Friday, October 5, 2012

ඉතාලි රගේ... Italy Life...


ඔය කොයි කවුරුත් අද කාලේ පිට රටකට යන්න පෙරුම් පුරනවානේ.ඒ අතරින් අද බොහෝමයක් උඩ පනින්නේ ඉතාලි යන්නනේ. අන්න ඒ උඩ පනින කට්ටියට තම අද මේ පෝස්ට් එක ලියන්න හිතුනේ.. එහෙම කිව්වයි කියලා හිතන්න එපා තරහටකට අහිතකට මේක ලිව්වයි කියලා. ඔයාලට තියෙන ආදරේටයි අකමැත්තෙන් උනත් ඇත්ත කතාව කියන්නේ..

                                                ලක්ෂ ගනන් පොලියට හොයාගෙන අනේ අපේ අසරන මිනිස්සු ඉතාලියට එනවා. ඒ ආවහම තමා ඒ අයට මෙහේ තියෙන රගේ දැනෙන්නේ. ඉන්න තැනැක් නැතුව පාර්ක් වල බංකු වල නිදා ගෙන සීතට මැරෙන්නද සල්ලි දීලා ගෙවල් උකස් කරලා මේ අපායට එන්නේ. රස්සාවක් නැතුව පාරක් පාරක් ගානේ උදේ ඉන්දන් හවස් වෙනකම් ඇවිදින කී දෙනෙක් ඇතිද...?අන්තීමට අතේ සතේ නැතිව හැම කෙනා අතරම කොන් වෙනවා.. ඒ විතරක් නම් මදෑ.. මහ ලොකුවට ලංකාවේ ඉද්දි නම් මේ ඉතාලියෙ ඉන්න නෑ හිත මිතුරන් කෝල් කර කර කියන්නේ ''අනේ එන්න අපි උදව් කරන්නම්, ජොබ් හොයලා දෙන්නම්, කන්න බොන්න දෙන එක මහ ලොකු දෙයක් නෙමේ ඔයා කොහොම හරි එන්න'' කියාලා.. ඔව් උදව් කරනවා දවසක් දෙකක්.. 


                  භාශාව නොදැන, වීසා නැතිව, වැඩ දන්නේ නැතිව මෙහේ එනවයි කියන්නේ මහ පාරට උරම කම් කියනවායි කියන එක තමා.ගෙදර බාත් රුම් එකක් හෝදපු නැති අපිට මෙහේ ඇවිත් ඉතාලිකාරයන්ගේ බාත් රුම් විතරක් නෙමේ උන්ගේ පස්ස පැත්තත් හෝදලයි නවතින්න වෙන්නේ. කොච්චර ඉගෙන ගෙන ආවත් මේ වගේ රටවල් වලට අපි නම් උන්ගේ බාත් රුම් හෝදන වැඩ කාරයෝම තමා. ඒක නම් කවදාවත් වෙනස් වෙන්නේ නෑ. රටේ නීති නම් දවසින් දවස අලුත් වෙනවා. ඒත් ඒ එකක්වත් අපේ හොදට නම් නෙමේ. අලුත් වෙන හැම නීතියක්ම අලුත් වෙන්නේ උන්ගේම හොදටයි.

                                             මේ පෝස්ට් එක ලියන මේ සිත්තරාවිත් අද ඉන්නේ මේ අපායේම තමා. 2010 අ.පො.ස.උ.පෙළ වාණිජ අංශයෙන් කරලා සම්මානත් ඇතිව පාස් උන මමත් අද මේ අපායේ අපා දුක විදිනවා. කාටවත් නොලැබෙන හරි අපූරු රස්සාවාක් ඉදලා ඉදලා මට නම් හම්බ උනා. ඔෆිසියක ලේඛම් වරියක් අම්මේ හිතේ තිබුන සතුට කියා නිම කරන්න බැරි උනා. ඒත් ඉතිං ඒකටත් ආයුශ තිබුනේ ටික දවසයි. ඉගෙන ගත්තු දෙයින් ප්‍රයෝජනයක් ගන්න හදද්දිම ඒකටත් හෙන හුරා බැල්ම හෙලුවා නොවෑ.. (හොව් හොව් ලියන්න හිතන් උන්න විදියට නෙමේ ලියවෙන්නේ... අයේ ට්‍රැක් එකට එන්නම් ඉන්න...)

                මම මේ කියන්න හදන්නේ මගේ ආදරණීය යාළුවනේ කවුරු කොහොම කිව්වාත් මේ වගේ රටකට නම් එන්න එපා අතේ තියෙන සතේ වියදම් කරලා. කට්ටියක් නම් ඉන්නවා පැලෙන්න සල්ලි හම්බ කරලා මාලිගා වගේ ගෙවල් හදාගෙන.. ඒත් අද ඒ මිනිස්සුත් 100% සම්පූර්න නෑ.. පවුල් ප්‍රශ්න ගමකට. කොච්චර සල්ලි තිබුනත් නම්බුව ගෞරවය හේදිලා ඉවරයි. සල්ලි පස්සේ දුවලා ලස්සනට තිබුන පවුල් ජීවිත අවුල් කරගන්න ඕන නෑනේ. තමන්ගේ මව් රටට වෙලා තමන්ගේ පවුලත් එක්ක හේනක් කොටාගෙන හරි එක වහලක් යට එකට ඉන්න එක නේද වටින්නේ.. මම වගේ තව කෝටියක් මේ ඇත්ත කතාව මේ විදියටම කිව්වත් නාහන කට්ටිය නම් ඇති තරම්.ඒත් ඉතිං අපිත් කියලා මොනවා කරන්නද...? බොරුවට තවත් මනුස්ස ජීවිතයක් අසරන නොකර බැරි නිසයි මේක ලියන්න හිතුනේ.. අනික ඉතිං මේ වලට වැටුන අයට නම් ගොඩ එන්න වෙන්නේත් මේ වලින්ම තමා. අවුරුදු 12ක් තිස්සේ මගේ තාත්තා මාසේ වියදමට සල්ලි එවද්දි මම නම් කවදාවත් හිතුවේ නෑ මේ වගේ අපා දුකක් විදිනවා ඇති කියලා. අද ඒ දුක මගේ ඇස් දෙකට දකිද්දි අපි මොන තරම් අසරන වෙලාද කියලාත් හිතෙනවා. ඒත් ඉතිං මොකක් කියලා කරන්නද .. ඉතාලියේ රගේ දැනෙන්න මෙහේ ඇවිත් ඒ දුක විදින්නම ඕන.. හ්ම් ඉතාලිය ඉතාලිය..

6 comments:

  1. මිල්ලෙ සොයා..

    ඉතාලි ගිය කවුරුත් නම් ඔහොම කියලා නෑ.. :)

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.. ලංකාවට ආවහම ඉන්නේ ඉතිං සුර ලොව ඉන්දන් ආව වගෙනේ.. ඉතිං කොහොම කියන්නද මම කලේ bathroom හෝදන job එකක් කියලා

      Delete
  2. ඔබ මෙහෙම දෙයක් ලියූ එක ඇත්තටම වටිනවා.
    ගොඩක් අය මේ දේවල් හිතන්නේ නෑ..
    ජයම වේවා!

    ReplyDelete
  3. අහම්බෙන් මේ පෝස්ට් එක දැක්කේ.
    ඔබ ලියනා දෙය ගැන මට හරි අවබෝධයක් නෑ. මේක තරහින් ලියපු දෙයක්ද එහෙම නැත්නම් මේ තමයි ඇත්ත කියලා පෙන්වන්න හදන දෙයක්ද කියලා තේරෙන්නෙත් නෑ.
    මනුස්සෙක් කරන රස්සාව අනුව ඒ අය සමාජයේ පහලයි කියලා හිතන මනුස්සයෝ නෑ. එහෙම ඉන්නවා නම් ඒ මානසික අවුලක් තියෙන අය. හැමෝම මිනිස්සු. කාටවත් කරදරයක් හොර බොරු නොකර කරන ඕනෙම රස්සාවක් එකම විදිහට පිළිගන්න මිනිස්සු ඉන්නවා.ඒක ලෝකේ කොහෙත් එකයි.
    තමන් වටපිටාවේ ගැවසෙන අය එක්ක විතරක් සසඳලා මේකයි මේ ඔක්කොම සමාජය කියන්නේ කියලා නිර්වචන දෙන්න අපිට බෑ.
    උගත්කම ඉගෙනගත්තා කියන්නේ පොතේ දැනුම විතරක් නෙමෙයි. බොහෝ අයට වැරදිච්ච තැනත් එතන. ඔබ කියනා පරිදි ගෙයක් ක්ලීන් කිරීම පහත් රැකියාවක් වෙන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නෑ. ඔබ විසින්ම එහෙම ඒක පහත දානවා නම් අමුතු කතා ඕනේ නෑ නේ. අනික කවුරු හරි කියනවා නම් උගත් කෙනෙකුට ගැලපෙන රස්සාවක් හොයාගන්න බෑ හැමෝම ස්ලේවර්ස්ලා කියලා කියන ඔබ ඉතාලියේ ජීවත්වන විදේශිකයන් කොපමණ ප්‍රමාණයක් හඳුනණවද?
    මා ඉතාලියවත් වෙන රටක්වත් සුරපුරයක් කියන්නේ නෑ. මේ වෙද්දි ආර්ථික අවපාතය ලෝකේ කොහෙත් තියෙනවා. ඉතින් එහෙම වෙද්දි මනුස්සකම බල්ලට යන එක අහන්න දෙයක් නෙමෙයි. තම තමන්ගේ ප්‍රශ්න එක්ක අනේකා ගැන හිතන්න පුළුවන් සමාජයක නෙමෙයි අපි ඉන්නේ.
    මේ කියන විදියට මේ වරද කරන්නේ ලාංකිකයන්ම නේද? නැති පුරාජේරු කියවන්නේ නැති සුන්දරත්වයක් පෙන්වන්නේ උදව් කරන්නම් කියන්නේ එයාලම නේද?

    මා නම් විදේශිකයන් සම්බන්දව රැකියාවක් කරන කෙනෙක්. මේ වගේ තත්වයන් මට ලාංකික අයගෙන් මිස වෙන කොහේවත් ඇහිලා නෑ.



    ReplyDelete
  4. මාත් කන්න නැති උනත් කෙලින් ඉන්නවා කියන තැන
    එදා ඉඳන් හිටියේ( කන්න නැතුවත් ඉඳල තියෙනවා ) .
    ඒක නිසා මට නැති උන දේවලුත් ගොඩයි
    . ඒත් මගේ දිහාට කාටවත් ඇගිල්ලක් දික් කරන්න බැහැ
    උබල අපෙන්නේ ගොඩ ගියේ කියල .කිසිම කෙනෙක් නැහැ .
    මගේ අම්ම තාත්තා කියන මිනිස්සු දෙන්න වත් නැහැ ඒ ගොඩේ ..මිනිහෙක්ට ආත්ම ගරුත්වේ වටිනවා .. ඒත් ආදරේදී නම් මන් විහින් බලු උනා .බලුම උනා. ඔයාගේ පොස්ට් දකිද්දී මාව control නැති උනා . අනික මොන දේකටද මේවා හන්ගන් ඉන්නේ.දකින එකෙක් හරි හිතට ගනීනෙ අපෝ අරූ වගේ නම් වෙන්නේ නැහැ කියල..

    ReplyDelete