Saturday, August 4, 2012

අම්මාගේ උපන්දිනයට දෝනිගේ ඉල්ලීම....

2012/08/07 අද ඔයාගේ උපන්දිනය අම්මා.. සුදු අම්මිට සුබ උපන්දිනක්.. !    


                                                                                                                                      අම්මිගේ ලොකු දෝණිගෙන්.. තේරෙන වයසේ ඉදන් අම්මගේ උපන්දිනයට ලොකු දෝණිගෙන් අම්මට තෑග්ගක් අනිවාර්යෙන්ම ලැබුනා... ඒත්.... අවුරුදු තුනක විතර කාලයේ ඉදන් ඒහෙම තෑගි දෙන්න ලොකු දෝණි ලග නැහැනේද අම්මේ?.. අඩු තරමේ උම්මා එකක් දීලා සුබ පතන්නවත් වාසනාව නැ... මට එහෙම කලේ ඔයාලමයි අම්මේ.. ලංකාවේ ඉන්න ඔයාල හිතන් ඉන්න විදියට ඉතාලිය කියන සුරපුරයේ අපි අපා දුක විදිනවා..  මිහිපිට දකින එකම අපාය මෙකයි අම්මේ.. අවුරුදු තුනකින් අම්මව දැක්කෙ නැ මම:(... මේ අවුරුද්දේ අම්මගේ උපන්දිනයට මම අම්මාගේන් තැග්ගක් ඉල්ලනවා, අම්මාට පුලුවන්ද ලොකු දෝණිට ඒකදෙන්න... 


තාත්තා ඉතාලි එන්න කලින් තිබුන වගේ අපේ පවුල අපි ආයේ එකතු කරමු අම්මා..  ඒක කරන්න පුලුවන් අම්මටම තමා අම්මා.. අම්මා ඒක තැනක තාත්තා එක තැනක අපි තව තැනක.. අපිටත් හැමදාම මෙහෙම ඉන්න බැ අම්මා... ඔයාලාගේ දරුවෝ දැන් ලොකුයි.. සමජයට බහින්න අපි බයයි..මිනිස්සු අහන දේවල් වලට උත්තර දෙන්න අපි බයයි...  සල්ලි නෙමේ අම්මා ජිවිතේ.. පවුල්, බැදීම්, ආදරය,,,, මේ දේවලුයි ජිවිතය.. අපිට කොච්චර සල්ලි තිබුනත් අද අපි ඔක්කොම එක වහලක් යට ඉන්න හිස් මිනිස්සු ගොඩක් වෙලා නේද අම්මා...? මගේ යාලුවෝ එයාලගේ අම්මලා තාත්තලා ගැන කතා කරද්දි මම හැමදාම කටවහන් උන්නා.. තවත් එහෙම නම් ඉන්න බැ අම්මා.... ඔයාලගේ ප්‍රශ්න වලින් තැලෙන්නෙ පොඩි වෙන්නේ ඔයාලගෙම දරුවොයි කියලා අමතක උනාද..?                                                                                                

අද මේ ඉල්ලිම ඉල්ලුවේ එදා උන්න අම්මගේ පුංචි දෝණි නෙමේ... හෙට දිගෙක යන්න ලැස්තිවෙන අම්මගේ ලොකු  දෝණියි... 

 ඒත් අම්මා මේ දේ දුන්නේ නැහැයි කියලා අම්මා එක්ක කවදාවත් මම තරහා නෑ අම්මා.. මගේ අම්මට සුබ උපන්දිනයක් ....සියලු දෙවි පිහිටයි අම්මා ඔයාට..

3 comments:

  1. බලාපොරොත්තු ඉටුවේවා!
    දිගටම ලියන්න...

    ~SA~

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම.. බොහෝම ස්තූතියි

      Delete
  2. හරිම සන්වේදියි !

    ReplyDelete