Saturday, December 1, 2012
කුරුළු පිහාටුවක් එවන්න...
හ්ම්...ම්ම් අවුරුදු 3ක්ම උන්නා අම්මේ මම නත්තලක් අවුරුද්දක් සමරන්න ඔයාලා නැතිව. ඇඟ හිරි වට්ටන මේ සීතල ඉවසගෙන ඔයාලා දෙන්නා නැතිව සමරපු ඒ නත්තල් නම් නත්තලක් නොවුන තරම්.. ඒ දවස් හැමෝටම ප්‍රීතිජනක වෙද්දි මට නම් සමාන්‍ය දවස් උනා.. ඊළග අවුරුද්දෙදිවත් ඔයාලා ඉඳිවිද අම්මේ මා එක්ක නත්තල සමරන්න... මල්ලිට නත්තලට ඕන කිව්ව තෑගි ඔක්කෝම මම ගත්තා.. නංගිටත් ගත්තා ලස්සන එයා වගේම බෝනික්කියෙක්. අම්මටයි තාත්තටයි නම් මම මුකුත් ගත්තේ නෑ.. ඔයාලට තෑගි දෙන්න තියෙන්නේ මාවමයි... මට වගේම අම්මලාටත් මම නැතිව නත්තලක් නෑ කියලා මම දන්නවා. ඒත්...... හැමෝම ඉල්ලන හැමදේම නත්තල් සීයා එයාලට දෙනවා ඒත් මම ඉල්ලන පුංචිම පුංචිම දෙයක් එයාට දෙන්න බැරි ඇයි අම්මේ...? නත්තල් සීයා මා එක්ක තරහා වෙලාද..? එහෙම වෙන්නත් ඉතිං මම නරක ළමයෙක් නෙමේනේ අම්මේ..
අම්මාට මතකද අපි ඉස්සර ගේ ඉස්සරහ හදන ලොකු නත්තල් ගහයි ගවලනයයි.. මුළු ගෙදරටම ලයිට් දාලා, මුළු ගේම සුද්ද පවිත්‍ර කරන් කොච්චර ලස්සනට අපි නත්තල සමරනවාද..? ඒවා කරන්න අම්මාට උදව් වෙන්න තාත්තත් නෑ මමත් නෑ නංගිත් නෑ... අම්මගේ තනියට ඉන්නේ චූටි මල්ලියා විතරයි.. පව් පොඩි කොල්ලා තනියම ඒව කරගන්න් බැරිව අඬනවා ඇති.. නත්තල කියන්නේ මොකක්ද කියලා ඒ දවස් වල නම් මට වැටහුනේ නෑ අම්මේ ඒ උනාට දැන් නම් මට තේරෙනවා හොඳට.
පොඩි මල්ලී අතේ අනේ අම්මේ.. ගෙදර එන්න මට කුරුළු පිහාටුවක් එවන්න.
Labels:
Hidden Thoughts
Subscribe to:
Post Comments (Atom)
සංවේදී ලියමනක්.......
ReplyDeleteහ්ම්... බොහොම ස්තූතියි යාළු..
Deleteහම් අතීතය හෑමදටම ලස්සනයි, සිත්තරාවියට වගේ මටත් අවුරුදු 4ක් ඒ අපුරු නත්තල නති වෙලා,අපුරු ලිපිය ......
ReplyDeleteඒ අපූරු නත්තලේ සිරිය ඔයාටත් ඉක්මනට විඳගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා
Deleteබොහොම ස්තූතියි යාළු..
හ්ම්ම්ම්.... මේක කියෙව්වම දුක හිතෙනවනෙ සිත්තරාවියේ...... :(
ReplyDeleteඔයාට ඉක්මනින්ම පවුලේ අයත් එක්ක නත්තල් සමරන්න ලැබේවා කියල මම පතනවා......
ඒ අතීතය මතක් වෙද්දි දුකයි සමනලියේ... බොහොම ස්තූතියි ඔයාගේ ප්‍රාර්ථනාවට.
Deleteඒ ආශාවල් බලාපොරොත්තු ඒ විදියටම ඉෂ්ට වේවා කියලා පතනවා.
ReplyDeleteබොහොම ස්තූතියි
Deleteලබන නත්තල කන්ඩ බැරියැ බැරිවෙච්චටත් එක්ක
ReplyDelete"අටම්පහුර" සහ "මහන මැසිම" ලියන ලක්මාල්
අම්මෝ ඔව්.. ඒ ඔක්කොම අල්ලනවා ඊලඟ නත්තලට නම් අනිවාර්යෙන්ම
Deleteවිවිධ හේතු මත ගොඩාක් අය විදේශ ගතවෙනවා. ඒත් තමන්ගේ අයගෙන් වෙන්වෙලා ඉන්න එක හුඟාක් අමාරු දෙයක්. ඒත් මොනා කරන්නද, අපේ අරමුණු කරා ගමන් කරන්න අපට කැපවීම් කරන්න වෙනවා. එහෙම නේද....????
ReplyDeleteහ්ම්.. ඒක නම් ඇත්ත සරා අයියේ... මොනවා කරන්නද..? සංසාරේ භවේ දුකා කිව්වාලු
Deleteහ්හ්ම් ...
ReplyDeleteහ්ම්.... ම්ම්ම්ම්
Deleteහරිම සංවේදීයි සිත්තරාවී..
ReplyDeleteඒත් ඉතින් නත්තල ඉතාලියටත් එනවනෙ කියලා තව ටික කාලෙකට හිත හදාගෙන ඉන්න...
හ්ම්... එහෙමවත් කරමුකෝ නේද ලිහිණි අක්කේ ...
Deleteඔන්න ආව මරය්යගෙ කමෙන්ට් එක හරහ
ReplyDeleteබොහොම ස්තූතියි මේ සිත්තම් බලන්න ගොඩ වැදුනාට.. සාදරයෙන් පිලිගන්නවා.. :)
Deleteඉස්සර පොඩි කාලෙ හැමදාම නත්තලට උදේ නැගිටින කොට නංඟිගෙයි මගෙයි කොට්ට යට තෑගි තියෙනවා. දැං නං නෑ.. ආපහු පොඩි එකෙක් වෙන්න ඇත්නම් කියල හිතෙනවා :-(
ReplyDeleteඅනේ එහෙම වෙන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද.... අපි කවුරුත් කැමති ඒ පුංචි කාලේට යන්නනේ..
Deleteඕව ඔහොම වෙලා වෙලා අන්තිමට ඒ කෑලි
ReplyDeleteපිච්චිලම යනවා...
ඊට පස්සේ නත්තල් , උපන් දින , සිංහල අවුරුදු
වලටවත් හිතට හිත රවටන් සතුටක් ලබන්න බැරි
වෙනවා...
හ්ම්...
Deleteමල්ලි අතේ කුරුළු පිහාටුවක් එවන්න
ReplyDeleteඇහ්! ඔයත් නත්තල් සමරනවද? මේ දවස් ටිකේ නත්තල් ගැන පෝස්ට් දෙක තුනක්කම කියෙව්වා.මේක වෙනස් කතාවක්. ඉවසන් ඉන්න.හැමදාම එකම විදියට හැමදේම වෙන්නේ නෑනේ. සංවේදී පෝස්ට් එකක්.
ReplyDeleteඅහ්! මල්ලිත් එක්ක කුරුළු පිහාටුවක නැගලා එනවනම්, ඔය පැත්තෙන් අපිටත් මොනවා හරි ගෙනත් දෙනවනම් මොනවත් කියන්නේ නෑ ඕං. :)
හ්ම්..... ඔව්නේ.. මමත් නත්තල සමරනවා... හ්ම්ම්... කියනවා නම් ඉවසන් ඉන්නම්කෝ.. බොහොම ස්තූතියි..
Deleteඅහ්....!! කුරුළු පිහාටුවේ නැගලා එද්දි ගොඩාක් දේවල් ගේන්න බැහැනේ... ඒත් මොනවා කරන්නද කියනවා නම් ගෙනත් දෙන්නම්කෝ.... :P
හදවතට ගොඩක්ම වැදුන සංවේදී ලිපියක්
ReplyDeleteබොහොම ස්තූතියි කෝරලේ මහත්තයා..
Deleteහැම දවසක්ම ගෙවෙද්දි මටත් දැනෙන්නෙම අම්මලව බලන්න යන්න ඉක්මනට ලැබෙන්න කියලා...ඔයාගෙ ප්‍රාර්ථනාව ඉකමනින් ඉටුවේවා කියල පතනවා සිත්තරාවී.
ReplyDeleteමගේ ප්‍රාර්ථනාව වගේම ඔයාගේ ප්‍රාර්ථනාවත් ඒ විදියටම ඉටු වෙන්න කියලා මම පතනවා.. :)
Deleteකුරුලු පිහාටුවක් ලැබේවි නිසැකවම... බලාපොරොත්තු ඉටු වේවා !
ReplyDeleteබොහොම ස්තූතියි..
Deleteහිතින් එයාලා එක්ක නේද ඉන්නෙ.ඉක්මණට යන්න පුළුවන් වේවි අක්කියෝ හිත හදාගෙන ඉන්න.ඔයාට ජේසු පිහිටයි.බුදු සරණයි.
ReplyDeleteබොහොම ස්තූතියි නංගා.. ඔයාටත් බුදු සරණයි ජේසු පිහිටයි..
Deleteදවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ReplyDeleteලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!
බොහොම ස්තූතියි..
Deleteකෝ මේ කෙලී කියලා බැලුවේ. අවුරුදුත් ආවා මොකෝ කරන්නේ. ලියන්න අදහසක් නැතෙයි. කොහොම උනත් ඔයාට සුභ නව වසරක් වේවා කියලා පතනවා මම. රැකියා කටයුතුවලින් නිදහසක් ලැබුන වෙලාවක මොනා හරි ලියන්නකෝ. ජයවේවා...!!
ReplyDeleteමේන් ආවෝ.. ඔයාටත් සුභ නවසරක්...
Delete