කියාගන්න බැරි තරමට හිත අද ගොඩාක් තෝන්තු වෙලා.. මටම තේරෙන්නෙ නෑ ඒ ඇයි කියලා..දින සති මාස ගනන් ඔහේ ගෙවිලා යනවා ඒත්... තාමත් උන් තැනමද මේ ඉන්නේ කියලා හිතෙනවා... වෙලාවකට මහ අරුම පුදුම දේවල් හිතෙනවා..ඒත් ඒ හිතෙන්නෙත් කවදාවත් කරන්න බැරි දේවල්.. ජිවිතේ ආපස්සට යන්න තියෙනවා නම්, ඒ ගිහින් වැරදුන ගොඩාක් තැන් හදාගන්න තියෙනවා නම්.. ඒ පටන් ගන්න ජිවිතේ අඩු පාඩුවක් නැතිව.. නිවැරැදිව ගලපගන්න තියෙනවා නම් කියලා හිතෙනවා.. ඒත් .. මනුස්ස ජිවීතේ ඒක කවදාවත් කරන්න බැහැ.. කොහේ හෝ වරදිනවා.. ඒ වරදිනකම් හැමෝම බලන් ඉන්නේ.. ඒත් ඇයි ඒ...? ජිවිතේ නීරස කරගන්නේ අපිමද..? එහෙමත් නැති නම් සමාජීය බලපෑම්ද අපේ ජිවීත නීරස කරන්නේ..? ආදරය.. පවුල්.. බැදීම්.. මේ හැමදේම ජිවිත වල සමබර වෙන්නම ඕනා.. ඒ දේවල් වලට තමා ජිවිතේට අරුතක් එක් කරන්නත්.. ඒ ජිවීතේ කාලකණ්නි කරන්නත් පුලුවන්... අම්මා කෙනෙක්ගේ තත්තා කෙනෙක්ගේ අතේ එල්ලිලා ඇවිදින්න දරුවෙක් කොච්චර ආස කරනවද..? ඒ වගේම සෙනෙහසක් ඒ දරුවට දෙන්න ඒ දෙමාපියන් කොච්චර හීන මවනවද..?නමුත් එවැනි සෙනෙහසක් ලබන්න බැරි දරුවොද, දෙමාපියොද අවාසනාවන්ත...?(ඒ කියන්නේ මමත් අවාසනාවන්තද..)අනේ මංදා මොනවා ලිව්වද කියලා.. හිත අද නිදහස් නෑ.. හිතට ආව දේ ලිව්වා.. ඒත් ජිවිතේ ගැන මීට වඩා හිතුවා නම් කියාලා දැන් නම් හිතෙනවා....:( කිසිම දෙයක් තේරෙන්නේ නෑ.. ආපසු හැරෙන්නත් බෑ.. දුර යන්න තරම් පණකුත් නැති ජිවිතයක් උනේ ඇයි මේ ජිවීතේ..
Saturday, August 18, 2012
අවුල් වෙලා හොදටම දැන් නම්....
Labels:
දුකට ලියන කවි
Wednesday, August 15, 2012
අරලිගේ ලොකේ පාලුයි දැන් ....(අවසාන කොටස...)
උදැසන කාලච්ජෙදයේ වැඩ අවසන් ඌවත් හිතේ කිසි නිදහසක් නොවිය.. ඔලුව පුපුරන්නට මෙන් රිදුම් දෙන්නට විය තව සුලු මොහොතින් ඔහු ඇය හා විවහා වනු ඇත... තවත් පාසලේ ඉන්නට බැරිම තැන ශෝට් ලිව් එකක් දමා නිවෙස් කරා ආවේ හිතට නිවනක් නැතුව වැඩ කරන්නට අමාරු නිසාය.. ඒ එන විට සියල්ල සිදුවි හමාරය.. කරුමයක මහත මගේ ඇස් දෙක මෙච්චරටම පව් කර තිබුනිද..?? මගේ ඇස් ඉදිරිපිටම අලුත බැදපු මනමාල ජොඩුවකි.. ඔව් ඒ ඔහුය ඒ අනුහස් මගේ අනුහස්ය.. අද වෙන කෙනෙක්ගේ අත ගෙන මං ඉස්සරහම ඉදී..
"අනු.. මම වෙන කෙනෙක්ව බැන්දොත් ඔයා මොකද කරන්නෙ..?"
" මරනව උඹව මම වෙන එකෙක් දිහා හැරිලවත් බැලුවොත්..."
දරාගත නොහැකි ආදරයත් කොපයත් කැටි කොට එදා ඔහු මට එසේ පැවසීය.. ඒත් අද ඔහු... තවත් මෙතන ඉන්නට බැරි තැන මම පය ඉක්මන් කලෙමි.. නිවසට ගොඩවැදුන මම අම්මා බදාගෙන විලාප දුන්නෙමි....ඇය කර කියා ගන්න දෙයක් නැතුව උන්නාය....
කාළය ගෙවි ගියේය.. ඒත් අරලිගේ හිතේ අනුහස් තාම ජීවත් වෙයි... ඒ අතිතය දැන් මට වදයකි... එය යලි යලි මා රිදවයි,පාරවයි.. හැමදෙයක්ම අමතක කරන්න හිත හදා ගන්න මට ලෙංගතු උන එකම තැන ගමේ පන්සලයි.. බාවනවෙන් හිත පුදුම විදියට සංසුන් උනි..මෙහෙනියක් වෙන්න හිතත් ගතත් දැන් සුදුසුය.. දැන් එය මගේ එකම ආශාවයි.. අකමැත්තෙන් උවත් අම්මාව කැමති කරගත්තෙමි.. මා මේ ලොව ගිහියෙක් සැටියට ඉන්නතාක් කල් අනුහස් මේ හිතේ ජීවත් වෙයි... ඒ අතිතය වල දමන්න හිත සුවපත් කරන්න මා මෙහෙනියක් වුයෙමි...
ප.ලි. :- තෙවසරක් ගත උනේය... මේ සරල සැහැල්ලු ජිවිතය දැන් මාව අලුත්න්ම ජීවත් කරයි.. මා බොහෝ සේ පැවදි ජිවිතයට ආදරය කලෙමි.. දිනක් හදිසියේ එක් මහතෙක් මා අසල විය.. වැඩි වේලා නොගෙන මා ඔහු හැදින්නෙමි ඔහුද මා හැදින ගත්තේය.. එ ඒ වෙන කවුරුවත් නොව අවුරුදු කිහිපයකට පෙර මා ආලය නැමැති මුලාවට හසු කල අනුහස් සුරියාඅරච්චිය.. ඔහු සමාවයැද්දේය.. තවත් බොහෝ දේ කියන්නට විය.. ඒත් මට නෑසුනේය.. හිත ආලයෙන් නොව කරුණාවෙන්, මුදිතාවෙන් පිරි හමාරය.. කිසිවෙක් ගැන තරහක් නොවිය.. මෙහෙනියක් ලෙස බුද්ද සාශනයට අගෞරව නොකර "තෙරුවන් සරනයි" කියා මම මළුව දෙසට පා නැග්ගෙමි...
"අනු.. මම වෙන කෙනෙක්ව බැන්දොත් ඔයා මොකද කරන්නෙ..?"
" මරනව උඹව මම වෙන එකෙක් දිහා හැරිලවත් බැලුවොත්..."
දරාගත නොහැකි ආදරයත් කොපයත් කැටි කොට එදා ඔහු මට එසේ පැවසීය.. ඒත් අද ඔහු... තවත් මෙතන ඉන්නට බැරි තැන මම පය ඉක්මන් කලෙමි.. නිවසට ගොඩවැදුන මම අම්මා බදාගෙන විලාප දුන්නෙමි....ඇය කර කියා ගන්න දෙයක් නැතුව උන්නාය....
කාළය ගෙවි ගියේය.. ඒත් අරලිගේ හිතේ අනුහස් තාම ජීවත් වෙයි... ඒ අතිතය දැන් මට වදයකි... එය යලි යලි මා රිදවයි,පාරවයි.. හැමදෙයක්ම අමතක කරන්න හිත හදා ගන්න මට ලෙංගතු උන එකම තැන ගමේ පන්සලයි.. බාවනවෙන් හිත පුදුම විදියට සංසුන් උනි..මෙහෙනියක් වෙන්න හිතත් ගතත් දැන් සුදුසුය.. දැන් එය මගේ එකම ආශාවයි.. අකමැත්තෙන් උවත් අම්මාව කැමති කරගත්තෙමි.. මා මේ ලොව ගිහියෙක් සැටියට ඉන්නතාක් කල් අනුහස් මේ හිතේ ජීවත් වෙයි... ඒ අතිතය වල දමන්න හිත සුවපත් කරන්න මා මෙහෙනියක් වුයෙමි...
ප.ලි. :- තෙවසරක් ගත උනේය... මේ සරල සැහැල්ලු ජිවිතය දැන් මාව අලුත්න්ම ජීවත් කරයි.. මා බොහෝ සේ පැවදි ජිවිතයට ආදරය කලෙමි.. දිනක් හදිසියේ එක් මහතෙක් මා අසල විය.. වැඩි වේලා නොගෙන මා ඔහු හැදින්නෙමි ඔහුද මා හැදින ගත්තේය.. එ ඒ වෙන කවුරුවත් නොව අවුරුදු කිහිපයකට පෙර මා ආලය නැමැති මුලාවට හසු කල අනුහස් සුරියාඅරච්චිය.. ඔහු සමාවයැද්දේය.. තවත් බොහෝ දේ කියන්නට විය.. ඒත් මට නෑසුනේය.. හිත ආලයෙන් නොව කරුණාවෙන්, මුදිතාවෙන් පිරි හමාරය.. කිසිවෙක් ගැන තරහක් නොවිය.. මෙහෙනියක් ලෙස බුද්ද සාශනයට අගෞරව නොකර "තෙරුවන් සරනයි" කියා මම මළුව දෙසට පා නැග්ගෙමි...
Labels:
පුංචි කථා..
Wednesday, August 8, 2012
අරලිගේ ලොකේ පාලුයි දැන් (දෙවන කොටස ) ....
*****************************************
"තවම මෙතනද...?"
අම්මාගේ හඩිනය මම යලිත් කල්පනා ලොවින් මිදුනේ.. මට අම්මාව දකිද්දි දුකය.. හිතේ හිර කර උන් හැඩුම මටත් නොදැනි පිට උනේය.. අම්මාගේ පපුව වාවගන්න බැරිව වාගේ ඈ මා අසලට ඇවිදින් මා වැලද ගත්තාය...
"නාඩා ඉන්න දරුවෝ වෙන්න තියෙන දේවල් අපිට වලක් වන්න බැහැනේ.."
අම්මගේ කතාවට මට පුදුම හිතුනි.. ඈ සියල්ලම දනි... මම පුදුමයෙන් මෙන් ඈ දිහා නෙත් යොමු කලාය.
"හැමදේම මම දන්නවා පුතේ.. දුප්පත් මේ අම්මා මොනවා කියලා කරන්නද.. කරන්න පුලුවන් අන්තිම දේත් මේ අම්මා කලා මගේ දූ වෙනුවෙන්..."
මට කිසිම දෙයක් වැටහුනේ නැත.. ඈ මේ මොනවද කියන්නේ..? ඈ කල දේ කුමක්ද...?
"අනුහස් පුතාගේ කසාදය තින්දු උනයි කියලා දැනගත් ගමන් මම ගියා පුතාව හම්බවෙන්න ඔෆිසියට.. ඒත් වැඩක් උනේ නෑ.. රාළහාමිට කැමති දෙයලු ඒ ගෙදර වෙන්නේ කියාලා පැත්තකට උනා ඒ දරුවත්... අන්තීමට මම ඇහුවා එතකොට මගේ දරුවා කියලා ... අරලිට මම ආදරේ කලා ඒත් එක් වෙන්න බැරි නම් මම මොනවා කරන්නද කියලයි මගේන් ඇහුවේ... ඔක්කොටම වඩා අප්පච්චිගේ නම්බුව,ගෞරවය වටිනවලු.. මම අසරනයි මගේ දුවේ.. මේ අම්මට මුකුත්ම කරන්න බැරි උනා.."
කියා ඇය හැඩුවාය.. ඒ මට මගේ ජිවිතේ බලන් ඉන්න බැරිම දෙයකි...මගේ අහිංසක අම්මාගේ ඇස් දෙකෙන් වැටෙන කදුළු...
"ඇයි අම්මා එයා එහෙම කලේ.. එයාලට අපිව ගැලපෙන්නේ නෑ කියලා දන්නවා නම් ඇයි මට ලං උනේ.. "
අම්මත් දුවත් අද එකට හඩයි ඒත් ඒ වැලපුම සුරියාආරච්චි වලව්වේ කිසිවෙකුටත් නෑසෙයි..
*****************************************************
උන හැමදේම අමතක කර අලුතින්ම ජිවිතය පටන් ගන්න ඉටා ගත්තේ මං ගැන හිතා නොව.. මං නිසා අසරන අම්මට දුකක් කදුලක් නොදි ඉන්නටය.. උදේම නැගිට ගත්තේ සුපුරුදු පරිදි පාසල් යන්නටය.. මේ හිතේ තියෙන තෝන්තු ගතිය පාසල් ගොස් වත් නැති වේවියැයි සිතා ලා රෝස පාට ඔසරිය ඇදගත්තිමි... අම්මා කඩ වලට දාන්න ඉදිආප්ප සාදා තිබුනි.. එයින් මටත් එක පාර්සලයක් විය.. මම අම්මාට වැද ඈ සමගම පාරට ආවෙමි..
"මගේ පුතා ඔලුව අවුල් කරගන්නේ නැතිව ඉස්කොලේ ගිහින් වැඩ ටික පිලිවෙලට කරගන්න.. "
යැයි ආදරයෙන් පැවසුවාය.. ඈ හින්දාවත් හිතා හදාගන්න ඉටා ගත්ත එකට දැන් මම සතුටු වෙනවා..
"මම මෙතනින් මේ කඩේට මේ ටික දාගෙන යන්නද දූ.."
"හා අම්මා දැන් බස් එකත් එවි මම යන්නම් අම්මා යන්නකෝ ගෙදර ඉක්මනට බුදු සරනයි අම්මා.."
මට අම්මා ගැන අසීමිතව දුක හිතුනි.. මාතර බලා ආ බස් රථයේ මම පාසල වෙත ආවෙමි.. නේත්‍රා.. ඈ මේ පාසලේ ගුරුවරු අතරින් මට ලැබුන හොදම යෙහෙලියයි..පාසලට ඇතුල් වනම මට ඈ හමුවිය..
"අරලි ගූඩ් මෝනිං..."
" ගූඩ් මෝනිං නේත්‍රා"
අද වගේ දවසක මට මොන සුබක්ද කියා කියන්න කටට ආවත් මම එය සිර කර ගතිමි..
"උඹ තාමත් ඉන්නේ ඒ ගැන හිත හිතද.."
මම නැතැයි කියන්නට හිස සෙලෙව්වේය.. ඈ මටත් වඩා හොදට මා දන්නීය.. ඒ නිසාමද කොහේදෝ මටත් ඇසෙන නොඇසෙන ගානට "අනේ මංදා" කියා මිමිනුවාය..
(ඊලග කොටස ඊලග පොස්ට් එකෙන්....)
Labels:
පුංචි කථා..
Monday, August 6, 2012
අරලිගේ ලොකේ පාලුයි දැන් ....
*****************************************************
කවදාවත් නැති තරම් හිතට දුකයි... ඇයි මටම මෙහෙම වෙන්නෙ කියලා හැමදාම හිත මගෙන් අහනවා... උත්තරයක් දිගන්න බැරිව මගේ හිත ලග මමම අසරන වෙනවා... ඉරත් බැහැගෙන ගිහින් සැන්දැ කලුවර කපාගෙනම.. ගෙදර නොයා බැරි කමටයි මේ ගෙදර යන්නේ.. පව් නැත් නම් අසරන මගේ දුප්පත් අම්මාගේ පපුවේ ගිනි ඇවිලෙනවා.. මලක් වගේ පරිස්සමට හදපු එයාගේ දුව ගෙදරට එන වෙලාව පරක්කු උනාම.. ඒ දුප්පත් අසරනි නැත් නම් අද මේ ජිවත් වෙන "අරලියා ඉද්දමල්ගොඩ" පස් ගොඩකට යට වි හමාරය...
මුලු ජිවිතේම කැප කොට මුලු හදින්ම ආදරය කරපු ඔහු "අනුහස් සුරියාආරච්චි" හෙට 11.45ට එලඹෙන සුබ නැකතින් "කේතකි නැදුන්ගම" විවහා කරගන්නවා කියලා හිතෙද්දි පපුව පලා ගෙන යන්න තරම් දුකක් දැනේ...
"අපි ගැලපෙන්නේ නැ අරලි.... අපේ අප්පච්චිලා කොහොමටවත් අපි දෙන්නට අපේ අදහස් වලට ඉඩ දෙන්නෙ නැ.... මට සමාවෙන්න අරලි..."
කිසිම හිතක් පපුවක් නැති ගානට අවුරුදු 3ක් මැරිගෙන ආදරේ කරපු හිතට මෙහෙම කතා කරන්න පුලුවන් උනේ කොහොමද කියන එකයි මට තිබුන ලොකුම ගැටලුව... අවුරුදු 3ක් තිස්සේ ආදරේ කරද්දි පොඩ්ඩක්වත් හිතුනෙ නැතිවද මගේ දුප්පත් කම...
"ඇයි අනු ඔයා මට ආදරෙයි කිය කියා මගේ පස්සෙන් එද්දි ඔයාට අමතක උනාද මම දුප්පත් කෙල්ලෙක් කියලා... එදා උන්න දුප්පත් කෙල්ලම තමා අනු මේ තාමත් ඉන්නේ" කියා කියන්න හිතුනත් ආදරේ කරපු හිතක් එක්ක තරහක් ඇති කරගන්න තරම් මේ අරලිගේ හිත නපුරු නැති බව ඔහු දන්න නිසාමදෝ හිතක් පපුවක් නැති ගානට හිතට ආව දේ ඔහේ කියවා ඔහු මේ හිතේ උපන් කුලුදුල් ආදරේ මරා දැමුවේය.....
*************************************************
අතිතය සිහිවි ඇස් දෙකට නැගුන කදුලු බිදු පිසින ගමන් ඇගේ ගෑවි තිබු මුහුදු වැලි කැට ඉවත් කර නැගිට ගත්තේ මාතර බලා යන බස් රථයකට නැග නිවෙස් කරා යන්නටය... වැඩි දුරක් යන්නට කලින් බස් එකත් අවේ මගේම වෙලාවටය.... පසු පස පෙලේ තිබු හිස් අසුනකින් වාඩි වු මම යලිත් කල්පනා ලොවට පා නැගුවෙමි.
"අරලි වස්තු .."
"හ්ම්" මම හෙමින් සැරේ මිමුනුවෙමි...
"මගේ රත්තරං මට කොච්චරක් ආදරේද..?"
පොඩි එකෙකු වගේ අනු මෙහෙම අහද්දි හුරතල්ය.. ඊටත් වඩා අහිංසකය...
"මෙච්චරක්"
කියා මමත් පොඩි එකියෙකු මෙන් දෑතම විහිදා හුරතල් වෙමින් කියද්දි අනු හිනා වෙන්නේ අහිංසකවය... ඊටත් පසු මගේ රෝස පාට කම්මුල් රතු වෙන්න මට හාදුවක් දෙන්නේ පපුව පැලි යන තරම් ආදරෙන් පුරවමින්ය.. ඒ අතිතය දැන් මට වදයක් අනු.. මගේ හිතේ ඔයා ඉන්නකම් මම මැරි මැරි උපදිනවා අනු කියා ලොකෙටම කෑ ගහලා කියන්න උවමනාවක් ඇත.. ඒත් ඇයි මම එහෙම කියන්නේ..? කාට ඇහෙන්නද..? ඒදා ඔයා මාව ගැලපෙන්නේ නෑ කියලා යද්දි මේ හිත වැලහින්නියක් වගේ ඇඩුවා අනු.. ඒ හැඩුම ඔයාට ඇහුනේ නැත්නම් අද මම ලොකෙටම ඇහෙන්න ඇඩුවත් ඔයාට ඇහෙන්නේ නෑ කියලා මම දන්නවා අනු..
පන වගේ ආදරේ කරපු කෙනෙක්ව මෙහෙම නැති වෙද්දි දරාගෙන ඉන්න පුලුවන් කෙනෙක් මේ ලොකේ ඉන්නවද...? අනුහස්ට මදි උනේ මගේ ආදරේ නොව, අපේ දුප්පත් කමයි... ඔහුට නොගැලපුනේ අපේ අදහස් නොව.. අපේ දුප්පත් සමාජ පංතියයි.. ඇත්ත ඔහුත් ඔහුගේ පවුලේ උදවියත් තරම් අපි පෝසතුන් නොවේ... ඒත් ඔවුන්ට වගේම අපිටද ආත්මගවුරවයක්, සමාජ තත්වයක් තිබේ.. අපි අතර තිබුන එකම බාධකය වුයේ මගේ දුප්පත් කමයි.. අහස උසට මිල මුදල් යාන වාහන නොතිබුනාට සාගරයක් තරම් ආදරයක් ඔහු වෙනුවෙන් මේ හිතේ තිබුන බව ඔහුට වැටහුනේ නැතිවද...?
"මිරිස්ස හංදියෙන් බහින අය බහින්න"
කොන්දොස්තර මහතා මහා හඩින් බෙරිහන් දෙද්දිය මගේ කල්පනා ලොව මිදුනේ.. ඉක්මනට මමත් ඒ අස්සේම නැගිට ගත්තේය.. බසයෙන් බැස ගත් මම නිවෙස කරා පා නැගුවේ පොළවටත් නොදැනෙන්නය ...
පව් අසරණ මගේ දුප්පත් අම්මා දෙවට අද්දරට වි මම එන මග උන්නාය..
"කොහෙද දරුවෝ කලුවර වැටෙනකම් උන්නේ...? ඇයි පරක්කු උනේ..? යැයි අම්මා මගෙන් ඇහුවාය..
ඇයට පිලිතුරක් දිගන්න මම අපොහොසත් උනෙමි.. බොරුවක් ගොතන්නටද දිව නොනැමේ... මම මුදු සිනහවක් නංවා නිවස තුලට ඇතුල් උනෙමි.. අම්මද මා පසු පස ආවාය...
"හ්ම්..මුණ සෝදගෙන එන්න කෑම කන්න යන්න.."
කියා අම්මා කුස්සිය තුලට ගියේ කෑම ලෑස්ති කරන්නටය.. මට අම්මා ගැන දුක හිතුනි.. පුංචි කාලයේ පටන් මට උන්නේ අම්මා පමනි.. තාත්තා ගැන ඇත්තේ අපැහැදිලි ජායාවකි.. තාත්තා හදවත් රෝගියෙකි. මම පුංචි කාලයේම තාත්තා නැතිවිය.. එදා පටන් අම්මගේ ලෝකය උනේ මමය මටද එහෙමය.. අපි දෙන්නගේ ජිවිත වල රහස් නොවිය..
"අපිට පෑහෙන්න බෑ පුතේ ඒ දරුවෝ එක්ක.. මගේ දුවට අඩන්න වෙන දවසක් නෑවිත් තිබුනොත් මට ඒ ඇති..."
ඒ අනුහස් හා බැදුන මගේ පෙම අම්මා දැනගත් දින පැවසු වදන්ය.. ඒත් අද ඒ ප්‍රාර්තනාව නිශ්පලය.. අම්මගේ දු හැඩු තරමට හඩන්නට ඇස් වල කදුලුත් නැති වි හමාරය..
************************************************
(ඊලග කොටස ඊලග පොස්ට් එකෙන්....)
පව් අසරණ මගේ දුප්පත් අම්මා දෙවට අද්දරට වි මම එන මග උන්නාය..
"කොහෙද දරුවෝ කලුවර වැටෙනකම් උන්නේ...? ඇයි පරක්කු උනේ..? යැයි අම්මා මගෙන් ඇහුවාය..
ඇයට පිලිතුරක් දිගන්න මම අපොහොසත් උනෙමි.. බොරුවක් ගොතන්නටද දිව නොනැමේ... මම මුදු සිනහවක් නංවා නිවස තුලට ඇතුල් උනෙමි.. අම්මද මා පසු පස ආවාය...
"හ්ම්..මුණ සෝදගෙන එන්න කෑම කන්න යන්න.."
කියා අම්මා කුස්සිය තුලට ගියේ කෑම ලෑස්ති කරන්නටය.. මට අම්මා ගැන දුක හිතුනි.. පුංචි කාලයේ පටන් මට උන්නේ අම්මා පමනි.. තාත්තා ගැන ඇත්තේ අපැහැදිලි ජායාවකි.. තාත්තා හදවත් රෝගියෙකි. මම පුංචි කාලයේම තාත්තා නැතිවිය.. එදා පටන් අම්මගේ ලෝකය උනේ මමය මටද එහෙමය.. අපි දෙන්නගේ ජිවිත වල රහස් නොවිය..
"අපිට පෑහෙන්න බෑ පුතේ ඒ දරුවෝ එක්ක.. මගේ දුවට අඩන්න වෙන දවසක් නෑවිත් තිබුනොත් මට ඒ ඇති..."
ඒ අනුහස් හා බැදුන මගේ පෙම අම්මා දැනගත් දින පැවසු වදන්ය.. ඒත් අද ඒ ප්‍රාර්තනාව නිශ්පලය.. අම්මගේ දු හැඩු තරමට හඩන්නට ඇස් වල කදුලුත් නැති වි හමාරය..
************************************************
(ඊලග කොටස ඊලග පොස්ට් එකෙන්....)
Labels:
පුංචි කථා..
Sunday, August 5, 2012
අහිමි ඔබට....
සමනල තටුවක පා වෙලා ගව් ගනනක් දුරින් ඉන්න මට
ඔබ ලගට ඇවිත් ටික මොහොතකට හරි
ඔය හදේ ලැගුම් ගන්න තියෙනවා නම් කියලා හිතෙනවා..
එහෙම ලං උන මොහොතක
මගේ මුලු හදම ඔබේ උනුහුමින් ඔබේ සුසුමින්වත් පුරවාගෙන
යලි වෙන් උවත් කමක් නෑ කියලා හිතෙනවා
ඒත් එහෙම වෙන් වු විටත්
තව එක මොහොතක් ඔය රත්තරං පපුවට ලං වෙලා
මේ අසරන හිත වැලහින්නියක් ලෙස හඩන තරම්
ඔය පපුවට දැනෙන්න ඉඩ අරින්න තියෙනවා නම් කියලා හිතෙනවා..
අනේ ඉතින්
මේ හැම හීනයක්ම කවදා මම ඉටු කරගන්නද කියලා හිතෙද්දි ..
මට මං ගැනම දුක හිතෙන වාර ගනන් අනන්තයි රත්තරනේ...
Labels:
දුකට ලියන කවි
Saturday, August 4, 2012
අම්මාගේ උපන්දිනයට දෝනිගේ ඉල්ලීම....
2012/08/07 අද ඔයාගේ උපන්දිනය අම්මා.. සුදු අම්මිට සුබ උපන්දිනක්.. !
අම්මිගේ ලොකු දෝණිගෙන්.. තේරෙන වයසේ ඉදන් අම්මගේ උපන්දිනයට ලොකු දෝණිගෙන් අම්මට තෑග්ගක් අනිවාර්යෙන්ම ලැබුනා... ඒත්.... අවුරුදු තුනක විතර කාලයේ ඉදන් ඒහෙම තෑගි දෙන්න ලොකු දෝණි ලග නැහැනේද අම්මේ?.. අඩු තරමේ උම්මා එකක් දීලා සුබ පතන්නවත් වාසනාව නැ... මට එහෙම කලේ ඔයාලමයි අම්මේ.. ලංකාවේ ඉන්න ඔයාල හිතන් ඉන්න විදියට ඉතාලිය කියන සුරපුරයේ අපි අපා දුක විදිනවා.. මිහිපිට දකින එකම අපාය මෙකයි අම්මේ.. අවුරුදු තුනකින් අම්මව දැක්කෙ නැ මම:(... මේ අවුරුද්දේ අම්මගේ උපන්දිනයට මම අම්මාගේන් තැග්ගක් ඉල්ලනවා, අම්මාට පුලුවන්ද ලොකු දෝණිට ඒකදෙන්න...
තාත්තා ඉතාලි එන්න කලින් තිබුන වගේ අපේ පවුල අපි ආයේ එකතු කරමු අම්මා.. ඒක කරන්න පුලුවන් අම්මටම තමා අම්මා.. අම්මා ඒක තැනක තාත්තා එක තැනක අපි තව තැනක.. අපිටත් හැමදාම මෙහෙම ඉන්න බැ අම්මා... ඔයාලාගේ දරුවෝ දැන් ලොකුයි.. සමජයට බහින්න අපි බයයි..මිනිස්සු අහන දේවල් වලට උත්තර දෙන්න අපි බයයි... සල්ලි නෙමේ අම්මා ජිවිතේ.. පවුල්, බැදීම්, ආදරය,,,, මේ දේවලුයි ජිවිතය.. අපිට කොච්චර සල්ලි තිබුනත් අද අපි ඔක්කොම එක වහලක් යට ඉන්න හිස් මිනිස්සු ගොඩක් වෙලා නේද අම්මා...? මගේ යාලුවෝ එයාලගේ අම්මලා තාත්තලා ගැන කතා කරද්දි මම හැමදාම කටවහන් උන්නා.. තවත් එහෙම නම් ඉන්න බැ අම්මා.... ඔයාලගේ ප්‍රශ්න වලින් තැලෙන්නෙ පොඩි වෙන්නේ ඔයාලගෙම දරුවොයි කියලා අමතක උනාද..?
අද මේ ඉල්ලිම ඉල්ලුවේ එදා උන්න අම්මගේ පුංචි දෝණි නෙමේ... හෙට දිගෙක යන්න ලැස්තිවෙන අම්මගේ ලොකු දෝණියි...
ඒත් අම්මා මේ දේ දුන්නේ නැහැයි කියලා අම්මා එක්ක කවදාවත් මම තරහා නෑ අම්මා.. මගේ අම්මට සුබ උපන්දිනයක් ....සියලු දෙවි පිහිටයි අම්මා ඔයාට..
Labels:
Hidden Thoughts
Thursday, August 2, 2012
ඇරඹුම...
හැමදාම අනිත් අය ලියන බ්ලොග්ස් කියව කියව උන්න මටත් බ්ලොග්ස් ලියන්න ඔනයි කියලා හිතුනට ඒක මෙච්චර ඉක්මනට ලියලා පබ්ලිශ් කරන්න වෙයි කියලා හිනෙන් වත් නම් හිතුවෙ නැ, හ්ම්... දැන් ඉතින් මමත් බොල්ග්ස් ලියන්න පටන් ගත්තා.. එකත් හොඳයි තනියම ඉන්න මට මගේ හිතට ගලා එන අදහස් ඔහේ ලියන්න පුලුවන් අඩුම තරමේ මෙතනිදිවත් මට නිදහසේ සැරි සරන්න පුලුවන්නේ... එහෙනම්... හිත ඇතුලේ තෙරෙපෙමින් තිබුන නිදහස් ආදරනිය සිතුවිලි වචන වලට ගපන්න දැන් ඉතින් මට පුලුවන්.....:)
Labels:
පුංචි කථා..
අනේ... මෙහෙමත් කොල්ලෝ....
මෙ සිද්දිය උනේ මගේ මල්ලි කෙනෙක්ගේ හොදම යාලුවෙක්ටයි.. එයාගෙ නම අපි ලක්මාල් කියලා තමා කිව්වේ .. හැබැයි එයගේ කෙල්ලගේ නම නම් මම දන්නෙ නෑ.. කොහොම උනත් කතාව මේකයි.. මේ දෙන්නා කාලන්තරයක් තිස්ස්සේ ලව් කරනවා.. දෙන්නම හැබයි ලව් කරන්නේ බොක්කෙන්මයි.. කෙල්ල නම් ලව් කලේ බදින්නම බලාගෙනයි.. එත් කොල්ලත් බොක්කෙන්ම ලව් කලාට එයා බදින්න බලාගෙන ලව් නොකරපු එක තමා ලොකුම හෙනේ උනේ..:( ..ඔහොම ඉදිද්දි කොල්ලා රටකට පැනගත්තා.. එත් දෙන්නගේ ලව් එක නම් අගේට තියෙනවා..ඒ උනාට හෙනේ කියන්නේ මේ කෙල්ලගේ අම්මලාට මගේ මල්ලිගේ යාලුවාව අරහන්.. පේන්න බැහලු .ඔහොම යද්දි මේ කෙල්ලව බන්දන්න හදලා මේ කෙල්ලගේ අම්මල.. එතනින් තමා ලොකුම යුද්දය පටන් ගන්නේ.. මේ කෙල්ල දැන් අර කොල්ලට කෝල් කර කර ලංකාවට එන්න කිය කියා බර බරේ දානවා.. කොල්ලත් දෑන් කෙල්ලට බොක්කේන්ම ලව්නෙ ඒ කමටම ආවා.. දෑන් කෙල්ලගේ ගිවිසගැනිමට ඔක්කොමත් හරි.. එක දවසක් කෙල්ල අර කොල්ලට කෝල් කරලා කිව්වා ඈවිත් ගෙදරින් අහන්න කියලා නේද..අනේ ඉතින් එදා ඉරිදා දවසක් කොල්ලා කියාලා මම බදාදා දිහවට එන්නම් කියාලා.. කෙල්ලත් උදේ ඉඳන් හවස් වෙනකම් බලන් ඉඳලා.. අනේ ඉතින් කොල්ල අවේ නෑහලු නේ..:( දෑන් ඉතින් මේ අහිංසක කෙල්ලට දුකයි තරහයි දෙකමලු.. කෙල්ල අයේ කෝල් කරලා නේද අර කොල්ලට.. එතකොට කොල්ලා කිව්වලු වැඩක් වැටුන නිසා එන්න බැරි උනාලු ඉරිදා එන්නම් කියාලා.. මේ කෙල්ල දැන් ඉරිදාත් වෙනකම් බලන් ඉඳලා නේ..පව් අසරනී කොල්ලා එදත් ඇවිත් නෑ.. අනේ ඉතින් කෙල්ලට උනේ අන්තිමට පන වගේ අදරේ කරපු කොල්ලාව බදින්න නෙමේ.. කවදාවත් දන්නෙත් නැති හාදයෙක්ව කසාද මනුස්සයා කරගන්නයි...;'( අන්තිමට මගේ මල්ලි එයාගේ අතිජාත මිත්‍රයාගෙන් මෙහෙම අහලා.. "ඈයි බන් උබ එහෙම කලේ" කියලා එතකොට කොල්ලා කියලා "අඩේ මම එකිට සිරා තමා බං ලව් කලේ ඒත්... මට බදින අදහසක් තිබුනේ නැ බං කියාලා"...(මුන් වගේ කොල්ලො..)මේ කතාව ඉතින් ඔක්කොම මගේ මල්ලි එක්ක අර කෙල්ල මුනුපොතෙන් චෑට් කරද්දි තමා කියලා තියෙන්නේ.. කෙල්ල දැන් රචනා වගේ ලියනවලු අපේ එකා හාත් නෑ හුත් නෑලු...දුක හිතෙනම සීන් එක කියන්නේ මේ කෙල්ල කොට මොඩල් එකක්ලු ඉතින් කොල්ලා කෙල්ලට නිතරම කියලා තියෙන්නේ "බටු ඇටේ" කියලලු.. මේ කෙල්ල අන්තිමට ඔෆ්ලයින් ගිහින් තියෙන්නේ "ලක්මාල්ගේ බටු ඇටේ හැමදාමත් ආදරේ ලක්මාල්ට විතරමයි" කියලලු.. පුදුමේ කියන්නේ කවදාවත් දුකක් දැනෙන්නේ නැති අපේ එකාගෙ හිත උනු එකනේ..
Labels:
පුංචි කථා..
Subscribe to:
Posts (Atom)