Wednesday, August 15, 2012

අරලිගේ ලොකේ පාලුයි දැන් ....(අවසාන කොටස...)

උදැසන කාලච්ජෙදයේ වැඩ අවසන් ඌවත් හිතේ කිසි නිදහසක් නොවිය.. ඔලුව පුපුරන්නට මෙන් රිදුම් දෙන්නට විය තව සුලු මොහොතින් ඔහු ඇය හා විවහා වනු ඇත... තවත් පාසලේ ඉන්නට බැරිම තැන ශෝට් ලිව් එකක් දමා නිවෙස් කරා ආවේ හිතට නිවනක් නැතුව වැඩ කරන්නට අමාරු නිසාය.. ඒ එන විට සියල්ල සිදුවි හමාරය.. කරුමයක මහත මගේ ඇස් දෙක මෙච්චරටම පව් කර තිබුනිද..?? මගේ ඇස් ඉදිරිපිටම අලුත බැදපු මනමාල ජොඩුවකි.. ඔව් ඒ ඔහුය ඒ අනුහස් මගේ අනුහස්ය.. අද වෙන කෙනෙක්ගේ අත ගෙන මං ඉස්සරහම ඉදී..

                 "අනු.. මම වෙන කෙනෙක්ව බැන්දොත් ඔයා මොකද කරන්නෙ..?"

                " මරනව උඹව මම වෙන එකෙක් දිහා හැරිලවත් බැලුවොත්..."

                             දරාගත නොහැකි ආදරයත් කොපයත් කැටි කොට එදා ඔහු මට එසේ පැවසීය.. ඒත් අද ඔහු...  තවත් මෙතන ඉන්නට බැරි තැන මම පය ඉක්මන් කලෙමි.. නිවසට ගොඩවැදුන මම අම්මා බදාගෙන විලාප දුන්නෙමි....ඇය කර කියා ගන්න දෙයක් නැතුව උන්නාය....

                              කාළය ගෙවි ගියේය.. ඒත් අරලිගේ හිතේ අනුහස් තාම ජීවත් වෙයි... ඒ අතිතය දැන් මට වදයකි... එය යලි යලි මා රිදවයි,පාරවයි.. හැමදෙයක්ම අමතක කරන්න හිත හදා ගන්න මට ලෙංගතු උන එකම තැන ගමේ පන්සලයි.. බාවනවෙන් හිත පුදුම විදියට සංසුන් උනි..මෙහෙනියක් වෙන්න හිතත් ගතත් දැන් සුදුසුය.. දැන් එය මගේ එකම ආශාවයි.. අකමැත්තෙන් උවත් අම්මාව කැමති කරගත්තෙමි.. මා මේ ලොව ගිහියෙක් සැටියට ඉන්නතාක් කල් අනුහස් මේ හිතේ ජීවත් වෙයි... ඒ අතිතය වල දමන්න  හිත සුවපත් කරන්න මා මෙහෙනියක් වුයෙමි...


 ප.ලි. :-         තෙවසරක් ගත උනේය... මේ සරල සැහැල්ලු ජිවිතය දැන් මාව අලුත්න්ම ජීවත් කරයි.. මා බොහෝ සේ පැවදි ජිවිතයට ආදරය කලෙමි.. දිනක් හදිසියේ එක් මහතෙක් මා අසල විය.. වැඩි වේලා නොගෙන මා ඔහු හැදින්නෙමි ඔහුද මා හැදින ගත්තේය.. එ ඒ වෙන කවුරුවත් නොව අවුරුදු කිහිපයකට පෙර මා ආලය නැමැති මුලාවට හසු කල අනුහස් සුරියාඅරච්චිය.. ඔහු සමාවයැද්දේය.. තවත් බොහෝ දේ කියන්නට විය.. ඒත් මට නෑසුනේය.. හිත ආලයෙන් නොව කරුණාවෙන්, මුදිතාවෙන් පිරි හමාරය.. කිසිවෙක් ගැන තරහක් නොවිය.. මෙහෙනියක් ලෙස බුද්ද සාශනයට අගෞරව නොකර "තෙරුවන් සරනයි" කියා මම මළුව දෙසට පා නැග්ගෙමි...

9 comments:

  1. හ්ම්ම්.. හොඳයි..වෙනස්ම කතා රාමුවක්.. ඔයාට හොඳට ලියන්න පුළුවන් යාළු..
    දිගටම ලියන්න.. ජය වේවා.. !!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි..

      Delete
    2. ඔන්න මම ඔයාගේ බ්ලොග් එකේ ලින්ක් එක බුකියේ ගොඩාක් ගෲප්ස් වල ශෙයාර් කලා..කට්ටිය එන එක වැඩි වෙයි දැන්.. ජය වේවා!!

      Delete
    3. thanx හොදේ ඔයාට... ඔයාටත් ජයෙන් ජය..!!!

      Delete
  2. අමුතු විදියේ තේමාවක්...ලස්සනයි යාලු...දිගටම ලියන්න...හොදට ලියනවා...අපි පුළුවන් වෙලවට කිවන්න එනවා...ජයෙන් ජය..!!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම.. දිගටම එන්න ගොඩාක් ස්තුතියි....

      Delete
  3. ලස්සන කතාවක් ,ඇයි කලින්ම ඉවරකලේ ?

    ReplyDelete
    Replies
    1. thanx යාළු මෙගා කරන්න හොද නැහැනේ.. short & sweet...:)

      Delete
  4. කියවපු ලස්සනම කතාවක්.. ජය!

    ReplyDelete