Wednesday, October 24, 2012

අපි මේ වගේ රටකට ආවාට හිඟන්නෝ නොවේ...

ආනේ....... ඔන්න මම අළුත් රෑකියාවට ගියාටත් වඩා ඉක්මනට ගෙදර ආවා.ඔව් යාළුවනේ ඒ රෑකියාව මට නැති උනා.. එහෙම කිව්වාම ඔයාලා බලයි මේ මොන මෝඩියෙක්ද කියලා. නෑ ඒ රෑකියාව මම කියලා නැති කරගත්තා.. දැන් නම් ඔයාටල තවත් අපබ්‍රංශ වගේ නේද.. ? හරි හරි කෙලින්ම කියන්නම්කෝ.. එතන මනුස්සයෙක්ට නම් වැඩ කරන්න පුළුවන් තැනක් නෙමේ.. ඔයාලා කොයි කවුරුත් දන්නවනේ මේ වගේ රටක අපි වගේ පිටරැටියන්ට පුටු වල හොද නෝනා මහත්වරු වගේ ඉදගෙන කරන්න තරම් රැකියාවක් ලැබෙන්නේ නෑ කියලා. කොච්චර උගත් උනත් ඒක මේ වගේ රටකට වලංගු නම් නෑ.. 

ඉතිං මේ පුංචි සිත්තරාවිට ලැබුනේ Baby Sitting Job එකක්. අවුරුදු 6ක පුංචි සුරංගනාවියන් දෙන්නෙක් වගේ නිවුන්නු පැටව් දෙන්නෙක්. දැක්කම නම් හරී ආදරේ හිතෙනවා.Baby Sitting උනාට ගෙදර වැඩත් ඒ එක්කම මම කරන්න ඕනා. ඒක කරන්නේත් මම ඒ ගෙදර නැවතිලා.ගෙදර යන්න වෙන්නේ සතියට දවස් දෙකයි..:(.. ඉතිං ඔය ඔක්කෝටම මූණ දෙන්න බලාගෙන මම ගියා නොවෑ මේ ජොබ් එකට.. ගියාමයි තේරුනේ නීති මාලාවක් තියෙන ගෙදරකටයි මං ඇවිත් තියෙන්නේ කියලා. උදේ 10ට වැඩ පටන් ගත්ත මම ඉවර කලේ රෑ 10ට. ඒකත් එක දිගට හිටගෙනම වැඩ. මොකද එදා ළමයි නෑ ගෙදර. මම වැඩ කලා නෙමේ මගෙන් මරව මරව වැඩ ගත්තා.රස්සාවක් ඕනම කමට කරන්න ගියා මිසක් නැත් නම් පැත්තකවත් යන්නේ නෑ.(හැමදාම දෙමාපියට බරක් වෙන්නත් බැහැනේ සිත්තරාවිත් දැන් යමක් කමක් තේරෙන ලොකු ළමයෙක්නේ දැන්)  

ඔක්කෝමත් හොදයි දවල්ට කැම එක දුන්නා ප්ලාස්ටික් පිඟානක(කැම කාලා ඉවතලන )මට නම් ඒ වෙලේ ගෙදර මතක් උනා. කවදාවත් එහෙම පිඟානක අපේ අම්මා මට කෑම දුන්නේ නෑ නේද කියලා ඒ වෙලාවේ නම් මට හිතුනා.ඒ වගේම මගේ පාවිච්චියට වෙනම හැඳි, ගෑරුප්පු, පිහි දීලා මට කිව්වා නොවෑ ඒවා වෙනමම තැනකින් තියන්න එයාලගේ ඒවා ලඟින් තියන්න එපා කියලා. ඊට පස්සේ වෙනමම තැනකට අරන් ගිහින් කන්න කියලා කෑම පිඟාන දුන්නා ඇත්තමයි මට නම් ඒ වෙලාවේ හිතේ ඇති වුන දුකට අඬා ගන්න බැරිව උන්නේ."ඇයි මගෙන් බෝ වෙන ලෙඩ තියෙනවාද.." කියලා අහන්න හිතුනත් කමක් නෑ කියලා උන්නා.මොනවා කරන්නද මේ රටේ රස්සාවක් නොකර බැරි කමට ඉවසගෙන උන්නා.උදේ ඉඳන් රෙදි කන්දක් හෝදනවා,වෙලානවා,මදිනවා. මට නම් මේක එපා වෙලා උන්නේ.දවසේම හිටන් ඉඳලා කකුල් දෙකක් නෑ වගේ.තවත් හිටන් ඉන්න බැරිම තැන මම කිව්වා."මම ටිකකට විවේක ගන්නද" කියලා. Break එකක් නම් දුන්නා විනාඩි 10කට. මෙහෙම උදේ ඉඳලා වැඩ කරලා කරලා මට නම් දැන් හොඳටම මහන්සි. රෑ කෑම වෙලාවත් ආවා. ඒකත් දවල් කෑම වේල වගේම තමා.ඔක්කෝම ඉවර උනාම මට කියනවා උදේ 6ට වැඩ පටන් ගන්නලු ඉවර වෙන වෙලාවක් කියන්න බැහැලු. මට නම් ඒ වෙලේ අහන්න හිතුනා "මම රොබෝ කෙනෙක්ද කියලාත්".. තවත් මෙහෙම හිතේ සතුටක් නැතිව වැඩ කරන්න බැරි නිසා මම ගෙදරට අයට කථා කරලා කිව්වා මම මොකද කරන්නේ කියලා ගත් කටම කිව්වේ හෙට උදේම ගෙදර එන්න කියලා. ඒකත් මට ලොකු හයියක් උනා.

කොහොම හරි උදේම ඒ මනුස්සයත් එක්ක කටත් පොඩ්ඩක් ගහලා රස්සාව දාලා ආවා නොවෑ. හැබැයි මට ඒ ගෙදර කට්ටියට එක දෙයක් කියලා එන්න බැරි උනා "අපි මේ වගේ රටකට ආවාට හිඟන්නෝ නොවේ පිනට කෑම ටිකක් ඉල්ලන් එන මනුස්සයටවත් අපි මේ වගේ කෑම පිඟානක් දීලා නෑ දෙන එක පිළිවෙලට අපි දෙනවා" අම්මා මතක් කරලා කියන්න කියපු මේ වචන ටික මට කියන්න අමතක උනානේ. 

30 comments:

  1. අනේ මෝඩ හරකියේ තමුන් කවුරු කියලද හිතන් ඉන්නේ? මෙහෙ Nottaයක් කරලම නැත්ද තමුන්ගේ කවුරුත්? නිකන් පිම්බෙන්නේ නැතුව හොයල බලනවා ඉතාලියේ තමුන්ට වඩා වැදගත් උගත් ධනවත් පවුල්වල අයත් ඇවිත් චාටර් කනවා, ඔහේගේ මේ මෝඩ චුන් හොදයි තමුන් වගේ අදිතක්ෂේරුවෙන් ඉන්න ඈයින්ට, මෙහෙ මේ ඔෆිස් වල ජොබ් කරන්න තමුන් හිතාගෙන ඉන්නවනම් අනේ කරුණ කරලා ..ක නොදී යන්න ලංකාවට, තමුන්ගේ පියා ඒ දවස්වල ඉදන් BAGNO ගහ ගහ ඉදපුඑකේ නොදැන ආව නෙවෙයිනේ

    ReplyDelete
    Replies
    1. ම්නට තේරුම් ගන්න බෑ මේ නිරෝෂන් ඇයි මේ විස්තරයට මේ තරම් කේන්ති අරන් ඉන්නේ කියලා.. මේ පෝස්ට් එක කියෙව්වම නම් සිත්තරාවි තමන් ගැන අදිතක්ශේරුවෙන් යමක් ලියලා නැති හැටියක් තමා මම දකින්නේ...

      මොන රටක් නියෝජනය කලත්... සිංහලෙන්ම කියනවා නම් අනුන්ගේ රටක ඉඳුල් සේදුවත්... සේවයෙකුට සළකන විදිය නීත්‍යානුකූලව යම් යම් දේවල් තියෙනවා.

      Delete
    2. අනිවාර්යෙන්ම ඒ හැමදේම දැනගෙන තමා ආවේ. අවුරුදු 3ක් තිස්සේ මේ මමත් මගේ තාත්තා වගේම,මෙහේ ඉන්න අනිත් අය වගේ bagno හේදුවා තමා. ඒත් මේ වගේ පහත් සැලකිළි අපි වැඩ කරපු එක තැනකවත් මේ වෙනකම් නම් ලැබිලා නෑ.කන්න දෙන කෑම එක සතෙක්ට වගේ දෙන්න තරම් අපි පහත් මිනිස්සුද මේ වගේ රටක..? අනික මම මේක ලිව්වේ මමවත් මගේ ගෙදර අයවත් අදිතක්සේරුවෙන් ඉන්නවායි කියලා හිතන් නෙමේ. තවම නම් අපිට එහෙම වෙන්න කිසිම හේතුව ඇති වෙලා නම් නෑ. මොකටද මේ වගේ රටක අනුන්ගේ කුණු අත ග ගා පිම්බෙන්නේ. ඔයා මගේ කථාව තේරුම අරන් නෑ වගේ නිරොශන් අයියා. මම මේ කථාවෙන් අදහස් කලේ මේ මිනිස්සුන්ගේ තියෙනෙ තිරිසන් ගතිය මිසක් මගේ අදිතක්සේරුකම නම් නෙමේ.

      Delete
    3. ළිහිණි අක්කාගේ කථාව නම් සම්පූර්ණ ඇත්ත.මටත් හිතා ගන්න බෑ මේ නිරෝශන් අයියාට කේන්ති ගන්න තරම් මම ලියලා තියෙන දේ මොකක්ද කියලා. මම මෙතන මාවවත් මගේ පවුලේ අයෙගේවත් අදිතක්සේරුවක් ගැන කියලාවත් නෑ. මම අදහස් කලේ මොන රටක මොන විදියට අපි වැඩ කලත් සේවකයින්ට සැළකිය යුතු විදියක් තියෙනවා නොවෑ.

      Delete
  2. අපරාදේ.ඇයි ඉතින් වෙන රටවල් වලට ගිහින් තමන්ගේ තත්වෙයි,රටේ තත්වෙයි දෙකම විනාශ කරගන්නේ ?

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඒකට නම් දැන් දුක් වෙනවා එනව එනවා ඉක්මනටම එනවා..

      Delete
  3. ඇයි ඔය තරම් නිවට වෙවී ඔහෙට වෙලා ඉන්නෙ... එන්න ලංකාවට ඇවිත් ස්වාධීනව නැගී ඉන්නකො තමන්ගෙ ආත්ම ගරුත්වයත් රැකගෙන... ඉතාලිය කියන්නෙ යුරෝපා සංගමයෙනුත් ලගදීම ඉවතට විසි කරන්න ඉන්න කසි කබල් රටක්...ඉස්සර තිබ්බ සමෘද්ධිය තව දුරටත් ඔය රෙද්දෙ නෑ... මගේ යාලුවො නෑදෑයො බොහොම දෙනෙක් ඔහෙ ඉන්නවා... මේ ලගදිත් එකෙක් ලංකාවට ආවා ජොබ් එකක් කරන්න.... මගේ කොමෙන්ටුවට හිත නොරිදේවි කියා සිතමි. හිතට ආ දේ අවංකවම කිව්වෙමි.

    ReplyDelete
    Replies
    1. කථාව නම් ඇත්ත. ඉන්නකෝ අපිත් එනවා අපෙ රටට. නෑ නෑ හිත රිදෙන්න තරම් අදහසක් නෙමේ ඔයා කියලා තියෙන්නේ. බොහොම ස්තූතියි.. ලියලා තියෙන කථාව තේරුම් අරන් කමෙන්ට් කලාට..

      Delete
  4. මාත් හිතන්නෙ එහෙමම තමයි....
    ඇයි ඉතින් ඔය වගේ දුක් විඳ විඳ ඉතාලියට වෙලා ඉන්නෙ....
    කාට වුනත් තමන්ගෙ රටක වගේ නිදහසක් කොහෙදිවත් ලැබෙන් නෑ මං හිතන්නෙ..
    මෙහෙට ආවනම් ඉවරයිනෙ.....
    හිත රිද්දගන්න එපා...
    පරිස්සමට ඉන්න...

    ReplyDelete
    Replies
    1. ඇත්ත කාට උනාත් තමන්ගේ රටේ,තමන්ගේ රටේ තමන්ගේ ගෙදර වගේ නිදහසක් කොහේවත් ලැබෙන්නේ නෑ.

      හ්ම්ම්ම්... හිත රිද්දා ගන්න තරම් දෙයක් ඔයා කිව්වේ නැහැනේ අයියා.

      ඔයාත් පරිස්සමෙන් ජය වේවා..!!

      Delete
  5. කරන්න අකමැති දෙයක් නම් ආපු එක හොදයි අකමැත්තෙන් ඒ දේ කර කර ඉන්නවට වඩා.සල්ලි මතම තමන්ගේ ජීවිතය තීරණය කරන්න යන්න එපා.

    'ජිවිතේ හැමදාමත් සැප ලැබෙන්නේ නෑ..'

    මට සින්දුවක කොටසක් මතක වුනා. :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඉතිං මමත් කලේ. කරන්න බැරි තැන ආවා. සල්ලි මත කවදාවත් ජීවිත තීරන කරන්න බැහැ ඉශාන් අයියා. එහෙම කරන ගොඩාක් කට්ටිය නම් ඉන්නවා ඒත් සල්ලි විතරයි ඒ අය ලඟ තියෙන්නේ. අනිත් හැමදේම ඒ අයට නැති වෙලා හිස් මිනිස්සු වෙලා. මගේ දෙමාපියෝ අපිව මෙහෙට ගෙනාවේ සල්ලි හම්බ කරවන්නම නෙමේ. මම සතුටු වෙනවා එයාල සල්ලි මත්තේ මැරි මැරි ඉන්න අය නොවුන එකට.එහෙම උනා නම් මම තාමත් ඒ ගෙදර වැඩ.. හ්ම්.. මොනවා වුනත් තැන්කූ කමෙන්ටුවට..

      ජීවිතේ හැමදාමත් සැප රැදෙන්නේත් නෑ
      ජීවිතයේ හැමදාමත් දුක රැදෙන්නේත් නෑ
      එහෙම නේද ඉශාන් අයියා..:)

      Delete
    2. මගේ කමෙන්ට් එකේ අන්තිම ටික සිරියස්ම හිතලද කොහේදෝ! ඒක ඔයාටම කියලා කිව්වේ නෑ ඕං.. පොදුවේ ගත් කල කිව්වේ.

      ඕ..ඇත්ත.. :)

      Delete
    3. හි :) හි :) ටිකක් සීරියස් වැදුනා මෙතන තියෙන ඔක්කොම කමෙන්ට් ටික

      Delete
  6. රස්සාවක් කරනකොට කැපවෙලා කරන්න ඕනේ මොන රස්සාව වුණත්.. ඒත් එහෙම කැපවෙන්න පුළුවන් වෙන්නේ ඒ රස්සාවෙන් අපිට ආත්ම තෘප්තියක් ලැබෙනවා නම් විතරයි කියලා තමයි මගෙත් අදහස... :)
    අනික මොන රටේ වුණත්, මොන ජාතියේ වුණත් හැමෝම මිනිස්සු. හැමෝටම ආත්ම ගරුත්වයක් තියෙනවා. මං කියන්නේ නෑ ලංකාවේ හැම ජොබ් එකක්ම හොඳයි කියලත්.. ඒ නිසා මේ ප්‍රශ්නේ නිසාම ඔයා ලංකාවට එන්න එපා කියන එකයි මගේ අදහස.. ඔහෙත් ඕනේ තරම් හොඳ මිනිස්සු ඇති නේ.. උත්සාහ කරලා බලන්න සිත්තරාවියේ...
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඇත්ත අපි කැමැත්තෙන් රස්සාවක් කරන්නේ ඒ රස්සාවෙන් අපිට ලැබෙන තෘප්තිය අනුවයි. අපි මෙහේ ඇවිත් අනුන්ගේ හෝදන එක ඇත්ත. ඒත් අපිට ඒ රස්සාව අනුව වත් ලැබෙන්න ඕන හිමි තැන නොලැබෙද්දි දුකයිනෙ.. මොකද ඉතිං අපිටත් කියලා ආත්ම ගරුත්වයක් තියෙනවා නොවෑ. අපිත් මිනිස්සු දුකක් සතුටක් දැනෙන හිතක් අපිටත් තියෙනවා නේ අක්කා..

      තැන්කූ වේවා අක්කා උත්සහවන්තයා ජය ගනීලුනේ..

      Delete
  7. අනේ මන්ද..මම නම් කියන්නේ කොහේ ගියත් දන්න භාෂාවෙන් කතා කරලා යමක් විසඳගන්න හරි පුළුවන් ලංකාවේ හිටියනම් අක්කෝ..මට තේරෙන්නේ නැහැ.හොඳ දෙයක් කරන්න..ඒත් ලැබුණු ජීවිතෙන් දුක් විඳින්න නම් එපා..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා... මටත් නම් තේරෙන්නේ නෑ.. අනිවා ලැබුන ජීවිතේ නම් ආයේ කවදාවත් දුක් විඳින්නෙ නම් නෑ..

      ඔයාටත් ජය..

      Delete
  8. රස්සාවෙන් සල්ලි ලැබෙනවට අමතරම ආත්ම තෘප්තියත් ලැබෙන්න ඕනි, හැබැයි ආත්ම තෘප්තිය සල්ලිවලට ගන්න බෑ, නන්නාදුනන රටක නන්නාදුනන මිනිස්සුන්ගේ බැලමෙහෙවරකම් කරනවට වඩා ලංකාවට ආවොත් නරකයිද. මමත් කියන්නේ අනුන්ගේ ගෙවල් වල වැඩ කරනවට වඩා ලංකාවට ඇවිත් ලංකාවේ කෙනෙක්ගේ ඔය වැඩ ටික කළා නම් ඔයාට ඔයිට වඩා ආත්මතෘප්තියක් වගේම ගරු සැලකිල්ලක් ලැබේවි බොහෝ විට.

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඒ කථාවත් ඇත්ත..

      Delete
  9. සැලෙන්න එපා ඔහොම ටිකක් ට්‍රයි කරලා බලන්න ඔයාට හොඳ ජොබ් එකක් ඔය රටෙන්ම හම්බවෙයි.

    ReplyDelete
    Replies
    1. අනිවා..
      Try Try And Try One Day You Can Fly කිව්වාලුනේ..

      තැන්කූ හොඳේ.. :)

      Delete
  10. මම නම් කියන්නෙ වෙන තැනක උත්සාහ කරල බලන්න කියලා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. ඒකම තමා මමත් හිතුවේ.. :)

      Delete
  11. ඔහේට විතරක් උරුම දෙයක් නෙවෙයි ඔය මෙහෙත් තත්වේ ඕකම තමයි. මනුස්සකමක් නැති යක්කු. කොහොම උනත් පරිස්සමෙන් ආව ඒක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්...ම්ම්ම්.. ඒක නම් ඇත්ත.. මනුස්සකමක් ගෑවිලාවත් නෑ.. නමුත් ඒ අතරේ දෙවි වරු වගේ මිනිස්සුත් ඉන්නවා හොඳේ..

      Delete
  12. ඉතාලියෙ දැන් රස්සා අඩුයි.එක රස්සාවට ගොඩක් අය පොර කනවා.ඒ නිසා ඉතලි ජා තිකයො කල දු‍ටු කල වල ඉහ ගන්නව.

    ReplyDelete
    Replies
    1. හ්ම්..ම්ම් ඒක නම් ඇත්ත..

      Delete
  13. ඔව් ඒක ඇත්ත මාත් දවසක් මූනට කුණුහරපෙන්
    බැන්න මට යක්ශාවේස වෙලා.තේ එකක් දෙද්දී
    කරපු බලු වැඩකට.එතන කැමරා නොතිබෙන්න
    මන් මූණ පොඩි කරනවා ඒකගෙ.බල්ලෙක්ට උනත්
    කෑමට සලකන්න ඕනේ.ගොඩක් අය කෑම පෙන්නලා
    ඉන්ජු ඉන්ජු කියල සත්තුන්ට කතා කරන එකත්
    වැරදි..සත්තුන්ට ගරුත්වේ දේවිද මිනිස්සුන්ටත් ඔහොම නම් ..

    ReplyDelete
    Replies
    1. හ්ම්.. කතාව නම් සම්පූර්ණ ඇත්ත..

      Delete