Saturday, October 13, 2012

අපේ F එක..

ඔන්න අදත් අපේ ඉස්කෝලේ උන සීන් ටිකක් එකට ගෙත්තම් කරන්න හිතුනා නොවෑ. මම අර කලින් ලියපු පෝස්ට් එකේ කිව්වානේ මාත් එක්ක මගේ යාළුවෝ ඔක්කොම හත් දෙනෙක් උන්නායි කියලා. අපි හත්දෙනා සෙට් වුනේ 6 වසරදි. අපේ ඉස්කෝලේ A-E වෙනකම් හැම වසරකම පංති 5ක් තියෙනවා. ඒත් 6 වසරින් ඉහලට තව F එකකුත් එකතු උනා. ඒ අළුතින් පටන් ගත්ත English Medium Class එක.ඕකෙත් පළවෙනි බැජ් එක උනේ අපි. එතනිද තමා මට අනිත් හය දෙනාව සෙට් උනේ. ඒ කාලේ තමයි නියම කාලේ. ඉගෙනත් ගත්තා නටන පිස්සුවත් උපරිමේටම නැටුවා. මුල් කාලේ නම් අපි හරි සාන්ත දාන්ත තීන්ත කුප්පි හතක්. ඒත් ඉතිං පහු පහු වෙනකොට තමා දාංගලේ එන්න එන්න වැඩි උනේ. හැබැයි ඉතිං එහෙමයි කියලා කවදාවත් ගෙවල් වලට අපේ complains ගියේ නෑ.මොනව උනත් අපිටම ගැලපෙන කොල්ලෝ ටිකකුත් අපෙ ක්ලාස් එකේ උන්නා. අපි මොන දේ කලත් ඒ ටික මොන දේ කලත් බොක්කෙන්ම support එක දීගෙන උන්නා අපි.

ඔන්න දවසක් අපි කට්ටිය එකතු වෙලා දැම්මා පාන් පාටියක්.මේකට මුළු ක්ලාස් එකම හවූල් උනා. එක එක්කෙනා එක එක දේවල් හදන් එන්නම් කියලා බාර ගත්තා. කොල්ලෝ ටික පාන් ගේන්න බාරගත්තා. ඔන්න ඉතිං interval එකත් ආවා. කට්ටිය කන්න ගත්තා නෙමේ කෑම එකේ පීනන්න පටන් ගත්තේ හරියට හත් අවුරුද්දකින් කෑමක් දැක්කේ නැති ගානට. එකත් ඉවර උනා ඊළග period එක පටන් ගද්දිම ආවා නොවෑ අපේ විනයභාර සර්. අපි ඉස්සර ආදරේට කිව්වේ ශාරුක් ඛාන් කියලා.රබර් ඇහැ දාල බැලුවා නොවෑ පංතිය දිහා. බැලුව ගමන් දකින්න තිබුනේ හැම තැනම කෑම තියෙන කුණු ගොඩාක් වගේ තියෙන පංතියයි. අම්මේ... ඒ වෙලේ ඉතිං අපි දැන ගත්තා කටියටම කන්න හම්බවෙනවා කියලා. හිතලා තප්පරයක් ගියේ නෑ මුළු පංතියම දන ගස්සලා දුන්නේ නැතෑ දේශනාවක්. ඒක නම් කොහොම හරි අහන් උන්නා.ඒත් ඊළගට උනේ හීනෙන්වත් හිතපු නැති දෙයක් මුළු පංතියම අතින් අතු ගාන්න උනානේ. ඒ තරම් බර්පතල පනිශ්මන්ට් එකක් ජීවීතේට ලැබිලා නෑ.

ඒ වගේ තව ගොඩාක් පිස්සු වැඩ නම් කරලා තියෙනවා. ඔන්න දවසක් අපිට ෆ්‍රී පිරියඩ් එකක් සෙට් උනා. කට්ටියම එකතු වෙලා සිංදු කියන්න පටන් ගත්තා. නිකන් හරියට Musical Show එකක් වගේ. හූ තිය තිය කට්ටිය සිංදු කියනවා.මාර ෆන් එක. ඔන්න ඉතිං ඔය වෙලාවේ අපේ ප්‍රින්සිපලුත් ඇවිත් ගොඩාක් වෙලා ඉදන් රස විදලා අපේ සිංදු ටික අපි දන්නේත් නෑ. මොකද එයත් A/L අයියාලා වගේ සුදු යුනිෆෝම් එකක්නේ අදින්නේ. ඒකට පනිශ්මන්ට් එක උනේ ප්‍රින්සිපල් ඔෆීස් එක ලග ක්ලාස් එකක් අපිට ලැබීමයි.. :(

එහෙමයි කියලා අපි දගලන එක නම් නැවැත්තුවේ නෑ. ගුරුවරුන්ටත් මුකුත් කියන්න් බෑ අපිට ඇයි ඉතින් කොච්චර නැටුවත් ඉස්කෝලේට හොද නම ගේන වැඩ අපි හැමදාම කලේ. ඔන්න ඉතිං O/L පංති වල ඉද්දි අපි වගේ කෙල්ලන්ටනේ A/L අයියාලාත් ලයින් දාගෙන එන්නේ නොවෑ. හැබැයි ඉතිං එකෙක්වත් යාළු නම් වෙන්නේ නෑ. කෙල්ල පැත්තක,වටේ ඉන්න යාළුවෝ ටික ඉතිං අර අයියාව බයිට් කර කර අර ගන්න පුළුවන් ඔක්කෝම කැන්ටීමෙන් අර ගෙන එයාට ටටා බායි කියලා එනවා. වඩේ කියන්නේ එහෙම කරනවයි කියලා දැන දැනම ඒත් පස්සෙන් එන එකනේ.. ;)

ඒ වගේම තමයි ඉස්කෝලේ ඔය මොකක් හරි ලොකු උත්සවයක් තියෙද්දි අනිවාර්යෙන්ම අපිවත් කොහෙන් හරි කොනකට ගෑවෙනවා. අපි නම් ඉතිං පැනගෙන යන්නේ වෙන මොනාටවත් නෙවෙයි කන්න දෙනවානේ ඒ නිසායි. O/L කාළේ A/L කට්ටියගේ Functions වලට රිංගා දඩුවම් ලබපු අවස්ථාත් ඉතිං අනන්තයි.. 

අවේළාවේ කැන්ටිමෙන් කාලා, අවේළාවේ ටැප් එකෙන් වතුර ගන්න ගිහිනුත් හොද හොද වැඩ වෙලා තියෙනවා. ඒ ඔක්කෝටම වඩා නියම වැඩේ තමා අනිත් එකකාගේ වැරදි ඔක්කෝම Parents Meeting එකේදි එයාගේ අම්මාට හෝ තාත්තාට කියන එක. ඒ ඔක්කෝම අහන් ඉන්න දෙමාපියෝ අන්තීමට තමන්ගේ දරුවා දිහා බලන්නේ ''අද වරෙංකෝ ගෙදර'' කියන ස්වරූපයෙන්. අපිට නම් ඒක මාර ෆන්. 

ඔය වගේ තව හොද හොද වැඩ අපි අමතර පංති ගිය තැන් වලත් කරලා තියෙනවා. ඒ තැන් වල ගුරුවරුන්ට උගන්වපු අවස්ථාත් තියෙනවා. වැඩිපුරම ඉන්නේ අපේ පංතියේ ලමයිනේ ඉතිං අනිත් කට්ටියව මුලදිම කපලා දානවා. රජයේ English Medium එකෙන් ඉගෙන ගන්න කට්ටියකට ඉන්නේ අපි විතරනේ ඉතිං අනිත් කට්ටිය අවට තියෙන International School  වල කට්ටිය කවදාවත් අපිට ඉස්සරහින් යන්න දෙන්නේ නෑ. වෙලාවකට පව් කියලාත් හිතෙනවා. ඒත් ඉතිං මොනවා කරන්නද අපිට මැටි මෝල් වෙන්නත් බැහැනේ.

ඔන්න දවසක් අපි හත්දෙනා ප්ලෑන් කලා ස්ටෑන්ඩ් එක ලග තියෙන රහීමියා හෝටලෙන් පරාටා කන්න. දැන් ඉතිං කට්ටිය හොදට බඩ කට පැලෙන්න කෑවා. ඔන්න ඉතිං බිලත් වේටර් කෙනෙක් ගෙනත් දුන්නා. තිස්තුන් කෝටියක් දෙවිවරු සිහිවුනේ ඒ වෙලේ තමා මට නම්. කට්ටිය හදාගෙන ගිය බජට් එක පැනලා තිබුනා නොවෑ. හත් ඉලව්වේ දැන් මොකද කරන්නේ. මට නම් මැවි මැවි පෙනුනා පිගන් හෝදනවා අපි සෙට් එක හෝටලේ. ''කරන්න දෙයක් නෑ බං ක්ලාස් ෆීස් හරි දාමු දැන්'' කියලා එකෙක් කිව්වා. ඔව් ඉතිං ඒ වෙලාවේ හැටියට වෙන කරන්න දෙයකුත් නැහැනේ අන්තීමට ක්ලාස් ෆීස් දීලා ගෙදර ආවා. මම නම් ඉතිං හැම කුණුගොඩම අම්මට කියන නිසා මේකත් කියලා දැම්මා. පොඩි බැනුමක් ඇහුවත් ආයේ ගෙවන්න කියලා ක්ලාස් ෆී එක නම් මට හම්බ උනා.;)

A/L කාලේදි මගේ යාළුවෝ සමහරක් යාළු උනා පිට ඉස්කෝලවල් වල අයියාලා, ගමේ අයියාලා එක්ක, එකෙනුත් වාසිය අපිටමයි. යාළු උන ගමනුත් කොල්ලගෙන් පාටි,යාළු වෙලා ටික කාලෙකින් ඇනිවසරි කියයි, කෙල්ලගේ හෝ කොල්ලාගේ උපන්දින පාටි කියායි,අරක කියායි මේක කියායි අපිටාත් මොකෝ අපේ බඩ කට පිරෙනවා නම්. අම්මේ.. ඒ කාලේ නිකන් කාපු තරම්..

අර මම කලින් ලියපු රඹුටන් කථාවත් උනේ මේ කාලේදීම තමා. තව ලියන්න නම් ගොඩායි.. ඒත් කරපු කියපු හැමදේමත් ලියන්න බැහැනේ.අපේ හපන්කම් හෙළි වෙන නිසාමත් නෙමේ ඉතිං.... මෙහෙම දීගටම ලියලා කියවන ඔයාලටත් ඒක අන්තීමට එපා වෙනවානේ.. ;) අදට F එකේ කරපු කෙරුවාව නවත්තන්නම්කෝ... කොයි කාටත් වගේ සිත්තරාවීටත් සුන්දර පාසල කාලයක් තිබුනා හොදේ...

17 comments:

  1. පාසැල් කාලේ කියන්නේ ආයේ ජීවිතේට එනවා නම් කියලා හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරන කාලයක්.. ඔයා මගේ මතකය ආයේ ඒ කාලයට ගෙනිච්චා
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.. :(.. තැන්කූ හොදේ..

      ජයවේවා..!!

      Delete
  2. අද ටිකක් වෙලාව මදි වගේ කියවන්න... මම පස්සේ ඇවිත් කියවන්නම්කෝ... කමක් නෑ නේ...

    ReplyDelete
  3. මම නම් ඉස්කෝලේ යන කාලේ විනෝදාංශ වශයෙන් කලේ කාගේ හරි අන්ඩක් කඩන එක තමයි. අපෙන් දත ගලවන්න නම් බැරි උනා කෙල්ලන්ට. මොකද ඉස්කෝලේ ගියාට අපි මහා අංපොල්ලෝ නිසා. කොහොමටත් නඟාලගේ සාවියේ කොල්ලෝ ටිකක් මෝඩයි වගේ. නැත්නම් ඔහොමටම හාවෝ වෙන්නේ නෑ නෙව. ගෙහුං එඤ්ඤං...!!!

    ReplyDelete
    Replies
    1. හි හි.. :) හොහින් එන්නකො...

      Delete
  4. රහීමියා එකේ බිත්තර ඉදිආප්ප කොත්තුවත් මරු... ඉස්කෝලෙදි කොල්ලො එහෙම බයිට් කලේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒකත් කාලා තියෙනවා ඇයි ජෙලි අයිස්ක්‍රීම් එක ඒකත් මරු.. ඇයි නැත්තේ කරන තරමක් කලේ කොල්ලෝ බයිට් කරන එක තමා.. ;)

      Delete
  5. ජිවිතේ සුන්දරම කාලය පාසල් කාලය.ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම සුන්දරම කාලේ පාසල් කාලේ .. තැන්කූ.. ඔයාටත් ජය හොදේ.:)

      Delete
  6. ඉස්කෝලේ කාලේ,ක්ලාස් කාලේ කතා නම් පිස්සුම තමා..

    මේ ඔයාට ෂුවර්ද
    Dashboard එකට ඔයාගේ පෝස්ට් එනවා කියල?? අනේ මට කොහොමද පෝස්ට් 2 ක්ම මිස් උනේ??

    ReplyDelete
    Replies
    1. ඒ තරම් පිස්සු කාලයක් තවත් නෑ..

      ඔව් අක්කා මට එනවා.. කොහොමද එහෙම උනේ..:O

      Delete

    2. හ්ම්ම්ම් අපෝ අපෝ හිතාගන්න පුළුවන් කට්ටියගේ වැඩ ...හි හි
      අසාවෙන් කියෙව්වා ඔක්කොම අමතක වෙලා ගිය තිබ්බ හිතේ බර ...

      Delete
    3. හි හි.. එහෙනම් හිතාගත්තාද අපෙ වැඩ..?

      අයියෝ ඇයි අෆ්ෆා හිතේ බර තියන් ජීවත් වෙන්නේ සතුටින් හිනා වෙලා ඉන්නකෝ.. මේ අපි වගේ ..

      Delete
  7. කියන තරම් ලේසි නැහැ කරන්න ගියාම ළමයෝ ...

    ReplyDelete
    Replies
    1. හ්ම්..ම්.. ඒ කථාවත් ඇත්ත.. සමාවෙන්න ඕනා හිත රිදෙන දෙයක් මම කිව්වා නම්.. මොන දේ උනත් සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙන්න අයියා හිතට ධෛර්ය අරන්.. :)

      Delete
  8. ඔව් මාත් උත්සහෙන් ඉන්නවා , බලමුකෝ පුළුවන් වේවිද කියල...
    දැන් නම් කිසිම දෙයක් ගැන හිතන්නේ නැහැ , එන ඕන දේකට
    එන්න දෙනවා ...

    ReplyDelete