Saturday, December 1, 2012

කුරුළු පිහාටුවක් එවන්න...


හ්ම්...ම්ම් අවුරුදු 3ක්ම උන්නා අම්මේ මම නත්තලක් අවුරුද්දක් සමරන්න ඔයාලා නැතිව. ඇඟ හිරි වට්ටන මේ සීතල ඉවසගෙන ඔයාලා දෙන්නා නැතිව සමරපු ඒ නත්තල් නම් නත්තලක් නොවුන තරම්.. ඒ දවස් හැමෝටම ප්‍රීතිජනක වෙද්දි මට නම් සමාන්‍ය දවස් උනා.. ඊළග අවුරුද්දෙදිවත් ඔයාලා ඉඳිවිද අම්මේ මා එක්ක නත්තල සමරන්න... මල්ලිට නත්තලට ඕන කිව්ව තෑගි ඔක්කෝම මම ගත්තා.. නංගිටත් ගත්තා ලස්සන එයා වගේම බෝනික්කියෙක්. අම්මටයි තාත්තටයි නම් මම මුකුත් ගත්තේ නෑ.. ඔයාලට තෑගි දෙන්න තියෙන්නේ මාවමයි... මට වගේම අම්මලාටත් මම නැතිව නත්තලක් නෑ කියලා මම දන්නවා. ඒත්...... හැමෝම ඉල්ලන හැමදේම නත්තල් සීයා එයාලට දෙනවා ඒත් මම ඉල්ලන පුංචිම පුංචිම දෙයක් එයාට දෙන්න බැරි ඇයි අම්මේ...? නත්තල් සීයා මා එක්ක තරහා වෙලාද..? එහෙම වෙන්නත් ඉතිං මම නරක ළමයෙක් නෙමේනේ අම්මේ..

අම්මාට මතකද අපි ඉස්සර ගේ ඉස්සරහ හදන ලොකු නත්තල් ගහයි ගවලනයයි.. මුළු ගෙදරටම ලයිට් දාලා, මුළු ගේම සුද්ද පවිත්‍ර කරන් කොච්චර ලස්සනට අපි නත්තල සමරනවාද..? ඒවා කරන්න අම්මාට උදව් වෙන්න තාත්තත් නෑ මමත් නෑ නංගිත් නෑ... අම්මගේ තනියට ඉන්නේ චූටි මල්ලියා විතරයි.. පව් පොඩි කොල්ලා තනියම ඒව කරගන්න් බැරිව අඬනවා ඇති.. නත්තල කියන්නේ මොකක්ද කියලා ඒ දවස් වල නම් මට වැටහුනේ නෑ අම්මේ ඒ උනාට දැන් නම් මට තේරෙනවා හොඳට.



පොඩි මල්ලී අතේ අනේ අම්මේ.. ගෙදර එන්න මට කුරුළු පිහාටුවක් එවන්න.

37 comments:

  1. සංවේදී ලියමනක්.......

    ReplyDelete
    Replies
    1. හ්ම්... බොහොම ස්තූතියි යාළු..

      Delete
  2. හම් අතීතය හෑමදටම ලස්සනයි, සිත්තරාවියට වගේ මටත් අවුරුදු 4ක් ඒ අපුරු නත්තල නති වෙලා,අපුරු ලිපිය ......

    ReplyDelete
    Replies
    1. ඒ අපූරු නත්තලේ සිරිය ඔයාටත් ඉක්මනට විඳගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

      බොහොම ස්තූතියි යාළු..

      Delete
  3. හ්ම්ම්ම්.... මේක කියෙව්වම දුක හිතෙනවනෙ සිත්තරාවියේ...... :(
    ඔයාට ඉක්මනින්ම පවුලේ අයත් එක්ක නත්තල් සමරන්න ලැබේවා කියල මම පතනවා......

    ReplyDelete
    Replies
    1. ඒ අතීතය මතක් වෙද්දි දුකයි සමනලියේ... බොහොම ස්තූතියි ඔයාගේ ප්‍රාර්ථනාවට.

      Delete
  4. ඒ ආශාවල් බලාපොරොත්තු ඒ විදියටම ඉෂ්ට වේවා කියලා පතනවා.

    ReplyDelete
  5. ලබන නත්තල කන්ඩ බැරියැ බැරිවෙච්චටත් එක්ක

    "අටම්පහුර" සහ "මහන මැසිම" ලියන ලක්මාල්

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔව්.. ඒ ඔක්කොම අල්ලනවා ඊලඟ නත්තලට නම් අනිවාර්යෙන්ම

      Delete
  6. විවිධ හේතු මත ගොඩාක් අය විදේශ ගතවෙනවා. ඒත් තමන්ගේ අයගෙන් වෙන්වෙලා ඉන්න එක හුඟාක් අමාරු දෙයක්. ඒත් මොනා කරන්නද, අපේ අරමුණු කරා ගමන් කරන්න අපට කැපවීම් කරන්න වෙනවා. එහෙම නේද....????

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඒක නම් ඇත්ත සරා අයියේ... මොනවා කරන්නද..? සංසාරේ භවේ දුකා කිව්වාලු

      Delete
  7. හරිම සංවේදීයි සිත්තරාවී..

    ඒත් ඉතින් නත්තල ඉතාලියටත් එනවනෙ කියලා තව ටික කාලෙකට හිත හදාගෙන ඉන්න...

    ReplyDelete
    Replies
    1. හ්ම්... එහෙමවත් කරමුකෝ නේද ලිහිණි අක්කේ ...

      Delete
  8. ඔන්න ආව මරය්යගෙ කමෙන්ට් එක හරහ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ සිත්තම් බලන්න ගොඩ වැදුනාට.. සාදරයෙන් පිලිගන්නවා.. :)

      Delete
  9. ඉස්සර පොඩි කාලෙ හැමදාම නත්තලට උදේ නැගිටින කොට නංඟිගෙයි මගෙයි කොට්ට යට තෑගි තියෙනවා. දැං නං නෑ.. ආපහු පොඩි එකෙක් වෙන්න ඇත්නම් කියල හිතෙනවා :-(

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම වෙන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද.... අපි කවුරුත් කැමති ඒ පුංචි කාලේට යන්නනේ..

      Delete
  10. ඕව ඔහොම වෙලා වෙලා අන්තිමට ඒ කෑලි
    පිච්චිලම යනවා...
    ඊට පස්සේ නත්තල් , උපන් දින , සිංහල අවුරුදු
    වලටවත් හිතට හිත රවටන් සතුටක් ලබන්න බැරි
    වෙනවා...

    ReplyDelete
  11. ඇහ්! ඔයත් නත්තල් සමරනවද? මේ දවස් ටිකේ නත්තල් ගැන පෝස්ට් දෙක තුනක්කම කියෙව්වා.මේක වෙනස් කතාවක්. ඉවසන් ඉන්න.හැමදාම එකම විදියට හැමදේම වෙන්නේ නෑනේ. සංවේදී පෝස්ට් එකක්.

    අහ්! මල්ලිත් එක්ක කුරුළු පිහාටුවක නැගලා එනවනම්, ඔය පැත්තෙන් අපිටත් මොනවා හරි ගෙනත් දෙනවනම් මොනවත් කියන්නේ නෑ ඕං. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්..... ඔව්නේ.. මමත් නත්තල සමරනවා... හ්ම්ම්... කියනවා නම් ඉවසන් ඉන්නම්කෝ.. බොහොම ස්තූතියි..

      අහ්....!! කුරුළු පිහාටුවේ නැගලා එද්දි ගොඩාක් දේවල් ගේන්න බැහැනේ... ඒත් මොනවා කරන්නද කියනවා නම් ගෙනත් දෙන්නම්කෝ.... :P

      Delete
  12. හදවතට ගොඩක්ම වැදුන සංවේදී ලිපියක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කෝරලේ මහත්තයා..

      Delete
  13. හැම දවසක්ම ගෙවෙද්දි මටත් දැනෙන්නෙම අම්මලව බලන්න යන්න ඉක්මනට ලැබෙන්න කියලා...ඔයාගෙ ප්‍රාර්ථනාව ඉකමනින් ඉටුවේවා කියල පතනවා සිත්තරාවී.

    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රාර්ථනාව වගේම ඔයාගේ ප්‍රාර්ථනාවත් ඒ විදියටම ඉටු වෙන්න කියලා මම පතනවා.. :)

      Delete
  14. කුරුලු පිහාටුවක් ලැබේවි නිසැකවම... බලාපොරොත්තු ඉටු වේවා !

    ReplyDelete
  15. හිතින් එයාලා එක්ක නේද ඉන්නෙ.ඉක්මණට යන්න පුළුවන් වේවි අක්කියෝ හිත හදාගෙන ඉන්න.ඔයාට ජේසු පිහිටයි.බුදු සරණයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගා.. ඔයාටත් බුදු සරණයි ජේසු පිහිටයි..

      Delete
  16. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  17. කෝ මේ කෙලී කියලා බැලුවේ. අවුරුදුත් ආවා මොකෝ කරන්නේ. ලියන්න අදහසක් නැතෙයි. කොහොම උනත් ඔයාට සුභ නව වසරක් වේවා කියලා පතනවා මම. ‍රැකියා කටයුතුවලින් නිදහසක් ලැබුන වෙලාවක මොනා හරි ලියන්නකෝ. ජයවේවා...!!

    ReplyDelete
    Replies
    1. මේන් ආවෝ.. ඔයාටත් සුභ නවසරක්...

      Delete