Sunday, January 6, 2013

සුභ නව වසරක්.........!!!!!





ලැබුවාවු නත්තල සහ අළුත් අවුරුද්ද සුභම සුභ නව වසරක් වෙන්න කියලා ඕන්න සිත්තරාවිත් බ්ලොග් ලියන කියවන හැමෝටම ප්‍රාර්ථනා කරනවා. හරි හරි.... නත්තල අවුරුදු ලබලා දැන් දවස් ගානක් උනා නම් තමා පරක්කු වෙලා හරි සුභ පැතුවනේ.. ඇත්තම කියනවා නම් පහු ගිය මාසේම බ්ලොග් එකේ සැරි සරන්න බැරි උනේ ඉන්ටනෙට් ප්‍රශ්නයක් නිසානේ.. කොහෙද හදන්න එන්න කිව්වම නත්තල් පහු වෙලා එන්නම් කිව්වානේ. ඒත් කමක් නෑ කියලා කොහොම හරි ඉවසන් උන්නා මොකද උඩ ගෙදර කට්ටියගෙන් ලාවට වගේ වයි ෆයි කනෙක්ශන් එකක් ලැබිලා තිබුනේ. ඒකත් අල්ල ගන්න විඳපු දුකක් අප්ෆා... ඒ දවස් වල නම් කෑමටත් වඩා ඉන්ටනෙට් වල උවමනාව තදින්ම දැනුනා. ඔන්න හා හා පුරා කියලා අළුත් අවුරුද්දත් එක්කම ඉන්ටනෙට් නම් හම්බ උනා. ඒත් වැඩක් නෑ.... කථා කරගන්නවත් බැරි තරමට සිත්තරාවි ලෙඩින් අප්ෆා. බේත් ගත්තත් අඩු නොවන කැස්සකුයි හෙම්බිරිස්සාවකුයි හැදිලා අයියෝ.......... මටමයි අප්ෆා මේවා වෙන්නේ. අළුත් අවුරුද්ද පටන් ගත්තේම කරදර ගොඩකින්  මොනවා කරන්නද....  

ලියන්න දේවල් වගයකුත් තියෙනවා. අතරමග නවත්වපු ලියවිල්ල ආයේ ලියන්න එන්නම්කෝ ඉක්මනට. ලොකේ විනාස උනේත් නැහැනේ ඒක නිසා නිවි සැනසිල්ලේ ලියන්න පුලුවන් මොකද ආයේ විනාස වෙන්න නියමිත දිනය දැනුම් දීලා නැති පාටයි තව මගේ හිතේ.. හි:) හි:) නොලිය උන්න කාලේ අතුරුදහන් උන සිත්තරාවි ගැන හොයලා බලපු කට්ටියක් උන්නා ඒ අයටත් බොහොම ස්තූතියි...  

එහෙනම් ඊළඟ ලිපියෙන් හම්බවෙමු....

17 comments:

  1. පරක්කු උනාට ප්‍රාර්ථනාවෙ අගය අඩු වෙන්නෙ නෑ...ඔබටත් පැතුම් ඉටුවෙන 2013 වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... ඔබටත් එසේම වේවා

      Delete
  2. සිත්තරාවිටත් සුභම සුභ අළුත් අවුරුද්දක්!
    ඉක්මනින්ම ලෙඩ සනීප වෙන්න කියලත් පතනවා!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා... ප්‍රාර්තනාවට බොහොම ස්තූතියි..

      Delete

  3. අළුත් සිතුවිලි සිතුවම් කරන්න හැකි වෙන සුභ අළුත් අවුරුද්දක්!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා,,,

      Delete

  4. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සිත්තරාවි...

    ReplyDelete
  5. ජීවිතේ විදින අවුරුද්දක් වෙන්න සුභ පතනවා..
    ඒ වගේම ආරෝග්‍යා පරමා ලාභා නේ!....

    ReplyDelete
    Replies
    1. ඔබටත් ජිවිතය විඳින්න ලැබෙන සිතු පැතු හැම දේම ඉටු වෙන සුභ නව වසරක්...

      //ඒ වගේම ආරෝග්‍යා පරමා ලාභා නේ!....//
      හ්ම්ම්.... එහෙමලුනේ..

      Delete
  6. සුබම සුබ නවවසරක් වේවා!

    ඒ වගේම තියෙන අසනීපත් දූරීන්බූත වේවා!

    ඉක්මන් සුවය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ඉෂාන් අයියාටත් සුභම සුභ නව වසරක්..... අර හිතන් ඉන්න පැතුම් ඔක්කෝම ඉටු වේවා...

      බොහොම ස්තූතියි ඉක්මන් සුවය පැතුවට....

      Delete
  7. ඔන්න සිත්තරාවී ඇවිත්... මම ඒත් බැලුවා කෝ මේ කෙල්ල කියලා :)

    අසනීප හොඳවෙලානේ...පරක්කු නෑ තවත් සුබ පතන්න. 2013 අවුරුද්ද සුබම සුබ වේවා ! නිරෝගිකම හා සතුට ලඟ රැඳේවා !

    ReplyDelete
    Replies
    1. හි:) හි:) ඒකනේ ඕන්න සිත්තරාවි ආයේ ආවා... ලිහිණි අක්කා හොයන නිසාම මේ කෙල්ල ආවා ඕං.... හැබැයි තවම නම් අසනීප තත්වය හොඳ වෙලා නෑ අප්ෆා... දැන් තිබුනාටත් වඩා වැඩිද කොහෙද... :(

      ලිහිණි අක්කාටත් සුභම සුභ නව වසරක් වේවා... අහ්..!!!! ලිහිණි අක්කාට නම් අවුරුද්ද පටන් ගත්ත දා ඉඳලම සුභ පාටයි, ෆ්‍රිජ් එකත් මරු... (‍Y)

      Delete
  8. මම බැලුවා මොකද මේ නිදාගෙන ඉඳලා ඇහැරිලාද කියලා. .හෙහ් හෙහ්.. ඉක්මනට හොඳ වෙන්නෝ..සුබ අලුත් අවුරුද්දක් වේවා ඈ..!!!

    ReplyDelete
    Replies
    1. හි:) හි:)... පැතුම් අයියාටත් සිතුම් පැතුම් ඉටු වෙන සුභම සුභ නව වසරක්....!!!!

      මමත් ට්‍රයි කරනවා ලෙඩ ඉක්මනට හොඳ කරගන්න...

      Delete
  9. අප්පේ මෙයාව දැකපු කල්.

    ReplyDelete