Monday, October 22, 2012

සුරළොව නුඹට හිමිවු වගයි..


හැරයන්න දුකයි
හැර යා යුතුයි
කාලය කෙටියි
නුඹ මට දුරයි...

එක්කල මතක ගොඩායි
සිහිවී කදුළු සලයි
යලි එන්න බැරි බව දනියි
හිත නුඹවම පතයි..

සිහිනෙට නුඹ වඩියි
ඒ සිහිනේ හරි හැඩයි
මා තනි කර නුඹ ඇදෙයි
මා අතරමං වී හඩයි..


ඈත ලොවකට නුඹ ඇදෙයි
නොපෙනෙන සේ මට අත වනයි
ආයේ එන්න බැරි බව මම දනියි
සුරළොව නුඹට හිමිවු වගයි..








සිත්තරාවි ටික කලකට ඔයාලගෙන් ඈත් වෙනවා. ඒ වෙන හේතුවක් නිසා නම් මේ අළුත් ලැබුන රැකියාව නිසා. සමහර විට මාසයක් දෙකක් යනකම් නම් එන්න බැරි වෙයි. මොන දේ කරන්නත් මේ ආගන්තුක රටේ රැකියාවක් කරන් ඉන්න ඕනනේ. ඉදලා හිටලාවත් එන්න ලැබුනොත් එන්නම් ඔයාලගේ බ්ලොග් එක පැත්තේ. එහෙම නාවයි කියලා තරහා නම් වෙන්න එපා. එහෙනම් යාළුවනේ සමුගන්නම් නැවත හමුවන පැතුමින්. ඔයාලා ඔක්කෝටම ජය වේවා.. !!!  sorry my dear loving friend I have to stop writing for a limited time because of my new job. Ah...!!! forgot to tell you Siththaravi got a new job. :).... So hope to see you all as soon as possible. If I got a time I will write some thing for you as before, and I will visit your sites also.. :) So till then good bye my dear friends.. smile ... :D

8 comments:

  1. අලුත් රැකියාවට සුබ පැතුම්!! ජය වේවා!!

    ReplyDelete
  2. .අලුත් රස්සාවට සුභ පැතුම්. යහපත් අනාගතයක්..!!!

    ReplyDelete
  3. ඔන්න මගෙනුත් සුබ පැතුම් !
    අලුත් රැකියාව හොඳින් කරගෙන යන්න...

    ReplyDelete
  4. සියළු සුභ දේ ඔබ වෙනුවෙන් පතමි... ජය !

    ReplyDelete
  5. හ්ම්.. අර උඩ කවි නිර්මාණය නම් ලස්සනයි

    ReplyDelete
  6. ඔයාලා ඔක්කෝටම තැන්කූ හොඳේ..

    ReplyDelete
  7. ඇත්තටම අනේ මෙහෙ ඇවිත් දෙයියනේ කියල ඉන්නකෝ
    බුලත් විටක් හරි විකුණන්.අනිත් එක සල්ලි හොයද්දි සීමාව
    තේරුම් ගන්න බැහැ කොතනද හරියටම නවත්තන්න ඕන
    කියල ..

    ReplyDelete
    Replies
    1. හි:) හි:) ඒ කතාව ඇත්ත ඒත් මම නම් එහෙම පොදිගහගෙන සල්ලි හොයන්නේ නැතෝ.. මගේ වියදම් පියවගන්න විතරයි මම රැකියාවක් කරන්නේ ඒ දේවල් වලටත් දෙමාපියන්ට බරක් වෙන්න බැරි නිසායි ඒකත්..අනික මේ පොඩි මම සල්ලි පස්සේ දුවලා මොනා කරන්නද..?

      Delete