Monday, October 8, 2012

පිනට කෑව රඹුටන්...

කාළෙකට පස්සේ ජපන් ඉන්න මගේ හොදම යාළුවෙක්ව skype එකෙන් සෙට් උනා. ඒ කාලේ ඉස්කෝලෙදි කරපුවා රස කර කර මතක් කරද්දි මීටර් උන එක කතාවක් ලියලා දාන්න හිතුනා.ඔන්න ඒ කාලේදි අපේ සෙට් එකක් උන්නා. ඒ අපි හත් දෙනෙක්. ඉස්කෝලේත් හරි ප්‍රසිද්ධයි ඉතිං අපි හත් දෙනා( නරක වැඩ ටිකකටයි හොද වැඩ ගොඩකටයි.. )


ඉස්කෝලේ ඉවර උනාම අපි හත් දෙනාටත් රෑ දෙගොඩ යාමේ වෙනකම් ලෝකේ වටේම පංති. හැබැයි කොච්චර විසේ තිබුනත් ඉගෙන ගන්න එක නම් අපි හත්දෙනා උපරිමයෙන්ම කලා.ඒකේ ප්‍රථිපලත් තියෙනවා හොදේ.. පංති යන්නේත් හත් දෙනාම එකටනේ පාර බදු අරන් වගේ අපි යන්නේ බසුත් නිකන් අපේ අම්මා අප්පාගේ වගේ.. නටන්න පුළුවන් උපරිම පිස්සුව නම් ඒ කාලේ නැටුවා. ඉතිං ඔහොම දවසක් අපි පංති යන්න ඉස්කෝලේ ඉවර වෙලා මීගමුවේ ස්ටෑන්ඩ් එකට යනවා. ඔහොම යද්දි ඔන්න අපිට ටිකක් ඉස්සරහින් යනවා ලස්සන handsome boysලා දෙන්නෙක්. අපිත් ඉතිං ලස්සන pretty girlsලානේ. ඉතිං අපිත් බැල්ම දාගෙන follow කලා උන් දෙන්නව.ඒ ඉතින් උන් දෙන්නට තියෙන ඇල්මකට නෙවෙයි. ඒ අහිංසකයින්ගේ අතේ තිබුන ලොකු රඹුටන් මළු දෙකට කෙළ හලා ගෙනයි. උන් දෙන්නත් කෙල්ලොම හත් දෙනෙක්නේ හරි පැණිය. 
http://upload.wikimedia.org/wikipedia/commons/6/62/Rambutan_Nephelium_lappaceum_Whaldener_Endo.jpg

''අපෝ අයියේ මෙහෙම කෙල්ලෝ කට්ටියක්ම ඉද්දි ඔය රඹුටන් මළු තනියම කන්න අරන් යන එක හොදද..?'' 

අපේ එකෙක් එහෙම කියද්දි නම් උන් දෙන්නට තේරුනා අපි ටික එන පොට ඒ දෙන්නත් අත අරින්නෙම නෑ රඹුටන් පෙරේතයෝ දෙන්නෙක් වගේ මළු දෙක බදාගෙනම උන්නා. අපි අතරේ උන්න මගේ එක යාළුවෙක් දැන් මේ කොල්ලෝ දෙන්නව ලස්සනටම බයිට් කරලා ඉවරයි.කථාවෙන් කථාව ස්ටෑන්ඩ් එකටම ආව, රඹුටන් වලට තිබුන අපේ පෙරේතකම දැනිලද,එහෙමත් නැති නම් කොල්ලෝ දෙන්නාගේ ලැජ්ජාව වහගන්නද මංදා අන්තීමට අර ලොකු රඹුටන් මළු දෙක අපිට තෑගි කරලා ගියා නොවෑ... අම්මේ අපිට නම් රජ මගුල්. මොනවා උනත් හරි හොදට හැදුන කොල්ලෝ දෙන්නෙක් කියලා හිතලා අම්මා අප්පාලාටත් උන් දෙන්නගේ පිං දීලම අපි ඒක සාමකාමීව බෙදාගෙන කෑවා නොවෑ. ඒක කෑවා වගේ නොවේ එකේ අතුරු ප්‍රථිපලත් වින්දා..

                          මොන දේ කලත් ගෙදර ගිහිං අම්මත් එක්ක ඔක්කොම කියන පුරුද්ද නම් මට ඒ කාලේ ඉදන්ම තිබුන එකක්. මුළු ස්ටෝරියම අහන් උන්න අම්මගෙන් කාපු රඹුටන් වමාරන්නම බැනුමක් අහුවා.ඒක නම් අහලා අහලා පුරුද්දට ඉබේටම දිරෙව්වා... ඒත් රඹුටන් වල සැර පිට කලේ දොස්තර අංකල්වත් මුන ගැහිලාම තමා.

14 comments:

  1. බලන්ඩකෝ ඉතින් කරලා තියෙන හපන්කම... හොඳ වැඩේ කරන වැඩ වලට...
    -----------------------------------------------------------
    අදද කොහේදෝ මුලින්ම මේ පැ‍ත්තේ ආවේ... බ්ලොග් එක නම් සුපිරියි... ජය වේවා ඔබට...

    ReplyDelete
    Replies
    1. :(........
      තැන්කූ හොදේ.. ඔයාටත් ජය..:)

      Delete
  2. හි හි හි :)

    ReplyDelete
  3. අඬ අඬ පස්සෙන් එන නිසා හෙලෝ දුන්නේ. පව් කියලා හිතලා. ඕක තමයි කෙල්ලන්ගේ හැටි දැන් කියන්නේ අපි පැණියෝ උනා කියලා. අනේ අනේ..!!!

    ReplyDelete
  4. නංගිලාට අපි වගේ කොල්ලො ඒකාලෙ හම්බ වෙලා නැති හැඩයි... මීගමුවෙ
    උන් කෙසේ වෙතත් ගම්පහ කොල්ලො නම් ඔය විදියට පස්සෙන් එන කෙල්ලන්ව සත පහකට ගනන් ගත්තෙ නෑ... පවු අහිංසකයො දෙන්නා... කාගෙ හරි දරුවොනෙ...

    ReplyDelete
    Replies
    1. පස්සෙන් ගියේ රඹුටන් වලට තිබුන ආදරේටනේ අනේ...ඒක නම් ඇත්ත පවු අහිංසකයො දෙන්නා... කාගෙ හරි දරුවොනෙ..:D

      Delete
  5. :D ම්ම්ම්ම් වසන්තයක්ම උදා වෙවා!!!!!

    ReplyDelete
  6. හෑ ඔයාලත් ඉතින් දෙකම ගත්තද ?

    ReplyDelete