Friday, October 19, 2012

ආදරයේ හිරකාරියකගේ අදුරු මතකය..

ඒ අතීතය මතක් වෙද්දිත් නම් හිතත් ගතත් දෙකම බයෙන් වෙව්ලා යනවා. කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරන්නේ මුළු ආත්මයෙන්මය. ඒත් සමහර කොල්ලන්ට ඒක තේරුම්ගන්නට බැරි ඇයිද කියන්නට නම් මට තේරෙන්නේ නෑ. මේ වෙනකම් නම් හිතන් උන්නේ මේ වගේ ඛේදවාචකයකට මුහුන දුන්නේ මං විතරයි කියලා ඒත් එහෙම නෙවේ කියලා හිතුනේ ඔච්චර දරුණු නොවුනා නම් උඹ මට හොඳ තාත්තෙක්..හිරු හිමාවි අක්කාගේ පෝස්ටුව කියෙව්වහමයි. ඒක කියවද්දි නම් හිරු අක්කගේ වේදනාව,දුක,කෝපය මට හොදට තේරුනා. මොකද ඒ අත්දැකීම මමත් ඒ විදියටම විදපු කෙනෙක් නිසා.

ආදරය ආත්මය කරගෙන ආදරයට ආදරය කරපු කෙනෙක් මේ සිත්තරාවිත්. ඒත් ඒ ආදරයම මාව මැරුවේ ආදරය එපා කරවලා. ආදරයක්, මනුස්සකමක් නොදන්න කෙනෙක්ට ආදරය කරන්න ගියාම මෙහෙම වෙනවායි කියලා තමා මගේ යාළුවෝ ඉස්සර මට කිව්වේ. ඒත් කරුමෙකට හිරුහිමාවී අක්කා වගේ හිතෙට දැනෙන දේ කියන්න තරම්  ශක්තියක් නැති කමටදෝ කොහෙද හිරකාරියකටත් වඩා මට ඔහුගේ ලෝකේ සිර වෙන්න සිද්ද උනේ.

වියදමට අම්මා දෙන සල්ලි ටික එකතු කරලා නුඹට උවමනා දේවල් ගන්න, බඩගින්න නිවාගන්න අම්ම හදලා දෙන බත් එක නුඹට දීලා මං බඩගින්නේ උන්න වාර ගනන අනන්තයි.ඒත්... ''උඹ කෑවද..?'' කියලා අහන්න තරම්වත් මනුස්ස හිතක් නුඹට නැතිවීම ගැන මට නම් පුදුමයි. ඉස්සර අම්මා, තාත්තා අරන් දෙන ලස්සන මල් ගවුම් ඇදලා යන්නේ ගවුමේ හැඩ පෙන්න විතරක් නෙමේ ඒක ඇන්දහම මමත් කොච්චර හැඩද කියලා පෙන්නන්නයි.ඒක මගේ විතරක් නෙමේ හැම කෙල්ලෙක්ගෙම පුරුද්දක්. ඒත් නුඹට ආලය කර දිනේ පටන් හැඩට,ලස්සනට ඇදුමක් අදින්න මටත් අමතක උනා නුඹේ ඔය නීති පොත නිසා.යන එන මග තොටදී පිරිමි බැලමක් වැටුනත් අපහාස වචන වලින් මා පුරවපු හැටි අමතක වී නොවේ මට. නුඹ ඉන්න මගතොට මා යන්නේ රාක්ශයෙකුට බය සාවියක් මෙනි, නුඹ ඉදිරිපිට හයියෙන් හුස්මක් ගත් දිනයක්වත් මට මතක නැත ඒ තරමට මම නුඹට බිය උනෙමි. එක දවසක් නෙමේ දවස් ගනනාවක් නුඹේ මේ අපහාස කරදර ඉවසගන්න බැරිව මරලතෝනි දිදී හැඩූ වාර ගනන අනන්තයි.  නුඹේ මේ කුරිරු දඩුවම් දිහා බලන් ඉන්න බැරිව මට මගේ හොදම යාළුවෝත් ලගම නෑයිනුත් නැති උනා නුඹට අමතකද..?

 හිසේ කෙස් ගානට පිරිමි යහළුවන් මට උන්නා. උනුත් මමත් උන්නේ එක බඩ වැල කඩන් ආපු සහෝදරයන් වගේ. ඒත් ඒ යාළුකම් වලට නුඹ දුන් නම් මතකද..? ''ආදරයක් යාළුකමක් නාදුනන අමනුස්සයෙක් නුඹ නම්'' කියා කියන්නට සියවරක් මේ දිව නැමුනා ඒත් මොන හිරිහැරය කලත් නුඹ වෙනුවෙන් උපන්න ආදරයක් මේ හිතේ තිබුනා. ඒ ආදරයට ගරු කරලා මම කටවහන් උන්නා. මගේ ඒ නිහැඩියාවෙන් නුඹ ප්‍රොයෝජන ගන්න හැදුවා. නුඹට මතකද මුල් වරට මගේ කම්මුල රතුවෙන්න දෙතොලින් ලේ පනින්න නුඹ මට අත උස්සපු දවස. සත්තයි එදා නම් මට පිරිමි ජාතියම එපා කලා නුඹ.ඒත් අද මම සතුටු වෙනවා නුඹ එදාම මට නුඹේ ඇත්ත ස්වරූපය පෙන්නු එකට එහෙම නොවුනා නම්.. මම අදටත් නුඹේ කකුල් දෙක ලග වැටිලා හොටු පෙර පෙර හඩන වැලහීන්නියක් වෙලා.


මට පෙර නුඹට ආලය කල උන් මුළදිම නුඹේ හපන්කම් දැනගෙන නුඹෙන් වෙන් උනා. අසරණ මං වෙනුවෙන් උන් හූල්ලනවා මට මතකයි. නුඹේ හිරිහැර ඉවසගන්න බැරිව මමත් උන් වගේම නුඹේ ලෝකයෙන් සදහටම සමු ගත්තා. ඒ වගේම  මම අද දුක් වෙනවා ඒ නුඹ ගැන නම් නෙමේ නුඹේ ඔය බෝගම්බර වලව්වේ කුමාරිහමි වෙන හිරකාරි ගැන. නුඹෙන් ආදරයක් නොලැබුනා නොවේ.. ලැබුනා.. ඒත් ඊට වඩා හිරගෙදරක සැලකිලි ලැබුනා. කිසිම කෙල්ලෙක් කැමති නෑ මේ වගේ ආදරයකට ඒක නුඹට නොතේරුනාට තේරුම්ගන්න පුලුවන් තවත් සමහර පිරිමි ටිකක් ඉන්න එකට මම හදවතින්ම සතුටු වෙනවා. හිරකාරියෙක් වගේ තියාගෙන ආදරේ කරන එක නෙමේ වටින්න. ඒ කෙල්ලට, අදහස් වලට ගරු කරන්න.  කෙල්ලෙක් බලාපොරොත්තු වෙන ආදරය තියෙන්නේ එතනයි..


(හිතේ තිබුන ආවේගෙට, දුකට ලියපුවා කවදාවත් මේ වගේ පිරිමියෙක් නම් වෙන්න එපා)

10 comments:

  1. මේ වගේම කොල්ලෙක් හින්දා ඔය වගේම ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා, කොල්ලාව අතහැරලා ගිහින් ආපහු ඒ කොල්ලා ගාවට ආපු කෙනෙක් ගැන මට මතක් වුනා මේක කියවද්දී.ඒ කෙල්ල දැනුත් දුක් විදිනවා.ඒක එයාගේ ඉරණම. සතුටු වෙන්න ඔයා ඒකෙන් ගැලවුණු ඒක ගැන.

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඇත්ත ඒ කෙල්ල වගේ මමත් මෝඩ උනා එක සැරය නෙමේ සිය වතාවක් ආපහු යන්න ඇති ඒ ආදරේ නිසා. එහෙමයි කියලා හැමදාම මැරි මැරි උපදින්න බැහැනේ. ඔව් ඇත්තටම මම අද ගොඩාක් සතුටු වෙනවා ඒ නැති උන ආදරේට ..

      Delete
  2. කෙල්ලො විතරක් නෙමෙයි නංගි මුළු ආත්මයෙන්ම කෙල්ලන්ට ආදරය කරන කොල්ලොත් ඉන්නවා... මුල්ම කාලෙ සිරා වන මමත් ඔය විදියට ආදරය කරලා රිදුනට පස්සෙ ඒ පුරුද්ද අතඇරලා මධ්‍යම ප්‍ර‍තිපදාවට මාරු උනා..

    ඔබ සතුටු වෙන්න ඔවැනි දරදඩු අයෙකු සමග අනාගතය ගොඩ නගන්නට ප්‍ර‍ථම වෙන්වීමට ලැබීම ගැන... හැම දෙයක්ම වෙන්නෙ හොදට කියන සරළ කියමනේ සත්‍යයක් නැතුවාම නොවෙයි... බැලූ බැල්මට ඔහු ඔබට නොගැලපෙන යම් මානසික පීඩාවකින් සිටින කෙනෙක් වගෙයි...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අයියා කෙල්ලො විතරක් නෙමේ කොල්ලොත් ඉන්නවා ආත්මයෙන්ම ආදරේ කරන ඒත් හැමෝම එහෙම නැති එකයි දුක.
      ඒකනේ අයියා හැමදේම වෙන්නේ හොදටලුනේ.. (ඔයාටත් එක්ක කිව්වේ හොදේ..)
      ආයේ එන්න.. ජය වේවා..!!!

      Delete
  3. කෙනක්ව බලෙන් ළඟ තියාගන්න එකට කියන්නෙ ආදරය කියල නෙමෙයි නංගියෝ...ඒක නිකන් අපි හුරතලේට සතෙක් හදනව වගේ වැඩක්...
    ගොඩාක් අය ආදරයයි අයිතිකරගැනීමයි පටලවගන්නව....
    අයිතිකරගැනිම පවතින්නෙ නෑ ....
    වෙලාවක් ලැබුනු ගමන්ම නැතිවෙනව....
    හරියටම කූඩුවක දාල හදාගන්න ගිරවියෙක් වගේ...
    ඌට කූඩුවෙන් යන්න තියෙන උවමනාව කොච්චරද කියනවනම් ඌ හැම වෙලේම බලන්නෙ උගෙ හොටින් කූඩුවෙ යකඩ කපන්න...
    එහෙම බැරි නිසා ඌ ටික කාලයක් හිටියත්
    කොයි වෙලවෙ හරි කූඩුවෙ දොර ඇරුනු දවසක ඌ පියාඹල යනව....
    ඒ නිසා ඔයා සතුටු වෙන්න....

    ඔයා තවදුරටත් කූඩු කරපු ගිරවියෙක් නෙමෙයි...
    දැන් ඔයා නිදහස් කිරිල්ලියක්......
    දැන් ඔයාගෙ ජීවිතෙ ලස්සනට සිත්තම් කරගන්න ඔයාට නිදහස තියෙනව නංගියෝ....ඔයාට මගෙන් සුබපැතුම්...

    ReplyDelete
    Replies
    1. ඇත්තම කථාවක් කිව්වේ අයියා ඔයා.. ඇත්ත මං තව දුරටත් කූඩු කරපු ගිරවියෙක් නෙමේ දැන් මට නිදහසේ පියාඹන්න පුළුවන්. now i'm totally free.. තැන්කූ අයියා.. ඔයටත් මගෙන් සුබම සුබ පැතුම්..!!!

      Delete
  4. මේක කියවද්දී නංගෝ මට හැමදේම මුලක ඉඳල මතක් උනා..අනේ මන්ද..අද ටිකක් පරක්කුයි මම එන්නත්..කැම්පස් පටන් ගත්ත නිසා වැඩ ඉතින් ටිකක්..අපිටත් අපිට කියල ඇත්තටම නිදහසක් කියල දෙයක් තියෙන්න ඕන..ඔහොම දේවල් වෙන්නේ ආදරේ වැඩි නිසා කියන්න පුළුවන්..ඒත් එහෙමම කියන්න බැහැ..මොකද සමහර දේවල් වල කිසි සම්බන්ධයක් නැහැ ආදරේට..

    කොහොම උනත් හොඳින් ජිවත් වෙන්න..
    ඔයාට සුභ පතනවා නංගෝ..
    ජයෙන් ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අක්කා අපිටත් කියලා නිදහසක් තියෙන්නම ඕනා... ආදරේ වැඩිකමට ඔහොම දේවල් කරනවායි කියන්න බෑ අක්කා.. ඇත්තටම ආදරේ කෙනෙක් නම් කවදාවත් මෙහෙම රිද්දන්නේ නෑ...

      අක්කාටත් ජයෙන් ජය.. කැම්පස් එකේ වැඩත් හොදට කරන්න.. :)

      Delete
    2. ඔව් හොදම දේ වෙන් වෙන එක.ගෑනියෙක්ගේ හැගීම් තේරුම් ගන්න බැරි කෙන්කෙට තාත්තා කෙනෙක් වෙන්නත් බැහැ..

      Delete
    3. ඒ කතා නම් සම්පූර්ණ ඇත්ත.. ඕනම කෙල්ලෙක් බලාපොරොත්තු වෙන්නේ තමන්ට තමන්ගේ තාත්තා,සහෝදරයා වගේ ආදරය රැකවරණය දෙන කොල්ලෙක්ව මිසක් මේ වගේ කෙනෙක්ව නෙමේ.

      Delete