Wednesday, August 8, 2012

අරලිගේ ලොකේ පාලුයි දැන් (දෙවන කොටස ) ....

                                    *****************************************
"තවම මෙතනද...?" 

                              අම්මාගේ හඩිනය මම යලිත් කල්පනා ලොවින් මිදුනේ.. මට අම්මාව දකිද්දි දුකය.. හිතේ හිර කර උන් හැඩුම මටත් නොදැනි පිට උනේය.. අම්මාගේ පපුව වාවගන්න බැරිව වාගේ ඈ මා අසලට ඇවිදින් මා වැලද ගත්තාය... 

           "නාඩා ඉන්න දරුවෝ වෙන්න තියෙන දේවල් අපිට වලක් වන්න බැහැනේ.."

                                                                                                අම්මගේ කතාවට මට පුදුම හිතුනි.. ඈ සියල්ලම දනි... මම පුදුමයෙන් මෙන් ඈ දිහා නෙත් යොමු කලාය.

                                       "හැමදේම මම දන්නවා පුතේ.. දුප්පත් මේ අම්මා මොනවා කියලා කරන්නද.. කරන්න පුලුවන් අන්තිම දේත් මේ අම්මා කලා මගේ දූ වෙනුවෙන්..." 

                                        මට කිසිම දෙයක් වැටහුනේ නැත.. ඈ මේ මොනවද කියන්නේ..? ඈ කල දේ කුමක්ද...? 

                       "අනුහස් පුතාගේ කසාදය තින්දු උනයි  කියලා දැනගත් ගමන් මම ගියා පුතාව හම්බවෙන්න ඔෆිසියට.. ඒත් වැඩක් උනේ නෑ.. රාළහාමිට කැමති දෙයලු ඒ ගෙදර වෙන්නේ කියාලා පැත්තකට උනා ඒ දරුවත්... අන්තීමට මම ඇහුවා එතකොට මගේ දරුවා කියලා ... අරලිට මම ආදරේ කලා ඒත් එක් වෙන්න බැරි නම් මම මොනවා කරන්නද කියලයි මගේන් ඇහුවේ... ඔක්කොටම වඩා අප්පච්චිගේ නම්බුව,ගෞරවය වටිනවලු.. මම අසරනයි මගේ දුවේ.. මේ අම්මට මුකුත්ම කරන්න බැරි උනා.."

                               කියා ඇය හැඩුවාය.. ඒ මට මගේ ජිවිතේ බලන් ඉන්න බැරිම දෙයකි...මගේ අහිංසක අම්මාගේ ඇස් දෙකෙන් වැටෙන කදුළු...

               "ඇයි අම්මා එයා එහෙම කලේ.. එයාලට අපිව ගැලපෙන්නේ නෑ කියලා දන්නවා නම් ඇයි මට ලං උනේ.. "

 අම්මත් දුවත් අද එකට හඩයි ඒත් ඒ වැලපුම සුරියාආරච්චි වලව්වේ කිසිවෙකුටත් නෑසෙයි..

                          *****************************************************

උන හැමදේම අමතක කර අලුතින්ම ජිවිතය පටන් ගන්න ඉටා ගත්තේ මං ගැන හිතා නොව.. මං නිසා අසරන අම්මට දුකක් කදුලක් නොදි ඉන්නටය.. උදේම නැගිට ගත්තේ සුපුරුදු පරිදි පාසල් යන්නටය.. මේ හිතේ තියෙන තෝන්තු ගතිය පාසල් ගොස් වත් නැති වේවියැයි සිතා ලා රෝස පාට ඔසරිය ඇදගත්තිමි... අම්මා කඩ වලට දාන්න ඉදිආප්ප සාදා තිබුනි.. එයින් මටත් එක පාර්සලයක් විය.. මම අම්මාට වැද ඈ සමගම පාරට ආවෙමි..

            "මගේ පුතා ඔලුව අවුල් කරගන්නේ නැතිව ඉස්කොලේ ගිහින් වැඩ ටික පිලිවෙලට කරගන්න.. "

                                යැයි ආදරයෙන් පැවසුවාය.. ඈ හින්දාවත් හිතා හදාගන්න ඉටා ගත්ත  එකට දැන් මම සතුටු වෙනවා..

                 "මම මෙතනින් මේ කඩේට මේ ටික දාගෙන යන්නද දූ.." 

                     "හා අම්මා දැන් බස් එකත් එවි මම යන්නම් අම්මා යන්නකෝ ගෙදර ඉක්මනට බුදු සරනයි අම්මා.."

                    " බුදු සරණයි මගේ දුවට පරිස්සමෙන් යන්න මැනික.." 

                   මට අම්මා ගැන අසීමිතව දුක හිතුනි.. මාතර බලා ආ බස් රථයේ මම පාසල වෙත ආවෙමි.. නේත්‍රා.. ඈ මේ පාසලේ ගුරුවරු අතරින් මට ලැබුන හොදම යෙහෙලියයි..පාසලට ඇතුල් වනම මට ඈ හමුවිය..

         "අරලි ගූඩ් මෝනිං..."

              " ගූඩ් මෝනිං නේත්‍රා"

 අද වගේ දවසක මට මොන සුබක්ද කියා කියන්න කටට ආවත් මම එය සිර කර ගතිමි..

 "උඹ තාමත් ඉන්නේ ඒ ගැන හිත හිතද.."

           මම නැතැයි කියන්නට හිස සෙලෙව්වේය.. ඈ මටත් වඩා හොදට මා දන්නීය.. ඒ නිසාමද කොහේදෝ මටත් ඇසෙන නොඇසෙන ගානට "අනේ මංදා" කියා මිමිනුවාය.. 

(ඊලග කොටස ඊලග පොස්ට් එකෙන්....)

2 comments:

  1. මුලින්ම යාලු settings වලට ගිහින් posts and comments වලට ගිහින් show word verification NO කරන්න.. එතකොට කමෙන්ට් කරන්න ලෙසියි.. :)

    කතාව හොඳයි.. මෙගා නම් කරන්න එපා.. දැන් ගොඩාක් අය බ්ලොග් වල කතා ලියනවා.. ඒකම විදිහේ ආදර කතා.. ඒ නිසා ඒ සුලභ ආදර කතා රාමුවට කොටු වෙන්න එපා..පොඩි ඉල්ලීමක් විතරයි.. දිගටම ලියන්න.. ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි... අනිවාර්යෙන්ම මෙගා කතාවක් නොවෙවා කියලා මමත් ප්‍රාර්තනා කරනවා advice එකක් දුන්නට thanx හොදේ... :)

      Delete