Friday, January 25, 2013

කලකට පස්සේ..

වල් වැදිලා ගිය බ්ලොග් එක පැත්තේ ඔන්න සිත්තරාවි ආයෙමත් සක්මන් කරන්න පටන් ගත්තෝ.... ගොඩ කාලෙකින් කිසිම දෙයක් ලිව්වෙත් නෑ,වැඩේ කියන්නේ ලියන්න කොච්චර දේවල් තිබුනත් ලියන්න හිතෙන්නේත් නැති එකනේ. අසනීප තත්වය නම් තාමත් එහෙමමයි. කොහෙද මේ දවස් වල අපේ කාළගුණ තත්වය එහෙම හොඳ නෑ නොවෑ. ඉතිං කොයි වෙලේ බැළුවත් ලෙඩක්ම තමා. අළුත් අවුරුද්ද පටන් ගද්දිම ලෙඩ තාමත් ඉවරයක් නෑ මුලදි නම් හිතුවේ ලෙඩ හොඳ උනාම ආයෙම ලියන්න පටන් ගන්නවායි කියලා, කොහෙද තාම ලෙඩ හොඳ නෑ නොවෑ ඉතිං ලෙඩ පිටින්ම ආව ලියන්න මොනවා හරි. හැබැයි මම ලියන එක නතර කරලා තිබුනට කියවන එක නම් නතර කරලා තිබුනේ නෑ ඕං. පුළු පුළුවන් වෙලාවට ඇවිත් කට්ටිය ලියන ඒවා කියෙව්වා හොඳේ... 


මට බ්ලොග් එක මතක් වෙන්නේ නම් කම්මැලි වෙලාවට තමා. ඒ වෙලාවට හිතට එනවා එක එක විකාර ලියලා දාන්න. ඒත්.... ඒක ලියන්නත් මාරම කම්මැලියි අෆ්ෆා. ඉතිං හිතට ආව ලස්සන සිතිවිල්ල හිතේම තියාගෙන සීතලත් නිසා හොඳට පොරවගෙන නිදා ගන්න එකම තමා කරන්නේ. ඒ වෙලාවට නින්දෙදිම හිතනවා නැගිටපු ගමන් ලියන්න ඕනා කියලා කොහෙද ඒ වෙද්දි අර ලස්සන සිතිවිල්ල මැකිලා ගිහින්. ඉතිං මම මක් කරන්නද..?? 

මේ දවස් වල හතර වටේටම හිම වැටිලා. ඒත්.... රෝමේට නැහැනේ :(... මම නම් මේ දවස් වල ඒ ගැනත් දුක් වෙවි ඉන්නේ. කොච්චර ආසාවෙන්ද උන්නේ හිමේ සෙල්ලම් කරන්න ෂිට් ....!!!! ඒකත් නැති උනා. 

හැබැයි.... ඕන්න සිත්තරාවිට සතුටු වෙන්න නම් කාරණාවක් තියෙනවා ඕං. සිත්තරාවි තව ටික කාලෙකින් ලංකාවට එනවෝ අම්මා බලන්න...  හුරේ......!!!! මේ ආව නම් යන්නේ නෑ ගොඩ කාළයක් ඉඳලා තමා ආයේ එන්නේ. ලෙඩ උන වෙලේ තමා හිතුනේ අම්මා ලඟ උන්නා නම් කොච්චර හොඳද කියලා..


ප.ළි. උණ විකාරෙටද කොහෙද පිස්සු ලියලා,කමක් නැහැනේ ඔන්න ඔහේ පබ්ලිශ් කරලා දැම්මා හලෝ.. 

ඊළඟ ලිපියෙන් හම්බවෙමු.. 

10 comments:

  1. ඊලඟ ලිපියෙන් "ඉක්මනට" හම්බවෙමු

    ReplyDelete
  2. යේ... එනකොට අපිටත් තෑගි ගේන්නෝ.... ඉක්මනට ලෙඩ සනීප වේවා!

    ReplyDelete
  3. වෙල්කම් ටො ලංකා සහෝදරි :)

    ReplyDelete
  4. මම නම් ඉතින් "හීනෙන් මගෙ රටේ නිදියන හැම රෑම...." තමයි යාලු

    ReplyDelete
  5. අප්පේ කාලෙකින් කොහෙද ගිහින් හිටියේ මම හිතුවා එහෙන්ම පෙලවහක් කොරගෙන කියලා.

    ReplyDelete
  6. අප්‍රේල් 21 වෙද්දි ලංකාවෙ හිටියොත් සයිබරයේ සිහින අවුරුදු උළෙලට සහභාගි වෙන්නත්, සහෝදර බ්ලොග්කරුවන් හදුනාගන්නත් අවස්ථාව ලැබේවි.

    ReplyDelete
  7. ඉක්මනින් ලෙඩ හොද කර ගන්නෝ.....

    ReplyDelete
  8. dove tu sei la mia cara ?
    quello che successo a voi e
    perché stai prendendo così tanto tempo?

    ReplyDelete
  9. සිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ සියළු
    පැතුම් ඉටු වන බතින් බුලතින් වාසනාවෙන් සපිරිණු
    නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...!

    ReplyDelete