Friday, November 23, 2012

ලෝදියට යට උන පොම්පේ නගරය


ලතින් බසින් හඳුන්වන ආකාරයට පොම්පේ යනු දෙවන පිරිහීමයි. Thoedor Kraus ,අනුව පොම්පේ කියන වචනයේ මූලය ප්‍රකාශයට පැමිනෙන්නේ oscan භාෂාවට අනුව පහ යන ඉලක්කමේ වචනයයි. 

පොම්පේ නගරය රෝමයටත් නාපෝලියටත් නුදුරින් පිහිටි කම්පානියා(campania) ප්‍රදේශයේ වැලලී ගිය කොටසකි.වෙසුවියස් ගිනි කන්ද(Mount Vesuvius) වේගයෙන් පිපිරී යාම නිසා පොම්පේ නගරයේ මීටර 4ත් 6ත්(13-20අඩි) අතර ප්‍රමාණයක් ගිනිකඳු අළු වලින් වැළලී ගොස්, විනාශ වී තිබී ඇත.ඒ ක්‍රිස්තුවර්ශ 79 දි අගෝස්තු මසක 24 වන දිනකදීය. පොම්පේ නගරය වසර 1700කට අධික කාලයක් නැතිවී තිබියදි 1748 පටන් ගත් කැනීම් වලින් එය යලි සොයා ගන්නා ලදී. එතැන් පටන් එහි කැනීම් මෙම නගරය පිළිබඳව අති විශේශ තොරතුරු සපයා දී තිබේ.


භූගෝල විද්‍යාවට අනුව ගරා වැටුන පොම්පේ නගරය පිහිටා ඇත්තේ ඛණ්ඩාංක 40° 45°N 14°29'10°E. පොම්පේ නගරය වෙසුවියස් ගිනිකන්දට කිලෝ මීටර 8ක් නුදුරින් පිහිටා ඇත. එය කම්පානියා නම් කලාපයේ අක්කර 163ක විශාල භූමි ප්‍රමාණයක් ආවරණය කරයි. 

ක්‍රිස්තුවර්ශ පළවන සියවස වන විට  වෙසුවියස් කන්ද අසළ පිහිටි තවත් එක් විශාල නගරයක් විය පොම්පේ නගරය. මෙම කළාපයේ කෘෂිකාර්මික කටයුතු වලින් සැළකිය යුතු ජනගහනයක් ජීවත් විය. අවාසනාවකට මෙන් ක්‍රිස්තුවර්ශ 79දී වු පිපිරීමට මේ හැමෝටම පාහේ මුහුණ දීමාට් සිදු විය. මෙම ලෝදිය ගඟ කිලෝමීටර 10ක් දක්වා පැතිරීම නිසා නිවෙස් වල ආරක්ශාකාරීව උන් මිනිසුන්ට පවා මේ ඉරණමට මුහුණ දීමට සිදුවූ බව සොයා ගෙන ඇත. 2010 වසරේදි කරන ලද පරීක්ෂණ වලින් ඔප්පු වී තිබෙන්නේ අවම 259°C යටතේ පිපිරීමකට ලක් වු හෙයින් ඔවුන් මෙයට මුහුණ දීමට සිදුවූ බවයි.





ඉහතින් දැක්වෙන්නේ ගිනි ජාලාවට යටවුනු මිනිසුන්ය.




පුපුරා යන වෙසුවියස් ගිනි කන්ද.


ලෝදියට ගල් වු සුනඛයෙක්




පොම්පේ නගරය.

මේ අතර පොම්පේ නගරය වසර 250කට අධික කාලයේ පටන් ඉතාලියට පැමිණෙන විදේශිකයන් අතර ජනප්‍රිය වු ප්‍රදේශයෙකි. වසරකට මිලියන2.6ක විදේශිකයන් මෙය නැරඹීමට පැමිනේ. මෙය ඉතාලියේ දැනට පවතින අති විශාලතම සංචාරක කලාපය ලෙස නම් කෙරේ. මෙහි විශාල කොටසක් වන Vesuvius National Park 1977දි UNESCO සංවිධානය විසින් World Heritage Siteඑකක් ලෙස ප්‍රකාශ කරන ලදි.

තොරතුරු සොයා ගත්තේ විකිපිඩීයා විශ්වකෝශයෙනි

32 comments:

  1. අම්මෝ.. දැක්කත් බය හිතෙනවා.. මේ .. ලෝක විනාශේ වුනොත් .. ඔයිට අන්තයිනේ

    ReplyDelete
    Replies
    1. හි:) හි:) බයවෙන්න එපා අනේ.. අයියෝ ලෝක විනාශ වෙන්නේ නෑ අනේ..

      Delete
  2. මට මතකයි අපේ ඉතිහාස පොතෙත් ඕවගෙන් ටිකක් විතර ඩඉගැන්නුවා. කලුසුදු පින්තූර තියෙන කාලෙනෙ මං ස්කෝලෙ ගියේ. බොහොම වටිනා ලිපියක්....
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. ඈ.. මට මතක නැහැනේ අපේ පොත්වල තිබුනා කියලා.. මම හිතන්නේ තිබුනේ නෑ.. කොහොම උනත් අයියාට ඒ ගැන දැනුමක් තියෙනවානේ.. එළ.. (Y)

      බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට.. දිගටම එන්නකෝ.

      ඔයාටත්නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

      Delete
  3. ඉස්සර අපිට සිංහල පොතේද කොහෙදත් තිබුනා ​පාඩමක්....

    ReplyDelete
    Replies
    1. හෑ.. එහෙමද..? අපේ පොත්වල තිබුනේ නැහැනේ..:(.. අහ්..!! එහෙනම් අයියා තව ගොඩාක් විස්තර දන්නවා ඇතිනේ.

      බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට.. දිගටම එන්නකෝ.

      Delete
  4. මං පොම්පේ ගැන මීට කලින් කියවලා තිබුනා.ආයෙත් ඒ ගැන මතක් වුනා මේ පෝස්ට් එක දකිද්දී.හොද පොස්ටුවක්! එළ.

    අහ්! තවත් එකක් මතක් වුනා.ලංකාවේ ට්වි වල ගිය සිමෙන්ති ඇඩ් එක. ඒ සිමෙන්ති පාවිච්චි කරානම් ඉවරයිනේ ඒ කාලේ. ;)

    ReplyDelete
    Replies
    1. අයියාගේ මතකය අළුත් වුන එකට සතුටුයි...:)

      ඒකනේ අෆ්ෆා අපරදේ ඒ මිනිස්සු දැනන් ඉඳලා නැතිව ඇති අපේ ලංකාවේ සිමෙන්ති ගැන.. හි:) හි:)

      බොහොම ස්තූතියි හොඳේ:)

      Delete
  5. ගැජට් රාලහාමි එකෙත් දවසක් ඕක පෙන්නුවා

    ReplyDelete
    Replies
    1. අහ්...!! එහෙමද..? මම නම් දැක්කේ නැතෝ... ඒකෙන් තව විස්තර ටිකක් ඔයාගේ දැනුමට එකතු වෙන්න ඇතිනේ.. ඒකට නම් සතුටුයි... බොහොම ස්තූතියි ආවට මේ පැත්තේ..:)

      Delete
  6. කලින් කියවලා තිබුන විස්තරයක් ආයෙම කියවන්න ලැබුනා... මම අහලා තියෙනවා පොම්පෙයි නගරයේ ඉඳලා තියෙන්නෙ ධණවත්ම මිනිස්සු කියලා..

    ReplyDelete
    Replies
    1. මතකය අළුත් වෙලා දැනුමට දෙයක් එකතු කරන්න පුළුවන් උන එකට සතුටු වෙනවා අක්කේ.. ධනවත් මිනිස්සු ඉන්නවායි කියපු කථාව ගැන නම් මම හරියටම දන්නේ නෑ අක්කා... බොහොම ස්තූතියි ඔයාටත්.. :)

      Delete
    2. හරියට හරි ලිහිණි අක්කේ

      Delete
  7. හ්ම් මම නම් අදමයි දැක්කේ.බයත් හිතෙනවා.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අයියෝ... බය වෙන්න එපා අක්කා..

      Delete
  8. මමත් කාලයක් පිස්සුවෙන් වගේ ඔය පොම්පේ නගරය ඉන්ක ශිෂ්ඨාචාරය ගැන හොයා හොයා කියෙව්වා දැනටත් උනන්දුව අඩුවෙලානම් නැහැ වැඩ අධික කම මිසක්. මම අහල තියෙන විදියටනම් මොවුන් මැරිලා තියෙන්නේ ලාවා වලට යටවෙලා නෙවෙයි. සල්ෆර් වායුව හේතුවෙනුයි. එකයි දුවගන්නවත් වෙලාවක් එයාලට ලැබිල නැත්තේ.පොලවේ ඇතිවු පිපුරුම් වලින් තමයි සල්ෆර් වායුව එලියට ඇවිත් තියෙන්නේ හරිම දුක්බර කතාවක් තමයි පොම්පේ නගරය පිටුපස තියෙන්නේ. බොහොම ස්තූතියි මගේ මතකය නැවත අවදි කලාට.

    ReplyDelete
    Replies
    1. මම නම් සල්ෆාර් වායුව ගැන නම් දන්නේ නෑ කෝරලේ මහත්තයෝ.. මම තොරතුරු ගත්තේ විකිපිඩියා එකෙන් සමහරවිට කොතනදි හරි එය පරිවර්තනය කරද්දි මගේ වැරදීමක් වෙලා ඇති එහෙනම්. ඒකට මාගේ බලවත් කණගාටුව එක සිතින් ප්‍රකාශ කරනවා. ඔයාටත් බොහොම ස්තූතියි නොදන්න දෙයක් කියලා දුන්නාට..

      Delete
    2. මෙහෙම හෝ දෙයක් කරනවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද? වැරදීමක් කොහෙවත් මේ පොස්ට් එකේ නැහැ තියෙන්නේ සුළු මගහැරීමක් පමණයි. මා එය එකතුකිරීමක් පමණයි කලේ. :)

      Delete
  9. කව්දාවත් අහලා නොතිබුනු විස්තරයක්...ස්තුති නංගි.

    ReplyDelete
    Replies
    1. අයියාටත් බොහොම ස්තූතියි මෙ පැත්තට ගොඩ වැදුනාට...:)

      Delete
  10. ඉතාලියේ ජීවත් වන මගේ මිත්තරයෙකුත් වතාවක් ඔය ගැන කිව්වා... දවසක සංචාරය කරන්න ආසයි...

    ReplyDelete
    Replies
    1. ඈහ්... ශෝක්නේ එන්න එන්න ඇවිත් බලන්න.. හැබැයි මම නම් තාම ගිහින් නෑ අෆ්ෆා.. මමත් යන්න ඕනා මේවා බලන්න.

      Delete
  11. මමත් පොම්පෙයි නගරය ගැන කලින් අහලා තිබුනා... ආයෙත් මතකය අලුත් කලාට ස්තුතියි සිත්තරවී....

    ReplyDelete
    Replies
    1. ඔයාටත් බොහොම ස්තූතියි සමනලී මේ පැත්තට ගොඩ වැදුනට..:)

      Delete
  12. ඔන්න අපිත් මංගැච්චුවා මේ පැත්තට.....

    ReplyDelete
  13. බොහොම ස්තූතියි. මට මගේ පාසලේ ගූරුවරයෙක් තමා පොම්පෙ නගරය ගෑන කිවුවෙ.

    ReplyDelete
  14. මටත් මාර ආසයි කවදක හරි ඔය පැත්තෙ යන්න..
    මං මාර ආසයි රෝමානු ඉතිහාසයට.. මාර සැප සම්පත් තමයි ඒ රජවරු විඳල තියෙන්නෙ....
    ඇත්තට යන්න බැරි එකේ ඔන්න සිත්තරාවි සිතුවම් කරන රෝමය බැලුව හොදේ...
    වැදගත් ලිපියක්.. ස්තූතියි!

    ReplyDelete
  15. මේ ගැන කියවල තිබුණත් , ඇත්තටම දැනෙන විදියට කියවන්න ලැබුණෙ ඔබේ ලිපියෙන් පමණයි .... ස්තුතියි ඔබට

    ReplyDelete