Tuesday, November 20, 2012

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත..


වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත..
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් 
මනු ලෝ තලයේ වාසනාවන්.... 

පටන් ගද්දිම ලියලා තියෙන දේ දකිද්දි කට්ටිය හිතුවානේ සිත්තරාවිට අකරතැබ්බියක් වෙලායි කියලා. හ්ම්......ම් එහෙමත් නෑ නැත්තෙමත් නෑ යාළුවනේ. ලංකාවේදි වගේ නම් නෙමේ මේ වගේ හොඳ හැටි අත්දැකීම ගන්න පුළුවන් ආගන්තුක රටකට වෙලා ඉන්නැද්දි... ඒත් ඉතිං මේ වගේ ගරු නම්බු වැඩි පුරම හම්බවෙන්නේ අපේ සිරි ලංකාවේ ඉංගිරිසී හදවත් තියෙන ඈයොන්ගෙන්ම තමා.හරි හරි.... අපිට එයාලාගෙන් ඇති වැඩක් නෑ. ඕන දෙයක් කියපුදෙන්,කරපුදෙන් අපිට මොකෝ අපේ ඇඟේ ගෑවෙනවා කියලායෑ. අපේ අම්මා කියනවා වගේ "එයාලාගේ පව් එයාලා ගෙනියයි.අපේ පව් අපි ගෙනියමුකෝ".

ඔය මට නපුරුකම් කරන වල කපන කට්ටියට නෙමේ අද මම මේ පෝස්ට් එක ලියන්නේ, මේ රෝමේ මට හම්බ උන දෙවිදේවතාවන්, දිව්‍යංගනාවන් වගේ කට්ටියක්ට කළගුණ සැලකීමක් ලෙස හැමදාම මතක සිහිවටනයක් විදියට තියාගන්න තමා අද මම ලියන්නේ. සිත්තරාවි රෝමෙට ඇවිත් තාම වැඩි කාලයක් නම් නෑ.මේ වෙනතුරු කවදාවත් අනුන්ගේ තැන් වල ඉඳලත් නෑ. ඒත් ජීවීතේ පළවෙනි වතාවට කියලා කුළියට ගිය කාමරේ උන්නේ බැටළු හම පොරවාගත්තු වෘකයෝ වගයක්. පණ දෙන්න කථා කලාට හිතින් කියන්නේ නම් නැතිවෙලාම පලයං කියලා තමා. හරි හරි එයාලාගෙන් අපිට වැඩක් නෑ(මතකයිනේ අම්මා කියපු දේ..) ඉතිං මට හම්බ උනා හරි හොඳ කට්ටියක්. මේ කට්ටිය මුස්ලිම් කට්ටියක්.(සිත්තරාවි ජාති ආගම් භේද බලන කෙනෙක් නෙමේනේ)අයියා මලෝ දෙන්නා හා මෙයලා කරකාර අරන් උන්න අක්කලා දෙන්නා ගැන තමා අද මම මේ කියන්නේ. හරිම හොඳ කට්ටියක්. මට නම් මගේ නෑයෙක්වත් වටින්නේ නෑ අද මෙයාලා තරම්. එච්චරටම සිත්තරාවිට උදව් කරලා තියෙනවා,සිත්තරාවි ගැන හොයලා බලලා තියෙනවා. කන්නේ මොනවාදෝ කිය කිය හිත හිත ඉද්දි මෙයාලම කෝල් කරලා කෑවද බිව්වද කියලා අහලා කාලා නැත් නම්, උයන්න දෙයක් නැත් නම් ගෙදරට එනකම් කෝල් කර කර බනිනවා. මුලිනුත් මම කිව්වනේ මම රෝමෙට නම් අලුත් ඉතින් හරියට පාරවල් ගැන දැනීමක් නැති නිසා කොහේවත් යන්න විදියක් නෑ.. ඒත් මේ අක්කලා දෙන්නා ඉන්නකම් ඒ ගැන නම් බය වෙන්න දෙයක් නෑ. ඕන තැනකට මා එක්ක යන්න එනවා. කිව්වොත් අපායට උනත් ඒවි. ප්‍රශ්නයක් උනාමත් හැබැයි ඒ වගේමයි. සාමෙන් නම් සාමෙන් වෛරයෙන් නම් වෛරයෙන් ඕන දේකට මේ සිත්තරාවිගේ හෙවනැල්ල වගේ ඉන්නවා. ඒ වගේම තමා මේ අයියලා දෙන්නත් හරිම හොඳයි. මම මුලින් කිව්වනේ මම මුලින්ම කුලියට ගිය ගෙදර අයිතිකාරයෝ මොන වගේද කියලා. හෆ්ෆෝයි... ඒ ලංකාවේ ඉපදුන ලංකාවේම හැදුන වැඩුන සිංහල ඈයෝ තමා අසරණ අහිංසක මිනිස්සුන්ව පාගලා දන්නේ. එයලා ඉතින් වාහන තියෙන,හොඳ ම(ර්)ක් තියෙන ඇඳුම් පැළඳුම් අඳින කට්ටියවනේ ආශ්‍රය කරන්නේ. ඒ උනාට වැඩක් නෑ කන්නේ කරිටාස් එකෙන් නිකන් දෙන කෑම ගෙදර ඉන්න එකම අම්මාට සලකන්න දන්නේ නෑ. පව් ඒ අසරණ අම්මා වැඩකාරිවගේ ඒ ගෙදර. මම මෙහෙම කිව්වේ සිංහල කට්ටිය ගැන වැරදි කියන්න නම් නෙමේ. ඒත් මම දැකපු දෙයක් අත්දැකීමෙන් මේ කියන්නේ. අර මුස්ලිම් ගෙදර කට්ටිය ජාති ආගම් භේද කිසිම දෙයක් බලන්නේ නැතිව මිනිස්සුන්ට උදව් කරනවා. ඒත් අර මම කියපු කට්ටිය වෙන ආගමක ජාතියක කෙනෙක් දැක්කම සලකන්නේ,බලන්නේ ත්‍රස්තවාදියෙක් ගානට . ඒ උනාට ඉතාලිකාරයන්ව දැක්කම දෙයියන්ව දැක්කා වගේ තුනට හතරට නැමිලා ඉන්නේ. කිව්වොත් උන්ගේ කකුලුත් ලෙවකන ගානට ඉන්නේ.(දැනටමත් කරනවද දන්නේත් නෑ) ඒත් ඇයි ඒ මිනිස්සුන්ට එක තප්පරයකටවත්  හිතෙන්නේ නැත්තේ වෙන ජාතියක,ආගමක උනත් අර ඉන්නේත් සිංහල ලේ තියෙන අපේ රටේම මිනිස්සු කියලා. පුදුම මිනිස්සු තමා. 


එහෙම බලද්දි නම් මගේ හිතේ අර මුස්ලිම් ගෙදර කට්ටිය ගැන තියෙන්නේ පුදුම භක්තියක්,ගෞරවයක්. හැම ආගමකටම ගරු කරන්න එයාලා දන්නවා. ආගම් ජාති භේද නොබලා මිනිස්සුන්ට උදව් කරන්න තරම් ඒ මිනිස්සුන්ගේ හිත් උනු වෙනවා.

මෙහෙම ලියද්දි කියවන ඔයාලා සමහර විට හිතාවි සිත්තරාවි මේ හදන්නේ ජාති ආගම් භේද ඇති කරන්න කියලා. නෑ කොහෙත්ම නෑ. සිත්තරාවිත් සිංහල කතෝලික පවුලක දැරිවියක්. ඒත් ජාති ආගම් කුළ මළ නැති පිරිසිඳු හදවතක් ඇත්තියක්. හැම ආගමකට ගරු කරන්න අපේ අම්මාලා අපිට කියලා දීලා තියෙනවා. මට නම් අද මේ රෝමේ මේ මිනිස්සු තරම් හොඳ මිනිස්සු ටිකක් තවත් නෑ. 







11 comments:

  1. හ්ම්ම්ම්ම් ! ඔය ජාති ආගම් කුල මල බෙදා වෙන්කර ගන්න කලින් අපි හැමෝම " මිනිස්සුනේ " සිත්තරාවී..

    ReplyDelete
    Replies
    1. ඒකමනේ ලිහිණි අක්කා මේ මමත් කියන්නේ.

      Delete
  2. ඕවා ඔහොම තමා හලෝ.සිංහලයාගේ තියෙන වැරැද්ද අපේම එවුන් ඉස්සරහට ඇවිත් දියුණු වෙනවට තියෙන ඉරිසියාව.ඕක හැම මනුස්සයා වගේම කියනවනේ.

    ReplyDelete
    Replies
    1. කතාව නම් සම්පූර්ණ ඇත්ත ඉශාන් අයියේ..

      Delete

  3. කිසිම කෙනෙක්ව විස්වාස කරන්න එපා .
    දෙමව්පියන් උනත් .මොකද හැමෝගෙම
    වෙස් පෙරළෙනවා . ඔයා ගොඩක් පොඩි
    ළමයෙක් තාම . හනේ පනේ කියන මිනිස්සුන්ට
    වඩා අර මූනට බනින ඔරවන මිනිස්සුන්ව විස්වාස කරන්න ...
    එයාල බොරු කරන්නේ නැහැ ...

    ReplyDelete
  4. //හනේ පනේ කියන මිනිස්සුන්ට
    වඩා අර මූනට බනින ඔරවන මිනිස්සුන්ව විස්වාස කරන්න ...
    එයාල බොරු කරන්නේ නැහැ ...//
    ඒක නම් ඇත්ත මම කියන්නේ නෑ සමාජේ හැම මනුස්සයම හොඳයි.. හැම මනුස්සයම නරකයි කියලා. අපි දැන ගන්න ඕනා මිනිස්සුන්ව තේරුම් අරන් ආශ්‍රය කරන්න. පුංචි උනාට ඒක මම තේරුම් අරන් ඉන්නෙ දැනටමත්.

    ReplyDelete
    Replies
    1. මාත් ඔහොම හිතනවා අදටත් .. එත් අන්තිමට බලද්දී උඩුක්කුරුන්ඥන් වෙලා ..

      Delete
  5. අද කාලේ නම් දෙවි දේවතාවන් වගේ මිනිස්සු හරිම අඩුයි... එහෙම අය ගැන අහන්නත් සතුටුයි....

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් ඇත්ත.. ඒත් ඉඳලා හිටලා හරි එක්කෙනෙක් දෙන්නෙක්වත් ඉන්න එකට අපි සතුටු වෙමු.. :)

      Delete
  6. ඔයා කියලා තියෙන කතාව නම් ඇත්ත. මටත් ඒ ගැන අත්දැකීම් තියෙනවා. මට උන ඒවා නම් නෙමේ හැබැයි.ලංකාවේ මිනිස්සුන්ට ලංකාවේ එවුන් ගොඩාක් වෙලාවට උදවු නොකරන ගතියක් පේන්න තියෙනවා. සරානම් කවදටත් කාගෙන්වත් උදවු ඉල්ලන එකෙක් නෙමේනේ. දෙනු මිස ගනු නැත. එහෙම සරාට බාල්දි පෙරලන අයට ඉතින් හික් හික්... ඔන්න ඔහේ ඕන නෑ...!!

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් සම්පූර්ණ ඇත්ත... ලංකාවේ මිනිස්සුන්ට වල කපන්නේ ලංකාවේ මිනිස්සුම තමා(ඒත් හැමෝම එහෙම නෑ) "දෙනු මිස ගනු නැතැ" ඒකත් හොඳයි..

      Delete