Thursday, November 22, 2012

වතිකානු රාජ්‍ය හා කොලෝසියම.

බලමුද ඉතාලියේ ඓතිහාසික තැන් කිහිපයක් ගැන... හැමදාම එක එක කතා ලිව්වනේ ඒ උනාට වැදගත් කියලා යමක් ලියන්න හිතුනා. එහෙම කල්පනා කරද්දි තමා මේ අදහස ආවේ. මෙහේ කොච්චර වටින කියන තැන් තියෙනවාද කියලා. ඉතින් ඒ තැන් ගැන මමත් දන්න ටිකක් ඔයාලාත් එක්ක බෙදාගන්න හිතුනා. 

මේ තියෙන්නේ වතිකානුව. 






වතිකානු රාජ්‍ය ඉතාලියේ රෝම නගරය ඇතුලත පිහිටා ඇත. 1929දී ලැටරන් ගිවිසුමට අනුව වතිකානුව පිහිටුවන ලදී. වතිකානු රාජ්‍ය මුල් ක්‍රිස්තියානු කාලයේ සිට පැවත එන ශුද්ධාසනයෙන් වෙනස් වන අතර ලොව වටා සිටින බිලියන 1.2 පමණ වන  කතෝලික බැතිමතුන්ගේ මූලස්ථානය වේ.වතිකානුව රෝමයේ අගරදගුරු වූ පාප්තුමා විසින් පාලනය කරනු ලබන පැවිදිසි හෝ කතෝලික පූජක-ඒකාධිපති රාජ්‍යක් වේ.ශා. පීතර බැසිලිකාව, අපෝස්තලික මන්දීරය, සිස්ටීන් දෙව්මැදුර, කෞතුකාගාර හා තවත් විවිධ ගොඩනැඟිලි මෙම භූමියේම පිහිටා ඇත.පාප් තුමෙකු තෝරා ගැනීම හා ඔවුන්ගේ කටයුතු මේ වතිකන් රාජ්‍ය ඇතුලත සිදුකෙරේ.


මේ තියෙන්නේ කොලෝසියම




කොලෝසියම යනු ඉතාලියේ රෝම නගරයේ පිහිටි අණ්ඩාකාර අර්ධ මණ්ඩල රංගපිටියකි.මෙය රෝම වාස්තු විද්‍යාඥයින්ගේ හා රෝම ඉංජිනේරුවන්ගේ මාහා අනර්ග නිර්මාණයක් ලෙස හඳුන්වනු ලබයි. මෙහි ප්‍රේක්ෂකයන් 50,000 අදික සංඛ්‍යාවකට අසුන් ගත හැක.කොලෝසියම බොහෝ විට ප්‍රොයෝජනයට ගැනුනේ අවිගත් ක්‍රීඩා සඳහාය ඒ අතුරින් සත්ව දඩයම,mock sea battles, ප්‍රධාන යුද ක්‍රීඩා විය. එමෙන්ම පැරණි මිත්‍යා කථා මුල් කරගෙන නාට්‍යද රඟපාන ලදී. මෙම පැරණි වැරුනු ගොඩනැගිල්ල මධ්‍යම කාලපරිච්ජේදයේදි විනෝද උත්සව සඳහා භාවිතා කරන ලදී. පසුව නැවත එය නිවාස කටයුතු බිංකලය,ආගමික නායකයන්ගේ වාසස්තාන,බලකොටුව හා ක්‍රිස්තියානි පූජනීය ස්ථානයක් බවට යොදා ගන්නා ලදී. එවකට සිටි වෙස්පාසියන් නැමැති අධිරාජ්‍යාගේ අනුමැතිය යටතේ මෙහි ඉදිකිරීම් ක්‍රිස්තුවර්ෂ 72දී අරඹන අතර ක්‍රිස්තු වර්ෂ 80 දි එවකට සිටි 10 වන රෝමානු අධිරාජ්‍ය ටයිටස් අධිරාජ්‍යා යටතේ නිම කරන ලදී.පසුව එහේ වැඩි දුර වෙනස් කිරීම් ඩොමිටේන්ස් නැමැති 11වන අධිරාජ්‍ය වරයාගේ යටතේ සුදුවිය. භූමිකම්පා හා වෙනත් විවිධ හේතුන් මත කොලෝසියම කොටස් කිහිපයක් විනාෂ වී ගොස් ඇති බව දැන් අපට දැකගත හැක. විදේශකයිනේ ඇසට ග්‍රහණය වන තවත් එක් සුවිසේශි රෝමානු නිර්මාණයක් ලෙස අපට අද මෙය දකින්නට පුළුවනි.ඒ වගේම කොලෝසියම හා කතෝලික දේවස්ථාන අතර ලඟ සම්බන්ධතාවක් දැක්නට ඇත. ඉතාලියේ දැනට පවතින ශත පහේ කාසියේ කොලෝසියේහි චිත්‍රයක් එහි විග්‍රහා කර දක්වනවා. 



අද කොලෝසිය අසල විදේශකයින් ප්‍රමාණය


2012 වර්ෂය වනට විට කොලෝසියම


ශත පහේ කාසිය මුහුණත ඇති කොලෝසියම



තොරතුරු නම් හොයා ගත්තේ විකිපිඩියා විශ්වකෝශයෙන්..

14 comments:

  1. අෆ්ෆා මාරු..අපේ ෆෝරම් එකේ ඉන්නවා.. සම්නත් අකියල අයිය කෙන්.. එයා නම් ඔය ලෝකේ වටේ රට වේ හැම තැනම ගිහින් තියනවා.. ගිහින් බලන්නකෝ

    www.wadiyalk.com

    ReplyDelete
    Replies
    1. අනේ මටත් නම් ආසයි ඒ වගේ ලොකේ වටේම ගිහින් පැරනි තැන් බලන්න.. ඔන්න මම බුක්මාක් කර ගත්තා. බලන්නම්කෝ වෙලා තියෙන වෙලාවක.. තැන්කූ වේවා..!!

      Delete
    2. අම්මෝහ් මරු

      Delete
  2. ගොඩාක් වටිනවා මෙහෙම ලිපි ඉඳහිට හරි ලියන එක . ගෑණු ළමයා හෝ ගාලා ලියලා නෙව. ලිපි තුනම කියෙවුවා ඕං. සං‍තෝෂයි අපි හැමදේම පාඩමකට අරන් ඒතුලින් ජීවිතය නිවැරදිව දකින්නයි ඕන දරුවෝ. එහෙම නැතුව මොන හේතුවක් නිසාවත් උකටලී වෙන එක නැණවතුන්ගේ ලක්ෂණයක් නෙමේ හොඳේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගෑණු ළමයා මේ ටිකේ ලියපු ඔක්කොම පෝස්ට් ටික කියෙව්වට.. ඉඳලා හිටලා හරි වැදගත් දෙයකුත් ලියන්න ඕනානේ.. හි:) හි:).... බොහොම ස්තූතියි වටින ඔවදනක් දුන්නාට ඉහ මුදුනින් සිත්තරාවි ඉතාමත් ගරු සරුව එය පිළිගන්නවා.. මෙහෙම ඔවදනක් දීලා සිත්තරාවිව ධෛර්යමත් කරනවාට බොහෝම ස්තූතියි..

      Delete
  3. හොද ලිපියක්.එළ! :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... ඉඳලා හිටලාවත් වැදගත් ලිපියක් ලියන්න ඕනානේ.. :)

      Delete
    2. ඒක ඇත්ත.. ඒ වුනත් මට බැරිමත් ඒකමනේ අෆ්ෆා! ;)

      Delete
    3. Try And Try One Day You Can Fly කියනවනේ අයියා.. උත්සහ කරලා බලමු..:)..

      ඔය දන්නේ නැති උනාට වටින ලිපිත් ඔයා ලියනවා..

      Delete
  4. තොරතුරු වලට ස්තුතියි... අපේ පැත්තටත් වෙලාවක එන්න...

    ReplyDelete
    Replies
    1. ඔයාටත් බොහොම ස්තූතියි අනිවා ඔයාලගෙ පැත්තේ ඇවිත් යන්න එන්නම්කෝ...

      Delete
  5. පුළු පුළුවන් වෙලාවට යන එන තැන් වල පොටෝ කෑලි ටිකක් දාන්න ඈ
    ඔහොමවත් ඕව බලාගන්න

    ReplyDelete
    Replies
    1. ගියෝත් අනිවා දන්නම්කෝ...

      Delete