Showing posts with label පුංචි කථා... Show all posts
Showing posts with label පුංචි කථා... Show all posts

Thursday, November 15, 2012

22nd Anniversary

One day they met...
They were smiled.. 
They started talking..
A new friendship was begun..

With the time they get closed
They met each and every seconds that they got 
Shared all tears and laugh..

BUT......

Without knowing to them 
Their hearts were in love 
One day.. He told his love to Her 

She also expecting his love 
She felt shy.. she was happy 
A drop of tears comes from her eyes 

Old friendship...
Turn in to a new relationship 
It was end with a marriage 
End.... ??? nope it was started 
A new life 


Yeah..!!  
today is your 22nd wedding anniversary 
HAPPY WEDDING ANNIVERSARY MUM AND DAD 

Live long life together 
It's small wish from your 
elder daughter.. 

God Bless Is Always With You...


1990/11/15... To... 2012/11/15

Sunday, October 28, 2012

නොනිඳන නෙතු...


තරුද නිදන මහ රෑ
නිදමි මහද නිදි රෑ
මතක පොතේ කඳුලින් කටු ගෑ
කවි ලියවෙයි මහ රෑ

පිනි විසිරෙන විට වටහා ගනු මැන
දෙනෙතින් කඳුලැලි ගලන තරම් 
රෑහි හඬන විට හඳුනා ගනු මැන 
රෑ තුන් යාමේ හඬන හැඬුම්


රේඩියෝවේ එහා කොනින් ඇසුනු ගීයතය මොහොතකට මගේ සිත සසල කලේය.ඒ අතීතයේ මා නවතන්නට තරම් ඒ වචන සමත්විය. ඇත්තටම ඔහුට දැනෙනවා ඇතිද මේ ඇස් වලින් වැටෙන කඳුලු බිඳු... නෑ..... කොහෙත්ම වෙන්න බෑ.... එහෙම දැනෙනවා නම් ඔහු මෙසේ මේ හිත රිදවා පැත්තකර වෙන්නේ නැත. තේමිය ඔහු මා රැවටූ තරම්..... අනේ..!! මා මේ හූල්ලන ගින්දර කිසිදිනෙක ඔහුට පත්තු නොවේවා. මන්දයත් ...... ඒ තරමට මා ඔහුට පෙම් කලේමි. අද සරසි ඔහු නිසා ජීවත් වෙන මළ කඳකි. 

"හැමදේම ලෑස්තියි චූටි නංගියෝ වෙඩිං එකට අපේ බට්ටි ලෑස්තිද..?" අයියා එහෙම කියද්දි මට අමුතුම ලැජ්ජාවක් ඇති උනි. හෙට දිනයේ මනමාලි වන හැම කෙල්ලෙක් වගේ මගේ හිතද කියා ගන්න බැරි තරම් දෙගිඩියාවකින්, සතුටින් පිරි ඉතිරේ. තේමිය ඔහු සරසිගේ අත ගන්නට සැරසුන කුමරා විය. යෝජිත විවහයක් වු හෙයින් අප මාස 8ක් තුරාවට ඇසුරු කිරීමෙන් විවාහයකට එලඹුනි.

"කපු මහත්තයා ගෙනාව මේ යෝජනාව පොඩ්ඩි කැමති උන එක නම් හොඳයි ඒ ළමයත් පවුලෙ කට්ටියත් හොඳා නොවෑ"  අම්මා අප්පච්චි එක්කලා එහෙම කියන්නට ඇත්තේ අවුරුදු 24ක් උවත් කිසිම කොල්ලෙක් ගැන ආල හිතක් මට පහල නොවු නිසාය. එක අතකට එය එහෙම වුන එකට ඔවුන් පුදුම නොවිය යුතුය. සරසිට ආලය නොදැනුනා නොවේ,සරසිට ආලය කරන කොල්ලන් නොසිටියා නොවේ. නමුත් අප්පච්චිගේ මාන්නය,නම්බුව කුළ මල වල තරම් දැන දැනම මේ සරසි ආලය මග ඇරියේ ලොකු අක්කාව සිහිවීය.

ලොකු අක්කාගේ මහත්තයා අතුල අයියා ලිපිකරුවෙකි. අතුල අයියා ඉතාමත් ගුණ යහපත් අයෙකි.මට නම් ඔහු අපේ අයියාටත් වඩා හොඳ අයෙක් විය. මොකද ඉතින් අයියාටත් තිබුනේ අප්පච්චිගේම ගති පැවතුම්ය.ඔහු ඇසුරු කලේත් උසස් පෙලේ මිතුරන්ය. ගමේ අහල පල ඈයෝ ඔවුන්ගේ අතපල්ලේන් වැටුනු අය විය. ලොකු අක්කා හා අතුල අයියාගේ සම්බන්දය දැන ගත් දා පටන් ගෙදර යුද පිටියක් විය. ඒ අපහාස වචන ඉවසගන්න බැරිව අතුල අයියා ලොකු අක්කාව ඔහුගේ නිවසට එක්ක ගියේය. නමුත් එදා පටන් අපේ ගෙදර දොර ලොකු අක්කාට වැසුනි. අයියාට නම් ඔහුට ලොකු නංගියෙක් උන්නද කියලාවත් මතක නැති පාටයි. ඒත් මට නම් ඇයව නිතරම මතක් වෙයි.

ඉතින් මේ හේතු නිසායි සරසි කිසිවෙකු සමඟ පෙමින් නොබැඳුනේ. නමුත් අප්පච්චිලාම කථා කල තේමිය ගැන මුලදි පැහැදීමක් නොතිබුනත් කාලයක් ඇසුරු කිරීමෙන්  ඔහු කෙරෙහි ආලයක් හිතේ ඇති විය ඒ ආලය විවහයක් තෙක් දුර යන්න තරම් සමත් විය.


"සරසි ඔයා මොනවද අනාගතේ ගැන හිතන්නේ.. ලබන මාසේ අපේ වෙඩිං එක එතනින් එහාට..." 

"හ්ම්ම්...ම්ම් අපි අපේම පුංචි කැදැල්ලක් හදා ගමු තේමිය. මම හරි ආසයි එහෙම ඉන්න... " ඔහු මා කියන සැමදේම අසා උන්නත් උවමනාවෙන් අහන් ඉන්න බවක් මට පෙනුනේ නැත. මොනවා උනත් ඒ ගැන මම වැඩි දුර නොසිතා උන්නේමි.ඔහුව සැක කරන්න තරම් හේතුවක් මට නොවීය.



උදේ පාන්දරම මාගේ දුරකථනය නාද විය. කවුද මේ උදේම මම මටම කියා ගනිමින් දුරකථන මම අතට ගත්තේමි.තේමිය ලෙස එහි සටහන් වී තිබුනි.මේ උදේම මොකද මේ.. පුදුම වෙන්න දේකුත් නෑ මේ හෙට අනිද්දා මගේ මහත්තයා වෙන්න ඉන්න කෙනානේ.මම සිනාසෙමින් එයට පිළිතුරු දුන්නෙමි.

"හෙලෝ... ගුඩ් මෝනිං තේමිය මොකෝ මේ උදේ පාන්දරම.."

"හෙලෝ..  සරසි මට ටිකක් සීරියස් දෙයක් ඔයාට කියන්න තියෙනවා.. "

"හ්ම්.. කියන්න තේමිය මම අහන් ඉන්නේ..." මම ඇඳේ හරි බරි ගැහි ඉඳ ගන්න ගමන් පිළිතුරු දුන්නෙමි.

"සරසි මම වෙන කෙනෙක්ට ආදරේ කරනවා. එයා නැතිව මට ජීවත් වෙන්න බෑ. අම්මලා අප්පච්චිලාගේ බල කිරිමට මම ඔයාට කැමති උනේ.ඒත් මට හිත හදා ගෙන ඔයාට ලං වෙන්න බෑ..." ඔහු එක දිගට කියවගෙන ගියේය.


"ඇ....යි.. ඉතිං ඔයා ඒක මට මීට කළින් කිව්වේ නැත්තේ.. තේමිය අනිද්දාට අපේ වෙඩිං එක මම කොහොමද මේ හැමදේටම මූණ දෙන්නේ" මට කිසිත් සිතා ගත නොහැකි විය. තවත් කිසිවක් මට කියන්නට ඉඩ නොදි ඔහු ඇමතුම විසන්දි කලේය. මම යළිත් කිහිප වරක්ම ඔහුට කථා කරන්නට උත්සහ කලද ඒ උත්සහය නිශ්ඵල විය.

සිදු වු කිසිවක් කිසිවෙකුට සිතා ගත නොහැකි විය. තේමියගේ නිවසින් සිදුවු සියල්ලට කණගාටුව පමනක් අයැද නිහඬ විය. ඒත් මගේ හිතේ ඇතිවු දුක ගැන කිසිවෙකුටත් වගක් නොවීය. හැමෝම කිපුනේ තමන්ගේ නම්බුව ගෞරවය ගැනය. කිසිවෙකුට මා ඉන්නවද මලාද කියාවත් මතක නැත.තවත් ඉවසන් ඉන්න බැරි තැන සරසිගේ හඬ අවදිවිය.

"අප්පච්චි ඔයාලට නම්බුවද දුවද වටින්නේ..?මෙච්චර දෙයක් වෙලත් ඔයාලා මේ කෙහෙල්මල් නම්බුව ගැන හිතන්නේ" හැඬුම් වාවාගත නොහැකිව පිට උනි.. කිසිවෙක් කිසිවක් නොකියා මා දිහා බලා උන්නේ ඔවුන් අතින් ලොකු වැරැද්දක් වු ගානටය. 

ඉතින් මඟුලක් අවමඟුල කරන්නට තේමියට හැකිවිය. රටේ ලෝකේ මිනිස්සුන්ට මූණ දීගන්න බැරිව නැති වූ නම්බුව ගැන සිතා අප්පච්චි සිය දිවි හානි කරගත්තේය. එතැන් පටන් අපේ නිවසේ කණකොකා හැඬලීය. තේමිය අද ඔහු ලස්සන පවුල් ජීවිතයක් ගතකරයි. ඒත් සරසිට.... මේ මුළු ආත්මේටම ඔහු ආදරය එපා කර හමාරය. එක අතකට ඔහුත් වැරදි නැත. ඔහු කලේත් මා කල දේමය. ඔහුගේ පියාගේ අණට යටත් වීමය. කෙල්ලෙක් මෙන් නොව කොල්ලෙක් එසේ කරන්නේ  නැත. කලත් කලාතුරකිනි. ඉතින් ඔහු ඔහුගේ ආදරය ජය ගත්තේය. නමුත් අද මම.... බිත්ති හතරකට කොටු වී හඬන කුමාරියකි. මේ හැමදේටම මුල තේමියද..? නැති නම් අප්පච්චිගේ නම්බුව,මාන්නයද..? තවම මට කිසිත් සිතා ගත් නොහැක මම අම්මා.. කියා ඈ සොයා යන්නට විය. ඈ පව්ය දැන් ඈට ඉන්නේ මා පමණි. ඈ වෙනුවෙනවත් ජීවත් වෙමි යන මතය මා තුල විය.

Monday, October 8, 2012

දෙහදක් අතරමං වී..(අවසානය.. )..


වේලාව හවස 5 විය. මම ස්ටන්ඩ් එකේ පුරුදු ලෙස ඔහු එනතුරු බලා උන්නෙමි.මට අතීතය සිහිවිය. 
''බස් කීයක් මිස් උනාද..? අද චුට්ටක් පරක්කු උනා.. සොරි..''ඔහු කියන්නේ පොඩි එකේකු මෙනි.. ඉතිං මේ ආදරය ලෙස සිතීමටම කරුනු නොවේද..? මා එනතුරු ඔහු මග බලන් හිදීම,ඔහු එනතුරු මම මග බලන් හිදීම මිතුරු කමක්ම පමනිද..?

''ඇවිත් ගොඩාක් වෙලාද.. චුට්ටක් පරක්කු උනා සොරි නංගා..?'' ඒ හැසීරිමය, ඒ කථාමය කිසිම වෙනසක් සිදුවී නෑත. මම නැතැයි කියන්නට මෙන් හිස සෙළවුයෙමි. 

''අයියාට මොනවාද කියන්න තියෙනවායි කිව්වේ..?'' මා එසේ කීවේ නොලැබෙන ආදරයක් ලග තොදොල් වෙන්නට බැරි නිසාය. 

''යං බස් එකත් ආවා නැගලා කතා කරමු..''මට සිනහත් නැගේ.. දුකත් හිතේ.. කුමක් කියන්නද කරන්නද කියා හිතා ගන්න බෑ.. මේ ආදරය ඇයි මේ තරම් මාව රිද්දන්නේ.. ? 


'' මොනවාද අයියේ කියන්න තියෙනවායි කිව්වේ.. ?'' එය දැන ගන්න තුරු මට ඉවසිල්ලක් නැත. ඔහු මේ කුමක් කියන්නටද සැරසෙන්නේ... 

''සුබා ආයේ මාව රැවැට්ටුවා බබි. එයා කවදාවත් වෙනස් වෙන්නේ නෑ..'' දෙයියනේ ඔහු මේ කියන්නට සැරසෙන්නේ කුමක්ද?

''ඒ කියන්නේ අයියා... මට මුකුත් තේරේන්නේ නෑ''

''ඔව් බබි එයා මට කලින් කරපු දේමයි ආයේ කලේ.. එයාට ආයේ මාව විහිළුවක් උනා. මම හිත හදා ගත්තා විතරයි එයා  ආයේ මගේ ජීවීතේට ලං උනා, මම ආයේ රැවටුනා..'' සියල්ල එක හුස්මට කියවු ඔහු ඉදිරි පෙළ අසුනේ හිස ගසා ගත්තේ දරා ගත නොහැකි දුකක් මගේ හිතටද දීය. 

''හරි අමාරුවෙන් නංගා මේ හිත මම හදා ගත්තේ, ඒක එහෙම උනෙත් ඔයා නිසයි ඔව් ඔයා තමයි මගේ හිත හදා ගන්න උදව් කලේ, ඒත් එයා ඒ හදා ගත්ත හිත ආයේ පෑරුවා නංගා.මට ජීවිතේ වැරදුනා..'' 

''නෑ එහෙම කියන්න එපා අයියා ඒ ඔයාට නැති උනේ ඔයාට ආදරේ නැති කෙනෙක් ඉතිං මොකටද ඔයා දුක් වෙන්නේ, ඔයාට ඇත්තටම ආදරේ කෙනෙක් ඉක්මනට ලැබෙයි'' කියා එසේ කීවත් මගේ සිතටද බියක් දැනුනි. දෙවැනි වතාවටත් මගේ ආදරේ මට නැති වෙන්නට හදන්නේ අනේ මම මොන තරම් නම් පව් කරලා ඇතිද.. දෙනුවන් අයියා පසුගිය කාලය තුල සිදුවු සියල්ල මට විස්තර කලේය. මට ඔහු ගැන බොහෝ සේ කලකිරුනි. සුබා ඇය නම් කෙල්ලෙක්ද කියා විටෙක මට සිතුනි.ඇදුම් මාරු කරනවා මෙන් කෙල්ලෙක්ට කොල්ලන්ව මාරු කල හැකිද..? ඇය පිළිබදව නම් මට ඇත්තේ පිළිකුලකි.ඇරත් දෙනුවන් අයියා වගේ අහිංසක කොල්ලෙක්ගේ ආදරයක් එක්ක සෙල්ලම් කල එක නම් පාපයකි.

''අයියේ මම ඊළග හෝල්ට් එකේ බහිනවා''

'' හ්ම්ම්ම්.. ලෝචි බබි මම දෙයක් ඉල්ලන්න ඔයා මට දෙනවාද...?'' 

'' කියන්න අයියා.. මොනවාද..?'' 

''අපි ඉස්සර වගේ ඉමු නංගා.. ඒ ජීවිතේට මං ආදරෙයි,මාව මෙච්චර දවසක් ජීවත් කලේ ඒ මතකය බබී.. ප්ලීස්..'' දෙවියනේ ඔහු මේ කියන්නේ මොනවාද... ඉස්සර වගේ ඉමු කියනේ එකේ තේරුම  මොකක්ද.. එකෙන් වෙන්නේ ආයෙත් මගේ හිත පෑරෙන එකම නොවේද .. ඒත් ඔහුගේ සතුට ඉදිරියේ මට කල නොහැකිදෙයක් නොවීය.. මම සිනහවක් පා නිවෙස් කරා ආවෙමි..

                                     කාලය ගෙව්නේ අපටත් නොදැනීය. මමත් දෙනුවන් අයියාත් ඉස්සර මෙන් උන්නේය. විටෙක අපි විහිළු කළෙමු, තවත් විටෙක හිත් රිදෙන්නම රණ්ඩු කලෙමු, තවත් විටෙක බඩ පැලෙන්න සිනා වුයෙමු. විටෙක පෙම්වතුන් ලෙසය, තවත් විටෙක මිතුරන් ලෙසය,තවත් විටෙක සහොදරයන් ලෙසය මේ බැදීම මට නම් විටෙක ප්‍රේහේළිකාවකි. ඒත් මේ හැම තත්පරයකටම මම බොහෝසේ ආදරය කළෙමි. උසස් පෙළ ප්‍රථිපල ආවෙත් මේ කාලයේදීය. ඉහළ සාමාර්ථත් සමග සරසවි වරම් ලැබු පුවත දැනගත් ඔහුගේ මා පිළිබදව ඉමහත් ප්‍රීතියෙන් පසු විය.
''මට නම් අද ගොඩාක් සතුටුයි නංගා.. කියලා නිම කරන්න බෑ මේ සතුට නම්... අපි දාමු ග්‍රෑන්ඩ් පාර්ටි එකක්..'' 

''අනිවාර්යෙන්ම...'' මමද ඊට එකග විය.

                                      ***************

''අහ්...!! අද මට කලින් මෙයා ඇවිත්නේ... '' 

''දෙයක් දෙන්න තියෙනවා ඔයා කැම්පස් යන්න කලින් නංගා.. චුට්ටක් අර පැත්තට යමු මට අද මේ හැම දේම කියන්න ඕනා..'' දෙවියනේ ඔහු මේ කියන්නට සැරසෙන්නේ කුමක්ද.. ? මමත් ඔහු පසු පස ගියෙමි.පුංචි තිළිනයක් ඔහු මට පෑවේය.

''මේ මොකක්ද අයියා...'' මට කිසිවක් හිතා ගන්නට නොහැකි විය.

''බලන්නකෝ කැමති නම් බාර ගන්න නැති නම් බබීට කැමති දෙයක් ...'' මා අතවු ඒ පුංචි තිළිනය මම හෙමින් සැරේ දිග අරින්නට විය. ඇස් අදහා ගත නොහැකිවිය. එහි වුයේ පුංචි යුවලකි.. I LOVE YOU ලෙස එහි ලියා තිබුනි.. මොකද වෙන්නේ කියා සිතා ගන්නට මට නොහැකි විය.මම විශ්මිත වු දෙනෙතින් කිසිත් කියා ගත නොහැකිව ඔහු දෙස බලා වුන්නෙමි. 


''මම මහ මෝඩයෙක් බබි,මෙච්චර මට ආදරේ රත්තරං කෙල්ලෙක් මගේ ලග ඉදලත් ඒ ආදරේ මට තේරුම් ගන්න බැරි වුනා, මම ආදරෙයි බබී ගොඩාක්.. ඔයාට පුළුවන්ද හැමදාම මගේ වෙන්න. මගේ විතරක්ම..'' දෙවියනේ මම මේ දකින්නේ සිහිනයක්ද..? මට නම් කිසිත් නොහැගේ.ඇස් දෙකෙන් හෝ ගා කදුළු ගලයි මේ සතුටු කදුළුය. වසර එකහමාරක් මම සිතින් පතු පෙමය මේ. අද මගේ දෑස් ඉදිරිපිට සැබෑවී හමාරය. මම කිසිත් කියා ගත් නොහැකිව ඔහුගේ  තුරුලට වුයෙමි. මුළු ලෝකයම මා ළග සේ මට දැනුනි.

 ''මම් මේ දේවල් ඔයාට කියන්න හැමදාම මග බැලුවා නංගා.. ඒත් මම බය වුනා ඔයා මට ආදරේ නැති වුනොත්.... මෙහෙමවත් ඔයා ලගට වෙලා ඉන්න බැරි වෙයි කියලා මම බය වුනා. ඉතිං හැමදාම මේ ආදරේ හිතේ තියා ඉන්න තීරනය කලා. ඒත් දවසක් මට හංසි කතා කරලා හැමදේම කිව්වයින් පස්සේ මම මොන තරම් මෝඩයෙක්ද කියලා හිතුනා. මගේ ආදරේ මං ලගම තිබිලත් මට තේරුම් ගන්න බැරි වුනා. තවත් ඔයාව නැති කරගන්න බෑ බබි මට..'' සියල්ල කියා නිම වෙද්දි මට හංසි ගැනද ආඩම්බර සිතුනි ඇය නම්  මට හමුවු මිතුරියන් අතරින් සැබෑ මිතුරියකි. 


''ඉතිං මට ආදරෙයි කියන්නේ නැද්ද..'' තවමත් ඔහුගේ තුරුලේ ඉන්න මගෙන් එසේ අසද්දි මට ලැජ්ජා සිතුනි..  

''ආදරෙයි ගොඩාක්.. පනටත් වඩා. කවදා හරි මටම ලැබෙනකම් ඒකනේ බලන් උන්නේ..'' තවත් කිසිවක් කියන්නට නොදි ඔහු මා තදින් පපුවට තුරුල් කර ගත්තේය.  

ප.ළි:- අද මට මගේ ආදරය ලැබුනේ හංසි නිසාවෙනි, සැමවිටම මම ඇයට ණය ගැතිය. ඇය නම් සැබෑ මිතුරියෙකි. දෙනුවන් අයියා මගේ මුළු ලෝකයම විය, ඔහුටද එසේම විය.ඉතින් දැන් මා සතුටින් නොවේද..? මා පැතු ලෝකය මට ලැබුනි.. ලෝචි දැන් සතුටින් කියා ලෝකෙටම කෑ ගසා කියන්නට මට සිතේ...

Saturday, October 6, 2012

දෙහදක් අතරමං වී...(දෙවන කොටස..)


''කීයටද ක්ලාස් ඉවර වෙන්නේ..'' බලාපොරොත්තු නොවු ප්‍රශ්ණයක් ඇසු නිසා දෝ මා තැති ගත්තෙමි.

''මම වැරදි දෙයක්ද බබි ඇහුවේ..?'' 

''නෑ අයියා එහෙම නෑ හවස 5 වෙනවා ඒත් ...'' කියා මා කියන්නට දේ ගිල ගත්තේමි.

''මට ටිකක් කතා කරන්න ඕනා ලෝචි ඔයත් එක්ක .. පුලුවන්ද..?'' දෙවියනේ ඔහු මේ මොකටද එන්නේ.. කිසිවක් මට නම් සිතා ගන්නට බැරි විය. ආයෙත් සිත පාරවා ගන්නට නම් බෑ. ඒත් ඔහු දෙයක් කිවොත් බෑ කියන්නටද බැරිය.

''ලෝචි මම හවස ස්ටෑන්ඩ් එකේ ඉන්නවා පුලුවන්නම් ටිකකට ඇවිත් යන්න ප්ලීස් නංගා.. කියන්න දෙවල් ගොඩායි.. ඔයාව මිට් වෙනකම් මම උන්නේ මාස 8ක් උන්නා මේ හැමදේම කියන්න ..'' කිසිත් නොකියා මම මගේ නැවතුමෙන් බැස ගියෙමි

''උඹ දැන් මොකද කරන්න හිතන් ඉන්නේ ... දෙනුවන් අයියාව මිට් වෙනවද..? 

''දන්නේ නෑ හංසි මට මුකුත් හිතා ගන්න බෑ.. එයාට මොනාද තව මට කියන්න තියෙන්නේ.. මාස 8ක් තිස්සේ එයා මොනවා කියන්නද බලන් උන්නේ..?''

''වෙන මොනවා කියන්නද බං වෙනදා වගේ දුක අහන්න වෙන්නඇති එන්න කියන්නේ යමං යමං උඹ ඉතිං දුක්ගන්නාරාළනේ..''  හංසි මට මේ දොස් කියන්නේ තරහකට නොව මා හැඩු තරම් ඈ ඇරෙන්න වෙන කිසිවෙක් නොදනි..
    
                                             ********************

''ලෝචි බබි ඔයාට කියන්න දෙයක් තියෙනවා.. මට නම් අද හරිම සතුටු දවසක් මගේ හිතේ තියෙන සතුට කියලා නිම කරන්න බෑ නංගා.. ඒ හැමදේම ඔයා නිසයි බබි ගොඩාක් ස්තුතියි ඔයාට..'' ඔහු මේ කියවන්නේ මොනවාද මට කිසිවක් වැටහෙන්නෙ නැත.. 

''මොකද උනේ අයියා.. ඔච්චරටම සතුටු වෙන්න මොකක්ද හේතුව කියලා ඉන්නකෝ..'' මටද ඉවසුමක් නැත කුමක් උවත් ඔහු කොච්චර සතුටින් ඉන්නවාද කියලා මට ඔහුගේ ඇස් දෙකෙන්ම පෙනුනි

''සුබා ... සුබා ආයෙ මගේ ලෝකෙට ආවා.. මගේ ආදරේ මට ආයෙත් ලැබුනා නංගා.........'' තවත් බොහෝ දේ ඔහු කියන්නට ඇත මට කිසිවක් නෑසුනි. හෙණ ගෙඩියක් ඔළුවට කඩා වැටුනා සේ දැනුනි කුමක් කියන්නද මට නොසිතේ..

''ඇයි ලෝචි ඔහොම ඉන්නේ සතුටු නැද්ද ඔයාට..?''සතුට.. මගේ ආදරේ මං ඉස්සරහම තව කෙනෙක්ගේ වෙද්දි මට කොහෙන්ද සතුටක්.. ඒත් මම කොහොමද හිතට එන දේ කියන්නේ දෙනුවන් අයියගේ සතුටින් මම මගේ දුක නැති කර ගත්තේමි.

                               කාලය ගෙවි ගියේ අපටත් නොදැනීය.දෙනුවන් අයියා ඉතා සතුටින් උන්නේය. මට නම් සතුටු කොහෙද කියාවත් හිතා ගන්නට බැරි විය. සුබා හා දෙනුවන් අයියාගේ ජීවිත වලට මම ඒ වෙද්දි වදයක් වී තිබුනි. සුබා නිතරම රණ්ඩු කරන්නට විය. ඒ වෙන කිසිත් නිස නොව දෙනුවන් අයිය හා මා අතර තිබු මිත්‍රත්වයටය. ඔහුට මා ඉදිරියේ කිසිත් කියා ගත නොහැකි විය. ඉතිං මමම ඒ ජීවිත වලින් ඈත් වෙන්නට ඉටා ගතිමි. ඒ කාළය තුල ඔවුන්ගේ ජීවිත තුල කුමක් වුවාද කියා මම නම් නොදනි. අද මේ ඔහු හමු වුයේ මාස 8කට පසුය. ඔහුගෙන් ඈත්ව උන්නේ තරහකට නොව නොලැබෙන බව දැන දැන හිත රවට්ට ගන්න බැරි නිසාය. 

''ලෝචි මොනවද බං ඔච්චර කල්පනා කරන්නේ...''

'' හ්ම්ම්... මුකුත් නෑ හංසි...'' මම මුදු සිනහාවක් නංවා කීවේය.  දවස පුරාම ක්ලාස් එකේ උන්නද අද නම් ඉගෙන ගත්ත දෙයක් නොවීය. මුළු ඔළුවම හිතම පිරි තිබුනේ ඔහුගේ මතකයෙන්ය. මම හවස 5 වෙන තෙක් ඇගිලි ගැන්නෙමි. 

''හංසි මම මෙහෙම්ම යනවා කොටුවේ ස්ටෑන්ඩ් එකට... ''

''දෙනුවන් අයියාව මීට් වෙන්නද ...'' ඇය විස්මයෙන් ඇසුවාය. මම ''ඔව්'' කියන්නට මෙන් හිස සැලුවාය.

''උඹට නම් පිස්සු බං...  අමාරුවෙන් හදා ගත්ත හිත ආයේ පාරවා ගන්න නම් එපා ලොචි, අනික උන්ගේ ප්‍රශ්න වලට ආයෙ නම් මැදිහත් නම් වෙන්න එපා එච්චරයි මං කියන්නේ...'' ඇය තරහින් කීවත් ඒ කීවේ මගේ හොදට බව මා දනි..

Friday, October 5, 2012

දෙහදක් අතරමං වී...

 උදේ 6.30ට එන ලං.ග.ම. බස් එකට මම නගිද්දිම එකවරම කවුරුදෝ ''ගුඩ් මෝනිං'' කිව්වේය. ඒ කව්ද කියා හැරි බලන්න උවමනාවක් තිබුනත් මා එය ගනන් නොගෙන මගේ මිතුරියත් මමත් ඇගිල්ලක් ගසන්නට ඉඩක් නොතිබුන බස් රථයේ අල්ල ගන්නට තැනැක් සෙව්වෙමි. නැවතත් අර හඩම මට ඒ ලෙසෙම ඇසිනි. දෙවැනි වරටත් මට ''ගුඩ් මෝනිං'' කියන්නේ කවුද කියලා බලන්නට මම සිතා අනිත් පැත්ත හැරෙනවාත් සමගම දුටු රුවෙන් මට උන් හිටි තැන් අමතක උනි.... කිසිවක් කියා ගත නොහැකිව මම ඔහු දෙසම බලා උන්නෙමි.
''කොහොමද..?'' ඔහු අසද්දි මට කල්පනාව ආවේ.

''හොදයි.. ඔයාට..?''

  ''වරදක නෑ නංගා පුරුදු ලෙසම ඉන්නවා.. වැඩට යනවා ගෙදර එනවා.. ඔයා දැන් මොකද කරන්නේ..?'' 

 '' එක්සෑම් එකත් ඉවරනේ අයියා මම CIMA කරනවා රිසාල්ට් එනකම් මේ ක්ලස් යන ගමන්..'' 

'' අහ් ...! හොදයිනේ කෙල්ල..'' කියා ඔහු සුපුරුදු අහිංසක සින්නවක් පෑවේය. මට අතීතය සිහිවිය..

                        දෙනුවන් ඒ මීට මාස කිහිපයකට උඩදි මගේ සිතේ උපන් කුළුදුල් ආදරයයි.. බෝ පැලයක් වාගේ සිතේ ඉපදුන ආදරය ඔහු අළු කර දැමු අයුරු අමතක  කර අද ඔහුත් සමග කතා කරනවා නොව, කොච්චර රිද්දුවත් හිමි වෙන්නේ නෑ කියලා දැනුනත් අමුතු ලෙංගතුකමක් තාමත් ඔහු වෙනුවෙන් මේ හිතේ ඇත. ඉස්සර උසස් පෙළ දවස් වල උදේට ඉස්කෝලේ යන්නේත් මේ බස් එකේමයි. ඒ දවස් වල නිතර නිතර බස් එකේදි මුන ගැසුන කෙනෙකි දෙනුවන් අයියා. හැමදාම දකින මූණක් නිසා අපි නිතර හමුවීමෙන් ලෙංගතු වුයේ අපිටත් නොදැනිය.හවසට ඔහු වැඩ නිමා වී ගෙදර යන බස් එකේමය මමත් හවස අමතර පංති නිමාවී ගෙදර යන්නේ.. ඉතිං ඒ වෙලාවත් අපිට කතා බහ කරන්නට එකතු විය. මෙසේ උසස් පෙළ අවුරුදු 2ම ඔහුත් සමගම ගත කලේය. මිට මාස කිහිපයකට උඩදි මේ බස් රථයේ හැමදාම යන එන අය සිතා උන්නේ අපි දෙන්නා පෙම්වතුන් ලෙසය. ඔවුන් පමනක් නොව මමද සිතා උන්නේ එසේය. නිතර රටේ තොටේ, ගමේ වෙන හැම දෙයම කතා කලද ආදරය ගැන අපි කවදාවත් කථා කලේ නැත.

''ලෝචනා උඹ දුක් වෙනවා නේද...?''

'' ඒ මොකටද හංසි.. මම දුක් වෙන්නේ..?''

''දෙනුවන් අයියාගේ ආදරේ නැතිව..?'' හංසි එහෙම කියද්දි මම එක වරම තිගැස්සුනි.. 

''උඹට පිස්සුද බං.. අපි දෙන්නා අතර එහෙම දෙයක් නෑ.. අපි නිකං යාළුවෝ විතරයි බං ...''

''උබ මටත් බොරු කරනවාද ලෝචි..? උඹලා දෙන්නා උඹලා දෙන්නට හොරා ලව් කරනවා ඒක එකෙක්ටවත් නොදැනෙන්න.. මොකක්ද බං ඕකේ තෙරුම.. ?'' මාගේ හොදම මිතුරිය මාව වටහාගෙන ඇත.දැන් මට තිබුන බය මේ වගේම දෙනුවන් අයියාත් කාටවත් හොරා මේ හිතේ උපදින ප්‍රේමය දැන ගෙන ඇතිද යන්නයි.මොනවා කියන්නද කරන්නද කියලා හිතා ගන්න බැරිව හිත හොදටම අවුල් උනි.. ඒත් කිසි වෙනසක් නොපෙන්වා දෙනුවන් අයියා හා  මම පුරුදු ලෙස කල් ගත කළේය. 

''ලෝචි මොකද කරන්නේ නංගා..?''SMS එකකින් එසේ ඇසු ඔහුට මමත් SMS එකකින්ම පිළිතුරු යැව්වෙමි

''nothing..අයියා මොකද කරන්නේ කෑවද..?'' 

''තව නෑ නංගා.. හිතට ටිකක් හරි නෑ මම ඔයාට කෝල් එකක් ගන්නද ...?'' SMS එක දකිද්දිම මගේ හිත පත්තු විය. ඇයි දෙනුවන් අයියාගේ හිතට හරි නැත්තේ..? ඔෆිසියේ ප්‍රශ්නයක්ද..? මගෙන් වරදක් උනාද..? දාහක් ප්‍රශ්න මගේ ඔලුවේ විය.. 

''o.k. call me..''තත්පරයක්වත් ගත වෙන්නට පෙර ඔහුගෙන ඇමතුමක් ආවේය.

 '' හෙලෝ... ලොචි''

''හ්ම් කියන්න අයියා.. මොකද උනේ..?''

'' මගේ හිතට හරි නෑ නංගා.. අනේ මංදා..?'' 

''ඇයි අයියේ මොකද උනේ..? ඔෆිස් එකේ ප්‍රශ්නයක්ද..?'' මම පිළිතුරක් දීගන්න  බැරිව ලතැවුනෙමි..

''නෑ බබි සුබා ආයේ මගේ ජීවිතේට ලං වෙන්න හදනවා.. මොකද කරන්නේ කියලා මට හිතා ගන්න බෑ..?'' සුබා යනු දෙනුවන් අයියාගේ කලින් පෙම්වතියයි දෙවසරක ප්‍රේමය නවතා දමා ඇත්තේද ඇය විසින්මය.. වසරකට පසු ඇය නැවත දෙනුවන් අයියාගේ ප්‍රේමය ඉල්ලා සිටින අරමුණ කුමක්ද..?දෙනුවන් අයියා යනු නරක කෙනෙක් නොව. සුබාගේ යම් යම් වැරදි තිබුනත් ඔහු ඇයට බෝහෝසේ ආදරය කලා. ඒ සියල්ලම දෙනුවන් අයියාමය දිනක් මා සමග පැවසූවේ.

'' මම දන්නේ නෑ අයියේ ඉතිං මොනවා කියන්නද කියලා ඔයා හොදට හිතලා තීරනයක් ගන්න .. ආයේ දුක් වෙන්න වෙන තීරනයක් නම් ගන්න ඒපා...?''

'' නංගා ඔයාට හිතෙනවාද සුබා ආයේ මට ලං වෙන්නේ ඇත්තටමයි කියලා..?''දෙවියනේ ඔහුත් අසන්නේ පුදුම ප්‍රශ්නය මම කොහොම පිළිතුරක් දෙන්නද ...

'' අයියේ ඒක මම දන්නේ නෑ ඔය කළබල නොවි ටික දවසක් කල්පනා කරලා තීරනයක් ගන්න. මොන තීරනය ගත්තත් හොදට හිතලා බලන්න දැන් නිදා ගන්න රෑ වෙලා. හෙට උදේට හම්බ වෙමු...''

''හ්ම්ම්.. බබි එහෙනම් මම තියන්නම් ගුඩ් නයිට්..''

''ගුඩ් නයිට් අයියා.. ''ඒදා මුළු රෑම මට නින්දක් නොවිය. 

                                        **************************
''ලෝචි බබි මොනවාද කල්පනා කරන්නේ..'' මා තිගැස්සුනේ දෙනුවන් අයියාගේ හඩටය. තවමත් බස් රථයේ සිටින බව මට වැටහුනේ එවිටය..

''මුකුත් නෑ අයියා..'' කියා මා මුදු සිනහාවක් පෑවාය. හංසි කිසිත් නොකියා ඉවත බලා උන්නේ මා ගැන ඇය දන්න නිසාවෙනි 

                                      (ඊලග පෝස්ට් එකෙන් ඉතිරිය..)

Wednesday, August 15, 2012

අරලිගේ ලොකේ පාලුයි දැන් ....(අවසාන කොටස...)

උදැසන කාලච්ජෙදයේ වැඩ අවසන් ඌවත් හිතේ කිසි නිදහසක් නොවිය.. ඔලුව පුපුරන්නට මෙන් රිදුම් දෙන්නට විය තව සුලු මොහොතින් ඔහු ඇය හා විවහා වනු ඇත... තවත් පාසලේ ඉන්නට බැරිම තැන ශෝට් ලිව් එකක් දමා නිවෙස් කරා ආවේ හිතට නිවනක් නැතුව වැඩ කරන්නට අමාරු නිසාය.. ඒ එන විට සියල්ල සිදුවි හමාරය.. කරුමයක මහත මගේ ඇස් දෙක මෙච්චරටම පව් කර තිබුනිද..?? මගේ ඇස් ඉදිරිපිටම අලුත බැදපු මනමාල ජොඩුවකි.. ඔව් ඒ ඔහුය ඒ අනුහස් මගේ අනුහස්ය.. අද වෙන කෙනෙක්ගේ අත ගෙන මං ඉස්සරහම ඉදී..

                 "අනු.. මම වෙන කෙනෙක්ව බැන්දොත් ඔයා මොකද කරන්නෙ..?"

                " මරනව උඹව මම වෙන එකෙක් දිහා හැරිලවත් බැලුවොත්..."

                             දරාගත නොහැකි ආදරයත් කොපයත් කැටි කොට එදා ඔහු මට එසේ පැවසීය.. ඒත් අද ඔහු...  තවත් මෙතන ඉන්නට බැරි තැන මම පය ඉක්මන් කලෙමි.. නිවසට ගොඩවැදුන මම අම්මා බදාගෙන විලාප දුන්නෙමි....ඇය කර කියා ගන්න දෙයක් නැතුව උන්නාය....

                              කාළය ගෙවි ගියේය.. ඒත් අරලිගේ හිතේ අනුහස් තාම ජීවත් වෙයි... ඒ අතිතය දැන් මට වදයකි... එය යලි යලි මා රිදවයි,පාරවයි.. හැමදෙයක්ම අමතක කරන්න හිත හදා ගන්න මට ලෙංගතු උන එකම තැන ගමේ පන්සලයි.. බාවනවෙන් හිත පුදුම විදියට සංසුන් උනි..මෙහෙනියක් වෙන්න හිතත් ගතත් දැන් සුදුසුය.. දැන් එය මගේ එකම ආශාවයි.. අකමැත්තෙන් උවත් අම්මාව කැමති කරගත්තෙමි.. මා මේ ලොව ගිහියෙක් සැටියට ඉන්නතාක් කල් අනුහස් මේ හිතේ ජීවත් වෙයි... ඒ අතිතය වල දමන්න  හිත සුවපත් කරන්න මා මෙහෙනියක් වුයෙමි...


 ප.ලි. :-         තෙවසරක් ගත උනේය... මේ සරල සැහැල්ලු ජිවිතය දැන් මාව අලුත්න්ම ජීවත් කරයි.. මා බොහෝ සේ පැවදි ජිවිතයට ආදරය කලෙමි.. දිනක් හදිසියේ එක් මහතෙක් මා අසල විය.. වැඩි වේලා නොගෙන මා ඔහු හැදින්නෙමි ඔහුද මා හැදින ගත්තේය.. එ ඒ වෙන කවුරුවත් නොව අවුරුදු කිහිපයකට පෙර මා ආලය නැමැති මුලාවට හසු කල අනුහස් සුරියාඅරච්චිය.. ඔහු සමාවයැද්දේය.. තවත් බොහෝ දේ කියන්නට විය.. ඒත් මට නෑසුනේය.. හිත ආලයෙන් නොව කරුණාවෙන්, මුදිතාවෙන් පිරි හමාරය.. කිසිවෙක් ගැන තරහක් නොවිය.. මෙහෙනියක් ලෙස බුද්ද සාශනයට අගෞරව නොකර "තෙරුවන් සරනයි" කියා මම මළුව දෙසට පා නැග්ගෙමි...

Wednesday, August 8, 2012

අරලිගේ ලොකේ පාලුයි දැන් (දෙවන කොටස ) ....

                                    *****************************************
"තවම මෙතනද...?" 

                              අම්මාගේ හඩිනය මම යලිත් කල්පනා ලොවින් මිදුනේ.. මට අම්මාව දකිද්දි දුකය.. හිතේ හිර කර උන් හැඩුම මටත් නොදැනි පිට උනේය.. අම්මාගේ පපුව වාවගන්න බැරිව වාගේ ඈ මා අසලට ඇවිදින් මා වැලද ගත්තාය... 

           "නාඩා ඉන්න දරුවෝ වෙන්න තියෙන දේවල් අපිට වලක් වන්න බැහැනේ.."

                                                                                                අම්මගේ කතාවට මට පුදුම හිතුනි.. ඈ සියල්ලම දනි... මම පුදුමයෙන් මෙන් ඈ දිහා නෙත් යොමු කලාය.

                                       "හැමදේම මම දන්නවා පුතේ.. දුප්පත් මේ අම්මා මොනවා කියලා කරන්නද.. කරන්න පුලුවන් අන්තිම දේත් මේ අම්මා කලා මගේ දූ වෙනුවෙන්..." 

                                        මට කිසිම දෙයක් වැටහුනේ නැත.. ඈ මේ මොනවද කියන්නේ..? ඈ කල දේ කුමක්ද...? 

                       "අනුහස් පුතාගේ කසාදය තින්දු උනයි  කියලා දැනගත් ගමන් මම ගියා පුතාව හම්බවෙන්න ඔෆිසියට.. ඒත් වැඩක් උනේ නෑ.. රාළහාමිට කැමති දෙයලු ඒ ගෙදර වෙන්නේ කියාලා පැත්තකට උනා ඒ දරුවත්... අන්තීමට මම ඇහුවා එතකොට මගේ දරුවා කියලා ... අරලිට මම ආදරේ කලා ඒත් එක් වෙන්න බැරි නම් මම මොනවා කරන්නද කියලයි මගේන් ඇහුවේ... ඔක්කොටම වඩා අප්පච්චිගේ නම්බුව,ගෞරවය වටිනවලු.. මම අසරනයි මගේ දුවේ.. මේ අම්මට මුකුත්ම කරන්න බැරි උනා.."

                               කියා ඇය හැඩුවාය.. ඒ මට මගේ ජිවිතේ බලන් ඉන්න බැරිම දෙයකි...මගේ අහිංසක අම්මාගේ ඇස් දෙකෙන් වැටෙන කදුළු...

               "ඇයි අම්මා එයා එහෙම කලේ.. එයාලට අපිව ගැලපෙන්නේ නෑ කියලා දන්නවා නම් ඇයි මට ලං උනේ.. "

 අම්මත් දුවත් අද එකට හඩයි ඒත් ඒ වැලපුම සුරියාආරච්චි වලව්වේ කිසිවෙකුටත් නෑසෙයි..

                          *****************************************************

උන හැමදේම අමතක කර අලුතින්ම ජිවිතය පටන් ගන්න ඉටා ගත්තේ මං ගැන හිතා නොව.. මං නිසා අසරන අම්මට දුකක් කදුලක් නොදි ඉන්නටය.. උදේම නැගිට ගත්තේ සුපුරුදු පරිදි පාසල් යන්නටය.. මේ හිතේ තියෙන තෝන්තු ගතිය පාසල් ගොස් වත් නැති වේවියැයි සිතා ලා රෝස පාට ඔසරිය ඇදගත්තිමි... අම්මා කඩ වලට දාන්න ඉදිආප්ප සාදා තිබුනි.. එයින් මටත් එක පාර්සලයක් විය.. මම අම්මාට වැද ඈ සමගම පාරට ආවෙමි..

            "මගේ පුතා ඔලුව අවුල් කරගන්නේ නැතිව ඉස්කොලේ ගිහින් වැඩ ටික පිලිවෙලට කරගන්න.. "

                                යැයි ආදරයෙන් පැවසුවාය.. ඈ හින්දාවත් හිතා හදාගන්න ඉටා ගත්ත  එකට දැන් මම සතුටු වෙනවා..

                 "මම මෙතනින් මේ කඩේට මේ ටික දාගෙන යන්නද දූ.." 

                     "හා අම්මා දැන් බස් එකත් එවි මම යන්නම් අම්මා යන්නකෝ ගෙදර ඉක්මනට බුදු සරනයි අම්මා.."

                    " බුදු සරණයි මගේ දුවට පරිස්සමෙන් යන්න මැනික.." 

                   මට අම්මා ගැන අසීමිතව දුක හිතුනි.. මාතර බලා ආ බස් රථයේ මම පාසල වෙත ආවෙමි.. නේත්‍රා.. ඈ මේ පාසලේ ගුරුවරු අතරින් මට ලැබුන හොදම යෙහෙලියයි..පාසලට ඇතුල් වනම මට ඈ හමුවිය..

         "අරලි ගූඩ් මෝනිං..."

              " ගූඩ් මෝනිං නේත්‍රා"

 අද වගේ දවසක මට මොන සුබක්ද කියා කියන්න කටට ආවත් මම එය සිර කර ගතිමි..

 "උඹ තාමත් ඉන්නේ ඒ ගැන හිත හිතද.."

           මම නැතැයි කියන්නට හිස සෙලෙව්වේය.. ඈ මටත් වඩා හොදට මා දන්නීය.. ඒ නිසාමද කොහේදෝ මටත් ඇසෙන නොඇසෙන ගානට "අනේ මංදා" කියා මිමිනුවාය.. 

(ඊලග කොටස ඊලග පොස්ට් එකෙන්....)

Monday, August 6, 2012

අරලිගේ ලොකේ පාලුයි දැන් ....

                             *****************************************************                      
                     කවදාවත් නැති තරම් හිතට දුකයි... ඇයි මටම මෙහෙම වෙන්නෙ කියලා හැමදාම හිත මගෙන් අහනවා... උත්තරයක් දිගන්න බැරිව මගේ හිත ලග මමම අසරන වෙනවා... ඉරත් බැහැගෙන ගිහින් සැන්දැ කලුවර කපාගෙනම.. ගෙදර නොයා බැරි කමටයි මේ ගෙදර යන්නේ.. පව් නැත් නම් අසරන මගේ දුප්පත් අම්මාගේ පපුවේ ගිනි ඇවිලෙනවා.. මලක් වගේ පරිස්සමට හදපු එයාගේ දුව ගෙදරට එන වෙලාව පරක්කු උනාම.. ඒ දුප්පත් අසරනි නැත් නම් අද මේ ජිවත් වෙන "අරලියා ඉද්දමල්ගොඩ" පස් ගොඩකට යට වි හමාරය... 

                                                   මුලු ජිවිතේම කැප කොට මුලු හදින්ම ආදරය කරපු ඔහු "අනුහස් සුරියාආරච්චි" හෙට 11.45ට එලඹෙන සුබ නැකතින් "කේතකි නැදුන්ගම" විවහා කරගන්නවා කියලා හිතෙද්දි පපුව පලා ගෙන යන්න තරම් දුකක් දැනේ...
                
 "අපි ගැලපෙන්නේ නැ අරලි.... අපේ අප්පච්චිලා කොහොමටවත් අපි දෙන්නට අපේ අදහස් වලට ඉඩ දෙන්නෙ නැ.... මට සමාවෙන්න අරලි..."

                                      කිසිම හිතක් පපුවක් නැති ගානට අවුරුදු 3ක් මැරිගෙන ආදරේ කරපු හිතට මෙහෙම කතා කරන්න පුලුවන් උනේ කොහොමද කියන එකයි මට තිබුන ලොකුම ගැටලුව... අවුරුදු 3ක් තිස්සේ ආදරේ කරද්දි පොඩ්ඩක්වත් හිතුනෙ නැතිවද මගේ දුප්පත් කම...
                                          
  "ඇයි අනු ඔයා මට ආදරෙයි කිය කියා මගේ පස්සෙන් එද්දි ඔයාට අමතක උනාද මම දුප්පත් කෙල්ලෙක් කියලා... එදා උන්න දුප්පත් කෙල්ලම තමා අනු මේ තාමත් ඉන්නේ" කියා කියන්න හිතුනත් ආදරේ කරපු  හිතක් එක්ක තරහක්  ඇති කරගන්න තරම් මේ අරලිගේ හිත නපුරු නැති බව ඔහු දන්න නිසාමදෝ හිතක් පපුවක් නැති ගානට හිතට ආව දේ ඔහේ කියවා ඔහු මේ හිතේ උපන් කුලුදුල් ආදරේ මරා දැමුවේය.....

                                 *************************************************

                               අතිතය සිහිවි ඇස් දෙකට නැගුන කදුලු බිදු පිසින ගමන් ඇගේ ගෑවි තිබු මුහුදු වැලි කැට ඉවත් කර නැගිට ගත්තේ මාතර බලා යන බස් රථයකට නැග නිවෙස් කරා යන්නටය... වැඩි දුරක් යන්නට කලින් බස් එකත් අවේ මගේම වෙලාවටය.... පසු පස පෙලේ තිබු හිස් අසුනකින් වාඩි වු මම යලිත් කල්පනා ලොවට පා නැගුවෙමි.
                           "අරලි වස්තු .."

                     "හ්ම්" මම හෙමින් සැරේ මිමුනුවෙමි...

 "මගේ රත්තරං මට කොච්චරක් ආදරේද..?"
           
                      පොඩි එකෙකු වගේ අනු මෙහෙම අහද්දි හුරතල්ය.. ඊටත්  වඩා අහිංසකය...

            "මෙච්චරක්"
     
                   කියා මමත් පොඩි එකියෙකු මෙන් දෑතම විහිදා හුරතල් වෙමින් කියද්දි අනු හිනා වෙන්නේ අහිංසකවය... ඊටත් පසු මගේ රෝස පාට කම්මුල් රතු වෙන්න මට හාදුවක් දෙන්නේ පපුව පැලි යන තරම් ආදරෙන් පුරවමින්ය.. ඒ අතිතය දැන් මට වදයක් අනු.. මගේ හිතේ ඔයා ඉන්නකම් මම මැරි මැරි උපදිනවා අනු කියා ලොකෙටම කෑ ගහලා කියන්න උවමනාවක් ඇත.. ඒත් ඇයි මම එහෙම කියන්නේ..? කාට ඇහෙන්නද..? ඒදා ඔයා මාව ගැලපෙන්නේ නෑ කියලා යද්දි මේ හිත වැලහින්නියක් වගේ ඇඩුවා අනු.. ඒ හැඩුම ඔයාට ඇහුනේ නැත්නම් අද මම ලොකෙටම ඇහෙන්න ඇඩුවත් ඔයාට ඇහෙන්නේ නෑ කියලා මම දන්නවා අනු..

                    පන වගේ ආදරේ කරපු කෙනෙක්ව මෙහෙම නැති වෙද්දි දරාගෙන ඉන්න පුලුවන් කෙනෙක් මේ ලොකේ ඉන්නවද...? අනුහස්ට මදි උනේ මගේ ආදරේ නොව, අපේ දුප්පත් කමයි... ඔහුට නොගැලපුනේ අපේ අදහස් නොව.. අපේ දුප්පත් සමාජ පංතියයි.. ඇත්ත ඔහුත් ඔහුගේ පවුලේ උදවියත් තරම් අපි පෝසතුන් නොවේ... ඒත් ඔවුන්ට වගේම අපිටද ආත්මගවුරවයක්, සමාජ තත්වයක් තිබේ.. අපි අතර තිබුන එකම බාධකය වුයේ මගේ දුප්පත් කමයි.. අහස උසට මිල මුදල් යාන වාහන නොතිබුනාට සාගරයක් තරම් ආදරයක් ඔහු වෙනුවෙන් මේ හිතේ තිබුන බව ඔහුට වැටහුනේ නැතිවද...?

          "මිරිස්ස හංදියෙන් බහින අය බහින්න"
    
       කොන්දොස්තර මහතා මහා හඩින් බෙරිහන් දෙද්දිය මගේ කල්පනා ලොව මිදුනේ.. ඉක්මනට මමත් ඒ අස්සේම නැගිට ගත්තේය.. බසයෙන් බැස ගත් මම නිවෙස කරා පා නැගුවේ පොළවටත් නොදැනෙන්නය ... 
               
                                   පව් අසරණ මගේ දුප්පත් අම්මා දෙවට අද්දරට වි මම එන මග උන්නාය..
        
                                   "කොහෙද දරුවෝ කලුවර වැටෙනකම් උන්නේ...? ඇයි පරක්කු උනේ..? යැයි අම්මා මගෙන් ඇහුවාය..

                                    ඇයට පිලිතුරක් දිගන්න මම අපොහොසත් උනෙමි.. බොරුවක් ගොතන්නටද දිව නොනැමේ... මම මුදු සිනහවක් නංවා නිවස තුලට ඇතුල් උනෙමි.. අම්මද මා පසු පස ආවාය...

                  "හ්ම්..මුණ සෝදගෙන එන්න කෑම කන්න යන්න.."


                                                                       කියා අම්මා කුස්සිය තුලට ගියේ කෑම ලෑස්ති කරන්නටය.. මට අම්මා ගැන දුක හිතුනි.. පුංචි කාලයේ පටන් මට උන්නේ අම්මා පමනි.. තාත්තා ගැන ඇත්තේ අපැහැදිලි ජායාවකි.. තාත්තා හදවත් රෝගියෙකි. මම පුංචි කාලයේම තාත්තා නැතිවිය.. එදා පටන් අම්මගේ ලෝකය උනේ මමය මටද එහෙමය.. අපි දෙන්නගේ ජිවිත වල රහස් නොවිය..

                        "අපිට පෑහෙන්න බෑ පුතේ ඒ දරුවෝ එක්ක.. මගේ දුවට අඩන්න වෙන දවසක් නෑවිත් තිබුනොත් මට ඒ ඇති..."

                                          ඒ අනුහස් හා බැදුන මගේ පෙම අම්මා දැනගත් දින පැවසු වදන්ය.. ඒත් අද ඒ ප්‍රාර්තනාව නිශ්පලය.. අම්මගේ දු හැඩු තරමට හඩන්නට ඇස් වල කදුලුත් නැති වි හමාරය..

                    ************************************************
(ඊලග කොටස ඊලග පොස්ට් එකෙන්....)

Thursday, August 2, 2012

ඇරඹුම...

හැමදාම අනිත් අය ලියන බ්ලොග්ස් කියව කියව උන්න මටත් බ්ලොග්ස් ලියන්න ඔනයි කියලා හිතුනට ඒක මෙච්චර ඉක්මනට ලියලා පබ්ලිශ් කරන්න  වෙයි කියලා හිනෙන් වත් නම් හිතුවෙ නැ, හ්ම්... දැන් ඉතින් මමත් බොල්ග්ස් ලියන්න පටන් ගත්තා.. එකත් හොඳයි තනියම ඉන්න මට මගේ හිතට  ගලා එන අදහස් ඔහේ ලියන්න පුලුවන් අඩුම තරමේ මෙතනිදිවත් මට නිදහසේ සැරි සරන්න පුලුවන්නේ... එහෙනම්... හිත ඇතුලේ තෙරෙපෙමින් තිබුන නිදහස් ආදරනිය සිතුවිලි වචන වලට ගපන්න දැන් ඉතින් මට පුලුවන්.....:)

අනේ... මෙහෙමත් කොල්ලෝ....




                                                  මෙ සිද්දිය උනේ මගේ මල්ලි කෙනෙක්ගේ හොදම යාලුවෙක්ටයි.. එයාගෙ නම අපි ලක්මාල් කියලා තමා කිව්වේ .. හැබැයි එයගේ කෙල්ලගේ නම නම් මම දන්නෙ නෑ.. කොහොම උනත් කතාව මේකයි.. මේ දෙන්නා කාලන්තරයක් තිස්ස්සේ ලව් කරනවා.. දෙන්නම හැබයි ලව් කරන්නේ බොක්කෙන්මයි.. කෙල්ල නම් ලව් කලේ බදින්නම බලාගෙනයි.. එත් කොල්ලත් බොක්කෙන්ම ලව් කලාට එයා බදින්න බලාගෙන ලව් නොකරපු එක තමා ලොකුම හෙනේ උනේ..:( ..ඔහොම ඉදිද්දි කොල්ලා රටකට පැනගත්තා.. එත් දෙන්නගේ ලව් එක නම් අගේට තියෙනවා..ඒ උනාට හෙනේ කියන්නේ මේ කෙල්ලගේ අම්මලාට මගේ මල්ලිගේ යාලුවාව අරහන්.. පේන්න බැහලු .ඔහොම යද්දි මේ කෙල්ලව  බන්දන්න හදලා මේ කෙල්ලගේ අම්මල.. එතනින් තමා ලොකුම යුද්දය පටන් ගන්නේ.. මේ කෙල්ල  දැන් අර කොල්ලට කෝල් කර කර ලංකාවට එන්න කිය කියා බර බරේ දානවා.. කොල්ලත්  දෑන් කෙල්ලට බොක්කේන්ම ලව්නෙ ඒ කමටම ආවා.. දෑන් කෙල්ලගේ ගිවිසගැනිමට ඔක්කොමත් හරි.. එක දවසක් කෙල්ල අර කොල්ලට කෝල් කරලා කිව්වා ඈවිත් ගෙදරින් අහන්න කියලා නේද..අනේ ඉතින් එදා ඉරිදා දවසක් කොල්ලා කියාලා මම බදාදා දිහවට එන්නම් කියාලා.. කෙල්ලත් උදේ ඉඳන් හවස් වෙනකම් බලන් ඉඳලා.. අනේ ඉතින් කොල්ල අවේ නෑහලු නේ..:( දෑන් ඉතින් මේ අහිංසක කෙල්ලට දුකයි තරහයි දෙකමලු.. කෙල්ල අයේ කෝල් කරලා නේද අර කොල්ලට.. එතකොට කොල්ලා කිව්වලු වැඩක් වැටුන නිසා එන්න බැරි උනාලු  ඉරිදා එන්නම් කියාලා.. මේ කෙල්ල දැන් ඉරිදාත් වෙනකම් බලන් ඉඳලා නේ..පව් අසරනී කොල්ලා එදත් ඇවිත් නෑ.. අනේ ඉතින් කෙල්ලට උනේ අන්තිමට පන වගේ අදරේ කරපු කොල්ලාව බදින්න නෙමේ.. කවදාවත් දන්නෙත් නැති හාදයෙක්ව කසාද මනුස්සයා කරගන්නයි...;'( අන්තිමට මගේ මල්ලි එයාගේ අතිජාත මිත්‍රයාගෙන් මෙහෙම අහලා.. "ඈයි බන් උබ එහෙම කලේ" කියලා එතකොට කොල්ලා කියලා "අඩේ මම එකිට සිරා තමා බං ලව් කලේ ඒත්... මට බදින අදහසක් තිබුනේ නැ බං කියාලා"...(මුන් වගේ කොල්ලො..)මේ කතාව ඉතින් ඔක්කොම  මගේ මල්ලි එක්ක අර කෙල්ල මුනුපොතෙන් චෑට් කරද්දි තමා කියලා තියෙන්නේ.. කෙල්ල දැන් රචනා වගේ ලියනවලු අපේ එකා හාත් නෑ හුත් නෑලු...දුක හිතෙනම  සීන් එක කියන්නේ මේ කෙල්ල කොට මොඩල් එකක්ලු ඉතින්  කොල්ලා කෙල්ලට නිතරම කියලා තියෙන්නේ "බටු ඇටේ" කියලලු.. මේ කෙල්ල අන්තිමට ඔෆ්ලයින් ගිහින් තියෙන්නේ "ලක්මාල්ගේ බටු ඇටේ හැමදාමත් ආදරේ ලක්මාල්ට විතරමයි" කියලලු.. පුදුමේ කියන්නේ කවදාවත් දුකක් දැනෙන්නේ නැති අපේ එකාගෙ හිත උනු එකනේ..