා ගැන තමා අද මම මේ කියන්නේ. හරිම හොඳ කට්ටියක්. මට නම් මගේ නෑයෙක්වත් වටින්නේ නෑ අද මෙයාලා තරම්. එච්චරටම සිත්තරාවිට උදව් කරලා තියෙනවා,සිත්තරාවි ගැන හොයලා බලලා තියෙනවා. කන්නේ මොනවාදෝ කිය කිය හිත හිත ඉද්දි මෙයාලම කෝල් කරලා කෑවද බිව්වද කියලා අහලා කාලා නැත් නම්, උයන්න දෙයක් නැත් නම් ගෙදරට එනකම් කෝල් කර කර බනිනවා. මුලිනුත් මම කිව්වනේ මම රෝමෙට නම් අලුත් ඉතින් හරියට පාරවල් ගැන දැනීමක් නැති නිසා කොහේවත් යන්න විදියක් නෑ.. ඒත් මේ අක්කලා දෙන්නා ඉන්නකම් ඒ ගැන නම් බය වෙන්න දෙයක් නෑ. ඕන තැනකට මා එක්ක යන්න එනවා. කිව්වොත් අපායට උනත් ඒවි. ප්‍රශ්නයක් උනාමත් හැබැයි ඒ වගේමයි. සාමෙන් නම් සාමෙන් වෛරයෙන් නම් වෛරයෙන් ඕන දේකට මේ සිත්තරාවිගේ හෙවනැල්ල වගේ ඉන්නවා. ඒ වගේම තමා මේ අයියලා දෙන්නත් හරිම හොඳයි. මම මුලින් කිව්වනේ මම මුලින්ම කුලියට ගිය ගෙදර අයිතිකාරයෝ මොන වගේද කියලා. හෆ්ෆෝයි... ඒ ලංකාවේ ඉපදුන ලංකාවේම හැදුන වැඩුන සිංහල ඈයෝ තමා අසරණ අහිංසක මිනිස්සුන්ව පාගලා දන්නේ. එයලා ඉතින් වාහන තියෙන,හොඳ ම(ර්)ක් තියෙන ඇඳුම් පැළඳුම් අඳින කට්ටියවනේ ආශ්‍රය කරන්නේ. ඒ උනාට වැඩක් නෑ කන්නේ කරිටාස් එකෙන් නිකන් දෙන කෑම ගෙදර ඉන්න එකම අම්මාට සලකන්න දන්නේ නෑ. පව් ඒ අසරණ අම්මා වැඩකාරිවගේ ඒ ගෙදර. මම මෙහෙම කිව්වේ සිංහල කට්ටිය ගැන වැරදි කියන්න නම් නෙමේ. ඒත් මම දැකපු දෙයක් අත්දැකීමෙන් මේ කියන්නේ. අර මුස්ලිම් ගෙදර කට්ටිය ජාති ආගම් භේද කිසිම දෙයක් බලන්නේ නැතිව මිනිස්සුන්ට උදව් කරනවා. ඒත් අර මම කියපු කට්ටිය වෙන ආගමක ජාතියක කෙනෙක් දැක්කම සලකන්නේ,බලන්නේ ත්‍රස්තවාදියෙක් ගානට . ඒ උනාට ඉතාලිකාරයන්ව දැක්කම දෙයියන්ව දැක්කා වගේ තුනට හතරට නැමිලා ඉන්නේ. කිව්වොත් උන්ගේ කකුලුත් ලෙවකන ගානට ඉන්නේ.(දැනටමත් කරනවද දන්නේත් නෑ) ඒත් ඇයි ඒ මිනිස්සුන්ට එක තප්පරයකටවත්  හිතෙන්නේ නැත්තේ වෙන ජාතියක,ආගමක උනත් අර ඉන්නේත් සිංහල ලේ තියෙන අපේ රටේම මිනිස්සු කියලා. පුදුම මිනිස්සු තමා. 


එහෙම බලද්දි නම් මගේ හිතේ අර මුස්ලිම් ගෙදර කට්ටිය ගැන තියෙන්නේ පුදුම භක්තියක්,ගෞරවයක්. හැම ආගමකටම ගරු කරන්න එයාලා දන්නවා. ආගම් ජාති භේද නොබලා මිනිස්සුන්ට උදව් කරන්න තරම් ඒ මිනිස්සුන්ගේ හිත් උනු වෙනවා.

මෙහෙම ලියද්දි කියවන ඔයාලා සමහර විට හිතාවි සිත්තරාවි මේ හදන්නේ ජාති ආගම් භේද ඇති කරන්න කියලා. නෑ කොහෙත්ම නෑ. සිත්තරාවිත් සිංහල කතෝලික පවුලක දැරිවියක්. ඒත් ජාති ආගම් කුළ මළ නැති පිරිසිඳු හදවතක් ඇත්තියක්. හැම ආගමකට ගරු කරන්න අපේ අම්මාලා අපිට කියලා දීලා තියෙනවා. මට නම් අද මේ රෝමේ මේ මිනිස්සු තරම් හොඳ මිනිස්සු ටිකක් තවත් නෑ. 







Friday, November 16, 2012

ඇතුවත් බෑ නැතුවත් බෑ..ලු


ළඟ නැහැයි කියලා දැන ගත්තම කවුරුත් ලඟ නෑ..
තියෙනවායි කියලා දැන ගත් විට
ඇස් දෙකට මුණ නොගැසුන ඈයෝ පවා නෑයෝ වෙයි..
ඒ ඉතින් ආදරේකට නොව කියලා හැඟෙන්නේ වැරදුන පසුවයි.
මට නැති විට දෙන්න කිසිවෙක් නැත.
උන්ට නැති උන විට මගේ හිත උනු වෙයි.
ඉතින් මම උන්ට දෙයි..
ඒ ඉතිං වෙන මොනවාත් නෙමේ 
ඇතුවත් බැරි නැතුවත් බැරි සල්ලි...




Thursday, November 15, 2012

22nd Anniversary

One day they met...
They were smiled.. 
They started talking..
A new friendship was begun..

With the time they get closed
They met each and every seconds that they got 
Shared all tears and laugh..

BUT......

Without knowing to them 
Their hearts were in love 
One day.. He told his love to Her 

She also expecting his love 
She felt shy.. she was happy 
A drop of tears comes from her eyes 

Old friendship...
Turn in to a new relationship 
It was end with a marriage 
End.... ??? nope it was started 
A new life 


Yeah..!!  
today is your 22nd wedding anniversary 
HAPPY WEDDING ANNIVERSARY MUM AND DAD 

Live long life together 
It's small wish from your 
elder daughter.. 

God Bless Is Always With You...


1990/11/15... To... 2012/11/15

Monday, November 5, 2012

පාළුයි ආච්චියේ මට..

ඔයාට මතකද ආච්චි ඉස්සර ඉස්කෝලේ ගිහින් එද්දි අපේ ඉස්කෝලේ ලඟ ඉඳලා බස් ස්ටෑන්ඩ් එකට එනකම්ම වටේම තියෙන කඩවල් වල තියෙන අළුත් ඇඳුම් මෝස්තර මම බලන් එනවා. ඒ ඉතින් වෙන මොකටවත් නෙමේ ඒවා ගැන උජාරුවට මම කියද්දි ඊට ටිකක් හරි වෙනස් කරලා ඔයා  මට මහලා දෙනවා කියලා මම දන්න නිසායි. ඔයාත් හොඳට කඩේ තියෙන ඒවල ඇද පෙන්නනවා. මොකද ඉතින් ඔයා මැහුම්ශිල්පිණියනේ. එන එන මෝස්තරේට ඇඳුම් මහන්න අම්මා සල්ලි නොදෙද්දි සීයාගේ පැන්ෂන් එකෙන් හම්බවෙන එක ඔයා මගේ අත් මිටි මොලවන්නේ ඔයාගේ අනිත් මිනිබිරියන් හය දෙනා රෙඩිමේඩ් ඇඳුම් අඳිද්දි මම විතරක් ඔයාගේ පරණ මැෂිමෙන් මහන ඔයාගේ සුකුරුත්තම් වලට ආදරේ කරන නිසායි. අවුරුදු දහාතුනක් ඉස්කෝලේ ගියා ඒ මුළු අවුරුදු දහාතුනටම මගේ යුනිෆෝම් එක මැහුවේ ඔයායි. ඔයාට මතකද දවසක් ඔයාගේ දණිස් අමාරුයි කියලා වෙන කෙනෙක්ට කියලා මසා ගත්ත ගවුමේ රෑජාමේ වෙනකම් ඔයායි මමයි වැරදි හෙව්වා. අන්තීමට අම්මාගෙන් බැනුමුත් ඇහුවා. මොනවා කරන්නද මම පුරුදු උනේ ඔයාටනේ. ඒත් අද... මමත් ඔයාගේ අනිත් මිනිබිරියන් වගේ රෙඩිමේඩ් ඇඳුම් අඳින්න පුරුදු වෙලා.. 

 උදේ 8.30ට පටන් ගන්න ඉරිදා පූජාවට ඔයා යන්නේ 6.30ට. වෙලාවකට අම්මත් ඔයාට බනිනවා ඒ ඉතින් තරහකට නෙමේ කියලා ඔයාත් හොඳටම දන්නවා. මොකද ඉතින් පාන්දරයාමේ නැගිටන එක ඔයාට හොඳ නැහැනේ. කොහෙද ඉතින් කිව්වාට අහනවායෑ ඔයා ඉතින් එච්චර උදේම යන්නේ ඔයාගේ ආදරවන්තයාව බලන්නනේ. කොහෙද අම්මාලා දන්නේ නැහැනේ අම්මාලට කලින් ඔයා ගිහින් සීයාව බලනවායි කියලා. ඒක ඉතින් දන්නේ මමයි අර පස් කන්දට යට වෙලා සැපට නිදන් ඉන්න සීයයිනේ. 

ඉස්සර පහළ ළිඳෙන් නාන්න හිතුනාම මම නාලා ඉවර වෙනකම් මගේ ළගට වෙලා තනි රකින්නේ ඔයායි. ඉස්කෝලේ ප්‍රොජෙක්ට් හදද්දි පොල් කොළ වලින්, ඔයා මහලා ඉවතලන රෙදි කෑලි වලින් මගේ ප්‍රොජෙක්ට් එකේ මුල් පිටුව හැඩ කරන්න ඔයා හරි සමත්. ඒක දැක්ක ගමන් මට ලකුණු වැටිලා ඉවරයි. ඒක කොපි කරන් මගේ යාළුවෝ ඊලඟ ප්‍රොජෙක්ට් එකට සැරසෙද්දි වෙනදා වගේම අළුත් දෙයක් ඔයා මට හදලා දෙනවා. ඉතින් උන් හැමදාම මගේ කව(ර්) පේජ් එකට පරදිනවා. ඒවා මම කට උල් කරන් ඉස්සර කියද්දි ආඩම්බර වෙන්නේ ඔයා කියලා මම නොදන්නවා නොවේ. 


මට මතකයි මම සාමාන්‍ය පෙළ පාස් උන වෙලේ ඔයා පල්ලි ගිහින් ඔයාගේ යාළු ආච්චිලත් එක්ක හරි ආඩම්බරෙන් කිව්වා මගේ කෙල්ල විභාගේ පාස් කියලා. ඒ උනාට මගේ උසස් පෙළ ප්‍රථිපල බලන්න ඔයාට ඉන්න බැරි උනා නේද ආච්චියේ... ඇයි එච්චර ඉක්මනට මාව දාලා ගියෙ.. 

ඔයා අසනීප වෙලා දවස් තුනයි අපිත් එක්ක උන්නේ. සීයා ඔයාට දුක් විඳින්න ඉඩ දෙන්නේ නැතිව එයා ළඟට ඔයාව එක්ක ගත්තා. ඒකාත් හොඳයි ආච්චි. සියා කලේත් හොඳ වැඩක්. මොකද ඔයාට තිබුනේ පිළිකාවක් ඒක ඔයා දැන ගන්නත් කලින් සීයා ඔයාව එයා ළඟට ගත්තා. ඒත්..... මට ඒ දවස් මතක් වෙද්දි තාමත් දුකයි. මීගමුවේ මූළික රොහලේ ඇඳක් උඩ ඔයා උන්න විදිය මතක් වෙද්දි තාමත් ඇස් දෙකට කඳුළු එනවා. ඒ ඔක්කෝටම වඩා ඔයා මා එක්ක කථාවත් කලේ නෑ මාව දාලා යන්න කලින්. මම දන්නවා ඔයා මා එක්ක තරහින් උන්නේ ඒ මළවුන්ගේ මංගල්‍ය දවසේ සීයව බලන්න මට එන්න බැරි උන නිසා. ඔයා මැරෙනකම්ම ඒක කියෙව්වා කියලා නැන්දා මට කියපු ඒ වචන තාමත් මට ඇහෙනවා වගේ සුදු ආච්චියේ. අනේ ඒ වැරැද්ද මට හදන්න පුළුවන් කමක් තියෙ නම්......  

ඔයා තාමත් අපි අතරේ ඉන්නවා නම් ආච්චි.... ඔයා නැතිව මට ගොඩාක් පාළුයි ආච්චි. කෝච්චියක් වගේ කියවපු මේ කට දැන් වැහිලා.හැම ඕපාදූපයක්ම අහන්න මං ලඟට වෙලා උන්න ඔයා දැන් නැහැනේ. මේ මාසෙට ඔයා මාව දාලා ගිහින් අවුරුදු 3ක් වෙනවා. හැමදාම ඔයාව හීනෙන් පේනවා ඒදා මම දැක්ක හීනේදි ඔයා මාව බදාගෙන ඇඬුවා මම ඔයාව බලන්න ආවේ නෑ කියලා.ඉක්මනට් එනවා සුදු ආච්චියේ ආච්චිව බලලා යන්න. එතකන් මගේ සුදු ආච්චියට ජේසු පිහිටයි.. 

Saturday, November 3, 2012

在中國商店工作... Working At Chinese Shop..

你好你怎麼樣......?පෝස්ට් එක පටන් ගද්දිම තිබුන අකුරු ටික දැකලා බය උනාද..? හි:) හි:) බය වෙන්න කාරි නෑ.. මේ දවස් වල සිත්තරාවි වැඩ කරන්නේ මෙහේ තියෙන චීන කඩයකනේ.. ඈ.. ඉතාලියෙත් චීන කඩ තියෙනවාද..? තියෙනවා නේන්නම්.. මම නම් හිතන්නේ චීනෙවත් නැතිව ඇති මෙහේ තරම් චීන කඩ. 

හරී ආසාවෙන් කරන රස්සාවක් මේක නම්. ඇයි ඉතින් මෙළෝ දෙයක් කරන්න නැහැනේ කඩේ වටේ රවුම් ගහන් එක තමා කරන්නේ. හැබැයි.. මේ ඔක්කෝටම වඩා පිස්සු හැදෙන්නේ මේ කට්ටියට ඉතාලි භාෂාව බැහැ. ලස්සන තරුණ චීන කොල්ලෙක් ඉන්නවා මේ කොල්ලට විතරයි භාෂාව පුලුළුවන්.මෙයාගේ අම්මටයි තාත්තටයි දෙයක් කියන්න ඕන නම් රඟපාලා පෙන්නන්න වෙනවා. කඩේට එන කට්ටියත් වෙලාවකට පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා. මේක කඩයක් කිව්වාට පොඩි සුප(ර්) මා(ර්)කට් එකක්. ඉතින් සමහරක් දේවල් පේන්න නැති උනාම මගෙන් අහනවා. මමත් ඉතින් අළුත්නේ තාම ඒ ඒ දේවල් තියෙන තැන් දන්නේ නෑ. එයාලාගෙන් ඇහුවාහම චීන භාෂාවෙන් මට උත්තර දෙනවා. අනේ.... අෆ්ෆෝ.. ඒ වෙලාවට හිතෙනවා ඇයි මමත් මෝඩි වගේ ගිහින් මෙයාලාගෙන්ම ඇහුවේ කියලා.චාං චූං ගගා මොනවාදෝ කියවනවා ඉතින් ඒ වෙලාවට. පැය 8ක් කඩේ වැඩ කරනවා. ඒ උනාට වචනයක් මම නම් කථා කරන්නේ නෑ මේ කට්ටියත් එක්ක.මොකො ඉතින් මට කියලා චීන කථා කරන්න පුළුවන්යෑ. මූන දිහා බල බල හිනා වෙන එක තමා කරන්නේ මුළු පැය අටටම.

 ඔන්න ඉතිං ගිය මුල්ම දවසේ මම එන්න ටිකකට කලින් මෙයාලා රොටී වගේ කෑමක් හදන් අරන් ආවා කඩේට. දැන් ඉතින් මටත් එකක් දුන්නා. මට එපාමයි කියලා සියවතාවක් විතර මම කියන්න ඇති. ඒ ඉතින් එහෙම කිව්වේ වෙන හේතුවකට නෙමේ අපේ අයියාලා අක්කලා මට කියලා තිබුනේ මෙයාලා හැම සතෙක්ගේම මස් කනවායි කියලා. අෆ්ෆෝ.... මම ඉතින් හැමදේම හලලා, පෙරලා, තෝරලා, බේරලනේ කන්නේ දැන් මට තිබුන ලොකුම බය මේ රොටිය ඇතුලේ තිබුන මස් එක මොනවද කියන එකයි. කොහෙද ඉතින් ප්‍රශ්නයක් තිබුනයි කියලා අහන්නයෑ.. මම කියන එක තේරෙනවායෑ.. කන්දෝ.. නොකන්දො කියලා මම දැන් ලතවෙනවා. විසික් කරන්නත් බෑ. එයාලාත් මං ලඟ අනික කැමරාත් තියෙනවා. මොනවා කරන්නද කෑවා. හැපුවට හැපෙන්නේත් නෑ.. උගුරෙන් පහලට ගිල ගත්තේ බොහොම අමාරුවෙන්.අම්මේ.... ඒ වෙලේම හිතා ගත්තා ආයේ නම් මොන දේ දුන්නත් කන්නෙ නම් නෑ කියලා.හැබැයි ඉතින් ඒකේ මොන මස් තිබුනද කියන්න මම නම් අදටත් දන්නේ නෑ. මෙතනට එන ආච්චිලාගෙන් තමා ලොකුම වදේ තියෙන්නේ. ඇයි ඉතින් කොයි වෙලෙත් නහයෙන් අඬාගෙනනේ ඉන්නේ. හොඳක් උනත් එහෙමයි නරකක් උනත් එහෙමයි. මමත් ඉතින් චුට්ටක් බට(ර්) පාර දීලා දානවා මේ ආච්චීලාට අපෝ.. ඒ වෙලාවට මගේ මූණ ඉවරයි මේ නාකි ආච්චිලා ඉඹලයි අතගාලායි..ගෑණු ළමයිට වඩා ආච්චිලානේ අප්පා ස්ටයිල් කරන්නේ කඩේට අවහම පාට පාට,මල් තියෙන ඒවා කියයි සමහරුනට සමනල්ලු ඉන්න ඒවා ඕනා කියයි විකාර කෝටියයි.මම මේ කල්පනා කරන්නේ ඉතාලි මිනිස්සුන්ට වඩා චීන මිනිස්සු හම්බකරනවා හොඳට. මේ කඩේට එන අය දිහා බැලුවහම ඒක පේනවා. හැබැයි ඉතින් කිසිම කල් පැවැත්මක් නැති භාණ්ඩ වගයක් තියෙන්නේ. හයියෙන් සුළඟක් හැමුවොත් කැඩෙයි කියලා බයේ බෑ. හ්ම්... ඒක ඉතින් ඒවා ගන්න අය දැන ගන්න ඕනානේ ලෝභ කමට අඩු ගනන් හොයන්නේ නැතිව දිගු කාල් පැවැත්මක් තියෙන දෙයක් ගන්න.

කවදාවත් නොකරපු අළුත් රස්සාවක්. අත්දැකීම නම් ගොඩාක් ගන්න පුළුවන් වෙයි තව ඉස්සරහට.ඒ වගේම තව අළුත් භාෂාවක්. බලමුකෝ..කලින් නරක රස්සාවක් හම්බ උන වෙලේ ගොඩාක් කට්ටිය සුබ පැතුවනේ ඉක්මනට හොඳ රස්සාවක් මට ලැබෙන්න කියලා ඔන්න මට හොඳ රස්සාවක් හම්බ උනා. ඒ ඔක්කෝටම බොහොම ස්තූතියි...සිත්තරාවි දැන් හොඳ රස්සාවක් කරනවෝ..