Tuesday, January 6, 2015

කඳුළ නුඹ නොරැදියන්...

ඉතිං කඳුල ඔබ යන්න,
නිමා උන ආදරයත්, ඔහුත් එක්කම
ඔබ යන්න.
ආදරයත් ඔහුත් ගිය කල
මට ඔහු ඉතිරි කල මේ කඳුළු බිඳුවක් කුමටද..?
ආලය අන්ද බව දැන දැනම ආලය කලේ මම
හැර ගියේ ඔහු...
ඉතිං.... ඔහුත් ගිය කල
මගේ තනියටවත්
ඔහු ඉතිරි කල
කඳුළ නුඹ නොරැදියන්...

Sunday, December 28, 2014

ආදරණීය තාත්තාට ලොක්කාගෙන්...

"මේ ගෙවුන අවුරුදු දහතුනටම අපි එකට නත්තල සමරපු අවුරුදු කීයක් තිබ්බද තාත්තා..?"


මම එහෙම ඇහුවේ තාත්තා ඔයාගේ හිත රිද්දන්න නෙමේ.පුංචි මගේ හිතට දැනෙන දේ ඔයාටත් දැනෙන්න ඉඩහරින්න මට ඕනා උනා. 2001 අවුරුද්දේ තාත්තා රට ගියායි පස්සේ ආයේ ආවේ හරියටම අවුරුදු හතරකින්. ඒ කියන්නේ 2005. අපි ඔක්කෝමත් එදා එකට එක පවුලක් වගේ ලස්සනට නත්තල සැමරුවා, ඔව් තාත්ත ඇත්තටම ඒ අවුරුද්දෙ අපි ඔක්කෝටම නත්තල්. ඒ තාත්තත් ගෙදර ආව නිසා. 

"ආයේ අපි එකට නත්තල් සැමරුවේ කවදාද කියලා තාත්තට මතකද..?"

 ඔව් තාත්තා ඒ අවුරුදු දෙකකට පස්සේ. 2007දි. මම සාමාන්‍ය පෙළ කරද්දි ආයේ තාත්තා ලංකාවට ආවේ, අපි කෑවා බිව්වා, පල්ලි ගියා නෑ ගෙවල් වල ගියා සතුටු උනා, ආයේ මාසෙකින් තාත්තා ආයේ ගියා. රට රස්සාව එපා වෙන්නේ නැද්ද කියලා අහන්න දහස් වරක් හිතුනා තාත්තාගෙන් ඒත්, තාත්තා මේ හැමදේම කරන්නේ අපි වෙනුවෙන් කියලා දන්න නිසා මම එදා නිශ්ශබ්ද උනා.
කාළය ගෙවුනා, ආයේ තාත්තා ආවා, ඒ ආවේත් නත්තලට 2009 උසස් පෙළට මාස අටයි. නත්තල් සැමරුවා, කෑවා බිව්වා විනොද උනා තාත්තා ආයේ ගියා. කෑගහල අඬන්න හිතුනා ආයේ යන්න එපා තාත්තා කියලා. ඒත් ඒ තරම් බොළඳ වෙන්න බැරි උනා. සමාජෙට හැදි වැඩුන ලොකු කෙල්ලෙක් උනාට ගෙදරට තාම පොඩි එකියක් කියලා කියන්න මටත් අමතක උනා.
උසස්පෙළ ලිව්වා, සතියක් යන්න කලියෙන් තාත්තා ළඟට ආවා මමත්. ඒ ලංකාව එපා වෙලා ඉන්න බැරි නිසා නෙමේ තාත්තා, ඔයා එක්ක කාළය ගෙවන්න ඕනා නිසා. ඒත් ඔයා තෙරුම් ගත්තේ නෑ. මම කියන්න උත්සහ කරෙත් නෑ. කාලය ගෙවුනා අපිටත් නොදැනිම තාත්තා. මේ ගෙවුන පස්වෙනි නත්තල අපි පස් දෙනා සී සීකඩ විසිරිව ගෙවපු. අවුරුදු පහකින් මම ලංකාවේ නත්තලක් දැක්කේනෑ, දකින්න උත්සහ කලෙත් නෑ, උවමනාවක් තිබ්බේත් නෑ. ඒ මේ රටේ නත්තල ලංකාවේ නත්තලට වඩා ලස්සන නිසාද..? මේ රටවල් වල තියෙන නිදහස නිසාද..? නැත් නම් ඒ හැමදේටම වඩා අපිට අපිවම අමතක වෙලාද..?
වටින තෑගි, ලොකූ කෑම මේසේ, රෑ එලි වෙනකම් දාන පාටිය නෙමේ මට වැදගත් උනේ. ගෙදර ඔයලා ඔක්කෝමත් එක්ක එකට ඉන්න. සල්ලි නෙමේ ජීවිතේ කියලා කියන්න හිතුනා, ඒත් වෙනදා වගේම අදත් මම නිශ්ශබ්ද උනා. අපේ ගෙදර අපි ඔක්කෝමත් එකට ඉන්න හැමදාම මට නත්තල් කියලා කියන්න ඕනා උන. ඒත් අහං ඉන්න කෙනෙක් නෑ කියලා හිතෙද්දි මම නිශ්ශබ්ද උනා. 


ඊළඟ අවුරුද්දේවත් අපි ඔක්කෝමත් එකට නත්තල සමරමු. 

Tuesday, December 17, 2013

Dear Santa Claus...

Santa past years i got some valuable gifts for the Christmas.. But.. Santa this year i don't want any valuable colorful gifts.. I'm just asking one thing special to me.. Yeah,,!! you know how much it precious to me.. yes Santa this is ma fourth year that i'm going to celebrate Christmas without ma mom and bro.. i want to celebrate this year Christmas with them, with ma whole family members.. 
Santa and you know this is ma last year Christmas celebrating with ma family as a child.. from the next year  i'm belong to another family, at least this year i want to see the happiness, unity, of ma family. i just want to gather all these sweet, loveliest memorize in ma heart. it's enough what you gave to me but finally i beg you please make ma dream true. then it will be the most wonderful gift that i got ever. I hope you'll get ma latter.. please Santa reply  me soon.. 

Monday, December 16, 2013

ඕං ආයේ මම ආවෝ..

බ්ලොග් එක පැත්තේ නෑවිත් ලබන මාසෙට හරියටම අවුරුද්දයිලු. හත්වලමේ මෙච්චර කල් කොහෙද අනේ හැංගිලා උන්නේ.. ? නෑ නෑ අනේ හැංගිලා උන්නේ නෑ පොඩි පොඩි වැඩ වගයක් තිබුනා එකයි බ්ලොග් එක අමතක වෙලා තිබුනේ. දැන් ඉතිං ඒවා මේවා වැඩක් නැහැනේ ඕං සිත්තරාවි ආයේ ආවා... ආයේ නම් මොන දේ උනත් ලියන  එක නම් නවත්වන්නේ නෑමයි .. සමහර අයට නම් දැන් මාව මතකත් නැතිව ඇති නේද..? :( මොනා කොලන්නද ආයේ මතකය අළුත් කරලා ගම්මුකෝ අළුත් සිත්තම් වලින්.. ;)  


ලියන්න දේවල් නම් ගොඩාක් තියෙනවා.. හිමිහිට ලියන්නම්කෝ.. හැංගිලා උන්න කාලේ ඔන්න සිත්තරාවි ලංකාවටත් ආවා අවුරුදු 3කට පස්සේ ;) ඒ ඔක්කොම විස්තර අරන් ආයේ අළුත් පෝස්ටුවක් අරන් එනකම් ටටා හොඳේ.. ;) : 


Friday, January 25, 2013

කලකට පස්සේ..

වල් වැදිලා ගිය බ්ලොග් එක පැත්තේ ඔන්න සිත්තරාවි ආයෙමත් සක්මන් කරන්න පටන් ගත්තෝ.... ගොඩ කාලෙකින් කිසිම දෙයක් ලිව්වෙත් නෑ,වැඩේ කියන්නේ ලියන්න කොච්චර දේවල් තිබුනත් ලියන්න හිතෙන්නේත් නැති එකනේ. අසනීප තත්වය නම් තාමත් එහෙමමයි. කොහෙද මේ දවස් වල අපේ කාළගුණ තත්වය එහෙම හොඳ නෑ නොවෑ. ඉතිං කොයි වෙලේ බැළුවත් ලෙඩක්ම තමා. අළුත් අවුරුද්ද පටන් ගද්දිම ලෙඩ තාමත් ඉවරයක් නෑ මුලදි නම් හිතුවේ ලෙඩ හොඳ උනාම ආයෙම ලියන්න පටන් ගන්නවායි කියලා, කොහෙද තාම ලෙඩ හොඳ නෑ නොවෑ ඉතිං ලෙඩ පිටින්ම ආව ලියන්න මොනවා හරි. හැබැයි මම ලියන එක නතර කරලා තිබුනට කියවන එක නම් නතර කරලා තිබුනේ නෑ ඕං. පුළු පුළුවන් වෙලාවට ඇවිත් කට්ටිය ලියන ඒවා කියෙව්වා හොඳේ... 


මට බ්ලොග් එක මතක් වෙන්නේ නම් කම්මැලි වෙලාවට තමා. ඒ වෙලාවට හිතට එනවා එක එක විකාර ලියලා දාන්න. ඒත්.... ඒක ලියන්නත් මාරම කම්මැලියි අෆ්ෆා. ඉතිං හිතට ආව ලස්සන සිතිවිල්ල හිතේම තියාගෙන සීතලත් නිසා හොඳට පොරවගෙන නිදා ගන්න එකම තමා කරන්නේ. ඒ වෙලාවට නින්දෙදිම හිතනවා නැගිටපු ගමන් ලියන්න ඕනා කියලා කොහෙද ඒ වෙද්දි අර ලස්සන සිතිවිල්ල මැකිලා ගිහින්. ඉතිං මම මක් කරන්නද..?? 

මේ දවස් වල හතර වටේටම හිම වැටිලා. ඒත්.... රෝමේට නැහැනේ :(... මම නම් මේ දවස් වල ඒ ගැනත් දුක් වෙවි ඉන්නේ. කොච්චර ආසාවෙන්ද උන්නේ හිමේ සෙල්ලම් කරන්න ෂිට් ....!!!! ඒකත් නැති උනා. 

හැබැයි.... ඕන්න සිත්තරාවිට සතුටු වෙන්න නම් කාරණාවක් තියෙනවා ඕං. සිත්තරාවි තව ටික කාලෙකින් ලංකාවට එනවෝ අම්මා බලන්න...  හුරේ......!!!! මේ ආව නම් යන්නේ නෑ ගොඩ කාළයක් ඉඳලා තමා ආයේ එන්නේ. ලෙඩ උන වෙලේ තමා හිතුනේ අම්මා ලඟ උන්නා නම් කොච්චර හොඳද කියලා..


ප.ළි. උණ විකාරෙටද කොහෙද පිස්සු ලියලා,කමක් නැහැනේ ඔන්න ඔහේ පබ්ලිශ් කරලා දැම්මා හලෝ.. 

ඊළඟ ලිපියෙන් හම්බවෙමු..