Saturday, November 3, 2012

在中國商店工作... Working At Chinese Shop..

你好你怎麼樣......?පෝස්ට් එක පටන් ගද්දිම තිබුන අකුරු ටික දැකලා බය උනාද..? හි:) හි:) බය වෙන්න කාරි නෑ.. මේ දවස් වල සිත්තරාවි වැඩ කරන්නේ මෙහේ තියෙන චීන කඩයකනේ.. ඈ.. ඉතාලියෙත් චීන කඩ තියෙනවාද..? තියෙනවා නේන්නම්.. මම නම් හිතන්නේ චීනෙවත් නැතිව ඇති මෙහේ තරම් චීන කඩ. 

හරී ආසාවෙන් කරන රස්සාවක් මේක නම්. ඇයි ඉතින් මෙළෝ දෙයක් කරන්න නැහැනේ කඩේ වටේ රවුම් ගහන් එක තමා කරන්නේ. හැබැයි.. මේ ඔක්කෝටම වඩා පිස්සු හැදෙන්නේ මේ කට්ටියට ඉතාලි භාෂාව බැහැ. ලස්සන තරුණ චීන කොල්ලෙක් ඉන්නවා මේ කොල්ලට විතරයි භාෂාව පුලුළුවන්.මෙයාගේ අම්මටයි තාත්තටයි දෙයක් කියන්න ඕන නම් රඟපාලා පෙන්නන්න වෙනවා. කඩේට එන කට්ටියත් වෙලාවකට පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා. මේක කඩයක් කිව්වාට පොඩි සුප(ර්) මා(ර්)කට් එකක්. ඉතින් සමහරක් දේවල් පේන්න නැති උනාම මගෙන් අහනවා. මමත් ඉතින් අළුත්නේ තාම ඒ ඒ දේවල් තියෙන තැන් දන්නේ නෑ. එයාලාගෙන් ඇහුවාහම චීන භාෂාවෙන් මට උත්තර දෙනවා. අනේ.... අෆ්ෆෝ.. ඒ වෙලාවට හිතෙනවා ඇයි මමත් මෝඩි වගේ ගිහින් මෙයාලාගෙන්ම ඇහුවේ කියලා.චාං චූං ගගා මොනවාදෝ කියවනවා ඉතින් ඒ වෙලාවට. පැය 8ක් කඩේ වැඩ කරනවා. ඒ උනාට වචනයක් මම නම් කථා කරන්නේ නෑ මේ කට්ටියත් එක්ක.මොකො ඉතින් මට කියලා චීන කථා කරන්න පුළුවන්යෑ. මූන දිහා බල බල හිනා වෙන එක තමා කරන්නේ මුළු පැය අටටම.

 ඔන්න ඉතිං ගිය මුල්ම දවසේ මම එන්න ටිකකට කලින් මෙයාලා රොටී වගේ කෑමක් හදන් අරන් ආවා කඩේට. දැන් ඉතින් මටත් එකක් දුන්නා. මට එපාමයි කියලා සියවතාවක් විතර මම කියන්න ඇති. ඒ ඉතින් එහෙම කිව්වේ වෙන හේතුවකට නෙමේ අපේ අයියාලා අක්කලා මට කියලා තිබුනේ මෙයාලා හැම සතෙක්ගේම මස් කනවායි කියලා. අෆ්ෆෝ.... මම ඉතින් හැමදේම හලලා, පෙරලා, තෝරලා, බේරලනේ කන්නේ දැන් මට තිබුන ලොකුම බය මේ රොටිය ඇතුලේ තිබුන මස් එක මොනවද කියන එකයි. කොහෙද ඉතින් ප්‍රශ්නයක් තිබුනයි කියලා අහන්නයෑ.. මම කියන එක තේරෙනවායෑ.. කන්දෝ.. නොකන්දො කියලා මම දැන් ලතවෙනවා. විසික් කරන්නත් බෑ. එයාලාත් මං ලඟ අනික කැමරාත් තියෙනවා. මොනවා කරන්නද කෑවා. හැපුවට හැපෙන්නේත් නෑ.. උගුරෙන් පහලට ගිල ගත්තේ බොහොම අමාරුවෙන්.අම්මේ.... ඒ වෙලේම හිතා ගත්තා ආයේ නම් මොන දේ දුන්නත් කන්නෙ නම් නෑ කියලා.හැබැයි ඉතින් ඒකේ මොන මස් තිබුනද කියන්න මම නම් අදටත් දන්නේ නෑ. මෙතනට එන ආච්චිලාගෙන් තමා ලොකුම වදේ තියෙන්නේ. ඇයි ඉතින් කොයි වෙලෙත් නහයෙන් අඬාගෙනනේ ඉන්නේ. හොඳක් උනත් එහෙමයි නරකක් උනත් එහෙමයි. මමත් ඉතින් චුට්ටක් බට(ර්) පාර දීලා දානවා මේ ආච්චීලාට අපෝ.. ඒ වෙලාවට මගේ මූණ ඉවරයි මේ නාකි ආච්චිලා ඉඹලයි අතගාලායි..ගෑණු ළමයිට වඩා ආච්චිලානේ අප්පා ස්ටයිල් කරන්නේ කඩේට අවහම පාට පාට,මල් තියෙන ඒවා කියයි සමහරුනට සමනල්ලු ඉන්න ඒවා ඕනා කියයි විකාර කෝටියයි.මම මේ කල්පනා කරන්නේ ඉතාලි මිනිස්සුන්ට වඩා චීන මිනිස්සු හම්බකරනවා හොඳට. මේ කඩේට එන අය දිහා බැලුවහම ඒක පේනවා. හැබැයි ඉතින් කිසිම කල් පැවැත්මක් නැති භාණ්ඩ වගයක් තියෙන්නේ. හයියෙන් සුළඟක් හැමුවොත් කැඩෙයි කියලා බයේ බෑ. හ්ම්... ඒක ඉතින් ඒවා ගන්න අය දැන ගන්න ඕනානේ ලෝභ කමට අඩු ගනන් හොයන්නේ නැතිව දිගු කාල් පැවැත්මක් තියෙන දෙයක් ගන්න.

කවදාවත් නොකරපු අළුත් රස්සාවක්. අත්දැකීම නම් ගොඩාක් ගන්න පුළුවන් වෙයි තව ඉස්සරහට.ඒ වගේම තව අළුත් භාෂාවක්. බලමුකෝ..කලින් නරක රස්සාවක් හම්බ උන වෙලේ ගොඩාක් කට්ටිය සුබ පැතුවනේ ඉක්මනට හොඳ රස්සාවක් මට ලැබෙන්න කියලා ඔන්න මට හොඳ රස්සාවක් හම්බ උනා. ඒ ඔක්කෝටම බොහොම ස්තූතියි...සිත්තරාවි දැන් හොඳ රස්සාවක් කරනවෝ..


33 comments:

  1. Best Wishes for your new job akki !!

    ReplyDelete
    Replies
    1. Oh akki...I'm not a malli :P

      Delete
    2. It's OK. You are just only one person among around twenty bloggers who called me "malli" .

      :D

      Delete
    3. :P
      ඔය අහගෙන තියෙන්නේ ආයිත් !!

      Delete
    4. he he really.. I'm really sorry nanga.. I thought that you are a boy that's why I called you so. but.. I think you never forget me coz I'm the only one who called you as "malli"... :D

      Delete
  2. අළුත් රස්සාව හොදින් කරන්න... ඔබට සුභ පැතුම් !

    ReplyDelete
  3. ඉතින් සුභ පැතුම් සිත්තරාවි අලුත් ජොබ් එකට.
    මම වැඩ කරන්නෙත් නුවර tourism company එකකනේ. මමත් මේ දවස් වල අලුතෙන්ම ඉගෙන ගන්න මහන්සි වෙන්නේ චීන තමයි.. ඔක්කොටම හපන් මට නම් චීන්නුන්ගේ ගඳ තමයි ඉවසන්නම බැරි. එයාලගේ fashions වලට නම් ආසයි..

    ReplyDelete
    Replies
    1. මෙයාලා නම් පිරිසිඳුයි.. එහෙම කියන්න තරම් නම් මෙයලාගෙන් ගඳක් නෑ.. ඒ උනාට මම නම් බය මෙයාලාගෙ කෑම කන්න තමා. හ්ම්.. මමත් නම් ආසායි මෙයාලාගේ fashion වලට

      Delete
    2. ම්ම්ම්හ් ..... නෑ අනේ, චීන්නුන්ට ලංකාවේ දේශගුණේ අල්ලන්නේ නෑ... ඒ නිසා මෙහෙට ආවම එයාලා මාරම ගඳයි. ජපන්නුත් ඒ වගේ...

      Delete
    3. අහ්... එහෙමද.. ??:O ඒක නම් මම දන්නේ නැහැනේ..

      Delete
  4. අලුත් රස්සාවට මගෙන් සුභ පැතුම්. චෛයිනීස් නූඩ්ල්ස් නම් මරු .හැබැයි ගැරඬි හොදි දාපුවා නම් බුදු අම්මෝ එපා. මම කිවේ ලංකාවේ චෛනීස්

    ReplyDelete
    Replies
    1. අපෝ.. මම නම් වැඩියේ ඒ කෑම වලට කැමති නෑ.. ඊයා... ලංකාවේ chinese වල ගැරඬි හොදි තියෙනවාද..? :/ ඒ පැත්තේ නොයන තරමට හොඳා වගේ මට නම්..

      Delete
  5. අලුත් රස්සාවට මගෙනුත් සුභපැතුම්. අර ඉස්සරින් එකට වැඩ හොඳයි මයේ හිතේ

    ReplyDelete
    Replies
    1. තැන්කූ කෝරලේ මහත්තයෝ.. දැනට නම් හොඳා.. ;)

      Delete
  6. අලුත් රැකියාවට සුබපැතුම්!

    ReplyDelete
  7. හිත සතුටෙන් නම් එච්චරයි මගෙනුත් සුභ පැතුම් සහෝදරි.

    ReplyDelete
  8. සතුටුයි ගොඩක්..ජයම වේවා අක්කියා! :) හොඳට වැඩටික කරගන්න..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ.. ඔයාටත් ජය වේවා..!!

      Delete
  9. ඔය රස්සාව ගෑණු ළමයෙට්ට ගැලපෙන පාඩුවේ කරගන ඉන්න පුළුවන් රස්සාවක් කියලා හිතෙනවා

    ReplyDelete
  10. දෙවියනේ රොටී ජාතියක් ද හරි තදට හදපු ?
    ඉවරයි . ඔයා ඒක කෑවද?

    ReplyDelete
    Replies
    1. හෑ.. ඔයා කොහොමද දන්නේ ඒ රොටි ගැන ? කෑවා නේන්නම්.

      Delete
  11. හයියෝ දෙන්න හිතෙනවා දෙකක් දග මල්ලට ...

    ReplyDelete