Monday, December 16, 2013

ඕං ආයේ මම ආවෝ..

බ්ලොග් එක පැත්තේ නෑවිත් ලබන මාසෙට හරියටම අවුරුද්දයිලු. හත්වලමේ මෙච්චර කල් කොහෙද අනේ හැංගිලා උන්නේ.. ? නෑ නෑ අනේ හැංගිලා උන්නේ නෑ පොඩි පොඩි වැඩ වගයක් තිබුනා එකයි බ්ලොග් එක අමතක වෙලා තිබුනේ. දැන් ඉතිං ඒවා මේවා වැඩක් නැහැනේ ඕං සිත්තරාවි ආයේ ආවා... ආයේ නම් මොන දේ උනත් ලියන  එක නම් නවත්වන්නේ නෑමයි .. සමහර අයට නම් දැන් මාව මතකත් නැතිව ඇති නේද..? :( මොනා කොලන්නද ආයේ මතකය අළුත් කරලා ගම්මුකෝ අළුත් සිත්තම් වලින්.. ;)  


ලියන්න දේවල් නම් ගොඩාක් තියෙනවා.. හිමිහිට ලියන්නම්කෝ.. හැංගිලා උන්න කාලේ ඔන්න සිත්තරාවි ලංකාවටත් ආවා අවුරුදු 3කට පස්සේ ;) ඒ ඔක්කොම විස්තර අරන් ආයේ අළුත් පෝස්ටුවක් අරන් එනකම් ටටා හොඳේ.. ;) : 


11 comments:

  1. මන් විතරයි පොඩ්ඩක් හරි හොයලා බැලුවේ.... කමක් නැහැ ආයේ ලියන්නකෝ ඉතින් ..........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හොයලා බැලුවට

      Delete
  2. කෝ... මොනවද එනකොට අපිට ගෙනාවේ ?

    ReplyDelete
    Replies
    1. ගෙනාපුවා ඉවර උනේ කොහොමද කියලා මමවත් දන්නේ නෑ අෆ්ෆා.. ඊලඟ සැරේ ගෙනත් දෙන්නම් ..

      Delete
  3. කෝ ඉතින් මොකවත් ලියලා නැනේ

    ReplyDelete
    Replies
    1. ඔයාගේ බ්ලොග් රෝලෙත් තියනවා නෙද ඔයා වගේම ලියන්ඩ කම්මැලි සෙට් එකකගේම බ්ලොග් සෙට් එකක්ම, ආයේ කවදහරි ලියයිකියලා රෝල් වලට දාගන අපි බලාගන ඉන්න හන්දා හොදා

      Delete
    2. ලියනවා ලියනවා ඉන්නකෝ ටිකක්... ආවා විතරනේ තාම ;)

      Delete
  4. හපෝ යාන්තන් ඇති.... ඉක්මනට ලිවුවනම්....

    ReplyDelete
  5. තාම ඉතාලියේද වාසෙ.....

    ReplyDelete
  6. වෙල්කම් බැක් සිත්තරාවි!

    ReplyDelete